News Category
From Date
To Date
Maximum Number of Result

වොල්කර් ටුර්ක්ලාගේ බලහත්කාරය: යටත්වීමේ විපාකය කුමක්ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

Jul 26, 2025 at 10:36 AM
|

පසුගිය ජුනි 23 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මීට පෙර පැමිණි කොමසාරිස්වරුන්ට වඩා බලහත්කාරී ප්‍රකාශ සිදුකරනු ලැබූ බවත්, එසේ මානව හිමිකම් කොමසාරිස්වරුන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන් පසුව ඔවුන් විසින් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත සදා නිමකළ කොමසාරිස් වාර්තාව සාධාරණිකරණය කිරීමට බව ඉතා පැහැදිලි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරුන්ගේ බලහත්කාරයට යටත්වීමේ ප්‍රතිඵලය පෙන්වා දෙමින් ඒ මහතා සම්පාදනය කළ ලිපියක් පහත දැක්වේ.

වොල්කර් ටුර්ක්ලාගේ බලහත්කාරය: යටත්වීමේ විපාකය කුමක්ද?

පසුගිය ජුනි 23 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මීට පෙර පැමිණි කොමසාරිස්වරුන්ට වඩා බලහත්කාරී ප්‍රකාශ සිදුකරනු ලැබීය. එසේ මානව හිමිකම් කොමසාරිස්වරුන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන් පසුව ඔවුන් විසින් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත සදා නිමකළ කොමසාරිස් වාර්තාව සාධාරණිකරණය කිරීමට බව ඉතා පැහැදිලිව දැකගත හැක. එනම් එම වාර්තාව සකස් කරන්නේ කරුණු සොයා බලා සියළු පාර්ශව වල අදහස් ලබාගැනීමෙන් පසුව බව ලෝක ප්‍රජාවට ඒත්තු ගැන්වීම සඳහා ය. තමා සියළු පාර්ශ්ව වල අදහස් ලබාගන්නා බව සහ ඊට අවස්ථාව ලබාදෙන බව මෙන්ම ඒ සඳහා ඉදිරිපත් වන ලෙසට ඔහු විසින් රට තුළට පැමිණ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකරනු ලැබීය. 

නමුත් ඔහු තමා මුණගැසීම සඳහා ඉල්ලීම ඉදිරිපත් කළ පාර්ශ්වවලට සමානව සලකා අවස්ථාව ලබාදීමට ක්‍රියා නොකළ බව පැහැදිලිව පෙනුණි. එනම් තමා සඳහන් කළ ආකාරයට ඉඳුරාම පටහැනි ලෙස ඔහු ඉතා පක්ෂපාතීව තෝරාගත් පිරිසකට පමණක් සවන් දීමට ක්‍රියා කළේය. යාපනයේ පිහිටුවා ඇති මානව හිමිකම් කාර්යාලයේදී සියලුම බෙදුම්වාදී, ජාතිවාදී, බලවේගවලට සවන් දීමට ක්‍රියා කළේය. එපමණක් නොව 1998 සිට කතා කළ ද නිශ්චිත ඩී.එන්.ඒ. පරීක්ෂණ ආදිය අවසන් කර නොමැති සහ ඇටසැකිලි 19ක් හමුවූ බව පමණක් තහවුරු වී ඇති චෙම්මනි සමූහ මිනීවල නැරඹීමට ගොස් කොටි ධජය අතින් ගත් පිරිස් සමග සැමරුම් උත්සවයකට ද සහභාගි විය.

එහිදී ප්‍රකාශයක් කරමින් ඊට ආරක්ෂක හමුදාව වගකිවයුතු බව සඳහන් කරමින් වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය. එහෙත් එම මිනී වල පමණක් නොව තුනුක්කාම්හි කොටි වධකාගාරයක් ආසන්නයේ පවතින බවට දෙමළ ජනතාව විසින්ම චෝදනා එල්ල කරන සමූහ මිනී වළවල් පිළිබඳව පරීක්ෂණ පවත්වා සත්‍යය එළිදරව් කර ගත යුතු බවට වචනයක් හෝ සඳහන් නොකිරීමට පරිස්සම් විය. එසේම ආරක්ෂක හමුදාව විසින් කඳවුරු පවත්වාගෙන යාම සඳහා අත්පත් කරගෙන තිබෙන ඉඩම් වහාම නිදහස් කළ යුතු බව ද ඔහු විසින් සඳහන් කරන්නට යෙදුනි. නමුත් එසේ අත්පත් කරගෙන තිබූ අක්කර 50,000 ක පමණ ප්‍රමාණයෙන් 46,000ක් නිදහස් කර තිබෙන බව ඔහු නොදැන සිටීමට හේතුවක් නැත. 

සමහර විට ආණ්ඩුව තමාට වාසි සහගත එවැනි තොරතුරු ඔහුට ලබා දීමට උනන්දු නොවූවා විය හැක. කෙසේ වෙතත් ආණ්ඩුවේ අනුමැතිය සහ සහයෝගය නොමැතිව කොමසාරිස්වරුන්ට ඊනියා සමූහ මිනී වළවල් පරීක්ෂා කිරීමට සහ කොටි කොඩිධාරීන් සමග සැමරුම් උත්සව පැවැත්වීමට අවස්ථාවක් නොලැබෙන බව ඉතා පැහැදිලිය. බොහෝ විට ආණ්ඩුව විසින් ඔහුට සත්‍ය පහදා දීමට ක්‍රියා නොකිරීම හෙවත් ඔහුට රාජ්‍යතාන්ත්‍රිකව යටත් වීම නිසා ඔහු බොහෝ නොකළ යුතු ප්‍රකාශ සිදු කිරීමට ධෛර්යමත් වූ බව ඉතා පැහැදිලිය. ඒ අනුව මේ වන විට සකස් කර තිබෙන සමලිංගික විවාහ නීතිගත කිරීමේ පනත් කෙටුම්පත සම්මත කළ යුතු බව සහ ත්‍රස්ත විරෝධී පනත සහ මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත අහෝසි කළ යුතු බවට ද ඔහු විසින් ප්‍රකාශයක් කරන්නට යෙදුණි. ඊට ප්‍රතිචාර ලෙස අධිකරණ අමාත්‍යවරයා ඉතා අහිංසක ලෙස සමලිංගික විවාහ පිළිබඳ පනතක් කෙටුම්පත් කර නැති බව සඳහන් කළ ද එසේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනිව රටේ අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් කිරීමේ වරද පෙන්වාදීමට දිරිමත් වූයේ නැත.

ඉහත සඳහන් කළ ආකාරයට කොමසාරිස්වරයාට සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයාට ලිඛිතව ඉල්ලීම ඉදිරිපත් කළ නීතිඥ සංවිධාන, ජාතික සංවිධාන සහ යුද්ධයට නායකත්වය ලබා දුන් උසස් හමුදා නිලධාරින් කිසිවකුට අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා නොදුන් බැවින් ආණ්ඩුව විසින් සිදු කළ වරද නිවැරදි කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත. කොමසාරිස්වරයා විසින් ඉතා සූක්ෂමව එම පාර්ශ්ව වලට අවස්ථාව ලබා නොදුන්නේ තමා අමාරුවේ වැටෙන බව ඉතා හොඳින් දැන සිටි නිසා බව ඉතා පැහැදිලිය. නමුත් ඒ මගින් ගෝත්‍රික සමාජයක පවතින මූලධර්මයක් හෝ රැකීමට එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට මනෝභාවයක් නොමැති බව පෙන්වීය. එනම් පුද්ගලයකුට හෝ සමූහයකට විරුද්ධව යම් චෝදනාවක් එල්ල කරනු ලබන අවස්ථාවක ඊට අදාළව පිළිතුරු බැඳීම සඳහා වන අයිතිය හෙවත් ස්වාභාවික යුක්තිය ලබාදීමේ මූලධර්මය පිළිනොගැනීමය. එය බලහත්කාරී ක්‍රියා පිළිවෙතක මූලික ලක්ෂණයකි.

එහිදී ඔහුගේ යටි අරමුණු ඉතා හොඳින් පැහැදිලි වන්නේ ඔහු විසින් සිදුකළ පරස්පර විරෝධී ප්‍රකාශයකට අනුවය. එක් පැත්තකින් වින්දිතයන්ට සාධාරණ ඉටු කිරීම සඳහා දේශීයව වගවීමේ යාන්ත්‍රණයක් අවශ්‍ය බවට අවධාරණය කරන අතර ඒ සඳහා වන ජාත්‍යන්තර යාන්ත්‍රණයට සහාය ලබා දිය යුතු බවද ඔහු සඳහන් කරයි. ඔහු විසින් මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත මහා කොමසාරිස් වාර්තාව ප්‍රකාශයට පත් වූ විට ඔහුගේ යටි අරමුණු විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය යොදා ගැනීමට මුල් වූ හේතුව පැහැදිලිව වටහාගත හැකි වනු ඇත. මානව හිමිකම් කවුන්සිලය විසින් 46/1 යෝජනාව අනුව පිහිට වූ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව යුද අපරාධ චෝදනා සහ සහ සාක්ෂි ගොනු කිරීමේ ක්‍රියාවලියට අදාල අවසන් වාර්තාව නිකුත්  කිරීම ද ඊට සමාන්තරව සිදුවන බවට සැකයක් නැත. ඒ අනුව මහකොමසාරිස්වරයා තම වාර්තාව මගින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණ සියලු පාර්ශ්වවල අදහස් ලබාගෙන සිදුකළා අධ්‍යනයන්ට අනුව වින්දිතයන්ට සාධාරණ ඉටු කිරීමේ බාධාවන් සහ ප්‍රමාදයන් තිබෙන බව රාජතාන්ත්‍රික භාෂාවෙන් පෙන්වා දෙනු ඇත. 

එම තත්ත්වය තුළ වගවීම සඳහා නිසි දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවන බැවින් ජාත්‍යන්තර යාන්ත්‍රණය මගින් ගොනුකළ සාක්ෂි සහ චෝදනා අනුව ජාත්‍යන්තර අධිකරණ බලය යටතේ ඊනියා යුද අපරාධ වලට එරෙහිව සාමාජික රටවල් සහ සෙසු රටවල් විසින් නඩු පැවරිය යුතු බව ඔහු විසින් අවධාරණය කරන බවට කිසිදු සැකයක් නැත. ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව 2011 දී යුධ අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා යොදාගත් දරුස්මාන් කමිටුවේ සාමාජිකාවක් වූ යස්මින් සුකාගේ ලැයිස්තුවේ සිටින යුද්ධයට නායකත්වය ලබා දුන් උසස් ආරක්ෂක හමුදා නිලධාරීන් 58 දෙනෙකු අතුරින් තෝරාගත් පිරිසකට පළමු වටයේදී නඩු පැවරීමට ප්‍රබල ඉඩක් ඇත. ජාත්‍යන්තර වාර්තාවේ අඩංගු සාක්ෂි අනුව නඩු පැවරීම සඳහා රටවල් 29 ක  නියෝජිතයන් සමග මේ වන විටත් සාකච්ඡා කර තිබෙන බව මානව හිමිකම් කවුන්සිලය විසින් එළිදරව් කර ඇත. 

ඒ අනුව එම රටවල අභිචෝදක වෙත චෝදනා ඉදිරිපත් කළ විට සහ එම රටවල සිටින ඩයස්පෝරා සාමාජිකයන් විශේෂයෙන්ම වින්දිතයන්ගේ ඥාතීන් ලෙස පෙනී සිටින පිරිස් වල මැදිහත්වීම මත විවිධ රටවල නඩු පැවරීම් සිදුවනු ඇත. එම ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ පසුගිය යහපාලන ආණ්ඩුව විසින් සම්මත කළ ප්‍රධාන පනත් දෙකක් වූ පිටුවහල් කිරීමේ (සංශෝධන) පනත සහ අපරාධ කටයුතු පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගීතා (සංශෝධන) පනත අනුව ඊට සහාය දීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ඉල්ලීම් ඉදිරිපත් වනු ඇත. එනම් යම් නිලධාරීන් අදාළ රටවලට පිටුවහල් කිරීමට මෙන්ම තවත් අවස්ථාවල චෝදනාවලට අදාළ වැඩි විස්තර සැපයීමට සහ නඩු කටයුතු අවසන් කළ පසුව දඬුවම් ශ්‍රී ලංකාවේදී ලබාදීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව බැඳී සිටියි. 

ඒ මගින් ජාත්‍යන්තරව සහ රට තුළ බරපතළ ආන්දෝලාත්මක තත්ත්වයක් ඇතිවන බවට සැකයක් නැත. එහෙත් මානව හිමිකම් කොමසාරිස් සහ ඔහුට බලපෑම් එල්ල කරනු ලබන බෙදුම්වාදී බලවේග වල අවසන් අරමුණ එසේ තෝරාගත් රණවිරුවන් පිරිසකට දඬුවම් කිරීම පමණක් නොවේ. ඒ මගින් යම් වෛරී සිත්වලට සතුටක් සහ සහනයක් ලබා දිය හැකි වුවද ඔවුන්ගේ අවසන් අරමුණට එනම් ඊළාම් රාජ්‍යය නිර්මාණය කිරීමේ මාර්ග සිතියමට අදාළව ගත්විට ඒ මගින් සිදුවන්නේ අවසන් සැතපුම් කණු කිහිපය අතුරින් එකක් පියමන් කිරීමක් පමණි. එසේ නම් ජාත්‍යන්තර යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම මගින් ආණ්ඩුව කලබලයට පත් කිරීමේ සහ ආරක්ෂක හමුදා ප්‍රධානීන් බිය වැද්දීමේ මූලික අරමුණ කුමක් ද? එය වටහා ගැනීමෙන් තොරව සමස්ත ක්‍රියාන්විතයට මුහුණ දීමේ හැකියාවක් නැත. එනම් යටත්වීම වෙනුවට යුක්තිය සහ සාධාරණත්වය මුල්කරගත් ප්‍රති ක්‍රියාන්විතයක් ආරම්භ කිරීමේ හැකියාවක් නැත. වෙනත් වචන වලින් කියන්නේ නම් යටත් වීම හැර වෙනත් විකල්පයක් තේරීමේ හැකියාවක් ලැබෙන්නේ නැත. 

මානව හිමිකම් කොමසාරිස්වරයා ප්‍රමුඛ බෙදුම්වාදී බලවේගවල මූලික අරමුණ වන්නේ සෘජු ජාත්‍යන්තර  මැදිහත්වීමක් සහිත දේශීය වගවීමේ යාන්ත්‍රණයක් පිහිටුවීම ය. මීට පෙර පිහිටවූ  උගත් පාඩම් කොමිසම සහ අතුරුදහන්වූවන් පිළිබඳව සොයාබැලීමේ ජනාධිපති කොමිසම හෙවත් මැක්ස්වේල් පරණගම කොමිසම බෙදුම්වාදී බලවේග විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඒ තුළ සෘජු ජාත්‍යන්තර මැදිහත්වීමකට ඉඩ නොලැබීම නිසාය. පසුව යහපාලන ආණ්ඩුව විසින් 2015 දී 30/1 යෝජනාවට එකඟතාවය පළ කිරීමෙන් පසුව යුධ අපරාධ චෝදනාවලට අදාළව වගවීමේ යාන්ත්‍රණ දෙකක් පිහිටුවනු ලැබීය. පළමුවැන්න අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාල පනත සහ දෙවැන්න බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත වේ. නමුත් ඒ මගින් ගොනුකරන චෝදනා මත ජාත්‍යන්තර අධිකරණ බලය යටතේ වෙනත් රටක නඩු පැවරීමට යම් ඉඩක් ලැබුණ ද ඍජු ජාත්‍යන්තර මැදිහත්වීමකට අවකාශයක් නැත. කෙසේ වෙතත් එම ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත සහ වන්දි ගෙවීමේ කාර්යාල පනත ඇතුළු සමස්තයක් ලෙස පනත් 7ක් සම්මත කල ද අදාළ ක්‍රියාවලිය බෙදුම්වාදීන්ට අවශ්‍ය ආකාරයට ඉදිරියට තල්ලු කිරීමට නොහැකි විය.

ඒ අනුව සමස්ත ක්‍රියාවලිය ඉදිරියට තල්ලු කිරීම සඳහා නව නීති දෙකක් අවශ්‍ය වේ. ඒ අතුරින් පළමුවැන්න සත්‍ය සෙවීමේ කොමිසම් පනත වන අතර දෙවැන්න හෙවත් “රණවිරු දඩයම් පනත්” 9ක් අතරින් අවසාන පනත ස්වාධීන අභිචෝදක කාර්යාල පනත වේ. මේ වන විට සත්‍ය සෙවීමේ කොමිසම පනත දෙවරක් ගැසට් කළද ප්‍රබල පාර්ශ්වවල විරෝධය නිසා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවා එය සම්මත කිරීමට ධෛර්මයමත් නොවීය. නමුත් වත්මන් රජයේ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා මෙම වසරේ පෙබරවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසියේදී එම පනත සම්මත කරන බවට ප්‍රතිඥාවක් ලබාදුනි. ඒ අතර වර්තමාන රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් මැයි මස 7 වැනි දින අභිචෝදක කාර්යාල පනත් කෙටුම්පත් කිරීම අනුමත කළ අතර ඒ සඳහා කමිටුවක් ද පත්කරනු ලැබීය. නීතිපතිට පරිබාහිරව අභිචෝදකයකු පත් කිරීම අවශ්‍ය වන්නේ කරුණු දෙකක් මත බව ඉතා පැහැදිලිය. පළමුවැන්න “රණවිරු දඩයම” බාධාවලින් තොරව ඒක පාර්ශවීයව කඩිනම් කිරීමය. දෙවැන්න වෙනත් රටවල නඩු පැවරීමේ ක්‍රියාවලිය තුළ අභිචෝදකයින් අතර ගනු දෙනු කිරීම මගින් අදාල ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමය.

සත්‍ය සෙවීමේ කොමිසම පනත සම්මත කළහොත් මෙතෙක් කාලයක් ඉබි ගමනින් ඉදිරියට ගමන් කළ සමස්ත “රණවිරු දඩයම්” ක්‍රියාවලිය සීඝ්‍රගාමීව කූඨ ප්‍රාප්තිය කරා ළඟා වන බවට කිසිදු සැකයක් නැත. එසේම එම ක්‍රියාවලිය ආපසු හැරවීමට කිසිදු ඉඩක් නොමැත. ඊට හේතුව එම පනත අනුව පිහිටුවනු ලබන උපදේශක මණ්ඩලයට විදේශීය නියෝජිතයෙකු හෙවත් බෙදුම්වාදීන්ගේ ඒජන්තයෙකු පත්කිරීමය.  ඊට අමතරව එම පනත අනුව අණදීමේ වගකීමට අදාලව නඩු පැවරිය හැකි අතර සාක්ෂි ආඥා පනත අදාළ වන්නේ නැත. එම ක්‍රියාවලිය තුළ තෝරා ගත් ආරක්ෂක හමුදා සාමාජිකයන් විශේෂයෙන්ම ඩයස්පෝරාව විසින් මිලදී ගන්නා යම් ආරක්ෂක හමුදා සාමාජිකයින් පිරිසක් විසින් පාපොච්චාරණය කිරීම මගින් චෝදනා ගොනු කිරීම දිරිමත් කෙරේ. ඒ අනුව එම පනත ක්‍රියාත්මක වන විට දේශීය සහ විදේශීය මාධ්‍යවල තෝරාගත් ආරක්ෂක හමුදා නිලධාරීන්ට අණදීමේ වගකීම යටතේ පවා අභූත චෝදනා එල්ල කරන ආකාරය සජීවීව දැක ගත හැකි වනු ඇත. ඒ මගින් දැනටමත් ක්‍රියාත්මක වන ආරක්ෂක හමුදා දුර්වල කිරීමේ සහ දුර්මුඛ කිරීමේ ක්‍රියාන්විතයට නව පණක් ලැබෙනු ඇත. එය බෙදුම්වාදී මාර්ග සිතියමේ අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් බව අදාළ ක්‍රියාවලිය ඉදිරියට ගමන් කිරීමේ දී සියලු පාර්ශ්වවලට දැකගත හැකි වනු ඇත. සත්‍ය සෙවීමේ කොමිසම තුළින් සිදුවන ජාත්‍යන්තර මැදිහත්වීම තුළ 13 වැනි සංශෝධනය කූඨ ලෙස බලාත්මක කිරීම මගින් ඉදිරියට ගමන් කරනු ලබන බෙදුම්වාදී මාර්ග සිතියමට අදාල අවසන් සැතපුමට ලගාවීම සිදුවනු ඇත. 

මෙම සමස්ත ක්‍රියාවලිය වැළැක්විය හැක්කේ මානව හිමිකම් කොමසාරිස් ප්‍රමුඛ බෙදුම්වාදී බලවේගවලට යටත්වීම මගින් නොවේ. ඊට එරෙහිව මහජන සහය සහ ශ්‍රී ලංකාවට හිතවාදී රටවලින් ජාත්‍යන්තරය තලයේදී සහාය ලබා ගනිමින් ප්‍රහාරාත්මක ප්‍රවේශයකට අවතීර්ණ වීම මගින් පමණි. එනම් ජාත්‍යන්තර යුද අපරාධ සහ නීති විශේඥයන් 5 දෙනෙකු විසන් ලබාදී ඇති විශේඥ වාර්තා 6ක් සහ බි්‍රතාන්‍යයේ නේස් බී සාමිවරයා විසින් හෙළිදරව් කළ ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍යයේ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තා මෙන්ම ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ වාර්තා ආදී සියල්ල ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා යුද අපරාධ සිදු නොකළ බවට කරුණුමය සහ නීතිමය සාක්ෂි ඉදිරිපත් කිරීම මගින් පමණි. ස්වභාවික යුක්තිය යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් එම අවස්ථාව ලබාගැනීම සඳහා ශ්‍රි ලංකාවට හිතවාදී රටවල සහයෝගය ලබාගැනීමේ පැහැදිලි ඉඩක් ඇත. එම ක්‍රියාවලිය ඉදිරියට ගමන් කරන කාලය තුළ සත්‍ය සෙවීමේ කොමිසම පනත සහ අභිචෝදක කාර්යාල පනත සම්මත කිරීමේ ආපසු හැරවිය නොහැකි මහා පාවාදීමට ගොදුරු නොවී සිටීමට ආණ්ඩුව වගබලා ගත යුතුය. 

වෛද්‍ය වසන්ත බණ්ඩාර

ලේකම්

දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.