අනුරගේ හතුරෝ කවුද?
"අනුර කජු කන්නේ හොරෙන් හැංගිලා " ලිපියෙන් රටේ රාළ කිව්වේ අනුරලා ආරක්ෂාව එපා කියමින් ඉතිහාසයේ කරපු බොරුව සහ එදා හිටපු රාජ්‍ය නායකයන්ට දීලා තිබුණ ආරක්ෂාව සතුරාට නිරාවරණය කරන්න දරපු උත්සාහය ගැනයි.ඒ නින්දිත උස්සාහයේ පලවිපාක අද ජවිපෙට විදින්න සිද්ධවෙලා.ඇත්තටම ලාල් ඒ කතාව කිව්වේ අනුරට ආරක්ෂාව නැති හින්දා නෙවෙයි.අනුරට තරම් ආරක්ෂාවක් මේ වෙනකොට ලංකාවේ සාමාන්‍ය කාල පරිච්ඡේදයකදී ජනාධිපති කෙනෙකුට දීලා නෑ.
අගමැති හරිනිටත් එහෙමයි.
ඒ වගේම ඔයාලා දකින්න ඇති ඇමති සමන්ත විද්‍යාරත්නත් කියනවා අපි නිකං බිලිවෙන්න ලෑස්ති නෑ බුද්ධී අංශ තොරතුරු අනුව ආරක්ෂාව ගන්නවා කියලා.ඇත්තටම මේ සිද්ධවෙමින් තියෙන්නේ ඉතිහාසයේ ජවිපෙ කරපු වැරදි පූර්වාදර්ශයන් එයාලට පාරවලල්ලක් වෙලා පැමිණීමයි.අදත් රටේ රාළ කියන්නේ අවශ්‍යතාව අනුව අනුර විතරක් නෙවෙයි හරිනි ඇතුළු ඇමති මණ්ඩලයටත් අනිත් අයටත් ආරක්ෂාව ගන්න කියලයි.
ඇත්තටම අනුරලා ආරක්ෂාව දෙනවට විරුද්ධ කවුද?
වෙන කවුරුවත් නෙවෙයි අනුරලා විසින් නඩත්තු කරපු බයියෝම තමයි ඕකට විරුද්ධ.මෙතනදී ඔයාලා දැනගන්න ඕනි කාරණා කීපයක් තියනවා.එකක් තමයි අනූරගේ ආරක්ෂාව ගැනයි,ආරක්ෂාවට හෙලිකොප්ටර් ඕනි එක ගැනයි කියන්නේ ලාල් කාන්ත.ඇයි ඒ කතාව ටිල්වින් කියන්නේ නැත්තේ.ඇයි ඒ කතාව බිමල් හරි හදුන්නෙත්ති හරි කියන්නේ නැත්තේ. ඒ කතාව ජවිපෙ බලවේගයට කියන්න එයාලට බෑ.ජවිපෙ බලවේගයට ඒක කියන්න ඕනි සුදුසුකම අනුරවත්, ටිල්වින්වත්,බිමල්වත්,හදුන්නෙත්තිවත්, විජිතවත් සම්පුර්ණ කරලා නෑ.
ලාල් කියන්නේ සම්පුර්ණයෙන්ම ජවිපෙටත් අයිති නැති සම්පුර්ණයෙන්ම එලියටත් අයිති නැති දේශපාලන උභය ජීවියෙක් නිසා ඒක ලාල්ට කියන්න පුලුවන්.ඊළඟට ලාල් කිව්වම අනිත් අයට වඩා ජවිපෙ ඇතුලෙත්,මාලිමාව ඇතුලෙත්,සමාජය ඇතුලෙත් අවධානයට ලක්වෙන ප්‍රමාණය වැඩියි.සමහරවිට අර රටේ රාළත් ප්‍රතිකේෂ්ප නොකරන ලාල්ගේ තියන පොඩි ප්‍රගතිශීලී ගුණයත් ඒකට බලපානවා ඇති.ඒක හොඳටම තේරෙන්නේ මෙච්චර දවසක් ලාල් කියනකං අනුරගේ ආරක්ෂාව ගැන කට ඇරියේ නැති සමන්ත විද්‍යාරත්න දැන් නිකම්ම බිලිවෙන්න බෑ බුද්ධි අංශ නිර්දේශ මත අවශ්‍ය උනොත් අපීත් ආරක්ෂාව ගන්නවා කියලා අනුරගේ පානෙන් එලිය බලන්න හදනවා.
රටේ රාළ කියන්නේ ඇත්තටම සමන්තලාගේ තියන ඒ කුහකකම ලාල්ගේ නෑ.ඊළඟට කාරණාව තමයි අනුරට ඇත්තටම ප්‍රමාණවත් ආරක්ෂාවක් දැන් දීලා තියනවා.දැනට අඩු හෙලිකොප්ටරයක් විතරයි.හැබැයි ප්‍රශ්නය තියෙන්නේ අනුරට ඕනි මේ ආරක්ෂාව ගන්න ගමන් එහෙම ගන්නේ නෑ කියලා රටට පෙන්නන්න.ඉතින් ඕක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.අනුර කතරඟම යනකොට අනුරට දිලා තියෙන අධි ආරක්ෂාව ජනතාවට පේනවා. ජනාධිපති කෙනෙකුට දෙන ආරක්ෂාව හොරෙන් දෙන්න බෑ.
ආරක්ෂාව නෙවෙයි අනුරට හොරෙන් කරගන්න ඕනි කිසිම වැඩක්වත් කරගන්න බෑ.ඒවත් දැන් චාටර් වෙලා තියෙන්නේ.අනුර මේ හදන්නේ අනුරට නැති ආරක්ෂක තර්ජණයක් ගැන රටට කියලා,අනුරලා කියපු පරණ කතා ජනතාවට අමතක කරවලා,ඒ වරප්‍රසාදට අනුර කැමති නෑ කියලත් කියලා,ඒත් දැන් ඒක දෙන්න වෙලා තියනවා කියන මතය හදන්න.අනුරලා ඔය වගේ කතාවක් හදාගෙන එයාලා එපා කියපු මන්දිරවලටත් රිංගන්න ඉඩ තියනවා.
රටේ රාළ කියන්නේ ඕවා ගැන තවත් බොරු කියන්නේ නැතිව තවත් රට ඉස්සරහා ගොන්පාට් නොදා අවශ්‍ය ආරක්ෂාව ගන්න කියලයි.ඊළඟට මෙයාලට තියෙන ලොකුම ප්‍රශ්න මෙයාලට අනතුර තියෙන්නේ කාගෙන්ද කියලා රටට කියන්න බැරි එකයි.මහින්දට සහ ගෝඨාභයට නං කොටි සංවිධානයෙන් තර්ජණ තියනවා කියලා කියන්න පුලුවන්.මෛත්‍රිට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගෙන් තර්ජනය තිබුණා කියන්න පුලුවන්.රනිල්ට අරගලකාරයින්ගෙන් තර්ජණ තිබුණා කියන්න පුළුවන්.
රනිල්ගේ ගේ පිච්චුවෙත් අරගලකාරයෝ. දැන් තියන ප්‍රශ්න අනුරට කාගෙන්ද තර්ජණ තියෙන්නේ.අනුරට දෙමල බෙදුම්වාදයෙන් තර්ජණයක් ආවොත් එන්නේ දෙමල බෙදුම්වාදයට අනුරලා දුන් පොරොන්දු ඉටු නොකලොත් තමයි.දැනට දෙමල ඩයස්‌පෝරාව සහ අනුර අතර තියන සම්බන්ධය ඉතා හොඳ එකක්.
ඉන්දියාව එක්ක තියන සම්බන්ධයත් හොඳයි.අපුරට ඇමරිකව නං මොනවද?එතකොට ඉතින් රෝ ප්‍රශ්නත් නෑ.CIA ප්‍රශ්නත් නෑ.පාතාලයට අනුරලා වැඩෙන්ඩ ඕනි නිදහස දීලා තියනවා.ඒක නිසා පාතාලයේ ප්‍රශ්නෙකුත් නෑ.දැන් ප්‍රශ්න වෙන්නේ අනුරට තර්ජණය තියෙන්නේ කාගෙන්ද කියන එකයි.
ඇත්තටම ඔය කියන විදිහට අනුරට තර්ජපයක් නැද්ද?නෑ අනුරට පැහැදිලිවම තර්ජනයක් තියනවා.ඒ ජනතාවගෙන්. ජනතාවගෙන් කියන එක තවත් පැහැදිලි කලොත් ජෙප්පන්ගෙන් සහ බයියන්ගෙන්. මේ දෙගොල්ලන්ටම බොරු කියලා අනුර ඇතුළු ඇමති මණ්ඩලයට දැන් පාරේ බැහැලා යන්න බෑ.ඒක නිසා බිමින් යනවට වඩා අනුරට උඩින් යන එක තමයි හොඳ.ඒත් ඉතින් ජනතාවගේ පෝරියල් එක ඇමතිලාට නං කන්න වෙනවා. අනුරටත් හෙලිකොප්ටරය උඩ තියාගෙනම ඉන්නත් බෑනේ.
කොයි වෙලේ හරි ලෑන්ඩි කරන්න වෙනවා. ඇත්තටම ජවිපෙ බලවේගයත් දැන් අනුරලාගෙන් වේගයෙන් ඈත්වෙමින් ඉන්නවා.ඉතිහාසය ලොකුම රැවටීමට ලක්වුනේ පිරිස තමයි ජෙප්පෝ.මෙයාල සමාජවාදය හදයි කියන විශ්වාසයෙන් යට ඇඳුම පවා ගෙනත් දෙමින් මෙයාලා රැක බලාගත්ත ජවිපෙ සාමාජිකයාව රවට්ටලා තියනවා.1979 විජේවීර හිරගෙදරින් නිදහස් වෙලා ඇවිත් විජේවීර ආයෙත් පක්ෂයේ වැඩ පටන් ගත්තා. පලවෙනි වටයේ විජේවීර රට පුරා ගියේ බස් එකේ.
ඊට පස්සේ බයිසිකල්වල ගියා.ඊළඟට වාහන ඉල්ලගෙන ගියා.පස්සේ 1980 වගේ වෙනකොච පක්ෂ සාමාජිකයන් සල්ලි එකතු කරලා පක්ෂයට කාර් එකක් ගත්තා.ඒක ගොඩක් වෙලාවට යොදවා ගත්තේ විජේවීර පරිහරණයට.ඒ එක්කම එදා තිබුණ ආණ්ඩුව පැත්තෙන් විජේවීරට විවේචනයක් ආවා ඔන්න දැන් නිර්ධන පන්තිය ගැන කාතා කරන විජේවීර සුඛෝපභෝගී කාර් එකක යනවා කියලා. ඒකට එදා ජවිපෙ හරි අපූරු උත්තරයක් දීලා තිබුණා.
එයාලා කියලා තිබුණේ ඇත්තටම අපි විජේවීර අරන් දෙන්න හිතාගෙන හිටියේ බෙන්ස් කාර් එකක්,ඒත් අපිට ඒකට සල්ලි තිබුණේ නැති නිසා මේක අරන් දුන්නා කියලා.ඒ කතාව කියන්න ජවිපෙ සාමාජිකයාට ධෛර්යය ආවේ විජේවීර කරපු කැපකිරීම හින්දයි.පක්ෂ අරමුදල හදන්න තිස්සමහාරාම පොලේ ඉස්සෙල්ලාම මුට්ට කර ගැහුවේ විජේවීර. ඒක නිසා බෙන්ස් එකක් නෙවෙයි හෙලිකොප්ටරයක් විජේවීර අරන් දෙන්න පුලුවන් තරමට ජවිපෙ සාමාජිකයා විජේවීර එක්ක බැදිලා හිටියා.
විජේවීර කවදාවත් පක්ෂයට බොරු කිව්වේ නෑ සහ පක්ෂය පාවලා දුන්නේ නෑ. පක්ෂයේ අරමුණ වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කලා.හැබැයි අනුරලා කියන්නේ බොරුකාරයෝ.පාවාදෙන්නෝ සහ තමන්ගේ හෘද සාක්ෂියයමට පවා වංචා කරන ආත්ම වංචාකාරයෝ.අද අනුරලා හෙලිකොප්ටරයේ යන්න හදන්නේ සියල්ල පාවාදීලයි.ඉතින් මේක තව කොච්චර දුරට ජවිපෙ සාමාජිකයා ඉවසයිද?ඇත්තටම දැන් අනූර අවංක ජවිපෙ සාමාජිකයා ගෙනුත් ප්‍රවේශම් විය යුතුයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා