ඉතිහාසය ඉගෙන ගැනීමේ වැදගත්කම ගැන ලොකයේ ප්‍රබල නායකයන් කියපු කතා..
මේ ලිපියේ දැක්වෙන්නේ ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම ගැන ලෝකයේ ප්‍රකට නායකයන් දැක්වූ අදහස්වල එකතුවකි. ඉතිහාසය ඉගෙනීම යනු අතීතය උදෙසා නොව අනාගතය උදෙසා කෙරෙන ආයෝජනයක් බවද, රටක ඉතිහාසය මකා දැමීම හුදකලා කාරණයක් නොව යටත්විජිත ආධිපත්‍ය උදෙසා අතීතයේ මෙන්ම වර්තමානයේද භාවිත වන ප්‍රබල දේශපාලන මෙවලමක් බවද, තනි තනි පුද්ගලයන්ට රස්සා ලබාගැනීම වැනි සීමිත කාරණාවලින් ඔබ්බට ගිය මහා ජාතික අරමුණක් රටක ඉතිහාස අධ්‍යාපනය තුළ ඇති බවද ඔවුන්ගේ අදහස් තුළින් මනාව පැහැදිලි වේ. මෙය ඉතිහාසය පිළිබද ලංකාවේ ඇතැම් උගතුන් තුළ වන පසුගාමී ආකල්පයන්ට ලෝක නායකයන් විසින් ලබා දුන් කදිම පිළිතුරු එකතුවකි.
👉 ඉතිහාසය අමතක කරන ජාතියකට අනාගතයක් නැත. 💥අමෙරිකාවේ හිටපු ජනපති ජෝන් එෆ් කෙනඩි
👉 ඉතිහාසය හොඳම පෙළපොතයි. එය මිනිසුන්ට අතීතය තේරුම් ගැනීමට, වර්තමානය දැකීමට සහ අනාගතය පුරෝකථනය කිරීමට උපකාරී වේ. අපි අපගේ ඉතිහාස ආඛ්‍යානය ශක්තිමත්ව තහවුරු කළ යුතු අතර එය විකෘති කිරීමට සතුරු බලවේග දරනා උත්සාහයන් පරාජය කළ යුතුය. 💥 චීන ජනපති ජී ජින් පින්
👉 ඉතිහාසය විකෘති කිරීමට ගන්නා උත්සාහයන් යනු ජාතියක පැවැත්මේ පදනම නැවත සකස් කිරීමට දරන උත්සාහයන්ය. 💥රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්
👉 ඉතිහාසය අමතක කිරීම යනු ජාතියක් අලුත් ආකාරයේ ආධිපත්‍යයයන්ට ගොදුරු කිරීමකි. නව යටත් විජිතවාදයේ පීඩනයට එරෙහිව ස්වාධීන සහ ස්වයං පෝෂිත රටක් ගොඩනැගීමට ඉතිහාස පිළිබද අවබෝධය අපට අතිශයින්ම වැදගත්ය. 💥 ඉන්දීය අගමැති නරේන්ද මෝදි
👉 අප්‍රිකානු ඉතිහාසයන් මකා දැමීම යටත් විජිත පාලනයේ නවතම ආකාරයයි. ඉතිහාසය නොමැතිව මිනිසුන්ට ඔවුන්ගේ බලය හා ස්වාධීනත්වය අහිමි වේ. අපේ ඉතිහාසය අමතක කිරීම යනු අප තව දුරටත් වහල්භාවයේ ගිලී යාමය.💥 කොංගෝවේ හිටපු ජනපති පැට්‍රික් ලුලුම්බා
👉 ඉතිහාසය වනාහී රටක ජනතාව අත තිබිය යුතු අත්‍යවශ්‍ය අවියකි. 💥 චීනයේ විප්ලවීය නායක මාඕ සේතුං
👉 ඉතිහාසයක් නොමැති ජාතියක් මුල් නොමැති ගසක් වැනිය. අනාගතයක් ගොඩනැගීමට නම්, අපි අපේ අතීතය තේරුම් ගෙන ඉගෙන ගත යුතුය.💥 දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලා
👉 අපේ ඉතිහාසය අනාගත පරම්පරාවන් සඳහා සාමය සහ සමෘද්ධිය ගොඩනඟන පදනමයි. 💥ජර්මනියේ හිටපු චාන්සලර් ඇන්ජලා මර්කල්
👉 අනාගතය අයිති වන්නේ අතීතයෙන් ඉගෙන ගෙන වඩා හොඳ හෙට දවසක් ගොඩනැගීම සඳහා එහි පාඩම් වැළඳ ගන්නා අයට පමණි. 💥 අමෙරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමා
👉 වැරදි නැවත නොකිරීමට සහ අපගේ දරුවන්ට සුදුසු ජාතියක් ගොඩනැගීමට අපි අපගේ ඉතිහාසය තේරුම් ගත යුතුය. 💥සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ
👉 ඉතිහාසය කෙරෙහි ගැඹුරු ගෞරවයක් පැවතීම සාමකාමී සහ සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැගීමට අපට මඟ පෙන්වයි. - 💥 ජපාන හිටපු අගමැති ෂින් සෝ ආබේ
👉 ජාතියක සංස්කෘතිය සහ ඉතිහාසය එහි ජනතාවගේ හදවත් තුළ සහ ආත්මය තුළ සදාතනිකව නිදන්ගතව පවතින්නකි. 💥 මහත්මා ගාන්ධි
👉 නව සමාජයක් ගොඩනැගීම සඳහා, ජනතාවක් ඔවුන්ගේ අතීතයෙන් පාඩම් උගෙන ඔවුන්ගේම ඉතිහාසය මත ශක්තිමත්ව පා තබා ගත යුතුය. 💥 වියට්නාම් විප්ලවීය නායක හෝ චි මින්
👉 යටත් විජිත බලවතුන් පාලනය පවත්වා ගැනීම සඳහා යටත් විජිතකරණය වූවන්ගේ ඉතිහාසය සහ අනන්‍යතාවය මකා දැමීමට උත්සාහ කළහ. ඉතිහාසය නැවත ලිවීම නව යටත් විජිත ආධිපත්‍යයේ මෙවලමකි. 💥 දාර්ශනික ෆ්‍රාන්ට්ස් ෆැනන්
👉 යටත් විජිත පාලකයින් ඔවුන්ගේ පාලනය සාධාරණීකරණය කිරීම සඳහා ඉතිහාසය නැවත ලිවීමට උත්සාහ කළහ. ඊට එරෙහිව ඉතිහාසය පිළිබද සත්‍යය ප්‍රතිෂ්ඨාපනය කිරීම අපගේ යුතුකමයි. 💥 හිටපු ඉන්දීය අගමැති ජවහල්ලාල් නේරු
👉 සංස්කෘතික හා ඉතිහාසය පිළිබද අවබෝධයකින් තොරව හුදු ආර්ථික වර්ධනයක් මගින් පමණක් සමාජයක් පවත්වා ගත නොහැක. 💥 ඉන්දියානු ආර්ථික විද්‍යාඥ අමර්ත්‍යා සෙන්
(මෙය පොත් සහ අන්තර් ජාල මූලාශ්‍ර ගණනාවක් ඇසුරින් සකස් කළ ලිපියකි. කියැවීමේ පහසුව තකා මූලාශ්‍ර පිළිබද සංකීර්ණ තොරතුරු රහිතව කෙටියෙන් අදාළ අදහස් පමණක් ඉදිරිපත් කොට ඇත.)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා