News Category
From Date
To Date
Maximum Number of Result

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික අධ්‍යාපන ආයතනයේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්දැයි සැකයි - මහජන යුතුකම් කේන්ද්‍රයේ කැදවුම්කරු වසන්ත අල්විස්

Jul 21, 2025 at 12:48 PM
|

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික අධ්‍යාපන ආයතනයේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්දැයි සැකයක් ඇති බවත්, සිසුන්ට ඉතිහාසය අනිවාර්ය නොකිරීම තුළින්  ඇතිවන ගැටලු බරපතළ බවත් මහජන යුතුකම් කේන්ද්‍රයේ කැදවුම්කරු වසන්ත අල්විස් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් කරුණු විස්තර කරමින් ඒ මහතා ලංකා ලීඩර් වෙත එවන ලද ලිපිය පහළින්,

"දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි කියන කණ්ඩායමක සාමාජිකයෙක් වශයෙන් සහ තමන්ගේ දරුවාට සිදුවූ අසාධාරණය රටේ අනිකුත් සමස්ත දරුවන්ට සිදු නොවිය යුතුයි  සිතන දෙමාපියෙක් වශයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන නිහඬව සිටීම සුදුසු නැති බව සහ ඒ සම්බන්ධයෙන් මා දන්නා තොරතුරු හෙළිදරව් කළ යුතුව ඇති නිසා මෙසේ ලියමි. 

අපේ රට තිස් අවුරුදු බෙදුම්වාදී  යුද්ධය නිමාවී ඇතත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය බෙදුම් වාදයට උඩගෙඩි දෙන අධ්‍යාපන ක්‍රමයක් බව නොකිව මනාය.

අපේ රටේ දරුවන් එකිනෙකට වෙනස් අධ්‍යාපන ක්‍රම හදාරන අතර එමගින් අනාගත දරුවන් වෙනස් විදියට සිතන දරුවන් ලෙස සමාජගත වීම වැළැක්විය නොහැක.

රටේ පාලකයන් කළ යුත්තේ රටේ සියලුම දරුවන් එකට සිතන එක අධ්‍යාපන ක්‍රමයක් යටතට ගෙන ඒම මිස දරුවන් කොටසකට අනවශ්‍ය බර පැටවීම නොවේ.

අපේ රටේ සිසුන් කොටසක් මද්‍රසා පාසැල් තුළත් තවත් කොටසක් අරාබි පාසල් තුලත් තවත් කොටසක් ජාත්‍යන්තර පාසල් තුළත් තවත් කොටසක් ජාතික පාසල් පද්ධතිය තුලත්  එකිනෙකට වෙනස් ආකාරයේ අධ්‍යාපනයක් ලබමින් සිටී එමගින් කොටසක් අරාබියේ ඉතිහාසය තවත් කොටසක්  එංගලන්තයේ ඉතිහාසය සහ තවත් කොටසක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය  හැදෑරීම තුළින් බිහිවන අනාගත සිසුන් වැඩිහිටියන් වූ විට එකට සිතීමට හැකියාවක් ලබා ගැනීමට මේ අනුව කිසිසේත්ම හැකියාවක් නොමැති බව පෙනේ.

අපේ රට අපේ මව්බිම යන අදහසින් යුතුව රට ගැන සිතිමට නම් ජාති කුල මල භේදයකින් තොරව මේ රටේ සියලුම දරුවන්ට අපේ රටේ ඉතිහාසය  ඉගැන්වීම අනිවාර්යය කළ යුතු අතර  එම සිසුන්ට ඉතිහාසය අනිවාර්ය නොකිරීම තුළින්  ඇතිවන ගැටලුව දැන් බරපතළ ලෙස සිතාගත හැක. 

අපට බොහෝ වෙලාවට දක්නට ලැබෙන  ප්‍රවෘත්තින් වනුයේ  ජාතික ජාතික පාසල් පද්ධතියේ පාසල්  වැසී යමින් අන්තර්ජාතික පාසල් පද්ධතිය ප්‍රසාරණය වන බව පැහැදිලිව පෙනේ. 

මීට පෙර අන්තර්ජාතික පාසල් පද්ධතිය හා සම්බන්ධ වූයේ යම්කිසි  වත්කමක් ඇති දෙමාපියන් වන නමුත් වර්තමානය වන විට එය වෙනස් වී සාමාන්‍ය හැකියාවක් නොමැති  පවුල්වල දරුවන් පවා අන්තර්ජාතික පාසල් පද්ධතිය කරා යොමුවන බව පැහැදිලිව  පෙනී යයි.

එයට ප්‍රධානම හේතුව වන්නේ ජාතික පාසල් පද්ධතියේ තිබෙන කාලරාමුව ඉතා විශාල වීම බව මෙතෙක් කිසිදු ආකාරයක සමාජ කතිකාවතක් ගොඩනැගි නොමැති අතර  එවැනි මතයක්  ගොඩනැගුවද ජාතික අධ්‍යාපන ආයතනයේ සිටින ඇතැම් අයවලුන් එය නිශේධනය කරමින් පාලකයන් රවටමින් සිටින බව නම් පැහැදිලිව පෙනි යයි. 

එම කාල රාමුව පිළිබඳ හොඳම  උදාහරණය වර්තමානයේ කොතලාවල වෛද්‍ය පීඨයට බඳවා ගන්නා සිසුන්ගේ වයස් පරතරය අනුව පැහැදිලිව වටහාගත හැක එය වසර 16 සිට 24  දක්වා විස්තර කර ඇත.

එහිදී මුදල් තිබුනද අන්තර් ජාතික පාසල් පද්ධතිය හරහා වයස 16 දී එම වෛද්‍ය පීඨයට ඇතුළත් වන සිසුන් එම වෛද්‍ය පීඨයේ 05 වසරක අධ්‍යාපනය අවසන් කරන විට දේශිය විෂය නිර්දේශය හදාරන සිසුන් එම වෛද්‍ය පීඨයේ පලමු වසර හෝ සමහර විට ඇතුළත් වී නොතිබිය හැක.

ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ අසල්වැසි ඉන්දියාව වැනි රටවල් වල සිසුන්ට තම මූලික උපාධිය ඔවුන්ගේ වයස අවුරුදු 21,22  පමණ වන විට ලබා ගත  හැකි අතර ,එය අපේ රටේ ජාතික  පාසල් පද්ධතියේ සිසුවෙක් විශ්ව  විද්‍යාලයේ පළමු වසර හෝ නැතහොත් විශ්ව විද්‍යාලට ඇතුළත් වන වයස විය හැක.

කොතලාවල සහ අසල්වැසි ඉන්දියාව ආදර්ශයට ගතහොත් අපේ රටේ සිසුවෙකුගේ විනාශ වන අනවශ්‍ය කාලය වසර 05 ක් පමණ වන බව මේ අනුව පෙනී යයි. 

එම වසර පහ සිසුවාගේ විනාශ වන කාලය පමණක් නොවේ එයට දෙමාපියන්ගේ වියදම් වන මුදල් සහ රජය විසින් එම සිසුන් නඩත්තු කිරීම සඳහා වසර පහක් දරන මුදල් ද ඇතුළත් විය යුතුව ඇත.

එම කරුණු හේතුවෙන් අපේ රටේ ජාතික පාසල් පද්ධතියේ සිසුවකුගෙන් නව නිර්මාණ හෝ නව සොයාගැනීම් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක.

එබැවින්අන්තර් ජාතික පාසල් වලට තම දරුවන් යොමු කරන දෙමාපියන්ගේ කාලය පමණක් නොව වසර 05 මුදල් පවා ඉතිරි කිරීමට හැකියාවක් එමඟින් ලැබෙන හෙයින් ඔවුන් තම දරුවන් අන්තර්ජාතික පාසල් වෙත යොමු කිරීම හැර වෙන විකල්පයක් නොමැති වුවත් ඔවුන්ගේ සාමාන්‍ය පෙල සහ උසස් පෙල විබාග සදහා මෙරටින් ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය ගණනය කළහොත් එය ඉතාමත් රටට හානිදායකය. 

එමගින් අප කළ යුතුව ඇත්තේ අන්තර්ජාතික පාසල්  මද්‍රසා සහ අරාබි පාසල් වෙත යොමු වන දරුවන්ගේ  ප්‍රමාණය වළක්වා ගැනීම සඳහා  අපේ රටේ ජාතික  පාසල් පද්ධතිය අන්තර්ජාතික කාල රාමුව හා  සසඳා එයට පහසුකම් ලබා දීමයි.

එයට ප්‍රධාන බාධාවක් වන්නේ අපේ රට ගැන  නොසිතන විදේශ බලවේගවල රූකඩ වලට නැටවෙන ජාතික අධ්‍යාපන ආයතනයේ සිටින කිසිවෙකු ඒ සදහා  කිසිසේත්ම ඉඩක් ලබාදෙන්නේ නැත. 

අන්තවාදී ඉගැන්වීම් පෙළපොත්  වලට ආ ආකාරය නොදන්නා එම පාලකයන් ඉතිහාසය විෂය අනිවාර්ය නොකිරීම පුදුමයක් නොවන අතර ජාතික අධ්‍යන ආයතනයේ හිටපු ලොක්කන් වන  සුනිල් ජයන්තලා සේදරලා එම අධ්‍යාපන  ප්‍රතිසංස්කරණ අනුමත කිරීම තුලම  හරිනිලා සහ මහින්ද ජයසිංහලා ඔවුන්ගේ උගුලට හසුවී ඇති බව සහ ඔවුන්ට අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු හැඟීමක් සහ අවබෝධයක් නොමැති බව කුමන්ත්‍රණකරුවන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තින් තමන්ගේ වගේ ඉදිරිපත් කිරීම තුලින්ම වරිගය  නහගන්නා සැටියෙන්ම ඉතාමත්ම පැහැදිලිව පෙනේ.

හිටපු අධ්‍යාපන අමාත්‍යය සුසිල් ප්‍රේම ජයන්ත මහතා කුමන්ත්‍රණකරුවන්ගේ උගුලට බොහෝ දුරට හසු නොවී 13 වසර අඩු කිරීමට කටයුතු කල බව හා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ එය නොවීම මඟින් ද කුමන්ත්‍රණය පැහැදිලිව පෙන්වා දිය හැක. 

එබැවින් රජය කළ යුත්තේ කුමන්ත්‍රණකරුවන්ගේ ගැට  වලට හසු නොවී විදේශ රටවලට විබාග වෙනුවෙන් ඇදි යන විදේශ විනිමය ඉතුරු කරගනිමින් අපේ රටේ සියලු දරුවන්ට අන්තර් ජාතික කාලරාමුවක් හා සෑසදෙන පරිදි පාසැල් කාලය වෙනස් කිරීමත් ඉතිහාසය විෂය සියල්ලන්ටම අනිවාර්යය කරමින් අනාගත පරම්පරාවට අර්බුද වලින් තොරව පරවැසියන් මෙන් නොව පුරවැසියන් වශයෙන්  ජිවත්විමටත් රට වෙනුවෙන් එකා මෙන් නැගී සිටීමටත් ඇවසි පරිසරය සකසාදීමයි. 

එසේ නොමැතිව පාසැල් කාලය දීර්ඝ කර විෂය නිර්දේශය විෂයන් 07 ක් කරනවා යැයි කියමින් විෂයන් 14 ක අනවශ්‍ය බරක් දරුවන්ට ලබාදෙමින් පාසැල් පද්ධතිය විනාශ කිරීමේ ජාත්‍යන්තර උගුල්වලට හසුවීම නොවේ."

වසන්ත අල්විස් 

කැදවුම්කරු 

මහජන යුතුකම් කේන්ද්‍රය

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.
කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත සිවුරක් පිළිගැන්වීමට කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, සේනක පල්ලෙතැන්න පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් නොවැම්බර් 09 දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළැඹීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.
යම් සංවිධානයක් විසින් තමන්ට වෙනම රටක් අවශ්‍ය බවට මතයක් ඉදිරිපත් කළ හොත් අලුතෙන් ගෙනවිත් ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර විසින් පවසන කතාවක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.