News Category
From Date
To Date
Maximum Number of Result

හරිනි හමුවේ ටිල්වින් දෙවෙනිවරටත් පරාජය වෙයි..

Aug 11, 2025 at 08:59 AM
|

අනුර ජනාධිනති ධූරය බාරගත්තම අගමැතිධූරය බාරදුන්නේ හරිනිට.ඒ වෙලාවේ අනුරට ඕනි නං ඒක විජිත හේරත්ටත් දෙන්නත් පුළුවන්කම තිබුණා.හැබැයි ඒ වෙලාවේ ජවිපෙ සහ මාලිමා පාර්ශවවල ඒකමතික තීරණය උනේ හරිනි.ඒ වෙන විකල්පයක් නොතිබුණ හින්දා සහ මහ මැතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් හරිනිගේ මාලිමා පාර්ශවයේ සහය අත්‍යවශ්‍ය වෙලා තිබුණ නිසයි.මහ මැතිවරණ කැම්පේන් එකට අනුර ජනාධිනති විදිහට එකතු වෙද්දී හරි ආවේ අගමැති විදිහට.ඒ මැතිවරණ කැම්පේන් එක ඇතුලේ හරිනි දෙවෙනි උනේ අනුරට විතරයි.

ටිල්වින්ට හිමිවුණේ තුන්වෙනි ස්ථානය,සාමාන්‍යයෙන් ටිල්වින් ඒ වගේ දේවල්වලට කැමති නෑ.ටිල්වින් හැමතැනම ඉල්ලන්නේ ලොකු අයියගේ භූමිකාව.හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ටිල්වින් ළඟ ලොකු අයියගේ තියෙන්න ඕනි යසපත් ගතිගුණ නැති එකයි. වේදිකාව උඩදී ටිල්වින්ට වැඩිය දක්ෂ කථිකයන්ට ටිල්වින් වෛර කරනවා.ටිල්වින්ට වඩා වේදිකාවේ ප්‍රතිචාර තියන අයටත් එහෙමයි.ටිල්වින් කාන්තා සමුළු අමතන්න විශේෂ රුචිකත්වය දක්වනවා.පහුගිය කැම්පේන් එකේදී මාලිමාව කාන්තාවන් අතරට ගියේ ගැහැණු අපි එක මිටට කියන සටන් පාඨයත් එක්ක.

ඒවා ගොඩක් වෙලාවට තිබ්බේ කාන්තා සමුළුවිදිහට.ටිල්වින්ට ඒවට යන්නේ නැතිව ඉන්න බැරි නිසා ඒ සමුළුවල සාහිත්‍ය දේශනයක් දැම්මා.සාහිත්‍ය දේශනය කරන්න ගියේ ටිල්වින්. හැබැයි කාන්තාවන් අතර ටිල්වින් වගේ ඩයි සීයා කෙනෙකුට ආකර්ෂණයක් නිර්මාණය උන් නෑ.ඒ ආකර්ෂණය ආවේ අනුරට සහ අරිනිට.ඕක අපේ ජොලි සීයට එච්චර දිරෙව්වේ නෑ.රටේ රාළ හොඳටම දන්නවා ටිල්වින් විමල් වීරවංශට වෛර කළේ විමල්ගේ තිබුණ පෞද්ගලිකව අඩුපාඩුවක් හින්දා නෙවෙයි විමල් ටිල්වින්ට වැඩිය දක්ෂ කථාකයෙක් හින්දයි.

විමල් සහ ටිල්වින් හිටපු වේදිකාවලදි ටිල්වින් දෙවෙනි තැනට වැටුනා.හරිනි සහ ටිල්වින් හිටපු වේදිකාවලදී ටිල්වින්ට උරුම උනේ ඒ සන්තෑසියම තමයි.ඒක හින්දා රටේ රාළ හිතන්නේ ඉතිහාසයේ විමල් වීරවංශට තියාගත්ත ජාතියේ වෛරයක් හරිනි ගැන ටිල්වින්ගේ හිතේ තියනවා කියලයි.කොහොම හරි මැතිවරණය ජයග්‍රහණය ඇතුලේ හරිනිට ආයෙත් අගමැතිකම නොදී බැරි තැනට හරිනි කැම්පේන් එක උස්සගත්තා.ඒක නිසා ජවිපෙ යෝජනාව උන විජිත හේරත්ට අගමැතිකම දීමේ යෝජනාව තාවකාලික අකුලගන්න සිද්ධවුනා.

ඒ වගේම මැතිවරණය ප්‍රථිපලයට අනුව මාලිමාව පාර්ශවයට පාර්ලිමේන්තු මන්ත්‍රීධුර 100කට වැඩිය හිමි වෙද්දි ජවිපෙට හිමි වුනේ මන්ත්‍රීධුර පනස් ගණනයි.අගමැතිධූරය බාරගන්න විජිතගේත් ඒ තරම් කැමැත්තක් තිබුණේ නෑ.විජිත විජිතගේ තරම දන්න හින්දා එහෙම වෙන්න ඇති.ඒක නිසා පැල්වත්තේ කණ්ඩායම හරිනිට දෙවෙනි වතාවට අගමැතිකම දෙන්නේ නැවත හැකි පලෙවනි මොහොතේම ගන්න බලාගෙන.ඒ අතර කාලයේදී ටිල්වින් තමන්ගේ දේශපාලන සුරතලා වන බිමල්ට අගමැතිධූරය ගැන බලාපොරොත්තු වර්ධනය කරමින් තිබුණා.

ඒ වගේම හදුනෙත්තිගේ,නලින්දගේ උනත් ඒකට ආශාවක් නොතිබුණා නෙවෙයි.ලාල් කොහොමත් දැන් ඕවට ට්‍රයි කරනවා අඩුයි.ඒක නිසා එයාලා කාලයක ඉඳන් මේ අවස්ථාව එනකම් බලා හිටියා.එක වෙලාවක කැබිනට් වෙනස්කමක් කරනවා කියලා ලොකු කාලගෝට්ටියක් ටිල්වින් නිර්මාණය කළා.ටිල්වින් ඊට යොදා ගත්තේ තමන්ගේ ඉත්තා වන බිමල්.බිමල්ට අගමැතිකම අරන් දෙන එකේ ටිල්වින්ගේ තවත් යටි අරමුණක් තිබුණා.ඒ තමයි ඒ වනවිට ජවිපෙ අනාගත ප්‍රධාන ලේකම්ධූරයට යොජනා වෙලා තිබුණේ බිමල්ගේ නම.

බිමල් අගමැතිකමට තල්ලු කලොත් තවදුරටත් ටිල්වින්ගේ ප්‍රධාන ලේකම්ධූරය සුරක්ෂිතයි.ඒ වගේම තමන්ගේ සුවච කීකරු පොඩි මෑන්ව රටේ අගමැති වෙනවා නම් ඒ හරහා ටිල්වින්ගේ ඔළුවේ තියන සැලැස්ම ශ්‍රී ලංකා රාජ්‍යය මත එලා ගන්න තවත් ලේසියි. මේ අරමුණ සහිතව ටිල්වින් සහ බිමල් අගමැතිකම පැහැරගැනීම සදහා කරපු පලවෙනි කුමන්ත්‍රණය අසාර්ථකම වුනා.පක්ෂයේ දැන් ටිල්වින් ළඟට ඉතිරිවෙලා ඉන්න ජ්‍යේෂ්ඨයා උන ලාල් කාන්තගෙනුත් අගමැතිධූරය හරිනිගෙන් ගැලවීම විරුද්ධ ලොකු ප්‍රහාරයක් එල්ලවුනා.

ඒ වගේම අගමැතිකමට ආසයි බයයි වගේ ඉන්න හදුනෙත්ති සහ නලින්දත් එදා බිමල්ට අගමැතිකම යනවට එරෙහිව ප්‍රහාර දියත් කළා.ඒක නිසා එදා හරිනි අගමැතිකමින් පලවා හැරීමේ පලවෙනි උත්සාහය අසාර්ථක වුනා.ඊට පස්සේ දෙවෙනි අවස්ථාව තමයි පහුගිය 06 වෙනිදා ආයෙත් උදා වුනේ.හැබැයි පලවෙනි අවස්ථාවට වඩා දෙවෙනි අවස්ථාවේ වැඩි වාසිය ටිල්වින්ලගේ සහ බිමල්ගේ පැත්තට හැරිලා තිබුණා.ඒ එක පැත්තකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීම හරහා ජවිපෙ කට්ටියට හරිනි එක්ක මල පැනලා සිටීම.

අනික තමයි චිචීගේ රොකට් ප්‍රශ්නයත් එක්ක ජවිපෙට හරිනිව එපාම වෙලා තිබුණා.හරිනි එලවගන්න තියන හොඳම අවස්ථාව මේක කියලා හිතාගෙන ටිල්වින් ඇතුළු පැලවත්ත සෙට් එක වැඩට බැස්සා.පැලවත්තේ දේශපාලන යමපල්ලෝ ටික සහ පැලවත්තේ ඩෝබිලා ටික පලවෙනි මොහොතේම වැඩේටම ආවා. එදා ජෙප්පෝ තමන්ගේ විරුද්ධ පාක්ෂිකයන්ට කියපු කුණුහරුප ඒ විදිහටම හරිනිටත් කියන්න පටන් ගත්තා.දැනට ඉතිරිවෙලා ඉන්න සමස්ථ ජේවීපී එකම යොදගෙන පහුගිය දවස් ටිකේ හරිනිට පහර දුන්නා.

හැබැයි හරිනි ඒවා ශත පහකට ගනන් ගන්නේ නැතිව අගමැති විදිහටම තමන්ගේ වැඩටික කරගෙන යනවා.හරිනි ඒ කිසිවකට උත්තර දෙන්න තවම කට අරියේ නෑ.ඇත්තටම මොකද්ද මේ වෙන්නේ.හරිනි එයාලට ඇටෑක් කරන්නෙත් නෑ.එයාලට උත්තර දෙන්නෙත් නෑ.මේ තරම් ලොකු රණ්ඩුවක් තියෙද්දී හරිනිගේ ඇගේ මයිල් ගහක්වත් හොලවන්න ජෙප්පන්ට බැරිවෙලා තියනවා. ඇත්තටම මේ වෙනකොට ටිල්වින් ඇතුලු ජවිපෙ බලවේගය හරිනිට පරාජය වෙලා.දැන් දෙවෙනි අවස්ථාවේ පලවෙනි උත්සාහයත් අසාර්ථක වෙලා තියනවා.

දැන් ආරංචි විදිහට ටිල්වින් දෙවෙනි වටයේ දෙවෙනි උත්සාහයට ලෑස්ති වෙනවා.ඒ තමයි මේ ගැන පක්ෂ සාමාජිකයා දැනුවත් කිරීමේ අභයන්තර සාකච්ඡා වටයක් ටිල්වින් දැන් යෙදිලා ඉන්නවා.දැනට දකුණ සහ බස්නාහිර පලාත් කවර් කරලා තියනවා.ඇත්තටම ටිල්වින් මේ කරන්න හදන්නේ වාද්දුව හමුදා කදවුරට ගහන්න ගියාට වඩා තවත් ලොකු මෝඩ වැඩක්.ටිල්වින් මේ කරන්න හදන්නේ මාලිමා පාර්ශ්වයට එරෙහිව ජවිපෙ පාර්ශ්වය මෙහෙයවන්න.හරිනිට විරුද්ධ වෛරය පතුරවන්න. ඒකෙන් ටිල්ව්න් බලාපොරොත්තු වෙන්නේ හරිනි එක්ක ඉන්න මාලිමා මන්ත්‍රී කණ්ඩායම බය කරගන්න.

මිට කලින් රටේ රාළ ඔයාලට කිව්වා හරිනිත් එක්ක මාලිමාවේ මන්ත්‍රීලා හතලිහකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා කියලා.මේ සිද්ධියෙන් පස්සේ ඒ ගණන තවත් වැඩිවෙලා තියනවා.ඒ කියන්නේ ජවිපෙට විරුද්ධ මාලිමාව නැගිටිමින් ඉන්නවා. මාලිමාවට නිශ්චිත බලවේගයක් පොලොවේ නැති උනත් මාලිමා පාර්ශවය වැඩ කරන්නේ එක්තරා න්‍යාය පත්‍රයකට අනුවයි.ඒ න්‍යාය පත්‍රය පිටිපස්සේ ඉන්නේ බටහිර බලවේග සහ ඉන්දියාව. ටිල්වින් මෙතනදී කොච්චර මෝඩද කියනවා නම් තමන් චීන ප්ලෑන් එකක ඉන්න බව පහුගිය දවසක පෙන්නුවා.

චීන කොමියුනේස්ටී පක්ෂය ටිල්වින්ට උපදෙස් දීලා තියෙන්නේ තව අවුරදු 20ක් බලයේ ඉන්න කියලා ටිල්වින්ම කිව්වා.ටිල්වින් ඒ සාකච්ඡාවෙදී තනි පක්ෂ පාලනය හොඳයි කියලත් කියනවා.ඒක හරහා ඉලක්ක සහගතව වැඩ කරන්න පුළුවන් බවත් කිව්වා. ටිල්වින්ට තවම ඉන්නේ බලය ගන්න ඉස්සෙල්ලා ජවිපෙ හිටිය මනසේ.එයාලා තමයි රට පාලනය කරන්නේ කියලා අමතක වෙලා.නැත්තං එහෙම ගොන් කතා කියයිද?ටිල්වින් ලෝකය ඉස්සරහා චීනයට පක්ෂපාතී වුනා.ඒක රාජ්‍ය තාන්ත්‍රික මෝඩකමක්.

ඒක නිසා ඒ බව දන්න බටහිර සහ ඉන්දියාව ප්‍රමුඛ ලිබරල් කඳවුර හරිනිගේ පැත්තේ කෙලින්ම හිටගත්තා.ඒකෙන් වෙන්නේ මාලිමා පර්ශවය තවත් ශක්තිමත් වීමයි.ඒක උදව්ව කළේ ටිල්වින්.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ.

(උපුටාගැනීමකි)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.