News Category
From Date
To Date
Maximum Number of Result

අනුරගේ හතුරෝ කවුද?

Aug 2, 2025 at 08:42 AM
|

"අනුර කජු කන්නේ හොරෙන් හැංගිලා " ලිපියෙන් රටේ රාළ කිව්වේ අනුරලා ආරක්ෂාව එපා කියමින් ඉතිහාසයේ කරපු බොරුව සහ එදා හිටපු රාජ්‍ය නායකයන්ට දීලා තිබුණ ආරක්ෂාව සතුරාට නිරාවරණය කරන්න දරපු උත්සාහය ගැනයි.ඒ නින්දිත උස්සාහයේ පලවිපාක අද ජවිපෙට විදින්න සිද්ධවෙලා.ඇත්තටම ලාල් ඒ කතාව කිව්වේ අනුරට ආරක්ෂාව නැති හින්දා නෙවෙයි.අනුරට තරම් ආරක්ෂාවක් මේ වෙනකොට ලංකාවේ සාමාන්‍ය කාල පරිච්ඡේදයකදී ජනාධිපති කෙනෙකුට දීලා නෑ. 

අගමැති හරිනිටත් එහෙමයි.

ඒ වගේම ඔයාලා දකින්න ඇති ඇමති සමන්ත විද්‍යාරත්නත් කියනවා අපි නිකං බිලිවෙන්න ලෑස්ති නෑ බුද්ධී අංශ තොරතුරු අනුව ආරක්ෂාව ගන්නවා කියලා.ඇත්තටම මේ සිද්ධවෙමින් තියෙන්නේ ඉතිහාසයේ ජවිපෙ කරපු වැරදි පූර්වාදර්ශයන් එයාලට පාරවලල්ලක් වෙලා පැමිණීමයි.අදත් රටේ රාළ කියන්නේ අවශ්‍යතාව අනුව අනුර විතරක් නෙවෙයි හරිනි ඇතුළු ඇමති මණ්ඩලයටත් අනිත් අයටත් ආරක්ෂාව ගන්න කියලයි.

ඇත්තටම අනුරලා ආරක්ෂාව දෙනවට විරුද්ධ කවුද?

වෙන කවුරුවත් නෙවෙයි අනුරලා විසින් නඩත්තු කරපු බයියෝම තමයි ඕකට විරුද්ධ.මෙතනදී ඔයාලා දැනගන්න ඕනි කාරණා කීපයක් තියනවා.එකක් තමයි අනූරගේ ආරක්ෂාව ගැනයි,ආරක්ෂාවට හෙලිකොප්ටර් ඕනි එක ගැනයි කියන්නේ ලාල් කාන්ත.ඇයි ඒ කතාව ටිල්වින් කියන්නේ නැත්තේ.ඇයි ඒ කතාව බිමල් හරි හදුන්නෙත්ති හරි කියන්නේ නැත්තේ. ඒ කතාව ජවිපෙ බලවේගයට කියන්න එයාලට බෑ.ජවිපෙ බලවේගයට ඒක කියන්න ඕනි සුදුසුකම අනුරවත්, ටිල්වින්වත්,බිමල්වත්,හදුන්නෙත්තිවත්, විජිතවත් සම්පුර්ණ කරලා නෑ.

ලාල් කියන්නේ සම්පුර්ණයෙන්ම ජවිපෙටත් අයිති නැති සම්පුර්ණයෙන්ම එලියටත් අයිති නැති දේශපාලන උභය ජීවියෙක් නිසා ඒක ලාල්ට කියන්න පුලුවන්.ඊළඟට ලාල් කිව්වම අනිත් අයට වඩා ජවිපෙ ඇතුලෙත්,මාලිමාව ඇතුලෙත්,සමාජය ඇතුලෙත් අවධානයට ලක්වෙන ප්‍රමාණය වැඩියි.සමහරවිට අර රටේ රාළත් ප්‍රතිකේෂ්ප නොකරන ලාල්ගේ තියන පොඩි ප්‍රගතිශීලී ගුණයත් ඒකට බලපානවා ඇති.ඒක හොඳටම තේරෙන්නේ මෙච්චර දවසක් ලාල් කියනකං අනුරගේ ආරක්ෂාව ගැන කට ඇරියේ නැති සමන්ත විද්‍යාරත්න දැන් නිකම්ම බිලිවෙන්න බෑ බුද්ධි අංශ නිර්දේශ මත අවශ්‍ය උනොත් අපීත් ආරක්ෂාව ගන්නවා කියලා අනුරගේ පානෙන් එලිය බලන්න හදනවා.

රටේ රාළ කියන්නේ ඇත්තටම සමන්තලාගේ තියන ඒ කුහකකම ලාල්ගේ නෑ.ඊළඟට කාරණාව තමයි අනුරට ඇත්තටම ප්‍රමාණවත් ආරක්ෂාවක් දැන් දීලා තියනවා.දැනට අඩු හෙලිකොප්ටරයක් විතරයි.හැබැයි ප්‍රශ්නය තියෙන්නේ අනුරට ඕනි මේ ආරක්ෂාව ගන්න ගමන් එහෙම ගන්නේ නෑ කියලා රටට පෙන්නන්න.ඉතින් ඕක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.අනුර කතරඟම යනකොට අනුරට දිලා තියෙන අධි ආරක්ෂාව ජනතාවට පේනවා. ජනාධිපති කෙනෙකුට දෙන ආරක්ෂාව හොරෙන් දෙන්න බෑ.

ආරක්ෂාව නෙවෙයි අනුරට හොරෙන් කරගන්න ඕනි කිසිම වැඩක්වත් කරගන්න බෑ.ඒවත් දැන් චාටර් වෙලා තියෙන්නේ.අනුර මේ හදන්නේ අනුරට නැති ආරක්ෂක තර්ජණයක් ගැන රටට කියලා,අනුරලා කියපු පරණ කතා ජනතාවට අමතක කරවලා,ඒ වරප්‍රසාදට අනුර කැමති නෑ කියලත් කියලා,ඒත් දැන් ඒක දෙන්න වෙලා තියනවා කියන මතය හදන්න.අනුරලා ඔය වගේ කතාවක් හදාගෙන එයාලා එපා කියපු මන්දිරවලටත් රිංගන්න ඉඩ තියනවා.

රටේ රාළ කියන්නේ ඕවා ගැන තවත් බොරු කියන්නේ නැතිව තවත් රට ඉස්සරහා ගොන්පාට් නොදා අවශ්‍ය ආරක්ෂාව ගන්න කියලයි.ඊළඟට මෙයාලට තියෙන ලොකුම ප්‍රශ්න මෙයාලට අනතුර තියෙන්නේ කාගෙන්ද කියලා රටට කියන්න බැරි එකයි.මහින්දට සහ ගෝඨාභයට නං කොටි සංවිධානයෙන් තර්ජණ තියනවා කියලා කියන්න පුලුවන්.මෛත්‍රිට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගෙන් තර්ජනය තිබුණා කියන්න පුලුවන්.රනිල්ට අරගලකාරයින්ගෙන් තර්ජණ තිබුණා කියන්න පුළුවන්.

රනිල්ගේ ගේ පිච්චුවෙත් අරගලකාරයෝ. දැන් තියන ප්‍රශ්න අනුරට කාගෙන්ද තර්ජණ තියෙන්නේ.අනුරට දෙමල බෙදුම්වාදයෙන් තර්ජණයක් ආවොත් එන්නේ දෙමල බෙදුම්වාදයට අනුරලා දුන් පොරොන්දු ඉටු නොකලොත් තමයි.දැනට දෙමල ඩයස්‌පෝරාව සහ අනුර අතර තියන සම්බන්ධය ඉතා හොඳ එකක්.

ඉන්දියාව එක්ක තියන සම්බන්ධයත් හොඳයි.අපුරට ඇමරිකව නං මොනවද?එතකොට ඉතින් රෝ ප්‍රශ්නත් නෑ.CIA ප්‍රශ්නත් නෑ.පාතාලයට අනුරලා වැඩෙන්ඩ ඕනි නිදහස දීලා තියනවා.ඒක නිසා පාතාලයේ ප්‍රශ්නෙකුත් නෑ.දැන් ප්‍රශ්න වෙන්නේ අනුරට තර්ජණය තියෙන්නේ කාගෙන්ද කියන එකයි.

ඇත්තටම ඔය කියන විදිහට අනුරට තර්ජපයක් නැද්ද?නෑ අනුරට පැහැදිලිවම තර්ජනයක් තියනවා.ඒ ජනතාවගෙන්. ජනතාවගෙන් කියන එක තවත් පැහැදිලි කලොත් ජෙප්පන්ගෙන් සහ බයියන්ගෙන්. මේ දෙගොල්ලන්ටම බොරු කියලා අනුර ඇතුළු ඇමති මණ්ඩලයට දැන් පාරේ බැහැලා යන්න බෑ.ඒක නිසා බිමින් යනවට වඩා අනුරට උඩින් යන එක තමයි හොඳ.ඒත් ඉතින් ජනතාවගේ පෝරියල් එක ඇමතිලාට නං කන්න වෙනවා. අනුරටත් හෙලිකොප්ටරය උඩ තියාගෙනම ඉන්නත් බෑනේ.

කොයි වෙලේ හරි ලෑන්ඩි කරන්න වෙනවා. ඇත්තටම ජවිපෙ බලවේගයත් දැන් අනුරලාගෙන් වේගයෙන් ඈත්වෙමින් ඉන්නවා.ඉතිහාසය ලොකුම රැවටීමට ලක්වුනේ පිරිස තමයි ජෙප්පෝ.මෙයාල සමාජවාදය හදයි කියන විශ්වාසයෙන් යට ඇඳුම පවා ගෙනත් දෙමින් මෙයාලා රැක බලාගත්ත ජවිපෙ සාමාජිකයාව රවට්ටලා තියනවා.1979 විජේවීර හිරගෙදරින් නිදහස් වෙලා ඇවිත් විජේවීර ආයෙත් පක්ෂයේ වැඩ පටන් ගත්තා. පලවෙනි වටයේ විජේවීර රට පුරා ගියේ බස් එකේ.

ඊට පස්සේ බයිසිකල්වල ගියා.ඊළඟට වාහන ඉල්ලගෙන ගියා.පස්සේ 1980 වගේ වෙනකොච පක්ෂ සාමාජිකයන් සල්ලි එකතු කරලා පක්ෂයට කාර් එකක් ගත්තා.ඒක ගොඩක් වෙලාවට යොදවා ගත්තේ විජේවීර පරිහරණයට.ඒ එක්කම එදා තිබුණ ආණ්ඩුව පැත්තෙන් විජේවීරට විවේචනයක් ආවා ඔන්න දැන් නිර්ධන පන්තිය ගැන කාතා කරන විජේවීර සුඛෝපභෝගී කාර් එකක යනවා කියලා. ඒකට එදා ජවිපෙ හරි අපූරු උත්තරයක් දීලා තිබුණා.

එයාලා කියලා තිබුණේ ඇත්තටම අපි විජේවීර අරන් දෙන්න හිතාගෙන හිටියේ බෙන්ස් කාර් එකක්,ඒත් අපිට ඒකට සල්ලි තිබුණේ නැති නිසා මේක අරන් දුන්නා කියලා.ඒ කතාව කියන්න ජවිපෙ සාමාජිකයාට ධෛර්යය ආවේ විජේවීර කරපු කැපකිරීම හින්දයි.පක්ෂ අරමුදල හදන්න තිස්සමහාරාම පොලේ ඉස්සෙල්ලාම මුට්ට කර ගැහුවේ විජේවීර. ඒක නිසා බෙන්ස් එකක් නෙවෙයි හෙලිකොප්ටරයක් විජේවීර අරන් දෙන්න පුලුවන් තරමට ජවිපෙ සාමාජිකයා විජේවීර එක්ක බැදිලා හිටියා.

විජේවීර කවදාවත් පක්ෂයට බොරු කිව්වේ නෑ සහ පක්ෂය පාවලා දුන්නේ නෑ. පක්ෂයේ අරමුණ වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කලා.හැබැයි අනුරලා කියන්නේ බොරුකාරයෝ.පාවාදෙන්නෝ සහ තමන්ගේ හෘද සාක්ෂියයමට පවා වංචා කරන ආත්ම වංචාකාරයෝ.අද අනුරලා හෙලිකොප්ටරයේ යන්න හදන්නේ සියල්ල පාවාදීලයි.ඉතින් මේක තව කොච්චර දුරට ජවිපෙ සාමාජිකයා ඉවසයිද?ඇත්තටම දැන් අනූර අවංක ජවිපෙ සාමාජිකයා ගෙනුත් ප්‍රවේශම් විය යුතුයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ.

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.