විදර්ශනට තුන අහිමිවීම..
විදර්ශන ඉනිමංකඩ මහතා පොත් ප්‍රදර්ශන භූමියෙන් පන්නා ඇතැයි ගෙන යන කතාවල සත්‍යතාවක් නැහැ. ඔහු සහ ඔහුගේ මිත්‍ර සන්ථවයේ ඇතැම් හැඟවුම් සමාජය නොමග යවන සුළුයි. සංගමය පවසා ඇත්තේ ජනකට සුපුරුදු B- Hall එකෙන් කුටි 02 ක් පමණක් ලබාදිය හැකි බවයි. ඔහු කුටි දෙකකින් සෑහීමකට පත්නොවී 03 ක් ම ඉල්ලා හෙට්ටු කර, කුටි තුනක් ලබා නොදෙන්නේ නම් තම ආයතනය මෙවර පොත් ප්‍රදර්ශනයට සහභාගි නොවෙන බව සංගමයට දන්වා තිබෙයි. සංගමය විසින් ඔහුව ප්‍රදර්ශනයෙන් පලවා හරිනු ලැබුවා නොව කුටි තුනක් ඉල්ලා නොලැබුණු පසුව එයට මුසුප්පු වීමේ ප්‍රතිඵලයක් ලෙස තමන්ම ප්‍රදර්ශනයට සහභාගී නොවීමේ ස්වයං වාරණයක් පනවා ගැනීමකි.
ඇත්ත වශයෙන්ම ඔහුගේ පොත් අලෙවිකර ගැනීමට කුටි 02ක් ප්‍රමාණවත් බව අපගේද හැගීමයි. ඔහු පළ කරන්නේ ක්ෂේත්‍ර කිහිපයකට පමණක් සීමා වූ තෝරාගත් කෘති කිහිපයක් පමණි. ඒ අතර නවකතා,කෙටිකතා කවි පොත් කිහිපයක් හා පරිවර්තන ප්‍රමුඛ වෙයි. ආගම, අධ්‍යාපනය, ළමා සාහිත්‍ය, ජනශ්‍රැති, විද්‍යා ප්‍රබන්ධ, ශාස්ත්‍රීය කෘති, චරිත කතා ආදී පැතිරුණු පරාසයකට විහිදුන විවිධ විෂයික කෘති ඔහු පළ කරන්නේ නැත. සිමා සහිත කෘති ප්‍රමාණයක් පළ කරන ප්‍රකාශකයකු ලෙස ඒවා අලෙවි කිරීමට කුටි දෙකක් ප්‍රමාණවත් නොවන්නේ ඇයි?. කුටි තුනක ඉඩ ඔහුට අවශ්‍ය වන්නේ වෙන වෙන වන්නම් නැටීමටය. ලේඛක සුහද හමු, කොෆි චැට්, ගිටාර් ගැසීම්, කටවුට් ගැසීම් වැනි සරඹ පෙන්වීමටත් එක්ක ඔහුට කුටි තුනක ඉඩ අවශ්‍ය වේ. මෙම ලියුම්කරු ඒ කිසිවක් නොකළ යුතු ඇකැප වැඩ ලෙස සිතන්නේ නැත. නමුත් එළියේ වැස්සට තෙමෙමින් අව්වට කරවෙමින් සිටින ප්‍රකාශකයින් පිරිසක්ද සිටියි. ඒ සියල්ලක්ම පාහේ A,B හෝල් දෙකෙන් කුටි ලබා ගැනීමට විශාල ඉල්ලීම් කරතත් ඒ සියලු දෙනාගේ ඉල්ලීම් එකවර ඉටු කිරීමට ද සංගමයට හැකියාව නැත. වැස්සට ඇතැම් කුටි ජලයෙන් යටවෙන අතර ඇතැම් කුටි වගුරු බිමක සේයාව ගනී. ඇතැම් ප්‍රකාශකයින් එවැනි දුක්ඛ සෙයියාවෙන් පොත් අලෙවි කරද්දී සරඹ සන්දර්ශනවලටත් එක්ක "කුටි තුනක් නොදෙන්නේ නම් සහභාගී නොවෙමි” යන උද්දච්ඡ ප්‍රකාශය තුළ ඇත්තේ මාන්නය සහ ආත්මාර්ථකාමී හැගීම මිස වෙන කුමක් ද ? තමන්ට කුටි තුනක් ලැබිය යුතු බවට ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය වන්නේ වාර්ෂිකව අති විශාල පාඨක පිරිසක් විදර්ශන කුටියට එන බවයි. ඇත්ත වශයෙන්ම ඔහුගේ කුටියට පමණක් නොව ප්‍රදර්ශන භූමියේ සෑම කුටියකම තත්ත්වය එසේය. සෑම ස්ටෝල්(Stall) එකකම අතුරු සිදුරු නැතිව සෙනග ගැවසීම දක්නට ලැබීම එහි යන කාගේත් අත්දැකීමයි.
නමුත් විදර්ශනට හැර සෙසු ඇතැම් ප්‍රකාශකයින්ට කුටි තුන හෝ හතර ලබාදී තිබෙන පදනම කුමක්ද යන්නත් සංගමයේ ඇතැම් පිරිස්ගෙන් විමසූවිට පැවසුවේ ප්‍රකාශන ඉන්ඩස්ට්‍රියට ලැබෙන දායකත්වය අනුව වැඩි ඉඩක් ලබාදෙන බවයි. විදර්ශන ප්‍රකාශක මුහුණු පොතේ ලොකුවට කයිය ගැහුවට ඔහු ළග EPF,| ETFගෙවන එකදු සේවකයෙක් හෝ නොමැති බවත්, රැකියා අවස්ථා ඇති කරමින් පාරිතෝෂික අරමුදලට දායක නොවෙන බවත්, අඩුම Vat සඳහා වන පරිසාදිත මට්ටම වසරකට මිලියන 05 ක අලෙවියක්වත් නැති මුහුණු පොතේ පම්පෝරි ගසන්නෙක්ට වඩා ආයතනයක සමාජ වගකීම මැනවින් තේරුම් ගෙන රැකියා අවස්ථා ඇති කරමින්, බදු ගෙවමින්, පාරිතෝෂික අරමුදලට දායක වෙමින් සිටින සරසවි, සුරස, ගොඩගේ, ගුණසේන, දයාවංශ, සූරිය, සමයවර්ධන වැනි ප්‍රකාශන ආයතනවලට වැඩි ඉඩක් ලබාදීම යුක්තිසහගත බවයි.🙂
©|රත්තනදෙණියේ මේධානන්ද හිමි|.2025.09.25.
(මුහුණුපොතෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්