ශ්‍රී ලංකා - ඉරාන සබඳතාවල ස්වර්ණමය යුගයක් වූ ඉරාන නායක මහමුද් අහමදිනෙජාද්ගේ පාලන සමය..
👉 2005ට පෙර ශ්‍රී ලංකාවේ නිවාසවලින් විදුලි බලය තිබුණේ සීයට 78කට පමණයි. හැබැයි 2014 වන විට මේ ප්‍රමාණය සීයට 98 දක්වා ඉහළ ගියා.
👉 වසර නමයක් තුළ සිදුවූ මේ සුවිශාල වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් සැපයූ රටක් තමයි ඉරානය. එකල ඉරානයේ නායකයා වුණේ අද කනගාටුදායක ලෙස ජීවිතයෙන් සමුගෙන සිටින මහමුද් අහමදිනෙජාද්. ලංකාවේ ඇතැම් ගම්මානවල මිනිස්සු අදටත් විදුලි බලයෙන් ප්‍රයෝජන ලැබීමට ඔහු දුන් සහයෝගය අපට අමතක කළ නොහැක්කක්.
👉 ඒ ගැන කියන්න කලින් මේ නායකයා ගැන මූලික හැදින්වීමක් කරලා ඉන්නම්.
👉 මහමුද් අහමදිනෙජාද් (Mahmoud Ahmadinejad) කියන්නේ ඉරාන දේශපාලන ඉතිහාසය තුළ වඩාත්ම කතාබහට ලක්වූ චරිතයක්. ඔහු 2005 සිට 2013 දක්වා දෙවතාවක් ඉරාන ජනාධිපති ලෙස කටයුතු කළා.
👉 1956 ඔක්තෝබර් 28 වන දින උපත ලැබූ අහමදිනෙජාද් ඉතා දුප්පත් පසුබිමක හැදී වැඩුණ අයෙක්. ඔහුගේ පියා කම්මල්කරුවෙකු ලෙස වෙහෙසී වැඩ කරමින් දරුවන් හත් දෙනෙකු නඩත්තු කළා.
👉 1976 දී ඉරානයේ ප්‍රමුඛතම තාක්ෂණික විශ්වවිද්‍යාලයක් වන ඉරාන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට (IUST) ඇතුළත්ව සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මූලික උපාධියක් ලබා ගත් අහමදිනෙජාද් පසුව 1997 දී ප්‍රවාහන ඉංජිනේරු විද්‍යාව සහ සැලසුම්කරණය පිළිබඳ ආචාර්ය උපාධියක් (Ph.D.) හිමි කරගත්තා.
👉 2005 දි තමයි ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කරන්නේ. යම් යම් ආන්දෝලනාත්මක විවේචන මැද වුණත් ඔහුගේ පාලන සමය කියන්නේ ඉරානය පහුගිය කාලය තුළ අත්කරගත් ජයග්‍රහණවලට සැලකිය යුතු දායකත්වයක් ලැබුණු සමයක්.
👉 මෙහිදී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සුවිශේෂියි. ඉරානය ඊට බොහෝ කාලයකට පෙර න්‍යෂ්ටික අත්හදා බැලීම් සදහා යොමු වී තිබුණත් බටහිර රටවල දැඩි බලපෑම් මැද න්‍යෂ්ටික වැඩසටහන ඉදිරියට ගෙන ඒමට තීරණාත්මක මැදිහත්වීමක් කළ නායකයා තමයි අහමදිනෙජාද්.
👉 ඔහු න්‍යෂ්ටික බලශක්තිය ඉරානයේ නොවෙනස් අයිතියක් ලෙස ප්‍රකාශ කළා. එය රටේ ජාතික අභිමානය හා භෞතික දියුණුව වඩවන වැඩසටහනක් ලෙස ජනතාව අතර ජනප්‍රිය වුණා.
👉 ඔහුගේ පාලන සමය තුළ ඉරානය සතුව තිබූ කේන්ද්‍රඅපසාරක හෙවත් සෙන්ට්‍රිෆියුජ් (Centrifuges) ප්‍රමාණය දහස් ගණනින් ඉහළ ගියා.
👉 හැබැයි මේ සියල්ල කළේ මොසාඩ් ඔත්තු සේවයේ සහ අමෙරිකාවේ දැඩි බාධා කිරීම්, ආර්ථික සම්බාධක මැද. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට දායක වූ එරට ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් ගණනාවක් සූක්ෂ්ම ලෙස ඝාතනය කිරීමට පවා මොසාඩ් සංවිධානය සමත් වුණා. මා ඒ පිළිබද මීට පෙර කළ වීඩියෝව පළමු කොමෙන්ටුවේ දාලා තියනවා. අවශ්‍ය කෙනෙකුට බලන්න පුළුවන්.
👉 බටහිර ලෝකයට එළිපිටම අභියෝග කරමින් ඔහු ගත් මේ ක්‍රියාමාර්ගවලට අමතරව ඔහු සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රිය වුණේ ඉතා සරල දිවි පැවැත්මක් ඇති නායකයෙක් විදිහට.
👉 මෙය ඔහු හුදු ජනප්‍රිය වීම සදහා අනුගමනය කළ ළාමක ප්‍රතිපත්තියක් විය හැකි වුවත් ඔහුගේ සරල දිවි පැවැත්ම ජාත්‍යන්තර වශයෙන් පවා කතාබහට ලක් වුණා.
👉 ඔහු ජනාධිපති ලෙස තේරී පත් වූ පසු, ටෙහෙරාන් නුවර පිහිටි නිල ජනාධිපති මන්දිරයේ පදිංචියට යාම ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට ඔහු තම පියාගෙන් උරුම වූ කුඩා නිවසේ පදිංචි වී සිටියා.
👉 බොහෝ රාජ්‍ය නායකයන් මිල අධික වෙඩි නොවදින සුඛෝපභෝගී රථ භාවිතා කළත්, අහමදිනෙජාද් වසර ගණනාවක් පරණ 1977 දී නිෂ්පාදිත පියුජෝ 504 (Peugeot 504) රථයක් පාවිච්චි කළා.
👉 පසුකාලීනව ඔහු මේ රථය ඩොලර් මිලියන 2.5ක මුදලකට වෙන්දේසි කොට එම මුදල අඩු ආදායම්ලාභීන්ට නිවාස තනා දීමට පරිත්‍යාග කළා.
👉 ඔහු සිය නිවසේදී සහ ඇතැම් අවස්ථාවල නිල හමුවීම්වලදී පවා බිම වාඩි වී ආහාර ගැනීමට ප්‍රිය කළා. ඇතැම් අවස්ථාවල ඔහු සිය කාර්යාලයේ බිම නිදා සිටින ඡායාරූප පවා සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ වුණා.
👉 රජයේ මුදලින් ආහාර ගැනීම සීමා කළ ඔහු රාජකාරියට ගියේ නිවසේදී බිරිඳ විසින් සකස් කරන ලද කෑම පාර්සලයක් අරගෙන.
👉 ජනාධිපති ධුරයෙන් පසු ඔහු ඉරාන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස නැවත ඉගැන්වීම් ආරම්භ කළා. එකල ඔහු සාමාන්‍ය බස් රථයකින් විශ්වවිද්‍යාලයට යන ඡායාරූප එකල ලෝකය පුරා ප්‍රසිද්ධ වුණා.
👉 ඔහු සාපේකෂව නිදහස් මතධාරියෙක්. ජනාධිපති ධූරයෙන් ඉවත් වුවත් ඔහු විවිධ වේදිකාවල අදහස් පළ කරමින් ඒ රටේ පැවති පාලනය පවා විටෙක විවේචනය කළා. විශේෂයෙන්ම ඉරානය තුළ කාන්තාවන්ට පනවා ඇති ඇතැම් නීතිරීතිවලට විරුද්ධව ඔහු ප්‍රසිද්ධියේ අදහස් පළ කළා. මේ නිසාම නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඔහු ඉදිරිපත් කළ නාම යෝජනා ඉරානයේ උත්තරීතර මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
👉 මහමුද් අහමදිනෙජාද්ගේ පාලන සමය කියන්නේ ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සබඳතාවල ස්වර්ණමය යුගයක්. ඒ අතර වැදගත්ම කාරණය තමයි ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉරානයෙන් ලැබුණු කොන්දේසි විරහිත සහයෝගය.
👉 යුද සමයේදී ශ්‍රී ලංකාව දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටියදී, ඉරානය ශ්‍රී ලංකාවට මාස 7ක සහන කාලයක් සහිතව බොරතෙල් ලබා දීමට කටයුතු කළා.
👉 ඒ වගේම බටහිර රටවල් ලංකාවේ ගෙල සිර කරමින් සිටි මොහොතක ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අවශ්‍ය කරන ඇතැම් තාක්ෂණික උපකරණ සහ මූල්‍ය පහසුකම් ලබා දීමට අහමදිනෙජාද් රජය පසුබට වුණේ නෑ.
👉 යුද්ධයෙන් පසු ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වැනි ජාත්‍යන්තර වේදිකාවලදී ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් ගෙන ආ යෝජනාවලදී ඉරානය නිරන්තරයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියා.
👉 අහමදිනෙජාද් පාලන සමයේ ශ්‍රී ලංකාවට ලැබුණු අනෙක් විශාලතම තෑග්ග වුණේ උමා ඔය බහුවිධ සංවර්ධන ව්‍යාපෘතිය. 2008 වසරේදී ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් මෙම ව්‍යාපෘතියට මුල්ගල තැබුවා. මෙහි මුළු පිරිවැයෙන් ඩොලර් මිලියන 450කට අධික මුදලක් සහනදායී ණය පදනම මත ලබා දීමට ඉරානය එකග වුණා වගේම ව්‍යාපෘතියේ ඉංජිනේරු සහ තාක්ෂණික කටයුතු සඳහා FARAB වැනි ඉරාන සමාගම් සෘජුවම දායක වුණා.
👉 ඒ වගේම ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ඔහු විශාල දායකත්වයක් ලබා දුන්නා. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ධාරිතාව දෙගුණ කිරීම සඳහා තාක්ෂණික සහ මූල්‍ය සහය ලබා දීමට ඔහු එකඟ වුණා. ඒ වගේම ලංකාවේ ගම්මාන රැසකට විදුලිය ලබා දීමේ ව්‍යාපෘති සඳහා ඉරානය විසින් ඩොලර් මිලියන ගණනක ප්‍රදානයන් සහ සහන ණය ලබා දුන්නා.
👉 කලින් සදහන් කළ පරිදි 2014 වන විට ලංකාවේ විදුලිය හිමි නිවාස ප්‍රතිශතය සීයට 98 දක්වා ඉහළ යාමට ඉරානයෙන් ලැබුණු උදව් විශාල හේතුවක් වූ බව අප අමතක කළ යුතු නැහැ.
👉 වැදගත්ම කාරණය වන්නේ බටහිර මූල්‍ය ආයතන මෙන් අසාධාරණ කොන්දේසි පැනවීම්වලින් තොරව සැබෑ මිතුරෙකු ලෙස මේ සියලු උපකාර ලබාදීමට ඉරානය කටයුතු කිරීම.
👉 මේ දේවල් කොහොම වුණත් ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති, ලෝක බලවතුන් හා ගැටුමට යාම, දුප්පතුන්ට සහන දීමේ ක්‍රියාමාර්ග වගේ දේවල් නිසා ඉරාන ආර්ථිකයට දිගු කාලීනව අහිතකර බලපෑම් ඇති වූ බවටත් චෝදනා එල්ල වෙනවා.
👉 මේ තත්ත්වයන් මත ඔහුගෙන් පසුව බලයට පත් හසන් රූහානි ජනාධිපතිවරයා ඇමරිකාව ඇතුළු බලවත් රටවල් සමඟ න්‍යෂ්ටික ගිවිසුමකට අත්සන් තැබුවා. ඔහු අහමදිනෙජාද්ගේ ප්‍රතිපත්ති විවේචනය කළා.
👉 මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉරානයට නැවතත් ජාත්‍යන්තර වෙළඳපොළට තෙල් විකිණීමේ අවස්ථාව ලැබුණු නමුත් 2018 දී එවකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒකපාර්ශ්විකව මෙම න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වුණා. අද ඉරානයට න්‍යෂ්ටික අවි පිළිබද අභූත චෝදනා එල්ල කරන අමෙරිකාවට මේ ප්‍රශ්නය සාමකාමීව විසදා ගැනීමට වුවමනාවක් නොතිබූ බවට මෙය කදිම උදාහරණයක්.
👉 අද ඔහු අසාධාරණ ලෝක බල දේශපාලනයේ ගොදුරක්ව ඉතාම කනගාටුදායක ලෙස ජීවිතයෙන් සමුගෙන තිබෙනවා. කුමන වාද විවාද මැද වුවත් ඔහු ඉරානය ඉතා ඉහළ තලයකට ඔසවා තැබීමට සුවිශේෂි මෙහෙයක් කළ නායකයෙක්. මේ මොහොතේ ශ්‍රී ලාංකිකයන් ලෙස ඔහුගෙන් අපට ලැබුණු දෑ ගැනත් අප කෘතඥපූර්වකව සිහිපත් කළ යුතුයි.
- ඉසුරු ප්‍රසංග
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..