News Category
From Date
To Date
Maximum Number of Result

හරිනි හමුවේ ටිල්වින් දෙවෙනිවරටත් පරාජය වෙයි..

Aug 11, 2025 at 08:59 AM
|

අනුර ජනාධිනති ධූරය බාරගත්තම අගමැතිධූරය බාරදුන්නේ හරිනිට.ඒ වෙලාවේ අනුරට ඕනි නං ඒක විජිත හේරත්ටත් දෙන්නත් පුළුවන්කම තිබුණා.හැබැයි ඒ වෙලාවේ ජවිපෙ සහ මාලිමා පාර්ශවවල ඒකමතික තීරණය උනේ හරිනි.ඒ වෙන විකල්පයක් නොතිබුණ හින්දා සහ මහ මැතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් හරිනිගේ මාලිමා පාර්ශවයේ සහය අත්‍යවශ්‍ය වෙලා තිබුණ නිසයි.මහ මැතිවරණ කැම්පේන් එකට අනුර ජනාධිනති විදිහට එකතු වෙද්දී හරි ආවේ අගමැති විදිහට.ඒ මැතිවරණ කැම්පේන් එක ඇතුලේ හරිනි දෙවෙනි උනේ අනුරට විතරයි.

ටිල්වින්ට හිමිවුණේ තුන්වෙනි ස්ථානය,සාමාන්‍යයෙන් ටිල්වින් ඒ වගේ දේවල්වලට කැමති නෑ.ටිල්වින් හැමතැනම ඉල්ලන්නේ ලොකු අයියගේ භූමිකාව.හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ටිල්වින් ළඟ ලොකු අයියගේ තියෙන්න ඕනි යසපත් ගතිගුණ නැති එකයි. වේදිකාව උඩදී ටිල්වින්ට වැඩිය දක්ෂ කථිකයන්ට ටිල්වින් වෛර කරනවා.ටිල්වින්ට වඩා වේදිකාවේ ප්‍රතිචාර තියන අයටත් එහෙමයි.ටිල්වින් කාන්තා සමුළු අමතන්න විශේෂ රුචිකත්වය දක්වනවා.පහුගිය කැම්පේන් එකේදී මාලිමාව කාන්තාවන් අතරට ගියේ ගැහැණු අපි එක මිටට කියන සටන් පාඨයත් එක්ක.

ඒවා ගොඩක් වෙලාවට තිබ්බේ කාන්තා සමුළුවිදිහට.ටිල්වින්ට ඒවට යන්නේ නැතිව ඉන්න බැරි නිසා ඒ සමුළුවල සාහිත්‍ය දේශනයක් දැම්මා.සාහිත්‍ය දේශනය කරන්න ගියේ ටිල්වින්. හැබැයි කාන්තාවන් අතර ටිල්වින් වගේ ඩයි සීයා කෙනෙකුට ආකර්ෂණයක් නිර්මාණය උන් නෑ.ඒ ආකර්ෂණය ආවේ අනුරට සහ අරිනිට.ඕක අපේ ජොලි සීයට එච්චර දිරෙව්වේ නෑ.රටේ රාළ හොඳටම දන්නවා ටිල්වින් විමල් වීරවංශට වෛර කළේ විමල්ගේ තිබුණ පෞද්ගලිකව අඩුපාඩුවක් හින්දා නෙවෙයි විමල් ටිල්වින්ට වැඩිය දක්ෂ කථාකයෙක් හින්දයි.

විමල් සහ ටිල්වින් හිටපු වේදිකාවලදි ටිල්වින් දෙවෙනි තැනට වැටුනා.හරිනි සහ ටිල්වින් හිටපු වේදිකාවලදී ටිල්වින්ට උරුම උනේ ඒ සන්තෑසියම තමයි.ඒක හින්දා රටේ රාළ හිතන්නේ ඉතිහාසයේ විමල් වීරවංශට තියාගත්ත ජාතියේ වෛරයක් හරිනි ගැන ටිල්වින්ගේ හිතේ තියනවා කියලයි.කොහොම හරි මැතිවරණය ජයග්‍රහණය ඇතුලේ හරිනිට ආයෙත් අගමැතිකම නොදී බැරි තැනට හරිනි කැම්පේන් එක උස්සගත්තා.ඒක නිසා ජවිපෙ යෝජනාව උන විජිත හේරත්ට අගමැතිකම දීමේ යෝජනාව තාවකාලික අකුලගන්න සිද්ධවුනා.

ඒ වගේම මැතිවරණය ප්‍රථිපලයට අනුව මාලිමාව පාර්ශවයට පාර්ලිමේන්තු මන්ත්‍රීධුර 100කට වැඩිය හිමි වෙද්දි ජවිපෙට හිමි වුනේ මන්ත්‍රීධුර පනස් ගණනයි.අගමැතිධූරය බාරගන්න විජිතගේත් ඒ තරම් කැමැත්තක් තිබුණේ නෑ.විජිත විජිතගේ තරම දන්න හින්දා එහෙම වෙන්න ඇති.ඒක නිසා පැල්වත්තේ කණ්ඩායම හරිනිට දෙවෙනි වතාවට අගමැතිකම දෙන්නේ නැවත හැකි පලෙවනි මොහොතේම ගන්න බලාගෙන.ඒ අතර කාලයේදී ටිල්වින් තමන්ගේ දේශපාලන සුරතලා වන බිමල්ට අගමැතිධූරය ගැන බලාපොරොත්තු වර්ධනය කරමින් තිබුණා.

ඒ වගේම හදුනෙත්තිගේ,නලින්දගේ උනත් ඒකට ආශාවක් නොතිබුණා නෙවෙයි.ලාල් කොහොමත් දැන් ඕවට ට්‍රයි කරනවා අඩුයි.ඒක නිසා එයාලා කාලයක ඉඳන් මේ අවස්ථාව එනකම් බලා හිටියා.එක වෙලාවක කැබිනට් වෙනස්කමක් කරනවා කියලා ලොකු කාලගෝට්ටියක් ටිල්වින් නිර්මාණය කළා.ටිල්වින් ඊට යොදා ගත්තේ තමන්ගේ ඉත්තා වන බිමල්.බිමල්ට අගමැතිකම අරන් දෙන එකේ ටිල්වින්ගේ තවත් යටි අරමුණක් තිබුණා.ඒ තමයි ඒ වනවිට ජවිපෙ අනාගත ප්‍රධාන ලේකම්ධූරයට යොජනා වෙලා තිබුණේ බිමල්ගේ නම.

බිමල් අගමැතිකමට තල්ලු කලොත් තවදුරටත් ටිල්වින්ගේ ප්‍රධාන ලේකම්ධූරය සුරක්ෂිතයි.ඒ වගේම තමන්ගේ සුවච කීකරු පොඩි මෑන්ව රටේ අගමැති වෙනවා නම් ඒ හරහා ටිල්වින්ගේ ඔළුවේ තියන සැලැස්ම ශ්‍රී ලංකා රාජ්‍යය මත එලා ගන්න තවත් ලේසියි. මේ අරමුණ සහිතව ටිල්වින් සහ බිමල් අගමැතිකම පැහැරගැනීම සදහා කරපු පලවෙනි කුමන්ත්‍රණය අසාර්ථකම වුනා.පක්ෂයේ දැන් ටිල්වින් ළඟට ඉතිරිවෙලා ඉන්න ජ්‍යේෂ්ඨයා උන ලාල් කාන්තගෙනුත් අගමැතිධූරය හරිනිගෙන් ගැලවීම විරුද්ධ ලොකු ප්‍රහාරයක් එල්ලවුනා.

ඒ වගේම අගමැතිකමට ආසයි බයයි වගේ ඉන්න හදුනෙත්ති සහ නලින්දත් එදා බිමල්ට අගමැතිකම යනවට එරෙහිව ප්‍රහාර දියත් කළා.ඒක නිසා එදා හරිනි අගමැතිකමින් පලවා හැරීමේ පලවෙනි උත්සාහය අසාර්ථක වුනා.ඊට පස්සේ දෙවෙනි අවස්ථාව තමයි පහුගිය 06 වෙනිදා ආයෙත් උදා වුනේ.හැබැයි පලවෙනි අවස්ථාවට වඩා දෙවෙනි අවස්ථාවේ වැඩි වාසිය ටිල්වින්ලගේ සහ බිමල්ගේ පැත්තට හැරිලා තිබුණා.ඒ එක පැත්තකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීම හරහා ජවිපෙ කට්ටියට හරිනි එක්ක මල පැනලා සිටීම.

අනික තමයි චිචීගේ රොකට් ප්‍රශ්නයත් එක්ක ජවිපෙට හරිනිව එපාම වෙලා තිබුණා.හරිනි එලවගන්න තියන හොඳම අවස්ථාව මේක කියලා හිතාගෙන ටිල්වින් ඇතුළු පැලවත්ත සෙට් එක වැඩට බැස්සා.පැලවත්තේ දේශපාලන යමපල්ලෝ ටික සහ පැලවත්තේ ඩෝබිලා ටික පලවෙනි මොහොතේම වැඩේටම ආවා. එදා ජෙප්පෝ තමන්ගේ විරුද්ධ පාක්ෂිකයන්ට කියපු කුණුහරුප ඒ විදිහටම හරිනිටත් කියන්න පටන් ගත්තා.දැනට ඉතිරිවෙලා ඉන්න සමස්ථ ජේවීපී එකම යොදගෙන පහුගිය දවස් ටිකේ හරිනිට පහර දුන්නා.

හැබැයි හරිනි ඒවා ශත පහකට ගනන් ගන්නේ නැතිව අගමැති විදිහටම තමන්ගේ වැඩටික කරගෙන යනවා.හරිනි ඒ කිසිවකට උත්තර දෙන්න තවම කට අරියේ නෑ.ඇත්තටම මොකද්ද මේ වෙන්නේ.හරිනි එයාලට ඇටෑක් කරන්නෙත් නෑ.එයාලට උත්තර දෙන්නෙත් නෑ.මේ තරම් ලොකු රණ්ඩුවක් තියෙද්දී හරිනිගේ ඇගේ මයිල් ගහක්වත් හොලවන්න ජෙප්පන්ට බැරිවෙලා තියනවා. ඇත්තටම මේ වෙනකොට ටිල්වින් ඇතුලු ජවිපෙ බලවේගය හරිනිට පරාජය වෙලා.දැන් දෙවෙනි අවස්ථාවේ පලවෙනි උත්සාහයත් අසාර්ථක වෙලා තියනවා.

දැන් ආරංචි විදිහට ටිල්වින් දෙවෙනි වටයේ දෙවෙනි උත්සාහයට ලෑස්ති වෙනවා.ඒ තමයි මේ ගැන පක්ෂ සාමාජිකයා දැනුවත් කිරීමේ අභයන්තර සාකච්ඡා වටයක් ටිල්වින් දැන් යෙදිලා ඉන්නවා.දැනට දකුණ සහ බස්නාහිර පලාත් කවර් කරලා තියනවා.ඇත්තටම ටිල්වින් මේ කරන්න හදන්නේ වාද්දුව හමුදා කදවුරට ගහන්න ගියාට වඩා තවත් ලොකු මෝඩ වැඩක්.ටිල්වින් මේ කරන්න හදන්නේ මාලිමා පාර්ශ්වයට එරෙහිව ජවිපෙ පාර්ශ්වය මෙහෙයවන්න.හරිනිට විරුද්ධ වෛරය පතුරවන්න. ඒකෙන් ටිල්ව්න් බලාපොරොත්තු වෙන්නේ හරිනි එක්ක ඉන්න මාලිමා මන්ත්‍රී කණ්ඩායම බය කරගන්න.

මිට කලින් රටේ රාළ ඔයාලට කිව්වා හරිනිත් එක්ක මාලිමාවේ මන්ත්‍රීලා හතලිහකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා කියලා.මේ සිද්ධියෙන් පස්සේ ඒ ගණන තවත් වැඩිවෙලා තියනවා.ඒ කියන්නේ ජවිපෙට විරුද්ධ මාලිමාව නැගිටිමින් ඉන්නවා. මාලිමාවට නිශ්චිත බලවේගයක් පොලොවේ නැති උනත් මාලිමා පාර්ශවය වැඩ කරන්නේ එක්තරා න්‍යාය පත්‍රයකට අනුවයි.ඒ න්‍යාය පත්‍රය පිටිපස්සේ ඉන්නේ බටහිර බලවේග සහ ඉන්දියාව. ටිල්වින් මෙතනදී කොච්චර මෝඩද කියනවා නම් තමන් චීන ප්ලෑන් එකක ඉන්න බව පහුගිය දවසක පෙන්නුවා.

චීන කොමියුනේස්ටී පක්ෂය ටිල්වින්ට උපදෙස් දීලා තියෙන්නේ තව අවුරදු 20ක් බලයේ ඉන්න කියලා ටිල්වින්ම කිව්වා.ටිල්වින් ඒ සාකච්ඡාවෙදී තනි පක්ෂ පාලනය හොඳයි කියලත් කියනවා.ඒක හරහා ඉලක්ක සහගතව වැඩ කරන්න පුළුවන් බවත් කිව්වා. ටිල්වින්ට තවම ඉන්නේ බලය ගන්න ඉස්සෙල්ලා ජවිපෙ හිටිය මනසේ.එයාලා තමයි රට පාලනය කරන්නේ කියලා අමතක වෙලා.නැත්තං එහෙම ගොන් කතා කියයිද?ටිල්වින් ලෝකය ඉස්සරහා චීනයට පක්ෂපාතී වුනා.ඒක රාජ්‍ය තාන්ත්‍රික මෝඩකමක්.

ඒක නිසා ඒ බව දන්න බටහිර සහ ඉන්දියාව ප්‍රමුඛ ලිබරල් කඳවුර හරිනිගේ පැත්තේ කෙලින්ම හිටගත්තා.ඒකෙන් වෙන්නේ මාලිමා පර්ශවය තවත් ශක්තිමත් වීමයි.ඒක උදව්ව කළේ ටිල්වින්.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ.

(උපුටාගැනීමකි)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.