News Category
From Date
To Date
Maximum Number of Result

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික අධ්‍යාපන ආයතනයේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්දැයි සැකයි - මහජන යුතුකම් කේන්ද්‍රයේ කැදවුම්කරු වසන්ත අල්විස්

Jul 21, 2025 at 12:48 PM
|

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික අධ්‍යාපන ආයතනයේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්දැයි සැකයක් ඇති බවත්, සිසුන්ට ඉතිහාසය අනිවාර්ය නොකිරීම තුළින්  ඇතිවන ගැටලු බරපතළ බවත් මහජන යුතුකම් කේන්ද්‍රයේ කැදවුම්කරු වසන්ත අල්විස් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් කරුණු විස්තර කරමින් ඒ මහතා ලංකා ලීඩර් වෙත එවන ලද ලිපිය පහළින්,

"දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි කියන කණ්ඩායමක සාමාජිකයෙක් වශයෙන් සහ තමන්ගේ දරුවාට සිදුවූ අසාධාරණය රටේ අනිකුත් සමස්ත දරුවන්ට සිදු නොවිය යුතුයි  සිතන දෙමාපියෙක් වශයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන නිහඬව සිටීම සුදුසු නැති බව සහ ඒ සම්බන්ධයෙන් මා දන්නා තොරතුරු හෙළිදරව් කළ යුතුව ඇති නිසා මෙසේ ලියමි. 

අපේ රට තිස් අවුරුදු බෙදුම්වාදී  යුද්ධය නිමාවී ඇතත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය බෙදුම් වාදයට උඩගෙඩි දෙන අධ්‍යාපන ක්‍රමයක් බව නොකිව මනාය.

අපේ රටේ දරුවන් එකිනෙකට වෙනස් අධ්‍යාපන ක්‍රම හදාරන අතර එමගින් අනාගත දරුවන් වෙනස් විදියට සිතන දරුවන් ලෙස සමාජගත වීම වැළැක්විය නොහැක.

රටේ පාලකයන් කළ යුත්තේ රටේ සියලුම දරුවන් එකට සිතන එක අධ්‍යාපන ක්‍රමයක් යටතට ගෙන ඒම මිස දරුවන් කොටසකට අනවශ්‍ය බර පැටවීම නොවේ.

අපේ රටේ සිසුන් කොටසක් මද්‍රසා පාසැල් තුළත් තවත් කොටසක් අරාබි පාසල් තුලත් තවත් කොටසක් ජාත්‍යන්තර පාසල් තුළත් තවත් කොටසක් ජාතික පාසල් පද්ධතිය තුලත්  එකිනෙකට වෙනස් ආකාරයේ අධ්‍යාපනයක් ලබමින් සිටී එමගින් කොටසක් අරාබියේ ඉතිහාසය තවත් කොටසක්  එංගලන්තයේ ඉතිහාසය සහ තවත් කොටසක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය  හැදෑරීම තුළින් බිහිවන අනාගත සිසුන් වැඩිහිටියන් වූ විට එකට සිතීමට හැකියාවක් ලබා ගැනීමට මේ අනුව කිසිසේත්ම හැකියාවක් නොමැති බව පෙනේ.

අපේ රට අපේ මව්බිම යන අදහසින් යුතුව රට ගැන සිතිමට නම් ජාති කුල මල භේදයකින් තොරව මේ රටේ සියලුම දරුවන්ට අපේ රටේ ඉතිහාසය  ඉගැන්වීම අනිවාර්යය කළ යුතු අතර  එම සිසුන්ට ඉතිහාසය අනිවාර්ය නොකිරීම තුළින්  ඇතිවන ගැටලුව දැන් බරපතළ ලෙස සිතාගත හැක. 

අපට බොහෝ වෙලාවට දක්නට ලැබෙන  ප්‍රවෘත්තින් වනුයේ  ජාතික ජාතික පාසල් පද්ධතියේ පාසල්  වැසී යමින් අන්තර්ජාතික පාසල් පද්ධතිය ප්‍රසාරණය වන බව පැහැදිලිව පෙනේ. 

මීට පෙර අන්තර්ජාතික පාසල් පද්ධතිය හා සම්බන්ධ වූයේ යම්කිසි  වත්කමක් ඇති දෙමාපියන් වන නමුත් වර්තමානය වන විට එය වෙනස් වී සාමාන්‍ය හැකියාවක් නොමැති  පවුල්වල දරුවන් පවා අන්තර්ජාතික පාසල් පද්ධතිය කරා යොමුවන බව පැහැදිලිව  පෙනී යයි.

එයට ප්‍රධානම හේතුව වන්නේ ජාතික පාසල් පද්ධතියේ තිබෙන කාලරාමුව ඉතා විශාල වීම බව මෙතෙක් කිසිදු ආකාරයක සමාජ කතිකාවතක් ගොඩනැගි නොමැති අතර  එවැනි මතයක්  ගොඩනැගුවද ජාතික අධ්‍යාපන ආයතනයේ සිටින ඇතැම් අයවලුන් එය නිශේධනය කරමින් පාලකයන් රවටමින් සිටින බව නම් පැහැදිලිව පෙනි යයි. 

එම කාල රාමුව පිළිබඳ හොඳම  උදාහරණය වර්තමානයේ කොතලාවල වෛද්‍ය පීඨයට බඳවා ගන්නා සිසුන්ගේ වයස් පරතරය අනුව පැහැදිලිව වටහාගත හැක එය වසර 16 සිට 24  දක්වා විස්තර කර ඇත.

එහිදී මුදල් තිබුනද අන්තර් ජාතික පාසල් පද්ධතිය හරහා වයස 16 දී එම වෛද්‍ය පීඨයට ඇතුළත් වන සිසුන් එම වෛද්‍ය පීඨයේ 05 වසරක අධ්‍යාපනය අවසන් කරන විට දේශිය විෂය නිර්දේශය හදාරන සිසුන් එම වෛද්‍ය පීඨයේ පලමු වසර හෝ සමහර විට ඇතුළත් වී නොතිබිය හැක.

ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ අසල්වැසි ඉන්දියාව වැනි රටවල් වල සිසුන්ට තම මූලික උපාධිය ඔවුන්ගේ වයස අවුරුදු 21,22  පමණ වන විට ලබා ගත  හැකි අතර ,එය අපේ රටේ ජාතික  පාසල් පද්ධතියේ සිසුවෙක් විශ්ව  විද්‍යාලයේ පළමු වසර හෝ නැතහොත් විශ්ව විද්‍යාලට ඇතුළත් වන වයස විය හැක.

කොතලාවල සහ අසල්වැසි ඉන්දියාව ආදර්ශයට ගතහොත් අපේ රටේ සිසුවෙකුගේ විනාශ වන අනවශ්‍ය කාලය වසර 05 ක් පමණ වන බව මේ අනුව පෙනී යයි. 

එම වසර පහ සිසුවාගේ විනාශ වන කාලය පමණක් නොවේ එයට දෙමාපියන්ගේ වියදම් වන මුදල් සහ රජය විසින් එම සිසුන් නඩත්තු කිරීම සඳහා වසර පහක් දරන මුදල් ද ඇතුළත් විය යුතුව ඇත.

එම කරුණු හේතුවෙන් අපේ රටේ ජාතික පාසල් පද්ධතියේ සිසුවකුගෙන් නව නිර්මාණ හෝ නව සොයාගැනීම් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක.

එබැවින්අන්තර් ජාතික පාසල් වලට තම දරුවන් යොමු කරන දෙමාපියන්ගේ කාලය පමණක් නොව වසර 05 මුදල් පවා ඉතිරි කිරීමට හැකියාවක් එමඟින් ලැබෙන හෙයින් ඔවුන් තම දරුවන් අන්තර්ජාතික පාසල් වෙත යොමු කිරීම හැර වෙන විකල්පයක් නොමැති වුවත් ඔවුන්ගේ සාමාන්‍ය පෙල සහ උසස් පෙල විබාග සදහා මෙරටින් ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය ගණනය කළහොත් එය ඉතාමත් රටට හානිදායකය. 

එමගින් අප කළ යුතුව ඇත්තේ අන්තර්ජාතික පාසල්  මද්‍රසා සහ අරාබි පාසල් වෙත යොමු වන දරුවන්ගේ  ප්‍රමාණය වළක්වා ගැනීම සඳහා  අපේ රටේ ජාතික  පාසල් පද්ධතිය අන්තර්ජාතික කාල රාමුව හා  සසඳා එයට පහසුකම් ලබා දීමයි.

එයට ප්‍රධාන බාධාවක් වන්නේ අපේ රට ගැන  නොසිතන විදේශ බලවේගවල රූකඩ වලට නැටවෙන ජාතික අධ්‍යාපන ආයතනයේ සිටින කිසිවෙකු ඒ සදහා  කිසිසේත්ම ඉඩක් ලබාදෙන්නේ නැත. 

අන්තවාදී ඉගැන්වීම් පෙළපොත්  වලට ආ ආකාරය නොදන්නා එම පාලකයන් ඉතිහාසය විෂය අනිවාර්ය නොකිරීම පුදුමයක් නොවන අතර ජාතික අධ්‍යන ආයතනයේ හිටපු ලොක්කන් වන  සුනිල් ජයන්තලා සේදරලා එම අධ්‍යාපන  ප්‍රතිසංස්කරණ අනුමත කිරීම තුලම  හරිනිලා සහ මහින්ද ජයසිංහලා ඔවුන්ගේ උගුලට හසුවී ඇති බව සහ ඔවුන්ට අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු හැඟීමක් සහ අවබෝධයක් නොමැති බව කුමන්ත්‍රණකරුවන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තින් තමන්ගේ වගේ ඉදිරිපත් කිරීම තුලින්ම වරිගය  නහගන්නා සැටියෙන්ම ඉතාමත්ම පැහැදිලිව පෙනේ.

හිටපු අධ්‍යාපන අමාත්‍යය සුසිල් ප්‍රේම ජයන්ත මහතා කුමන්ත්‍රණකරුවන්ගේ උගුලට බොහෝ දුරට හසු නොවී 13 වසර අඩු කිරීමට කටයුතු කල බව හා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ එය නොවීම මඟින් ද කුමන්ත්‍රණය පැහැදිලිව පෙන්වා දිය හැක. 

එබැවින් රජය කළ යුත්තේ කුමන්ත්‍රණකරුවන්ගේ ගැට  වලට හසු නොවී විදේශ රටවලට විබාග වෙනුවෙන් ඇදි යන විදේශ විනිමය ඉතුරු කරගනිමින් අපේ රටේ සියලු දරුවන්ට අන්තර් ජාතික කාලරාමුවක් හා සෑසදෙන පරිදි පාසැල් කාලය වෙනස් කිරීමත් ඉතිහාසය විෂය සියල්ලන්ටම අනිවාර්යය කරමින් අනාගත පරම්පරාවට අර්බුද වලින් තොරව පරවැසියන් මෙන් නොව පුරවැසියන් වශයෙන්  ජිවත්විමටත් රට වෙනුවෙන් එකා මෙන් නැගී සිටීමටත් ඇවසි පරිසරය සකසාදීමයි. 

එසේ නොමැතිව පාසැල් කාලය දීර්ඝ කර විෂය නිර්දේශය විෂයන් 07 ක් කරනවා යැයි කියමින් විෂයන් 14 ක අනවශ්‍ය බරක් දරුවන්ට ලබාදෙමින් පාසැල් පද්ධතිය විනාශ කිරීමේ ජාත්‍යන්තර උගුල්වලට හසුවීම නොවේ."

වසන්ත අල්විස් 

කැදවුම්කරු 

මහජන යුතුකම් කේන්ද්‍රය

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.