News Category
From Date
To Date
Maximum Number of Result

බටහිරයන් වර නංවන ඊනියා "ස්ත්‍රීවාදය" කාන්තාවගේ ඓතිහාසික පරිණාමය විකෘති කළ බටහිරයන්ගේ මෙවලමක්- ජුලියානා ජිමෙනෙස් ( Oassi Cultoral- ඉක්වදෝරය )

Jul 26, 2025 at 07:52 PM
|

ලතින් අමෙරිකානු රටවල් 5කට ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදියාගෙන් විමුක්තිය උදාකර දීමට නායකත්වය සැපයූ සයිමන් බොලිවාර්ගේ 242 වැනි ජන්ම දින සැමරුම, ජනාධිපති නිකලොස් මදුරෝගේ දෙවන ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය නිමිති කර ගනිමින් සහ වෙනිසියුලානු පලාත් පාලන මැතිවරණය නිමිති කරගනිමින් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ දෙවන දිනය "සාමය සඳහා වූ මහජන සම්මේලනය" යනුවෙන් නම් කර තිබිණි. එම සමුළුව  වෙනිසියුලාව කැරකස් නුවරදී පැවැත්විණි. ලෝකයේ මහා ද්වීප සියල්ලෙන්ම පැමිණි විවිධ දේශපාලන සංවිධානවල නියෝජිතයෝ මෙම සමුළුවට සහභාගි වූහ. එහිදී ඉක්වදෝරය නියෝජනය කරමින් පැමිණි " Oassi Cultoral" සංවිධානය නියෝජනය කරමින් පැමිණි ජුලියානා ජිමෙනෙස් (Juliana Jimenez) ස්ත්‍රීවාදය සම්බන්ධයෙන් වන බටහිර මතවාද සුනු විසුනු කිරීමට සමත් වන ශක්තිමත් අදහසක් සමුළුව හමුවේ ඉදිරිපත් කළාය. එය ලංකාවේ ස්ත්‍රීවාදය සම්බන්ධයෙන් මතවාදී ආධිපත්‍ය දරන බටහිර මත කරපින්නාගත් NGO කාන්තා ක්‍රියාකාරිණියන්ගේ මතවාදයන්ට අභියෝගයක් වන බව අපගේ අදහස වන බැවින් ඇගේ සම්පූර්ණ දේශනය මෙලෙස පලකරමු.


බටහිරයන් වර නංවන ඊනියා "ස්ත්‍රීවාදය" කාන්තාවගේ ඓතිහාසික පරිණාමය විකෘති කළ බටහිරයන්ගේ මෙවලමක්- ජුලියානා ජිමෙනෙස් ( Oassi Cultoral- ඉක්වදෝරය )

වර්තමානයේ, ෆැසිස්ට්වාදය සහ අධිරාජ්‍යවාදය කාන්තාවන්ගේ ඓතිහාසික අරගලයට එතරම් සම්බන්ධයක් නැති හෝ  එසේත් නොමැතිනම් හිස් අදහස් ප්‍රවර්ධනය කිරීම සඳහා නිදහසට කරුණක් ලෙස භාවිතා කරන විවේචනාත්මක අර්ථයකින් තොර විකෘති අනුවාදයක් සහිත, බටහිර මෙවලමක් ලෙස ඊනියා "ස්ත්‍රීවාදය" නම් ප්‍රපංචය භාවිතා කරනවා.

ඊනියා "ස්ත්‍රීවාදය" තුළ වැඩිපුරම භාවිතා වන සංකල්පවලින් එකක් වන්නේ "බලගැන්වීම" නම් කාරණයයි. අද, ලතින් ඇමරිකාවේ, බොහෝ ගායක ගායිකාවන් සහ ඊනියා සංස්කෘතික කර්මාන්තවලින් pitawana "නිෂ්පාදන" mema  

ම්ලේච්ඡත්වයේ "මත" සමාජගත කරන්නට වෙහෙසෙන්නන්ට වඩා වැඩි දෙයක් කරන අය නොවන අතර, තරුණ කාන්තාවන්ට "නිදහස් සහ බලගැන්වූ" කාන්තාවන් වීමට අවශ්‍ය නම් ඔවුන් ජීවත් විය යුතු ආකාරය සමාජගත කිරීම පිණිස කටයුතු කරමින් සිටිනවා.

මෙයට පැහැදිලි උදාහරණයක් වන්නේ ෂකීරාගේ "සොල්ටෙරා" ගීතයයි. එය ස්ත්‍රීවාදය ලෙස වෙස්වලාගත් ඇතැම් කතිකාවන්, එතෙක් මෙතෙක් බටහිර මතවාද කරපින්නා ගත්තවුන් විසින් විවේචනය කරන ලද පුරුෂාධිපත්‍යයේ එකම රටාව ශක්තිමත් කරන ආකාරය පිළිබිඹු කිරීමකට වඩා වැඩි දෙයක් වන්නේ නැහැ. කාන්තාවන්ට "නිදහස් සහ බලගැන්වූ" මානව සාමාජිකයෙක් ලෙස සමාජය තුළ හැසිරීමට නම් අශිෂ්ටත්වය හෝ "නරක හැසිරීම්" අනුගමනය කළ යුතුය යන අදහස සමාජගත කිරීම පුරුෂාධිපත්‍යයෙන් මිදීමක් වන්නේ නැහැ. එය වෙනත් භාෂාවකින් වර නංවන පුරුෂාධිපත්‍යයේ අඛණ්ඩ පැවැත්මක් බව මම අවධාරණය කරනවා.

සවිඥානික ස්වාධීනත්වයක් යෝජනා කිරීම වෙනුවට මෙවැනි ගීත මගින් ලබා දෙන පණිවිඩවලින් කාන්තාවට යෝජනා කරන්නේ පුරුෂාධිපත්‍යෙයෙන් නිදහස් වීම යනු ස්වයං විනාශය සහ පාරිභෝගිකවාදයට අනුගත වීම පිණිස අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට පෙළඹීම  බවයි. ඊටත් වඩා නරක දෙය නම්, කාන්තාවකගේ වටිනාකම පිරිමින් මත රඳා පවතින බවත් කාන්තාවන් වස්තූන් ලෙස භාවිතා කිරීමට නම් පිරිමින්ට එරෙහිව කැරලි ගැසීම කළ යුතුය යන පණිවිඩය ප්‍රභලව ලබාදීමයි. බටහිරයන් වර නංවන  බල ව්‍යුහය නැවත නැවතත් සිදු වෙමින් පවතිනවා. එකම වෙනස ක්‍රියාවලිය උඩු යටිකුරු වීම පමණයි. එනම් කාන්තාවන් ආධිපත්‍යය දැරිය යුත්යි, කාන්තාවන් තමන්ට අවශ්‍ය පරිභෝජනය තීරණය කළ යුතුයි, කාන්තාවන් තමන්ට රිසි දේ භාවිතා කළ යුතුයි යන්න ප්‍රභලව සමාජගත කිරීමයි. කැසිනෝ සූදුව, මත්පැන් සහ ශරීරය දැඩි ලෙස නිරාවරණය කිරීම ඔවුන් බටහිර රටවල කාන්තාවන්ට ලැබී තිබෙන නිදහස ලෙස වර නංවනවා.

ඇත්ත වශයෙන්ම මේවා කාන්තාව "බලගැන්වීමද? ඇගේ නිදහසද? නැතහොත්, ධනේශ්වර අනුවාදයක ස්ත්‍රීවාදය සහ කාන්තාවන් විකෘති කරන පද්ධතියේ තවත් මෙවලමක්ද?". මෙයයි අප ලෙහා ගත යුතු ගැටළුව. වත්මන් කාන්තාව අද සන්ධිස්ථානයකට පැමිණ සිටිනවා. කාන්තාවන් බලගැන්වීමට වඩා, ඔවුන් නව ආකාරයේ පීඩනයකට යොමු කරන මතුපිට ඉල්ලීම් දිනා ගැනීමෙ දෙසට තල්ලු කරවන වත්මන් ප්‍රවණතා කාන්තාවගේ ඓතිහාසික  ගමන් මග තුළ මාරු කර තිබෙනවා. උදාහරණයක් ලෙස පවසනවානම්, මම මතු කර පෙන්වන්නට උත්සහා කරන්නේ කාන්තාවන් අඳින පළඳින ආකාරයෙන් ඔවුන්ගේ විමුක්තිය නිරූපණය කරන බව මවාපාන එම ව්‍යාජ "නිදහස" සම්බන්ධවයි. පරස්පරතාව ඉතාමත් පැහැදිලියි. කාන්තා ශරීරවල අධි ලිංගික සංස්කෘතියක් ප්‍රවර්ධනය කරන අතරතුර ලිංගිකකරණයට ලක් නොවන ලෙස අපට ඉල්ලා සිටිය හැක්කේ කෙසේද? සැබෑ විමුක්තිය පවතින්නේ පද්ධතිය මගින් පීඩාවට පත් වූ සියලු දෙනාගේ ස්වාධීනත්වය සඳහා වන සාමූහික අරගලය තුළ සහ අධ්‍යාත්මික හා සදාචාරාත්මක වටිනාකම් ශක්තිමත් කරමින් දැනුම වර්ධනය කිරීමෙන් පමණක් යන සත්‍ය මෙම ප්‍රවනතාවය තුළ නොසලකා හරිනවා.

ඊනියා බටහිර ස්ත්‍රීවාදය තුළ කාන්තාව රැවටීමට ලක් කිරීම පවතින්නේ බලගැන්වීම විශේෂයෙන් භෞතික පෙනුමට සීමා කරමින් නිදහසේ සංකේතයක් ලෙස ඇඳුම් ගලවා ගැනීම අවධාරණය කරන ආකාරයෙන් මිනිසුන්ට විශ්වාස කිරීමට සැලැස්වීම තුළයි. මෙය වෙනත් ආකාරයකින් වෛශ්‍යකරණය හෙවත් ගණිකා වෘත්තිය ශක්තිමත් කරනවා පමණක් නොව, කාන්තාවන් භාණ්ඩ බවට පත් කරනු ලබනවා. බලගැන්වීමේ සටන් පාඨ යටතේ, අධි ලිංගිකකරණය වූ වෙළඳපොළට ඉන්ධන සපයන එම තර්කයම ප්‍රතිනිෂ්පාදනය කරනු ලබනවා. කාන්තාවන් පරිභෝජන වස්තුවක් බවට පත් කරන, ඔවුන් අවතැන් කරන, ඔවුන් අවමානයට ලක් කරන සහ වෙළඳපොලේ තවත් නිෂ්පාදනයක් බවට පත් කරන ඊනියා බලගැන්වීම අසත්‍යයක් මෙන්ම මිත්‍යාවකි. තමන් ස්ත්‍රීවාදීන් ලෙස හඳුන්වන නමුත් ලිබරල් ස්ත්‍රීවාදීන්ට වඩා වැඩි දෙයක් නොවන, මුස්ලිම් කාන්තාවන්ගේ අනන්‍යතාවය අපකීර්තියට පත් කර විනාශ කිරීමට උත්සාහ කළ, හිජාබය පැළඳීම නිසා පීඩාවට පත් වූ යටත් වින්දිතයින් ලෙස ඔවුන් පින්තාරු කළ එම පුද්ගලයින්ම බිමේ පවතින සත්‍යය නොසලකා හරිනවා. මගේ අදහස නම් මුස්ලිම් කාන්තාවන් බටහිරයන් පවසන ආකාරයෙන් පිරිමින් විසින් යටත් කර නැහැ. ඔවුන් බටහිර අර්ථයෙන් නොවන එහෙත් වෙනත් මානයකින් නිදහස් කාන්තාවන්. එහෙත් ඔවුන් ලිබරල් බවේ අර්ථයෙන් නම් නිදහස් වැසියන් වන්නේ නැහැ. නමුත් මානව විප්ලවවාදී අර්ථයෙන් ඔවුන් නිදහස්. ඇය පළඳින හිජාබය ගෞරවය, ආගමික ආඩම්බරය, ධෛර්යය සහ ප්‍රතිරෝධයේ සංකේතයක්. එය ඇගේ සාරය විනාශ කිරීමට උත්සාහ කරන පද්ධතියක් හමුවේ සමාජ සාධාරණත්වය, ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය සඳහා වූ ගවේෂණක්.

නමුත් ගැටලුව ඊටත් වඩා ගැඹුරුයි. අද රැඩිකල් ස්ත්‍රීවාදය පවුලේ න්‍යෂ්ටියට පහර දෙන මෙවලමක් බවට පත්ව තිබෙන අතර, කාන්තාවන්ට ව්‍යාජ විකල්ප දෙකක් ඉදිරිපත් කරනවා. එක්කෝ බලගැන්වීමක් ලෙස වෙස්වලාගත් ලිබරල්වාදය තුළ වන කාමුකත්වයට යටත් වීම හෝ කාන්තාව නිවස තුළ සිදු කරන්නේ සුළු භූමිකාවක් ලෙස අර්තකථන්ය කර පහත හෙලීම යන දෙකින් එකකට කොටු කිරීම එම විකල්ප දෙකයි. මෙය ඇත්ත වශයෙන්ම උගුලක්! කාන්තාවකට මවක් හෝ වෘත්තිකයෙකු වීම යන දෙකෙන් එකක් පමණක් තෝරා ගැනීමට අවස්ථාව උදා කිරීම නොවිය යුතුමයි. ඇයට මෙම භූමිකා දෙකම ඉටු කර හැකි අතර තවත් බොහෝ දේ ද කළ හැකි බව සමස්ථ මිනිස් සමාජයම අවබෝධ කරගත යුතුයි. කාන්තාවගේ වටිනාකම මනිනු ලබන්නේ ඒකාකෘති වලට ඇලී සිටීමෙන් නොව, සමාජය ගොඩනැගීමට, පෝෂණය කිරීමට, මෙහෙයවීමට සහ වඩාත් සාධාරණ එකක් බවට පරිවර්තනය කිරීමට ඇයට ඇති හැකියාව ප්‍රායෝගිකව ප්‍රදර්ශනය කිරීම තුළිනුයි.

තවද, බොහෝ ස්ත්‍රීවාදී ව්‍යාපාර ස්ත්‍රියකගේ භූමිකාව තුළ වන හරය මකා දැමීමට උත්සාහ කරනවා. ඇය ඇගේ භූමිකාව ඉටු කිරීමේදී ඇය විද්‍යාමාන කරන මුදුමොළොක් බව ගැබ්වුණු සියුම්බව, ඇය තුළ වන  අද්විතීය ශක්තිය, ඇයට එසේ කිරීමට හැකි ජීව විද්‍යාත්මක හැකියාව හිතා මත සමාජයට අමතක කරවීමට හෝ ඇයව හෑල්ලුවට ලක්කිරීමට මෙවැනි ඊනියා ස්ත්‍රීවාදී සංවිධාන හිතා මතා කටයුතු කරනවා. කාන්තාවන් වන අපි පිරිමින්ට සමාන නොවන නමුදු එසේ වීම අපව පහත් තත්වයට පත් කරන්නේ නැති නමුත් කාන්තාව පිරිමියාගේ අනුපූරකයක් වන බව වටහාගත යුතුයි. සමාජ අරගලය අපගේ ස්වභාවයට එරෙහිව නොව, ඓතිහාසිකව මිනිසුන් පීඩාවට පත් කර වහල්භාවයට පත් කර ඇති පද්ධතියට එරෙහිව වන්නක් බවට පත් විය යුතු බව මම අවධාරණය කරනවා.

නමුත් මෙය ඊනියා ස්ත්‍රීවාදීන් කරන අහිංසක වැරැද්දක් නම් නොවෙයි. එය විශාල සැලැස්මක කොටසක්. අධිරාජ්‍යවාදය ඉතා සියුම්ව තමන්ට එල්ලවන පීඩාවන් කළමනාකරණය කර ගැනීමට සමාජය සටන් කරන කණ්ඩායම් වලට බෙදා තිබෙනවා. ස්ත්‍රී විරෝධීන්ට එරෙහිව ස්ත්‍රීන්, පිරිමින්ට එරෙහිව කාන්තාවන් ඔවුන් භාවිත කරන සුලබ උපක්‍රම අතර තිබෙනවා. මෙම විවාදය උණුසුම්ව ඉදිරියට යමින් පවතිද්දි සැබෑ පීඩකයින් අප සියල්ලන්ම සූරාකෑම දිගටම කරගෙන යනවා.

පැහැදිලි උදාහරණයක් වන්නේ සියොන්වාදී අපරාධ හමුවේ වත්මන් ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ නිහඬතාවයයි. ඊශ්‍රායලය පලස්තීනුවන් සමූලඝාතනය කරන විට සහ ප්‍රධාන වශයෙන් කාන්තාවන් සහ ළමයින් ඉලක්ක කර මෙම ක්‍රියාව දිනපතා රාජකාරියක් ලෙස පවත්වාගෙන යද්දී මේ ඊඉනියා ස්ත්‍රීවාදී ව්‍යාපාර තිබුණේ කොහේද? ප්‍රංශයේ සමානාත්මතා අමාත්‍ය ඕරෝර් බර්ගේ ඊශ්‍රායලයේ ක්‍රියා අනුමත කරමින් කටයුතු කළා. ඇය 2023 ඔක්තෝබර් 7 වන දින පලස්තීනයට සහාය දුන් සංවිධාන වලට වෙන්කළ අරමුදල් කපා හැරියා.

සැබෑ ස්ත්‍රීවාදය යනු මැනුවෙලා සාන්ස්, ලෙලීලා කලීඩ්, ඇන්ජෙලා ඩේවිස් වැනි සටන්කාමීන්ට, හමාස්, හිස්බුල්ලා වෙනුවෙන් කැපවී සිටින සහ සටන් කරන කාන්තාවන්ට සහ ප්‍රතිරෝධයේ අක්ෂය පිහිටුවා ශක්තිමත් කිරීම දිගටම කරගෙන යන තවත් බොහෝ දෙනෙකුට ගෞරව කරන ක්‍රියාවලියක්.

කිසිදු ස්ත්‍රීවාදිනියක් පිරිමින්මත ආධිපත්‍යය පතුරුවාලීමට උත්සාහ කරන්නේ නැති නමුත් සියලු මනුෂ්‍යත්වය ඉහලට ඔසවා තැබීමට උත්සාහ කරනවා. ස්ත්‍රීවාදය ලිංගික යුද්ධයක් නොව, පීඩිත ජනයා තම වධකයන්ට එරෙහිව කරන පන්ති අරගලයක කොටසක්. ස්ත්‍රීවාදයේ මූලික අදහස එයයි. එක් ලිංගයක් අනෙකට වඩා උසස් කිරීම සහ ආධිපත්‍යය දැරීම ස්ත්‍රීවාදය වන්නේ නැහැ. මන්ද වර්තමානයේ සහ අනාගතයේ මිනිස් සමාජයේ පැවතිය යුතු එකම ලිංගය මිනිස් ලිංගයයි.

එබැවින්, අද වෙන කවරදාටත් වඩා, වඩාත් සාධාරණ, නිදහස් සහ ස්වෛරී සමාජ ගොඩනැගීම සඳහා තම ජීවිත කැප කළ අයව අපි සිහිපත් කර ගෞරව කළ යුතු දවසක් වනවා. එක්සත් ඇමරිකාවක් පිළිබඳ සිහින මැවූ විමුක්තිකාමියා වන සයිමන් බොලිවර්, යටත් විජිතවාදයට සහ ප්‍රතිගාමී ගතානුගතිකවාදයට අභියෝග කළ විප්ලවවාදියා වන මැනුවෙලා සාන්ස්, අධිරාජ්‍යවාදය හමුවේ ලතින් ඇමරිකානු ගෞරවය ආරක්ෂා කළ වීරයා වන හියුගෝ චාවේස්, අධිරාජ්‍ය විරෝධී ප්‍රතිරෝධයේ පහනක් වන ෆිදෙල් කැස්ත්‍රෝ, සහ ගෝලීය සාධාරණත්වය සඳහා වන අධිරාජ්‍ය විරෝධී අරගලයේ සංකේතය වන චේගුවේරා මෙන්ම බුර්කිනා ෆාසෝ ආලෝකවත් කළ අප්‍රිකානු විප්ලවවාදියා වන තෝමස් සංකාරා අද දිනයේ සිහිපත් කළ යුතු වීරයන් බවට පත් වෙනවා. ඇත්ත වශයෙන්ම, ඊශ්‍රායල ආක්‍රමණයෙන් නිහඬ කර වූ පලස්තීන හඬ වන ෂිරීන් අබු අක්ලේ, ඇල්ජීරියානු නිදහසේ වීරවරිය වන යමිලා බුහිරෙඩ් වැනි වටිනා කාන්තාවන්, ඊශ්‍රායල ආක්‍රමණයට එරෙහිව දිවි පිදූ තරුණ ලෙබනන් කාන්තාව වන සනා මහයිඩ්ලි සහ ඇගේ දේශයේ විමුක්තිය සඳහා ලෙබනන් ගරිල්ලා සටන්කාමියෙකු වන නෝර්මා අබි හසන් අපි අද ආදරයෙන් සිහිපත් කළ යුතු වෙනවා.

ඔවුන් ඉතිරි කළ උරුමය නව ආකාරයේ ආධිපත්‍යය සහ පීඩනයට එරෙහි අද දින සටන් සඳහා දිශානතිය සකසා ගැනීමට මාලිමාවක් ලෙස සේවය කරනවා. ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කිරීම යනු ස්වයං නිර්ණය, ස්වෛරීභාවය සහ සමාජ සාධාරණත්වය ආරක්ෂා කිරීමේදී කිසි විටෙකත් අත් නොහැරීමට පෙළඹවීමයි.

නිදහස බන්දේසියක තබා ලබා නොදෙන බවත්, එය අරගලය සහ අධිෂ්ඨානය තුළින් ලබා ගත යුත්තක් බවත් ඔවුන් අපට උගන්වා තිබෙනවා.

ස්තුතියි.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

ජුලියානා ජිමෙනෙස් (Juliana Jimenez) ස්පාඤ්ඤ භාෂාවෙන් සමුළුවට ඉදිරිපත් කළ දේශනය පහතින්....

Congreso de los Pueblos por la Paz, Caracas-Venezuela

OCCIDENTE Y LA DESVALORIZACIÓN DE LA MUJER:

Juliana Jiménez

25 de julio de 2025

En el momento actual el fascismo y el imperialismo han usado al feminismo como una herramienta de Occidente, con una versión tergiversada, vaciada de sentido crítico como excusa para promover mensajes que poco o nada tienen que ver con la lucha histórica de las mujeres.

Uno de los conceptos más usados es el del “empoderamiento”. Hoy, en América Latina, muchas cantantes y las producciones de las mal llamadas industrias culturales, que no son más que industrias de la alienación y el embrutecimiento, insisten en decirle a las jóvenes como deben vivir si quieren ser mujeres “libres y empoderadas”.

Un ejemplo claro es la canción “Soltera” de Shakira, que no es más que un reflejo de como ciertos discursos, disfrazados de feminismo, refuerzan los mismos patrones que antes se criticaban, respecto del machismo. La idea de que la mujer debe ir en búsqueda de excesos, libertinaje o portarse “mal” para pasarla bien, no es una ruptura con el machismo: es su continuación con otro lenguaje.

Lejos de plantear una autonomía consciente, este tipo de mensajes sugieren que ser libre es hacer lo que sea, aunque implique autodestruirse y formar parte del consumismo. Peor aún, se insinúa que el valor de la mujer sigue dependiendo del hombre, ya sea para rebelarse contra él o para usarlo como objeto. Se repite el mismo esquema de poder, solo que ahora invertido: la mujer domina, la mujer consume, la mujer usa. Juego en casino, alcohol, exhibición burda del cuerpo es lo que llaman libertad para la mujer en occidente.

¿Eso es empoderamiento? ¿Eso es libertad? O más bien ¿es otro instrumento del sistema que tergiversa el feminismo y a la mujer en una versión capitalista?

Hoy las mujeres enfrentan una encrucijada. Las corrientes actuales han desviado su rumbo hacia demandas superficiales que, lejos de empoderar a la mujer, la encasillan en nuevas formas de opresión. Me refiero, por ejemplo, a esa falsa 'libertad' que pretende hacer ver a la emancipación femenina en la forma de vestir. La contradicción es evidente: ¿cómo exigir no ser sexualizadas mientras se promueve una cultura hipersexualizante del cuerpo de la mujer? Se ignora así que la verdadera liberación radica en la lucha colectiva por la autonomía de todos los oprimidos por el sistema y en el fortalecimiento de valores espirituales, éticos y en el desarrollo del conocimiento.

El engaño está en hacer creer que el empoderamiento se limita a la apariencia física específicamente, a una que insiste en el desvestirse como símbolo de libertad. Esto no solo refuerza la objetificación, sino que convierte a la mujer en mercancía: bajo consignas de empoderamiento, se reproduce la misma lógica que alimenta el mercado hipersexualizado.

Es falso el empoderamiento que reduce a la mujer a un objeto de consumo, desvistiéndola, denigrándola y convirtiéndola en un producto más del mercado. Las mismas que se dicen ser feministas, pero no son nada más que feministas liberales, que han intentado desprestigiar y destruir la identidad de la mujer musulmana, pintándola como víctima sumisa y oprimida por usar hiyab, ignoran la verdad: la mujer musulmana no está sometida, es libre. No libre en el sentido del libertinaje, sino en el sentido humano, revolucionario. Su hiyab es símbolo de respeto, orgullo religioso, valentía y resistencia. Es una búsqueda de justicia social, soberanía e independencia frente a un sistema que pretende destruir su esencia.

Pero el problema es aún más profundo. El feminismo radical de hoy se ha convertido en un instrumento que ataca el núcleo familiar, presentando a la mujer con dos opciones falsas: o se somete a un libertinaje disfrazado de empoderamiento o se la relega al hogar como si fuera un papel menor. ¡Esto es una trampa! La mujer no debe elegir entre ser madre o ser profesional; puede ser ambas y mucho más. Su valor no se mide por su adhesión a estereotipos, sino por su capacidad de construir, criar, liderar y transformar a la sociedad en una más justa.

Además, muchas corrientes feministas buscan borrar la esencia femenina: su delicadeza, su fortaleza única, su biología. No somos iguales al hombre, y eso no nos hace inferiores, sino complementarios. La lucha no debería ser contra nuestra naturaleza, sino contra un sistema que históricamente ha oprimido y esclavizado al pueblo.

Pero este no es un error inocente. Es parte de un plan más grande. El imperialismo fragmenta a la sociedad en grupos enfrentados: feministas contra anti-feministas, mujeres contra hombres. Mientras se discute, los verdaderos opresores siguen explotándonos a todos.

Un ejemplo claro es el silencio del movimiento actual feministas ante los crímenes del sionismo. ¿Dónde estaban las voces de esas "feministas liberales" cuando Israel masacró a palestinos, y lo sigue haciendo, fundamentalmente con mujeres y niños? La ministra de igualdad de Francia Aurore Bergé lo demostró: recortó fondos a quienes apoyaron a Palestina el 7 de octubre de 2023.

El verdadero feminismo, es el que honra a luchadoras como Manuela Sáenz, Lelila Khaled, Angela Davis, mujeres que trabajan y combaten desde Hamas, Hezbollah y muchas más que han conformado y siguen fortaleciendo el eje de la resistencia.

No, el feminismo no busca dominar al hombre, sino liberar a toda la humanidad. No es una guerra de géneros, sino una lucha de clases, de pueblos oprimidos, contra sus verdugos. Y es que esa es la idea fundamental del feminismo: no la separación y la dominación de un género sobre el otro ya que el único género que debería primar en el presente y en el futuro es el humano.

Por eso, hoy más que nunca, debemos recordar y honrar a quienes dedicaron sus vidas a construir sociedades más justas, libres y soberanas. Como Simón Bolívar, el libertador que soñó con una América unida. Manuela Sáenz, la revolucionaria que desafió al colonialismo y al conservadorismo reaccionario. Hugo Chávez, defensor de la dignidad latinoamericana frente al imperialismo. Fidel Castro, faro de la resistencia antiimperialista y el Che Guevara, símbolo de la lucha antimperialista por la justicia global, al igual que Thomas Sankara, el revolucionario africano que iluminó Burkina Faso.

Y, por supuesto, mujeres valiosas como Shireen Abu Akleh, la voz palestina silenciada por la ocupación, Yamila Bouhired, heroína de la independencia argelina, Sanaa Mhaydli, la joven libanesa que se inmolo contra la ocupación israelí y Norma Abi Hassan, guerrillera libanesa por la liberación de su tierra.

Su legado es una brújula para las batallas del presente contra las nuevas formas de dominación y opresión de los pueblos. Seguir su ejemplo es no claudicar en la defensa de la autodeterminación, la soberanía y la justicia social.

Ellos y ellas nos enseñan que la libertad no se regala, se conquista con lucha y determinación.

 

සම්බන්ධිත පුවත් | Related News

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව සහ ගෝලීය AI පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම ජූලි 17 සිට 20 දක්වා චීනයේ ෂැංහයි නගරයේදී පැවැත්වේ.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයේ පිහිටි වල්ලිපුරම් ප්‍රදේශයෙන් සොයාගත් ඓතිහාසික වල්ලිපුරම් රන් සන්නස පිළිබඳව වැදගත් තොරතුරු රැසක් Next page යූටියුබ් නාලිකාව විසින් ඉදිරිපත් කර තිබේ.
බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සිතෙහි ජනිත උදාරතර අරමුණක් මල් ඵල දැරීමෙන් යථාර්ථයක් බවට පැමිණි විද්‍යෝදය පිරිවෙණ තිඹිරිගෙය කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ආරම්භ වෙයි.
"තම සපත්තු ලේස් එක ගැටගසා ගැනීමටවත් නොදන්නා වයසේදී, ඒ සුරතල් දෑත්වලට යකඩ මාංචු වැටෙන්නේ කෙසේද? උසාවි කූඩුවක යකඩ කූරු අතරින් බියපත් දෑසින් සමාජය දෙස බලන අවුරුදු දහයට අඩු ඒ 'පුංචි අපරාධකාරයා' නිර්මාණය කළේ ඔහු විසින්මද? නැතහොත් මේ කුහක සමාජ ක්‍රමය විසින්ද?"
අනුර ජනාධිපති වීමෙන් පසුව සිදුකළ ඉන්දියානු සංචාරය අතර තුර ඉන්දියාව එකගතා ඇති වුන (ඇත්තටම සිදු කරන ලද) අවබෝධතා ගිවිසුම් 07 අතරේ තිබුණ දෙපාර්ශවයම එළි නොකරන ලද ශ්‍රම හුවමාරුව (අනියම් එට්කා ගිවිසුම) 2027 සිට ක්‍රියාත්මක වන්නට පිඔුරුපත් සැකසෙමින් තිබේ.
එක්සත් ජනපදය මෑතකදී තම ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළේය.

ප්‍රධාන පුවත්

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.