News Category
From Date
To Date
Maximum Number of Result

සංස්කෘතියේ නායකයෙක්..

Jul 28, 2025 at 07:34 PM
|

(2025 ජුලි 27 වැනි දා ඉරිදා “ඇත්ත” පුවත්පතේ පළ කර තිබෙන “චීන පෙරැළිය” ලිපි මාලාවේ 6 වැනි කොටස)

“චීන පොදු නිෂ්පාදන පක්‍ෂය යනු චීන වැඩ කරන පන්තියේ, චීන ජනතාවගේ සහ චීන ජාතියේ පෙරටුගාමියා වේ” කියලා ඒ පක්‍ෂයේ ව්‍යවස්ථාවේ ම සඳහන් කරලා තියෙනවා. පක්‍ෂය විසින් (1) චීනයේ උසස් නිෂ්පාදන බලවේගවල ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන අවශ්‍යතා සපුරාලන බවත්, (2) චීනයේ උසස් සංස්කෘතිය සඳහා දිශානතියක් ලබාදෙන බවත්, (3) චීනයේ අතිමහත් බහුතර ජනතාවගේ මූලික අභිලාසයන් නියෝජනය කරන බවත් ඒ තුළින් තවදුරටත් අවධාරණය කරලා තියෙනවා. ඉතින් චීනයේ ඉතාමත් දීර්ඝ වූ ඉතිහාසය ගැනත් පොහොසත් සංස්කෘතිය ගැනත් මහත් අභිමානයකින් චීන නායකයෝ නිතර නිතර කතාකිරීම පුදුමයට කාරණයක් නෙවෙයි.

චීනයේ දීර්ඝ ඉතිහාසය සහ පොහොසත් සංස්කෘතිය පිළිබඳව අභිමානයෙන් කතා කරන නායකයෝ අතර මාඕ ත්ස-තුං ඉස්සරහින් ම හිටියා. ලිපි සහ නිබන්ධනවලින්, දේශනවලින් සහ කවි නිර්මාණවලින් මාඕ ත්ස-තුං මේ අභිමානය හොඳින් ම ප්‍රකාශ කරලා තියෙනවා. ඔහුගෙන් පස්සේ චීනයේ පාලනය භාරගත්ත හැම නායකයෙක් ම ඒ පාරේ ගිහිල්ලා තියෙනවා. වර්තමාන චීන ජනාධිපති ශී චින්-පිං මහත්තයා කියන කරන දේවල්වලිනුත් මේ කාරණය නිරීක්‍ෂණය කරන්න පුළුවන්.

ශී චින්-පිං මහත්තයා චීනයේ ජනාධිපති ධුරය භාරගත්තේ 2013 මාර්තු මාසයේ. ඒ අවුරුද්දේ අගෝස්තු 19 වැනි දා පවත්වපු දේශනයක දී ඔහු මෙහෙම කියනවා.

“අපි නිතර ම චීන ලක්‍ෂණ ගැන කියනවා. ඒ අදහස ප්‍රවර්ධනය කරනවා. මෙහෙම කරද්දි අපි සළකා බලන්න ඕන කරුණු තියෙනවා. හැම රටකට ම, හැම ජාතියකට ම තමන්ගේ ඓතිහාසික සම්ප්‍රදායන් තියෙනවා. තමන්ගේ සංස්කෘතික උරුමයන් තියෙනවා. ඒ ඒ රටවල්වලට ආවේනික මූලික ජාතික සාධක තියෙනවා. ඉතින් ඒ රටවල්වලට උරුම ලක්‍ෂණ මත පදනම් වෙලයි ඒ අයගේ සංවර්ධන මාවත් හැදෙන්න ඕන. චීන ජාතියේ ගැඹුරුතම අධ්‍යාත්මික ගවේෂණයන්ගේ ප්‍රතිඵල චීන සංස්කෘතිය විසින් රැස් කරගෙන තියෙන බවත්, චීන ජාතියේ පැවැත්ම සහ සංවර්ධනය ඒ ප්‍රතිඵලවලින් පෝෂණය වෙන බවත් අපි ඉතාමත් පැහැදිළිව තේරුම්ගන්න ඕන. විශිෂ්ට සාම්ප්‍රදායික චීන සංස්කෘතිය චීන ජාතිය සතු ප්‍රකට ම සම්පත බවත් එය අපගේ ගැඹුරුතම සංස්කෘතික මෘදු බලය බවත් අපි පැහැදිළිව තේරුම්ගන්න ඕන.

චීන ලක්‍ෂණ සහිත සමාජවාදය මුල් බැසගන්නේ චීන සංස්කෘතියේ සාරවත් පසෙහි බවත්, එය විසින් චීන ජනතාවගේ අභිලාෂයන් පිළිබිඹු කරන බවත්, චීනයේ සංවර්ධන හා ප්‍රගතිගාමී අවශ්‍යතාවලට සහ කාලයේ වෙනස්කම්වලට අනුවර්තනය වන බවත් අපි පැහැදිළිව වටහාගන්න ඕන. චීන ලක්‍ෂණ සහිත සමාජවාදයට ගැඹුරු ඓතිහාසික මුල් වගේ ම පුළුල් ජාතික යථාර්ථය විසින් පිළිබිඹු කරන පදනමක් ඇති බවත් අපි පැහැදිළිව තේරුම්ගන්න ඕන.

චීන ජාතිය විසින් දිගුකල් පවත්නා සංස්කෘතියක් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා ම, කිසිම සැකයක් නැතුව චීන ජාතියට අභිනව සංස්කෘතික තේජසක් නිර්මාණය කිරීමේ හැකියාවකුත් තියෙනවා. අපේ අද්විතීය සංස්කෘතික සම්ප්‍රදාය, අද්විතීය ඓතිහාසික ඉරණම සහ අද්විතීය මූලික ජාතික තත්ත්වයන් විසින් අපේ ම ලක්‍ෂණවලට ගැළැපෙන සංවර්ධන මාවතක ගමන්කිරීමට අපිට නියම කරලා තියෙනවා.

අපේ සාම්ප්‍රදායික සංස්කෘතියේ වගේ ම විදේශීය සංස්කෘතික උරුමයන්ගේ බලපෑමත් අපිට තියෙනවා. අපි අපේ අතීතයෙන් වර්තමානයට සේවය ලබාගන්න ඕන. අපිට ගැළැපෙන විදේශීය උරුමයන්ගෙනුත් චීන ජාතියට සේවය ලබාගන්න ඕන. වැඩකට නැති දේවල් අයින් කරලා දාන්න අපිට පුළුවන්. වැඩක් ඇති දේ වැළඳගන්නත් අපිට පුළුවන්. හැබැයි අපි මේ ඉවත්කිරීම් සහ වැළඳගැනීම් කරන්න ඕන ඒ සම්බන්ධයෙන් කෙරෙන පුළුල් විද්‍යාත්මක අධ්‍යයනයක් තුළිනුයි.”

2013 අගෝස්තු මාසයේ ඉඳලා 2023 සැප්තැම්බර් මාසය දක්වා චීන ජනාධිපති ශී චින්-පිං විසින් සංස්කෘතිය සහ ඉතිහාසය සම්බන්ධයෙන් කරපු ප්‍රකාශ 22 ක් 2024 අගෝස්තු මාසයේ “සත්‍යය සෙවීම” සඟරාවේ පළ කරලා තියෙනවා. එයින් පස්සේ මේ දක්වා ගතවෙච්ච අවුරුද්දක කාලය තුළත් ශී චින්-පිං ජනාධිපතිතුමා නිතර නිතර ම මේ කාරණය ගැන කතා කරලා තියෙනවා.

විචාරයක් නැතුව බාහිර සංස්කෘතික භාවිතාවන් සේවනයකිරීමෙන් තමන්ගේ සංස්කෘතියට හානියක් වෙන්න පුළුවන් කියන කාරණයත් ශී චින්-පිං ජනාධිපතිතුමා අවධාරණය කරලා තියෙනවා. 2013 දෙසැම්බර් 12 වැනි දා පවත්වපු දේශනයක දී, ඔහු මේ අන්ධානුකරණය විවේචනය කළේ මෙහෙමයි.

“අපේ නගරවල බොහෝ ඓතිහාසික මතකයන් රැස්වෙලා තියෙනවා, විශේෂයෙන් ම, ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් තියෙන සමහර පැරණි නගර ගැන හිතන්න. ඒවා අපිට උරුම ඉතාමත් වටිනා සංස්කෘතික සම්පත්. කලබලයට, එහෙමත් නැතිනම් අඥානකමට ඒවා විනාශ කරන්න ඉඩදෙන්න බෑ. සමහර නගරවල ව්‍යාජ ස්මාරක හැදීම වෙනුවෙන් අපිට උරුම සැබෑ පුරාවිද්‍යා ස්මාරක කඩලා දාලා. නගර 30 කට වැඩි ප්‍රමාණයක ඉදි කරන්න යන අලුත් ස්මාරක පිළිබඳ වාර්තාවක් මම කියෙව්වා. ඵන් චින්-ලියැන්ගේ මන්දිරය අලුත් විදිහකට හදන්න යනවා. ඡින් ෂි-හුවං අධිරාජ්‍යයා මියගිය හින්දා අතරමග වැඩ නැවැතිච්ච ආ-ඵං මාළිගාව අලුතින් හදන්න යනවා.

සමහර පරණ නම් වෙනස් කරලා ඒ වෙනුවට විදේශ නම් යොදන ලෙඩකුත් ඇතිවෙලා. එක තැනක් “මෑන්හැටන්” කියලා නම් කරලා. තව තැනක් “වැනීස්” කියලා නම් කරලා. තවත් තැනක් “කැලිෆෝනියා 1886” කියලා නම් කරලා. තවත් තැනකට ස්වීඩනයේ තියෙන “මාස්ත්‍රන්ද්” නගරයේ නම දාලා. මෙහෙම ආගන්තුක නම් මහ ගොඩක් පටලවලා. මේ නම් චීනයේ ඉතිහාසය සහ සංස්කෘතියත් එක්ක පෑහෙනවා ද? මෙහෙම වැඩ කළාම, අපේ ජනතාව ව්‍යාකූල සහ වික්‍ෂිප්ත වෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ ස්ථානවලට අදාළ ඉතිහාසයෙනුත් ඒවා ඈත් කරනවා. මේ කටයුතු අපේ ජාතික සංස්කෘතික උරුමයට හිතකර ඒවා නෙවෙයි.

ඊට අමතරව, අපි තවත් කාරණයක් තේරුම්ගන්න ඕන. මෙහෙම වැඩකිරීම නීති විරෝධියි. අපේ රටේ ස්ථාන නාම කළමනාකරණය පිළිබඳ රෙගුලාසිවලින් කියන්නේ මොකක්ද? ඒ සවිස්තරාත්මක නීති මාලාවේ ඉතාමත් පැහැදිළිව සඳහන් කරලා තියෙනවා අපේ රටේ ස්ථාන නාම විදේශීය ස්ථාන නම්වලින් හරි වෙනත් විදේශීය නම්වලින් හරි හඳුන්වන්න බෑ කියලා.

සංස්කෘතියක් උරුම කරගන්නවා කියන්නේ පහසු, සරල කාරණයක් නෙවෙයි. නාගරික ඉදිකිරීම්වලට නවීන අංග ඇතුළත්කිරීම දිගට ම කරගෙන යන්න ඕන. හැබැයි ඒ එක්කම, අපේ සාම්ප්‍රදායික විශිෂ්ට සංස්කෘතිය ආරක්‍ෂා කිරීමත් ප්‍රවර්ධනය කිරීමත් සිද්දවෙන්න ඕන. අදාළ නගරයේ ඓතිහාසික සංදර්භය දිගට ම පවතින්නත් ඕන.”

ඓතිහාසික වර්ධනයක් විදිහට සංස්කෘතිය ආරක්‍ෂා කරගන්න ඕන ආකාරය ශී චින්-පිං ජනාධිපතිතුමා නිතර ම අවධාරණය කරන බව මේ අදහස්වලින් පැහැදිළිවෙනවා. ඇත්තෙන්ම, එතුමා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන අදහස් ඇතුළත් කරලා විස්තරාත්මක මහ පොතක් වුනත් ලියන්න පුළුවන්. මෙහෙම පොඩි ලිපියකින් ඒ අදහස් ඔක්කොම ඉදරිපත් කරන්න අමාරුයි. කොහොම වුනත්, මේ ලිපිය අවසන් කරන්න කලින් ශී චින්-පිං ජනාධිපතිතුමා 2017 අප්‍රේල් 19 වැනි දා කරපු කතාවක් උපුටා දක්වන එක වටිනවා.

“චීන ජාතියට ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. චීන ශිෂ්ටාචාරයටත් ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. චීන සංස්කෘතිය ඉතාමත් පුළුල්. ඒ වගේ ම, ගැඹුරුයි. කෞතුකාගාරයක් කියන්නේ මේ සියල්ල කියලා දෙන විශ්වවිද්‍යාලයක්. කෞතුකාගාරයක් හදද්දි ඒකට අදාළ විශේෂ ලක්‍ෂණ සළකන්න ඕන. රටක සංවර්ධනයට මුහුදු මාර්ග ඉතාමත් වැදගත්. මුහුදු සේද මාවත සහ ඒ ආශ්‍රිත කාරණාවලට අදාළ ඉතිහාසය සහ සංස්කෘතිය තමයි මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරන කෞතුක වස්තුවලින් කියන්නේ. අපි මේ කෞතුක වස්තුවලට කතා කරන්න ඉඩදෙමු. අපි ඉතිහාසයට කතා කරන්න ඉඩදෙමු. අපි සංස්කෘතියට කතා කරන්න ඉඩදෙමු.

සංස්කෘතික වස්තු ආරක්‍ෂා කරමින් සහ ඒවායේ භාවිතය ඉහළ නංවමින්, ඉතිහාසය පිළිබඳ පර්යේෂණ සහ උරුමය ප්‍රවර්ධනය කරමින් විශිෂ්ට වූ සාම්ප්‍රදායික චීන සංස්කෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙනයෑම අපි අනිවාර්යයෙන් ම කළ යුතුයි. අපි අපේ සංස්කෘතික විශ්වාසය වර්ධනය කළ යුතුයි. විශිෂ්ට සාම්ප්‍රදායික චීන සංස්කෘතිය උරුම කරගැනීමේ පදනම මත දියුණු සමාජවාදී සංස්කෘතියක් වර්ධනය කරගත යුතුයි. සමාජවාදී සංස්කෘතික බලයක් ගොඩනැගීම වේගවත් කළ යුතුයි.”

(පින්තූරය: මැයි-චී-ෂන් ලෙන් විහාර නිරීක්‍ෂණය කරන ශී චින්-පිං ජනාධිපතිතුමා)

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.