පෝල්රාජ්ලාගේ කුමණ්ත්‍රණ පරදමු !
බොහෝ ගුරුවරු ළමුන්ට සැරවැර කරන්නෙ ඔවුන්ව පාලනය කර ගන්න. ඊට වෙනත් ක්‍රමයක් නැති නිසා. දඬුවම් දීම තහනම් කරපු යුරෝපයේ පාසැල්වල තියෙන විශාලතම ප්‍රශ්නය තමා, සිසුන් විනයවත් කරන්නෙ කොහොමද කියන එක. එහෙම එකක් නැහැ. ඒ නිසා ගොඩක් පාසැල්වල සිසු ප්‍රචණ්ඩත්වය ඉහවහා ගිහිං. මත්ද්‍රව්‍ය, බුලිං, කප්පම් මේව පාලනයෙන් තොරයි.
ඇමරිකාවේ ප්‍රාන්ත 17 සහ සියලු පුද්ගලික පාසැල්වල දඬුවම තාම ක්‍රියාත්මක මේකයි. ළමුන් පාලනය කිරීම කියන තරම් පහසු නොවන බව දරුවන් සිටින අය දන්නවා. මම දන්න විදියට මේ පනත් ගේන ආණ්ඩුවේ බොහෝ අයට දරුවන් නැහැ. ඒ ගැන පුද්ගලික අත්දැකීම් නැහැ.
අනික දඬුවම් තියෙන්නෙ දඬුවම් දෙන්න නෙමෙයි. දඬුවම් පාලනය කරන්න. ඒක Deterrence එකක්. ඇතැම් ගුරුවරු කලාතුරකින් දඬුවම් අවභාවිතා කරනව. ඒත් ඒක පොදු ස්වභාවය නෙමෙයි.
මේ පනතට අනුව ගුරුවරයෙකු හෝ දෙමාපියන් විසින් පවා දරුවෙකුට යම් සැරවැර කිරීමක් කළහොත් ඊට එරෙහිව දඬුවම් පැමිණ විය හැකියි. මේකෙන් වෙන්නෙ ගුරුවරු විනය කාර්යෙන් ඉවත් වීම. දරුවන් පාසැල් තුළ එකිනෙකා මරා ගනීවි, ගුටිගසා ගනීවි.
ආණ්ඩුව මේක කරන්නෙ රටේ කිසිම සංවාදයක්, සාකච්ඡාවක් නැතුව. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේම. ඒකත් ඇණගත්තා. ගුරුවරු මේ පනතට එරෙහි විය යුතුයි. පාසැල්වල දණ්ඩනයට එරෙහිව 2005 පනත තියෙනවා. ඒක ප්‍රමාණවත්. දරු පරපුර අයාලේ යවල, මෙරට සමාජ පදනම, සංස්කෘතික කේන්ද්‍රය විනාශ කිරීම මේවැයි අරමුණ.
මාලිමා-ජවිපෙ කියන්නෙ දේශපාලන බල ලෝභය වෙනුවෙන් දෙවරක් ම දරුවන් ප්‍රචණ්ඩත්වයට යොදාගත්, අදත් විශ්වවිද්‍යාලවල නවතන්න බැරි නවකවදය වැනි පාපී පුරුදු නිර්මාණය කළ පිරිසක් ඉන්න ආණ්ඩුවක්. ඔවුන්ට දරුවන් ගැන කිසිම අවංක කැක්කුමක් නැහැ. මේක තනිකර දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් කටයුතු කරන පෝල්රාජ් වැනි අයගේ සංස්කෘතික කුමණ්ත්‍රණයක්.
මහින්ද පතිරණ මහතාගේ මුහුණු පොතින් උපුටා ගැනුනි...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්