News Category
From Date
To Date
Maximum Number of Result

ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණය පිටුපස සිටින ගෝලීය බිලියනපතියන් සමූහය ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු ඊනියා ජාතිකවාදී සහ ජාතිවාදී සුදු ජාතික ඉහළ පන්තිය පිනවීම සඳහා ඉදිරිපත් කළ ඇමරිකානු ජාතිකවාදී ප‍්‍රතිපත්තියේ ප‍්‍රධාන හැඩතලයක් වුයේ නැගී එන චීනයේ ආර්ථික බලය බිඳ දමමින් නැවත වටයකින් ඇමරිකානු අධිපතිවාදී ආර්ථික බලය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයයි. ඊට අදාළව ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවේ

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෙවර ශ්‍රී ලංකා සංචාරය ඉතා ආන්දෝලනාත්මක බවත්, ඉන්දීය අගමැතිවරයාගේ මෙම සංචාරයේ දී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7ක් අත්සන් කළද ශ්‍රී ලංකා රජය හෝ ඉන්දීය රජය මේ වන තෙක් එම ගිවිසුම් පිළිබඳව පැහැදිලි අනාවරණයක් සිදුකොට නොමැති බවත්, මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන අන්තර්ජාල නාලිකාවක් විසින් හෙළිකරයි.

ඔබ මෙම තීරු ලිපිය කියවන විට මෙහි සඳහන් හා සඳහන්ව නොමැති බොහෝ දේ සිදු වී අවසන් ව තිබිය හැකි ය.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරළියට පැමිණෙන්නේ 1987 වසරේ වුවද 13 වැනි සංශෝධනයට මුලපුරණ සිදුවීම් මාලාව ආරම්භ වූයේ 1983 වසරේ දී බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.

මෙරට ඉපැරැණි සූප ශාස්ත්‍ර කෘතීන්වල ඇති කරුණු අනුව ආහාර පිසින පුද්ගලයාගේ දේහ ලක්ෂණ පවා විස්තර කර ඇති බවත්, මෙම ඉවුම්පිහුම් ක්‍රමවේදය ශාස්ත්‍රයක් වන්නේ ඒ නිසා බවත් ආහාර පිසිමේ දී ලිපට යොදන දර කුමන වර්ගයක් විය යුතුද යන්න පවා ඒවායේ දක්වා ඇති බවත් මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.

වාරියපොල ශ්‍රී සුමංගල හිමි 1815 මාර් තු 02 වන දින ඉංග්‍රීසි කොඩිය බිම දමා සිංහල කොඩිය ධජය ඔසවා අදට වසර 209කි.

මේ වසරේ, ශ්‍රී ලංකාව දරුණු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි - කුප්‍රකට මහ බැංකු බැඳුම්කර මගඩියට වසර දහයක් සපිරෙන, ජාතියේ වසර 5,000ක ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිමාණයේ මූල්‍ය සෝලිය. 2015 පෙබරවාරියේ සිදු වූයේ හුදෙක් වංචාවේ හුදකලා සිදුවීමක් නොව, රටේ ආර්ථිකය වියලි, පොලී අනුපාත හසුරුවා, සහ මිලියන ගණනක වියදමින් තෝරාගත් කිහිප දෙනෙකු පොහොසත් කළ ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරන ලද යෝජනා ක්‍රමයකි.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේ අමතා විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී විජිත හේරත් අමාත්‍යවරයා සිය දේශනය පවත්වමින් පැවසූවේ, මානව හිමිකම්, සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම යලි තහවුරු කරමින්, රටේ ප්‍රගතිය සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම රජයේ උපාය මාර්ගික සැළසුම බවයි.

වසර 3ක් තිස්සේ පවතින රුසියාවට එරෙහි යුක්රේන යුද්ධය පිළිබඳව මෙරට ජනයා තුළ පවතින ආකල්පය නිර්මාණය කර ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන්, යුරෝපා සංගමයෙන් සහ ඔවුන්ට හිතවාදී රටවලින් මෙන්ම එම රටවලට සමීප මෙරට දේශපාලන සහ සමාජ කණ්ඩුයම්වලින් විසින් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.