සිංහල බෞද්ධ බිකිනිය..
“පාලාවී රජ්ජුරුවන්ගේ කාලේ ඉරාන කාන්තාවෝ බිකිනි ඇන්දා. ඒත් දැන් ඉරාන කාන්තාවන්ට ඒ නිදහස නෑ” කියලා වැළැපෙන සිංහල බෞද්ධයෝ පිරිසක් අපි අතර ඉන්නවා.
පාලාවී රජවරුන්ගේ පැටිකිරිය දන්න අයත් ගොඩක් නෑ වගේ. “පාලාවී රජවරු” කියලා කිව්වාට එහෙම එවුන් හිටියේ දෙන්නයි. එංගලන්තේ සුද්දෝ තමයි ඒ දෙන්නාගෙන් මුල් ම එකාව (රීසා ඛාන්) උස්සලා රජ පුටුවෙන් තිබ්බේ. ඒ, 1925 දී. එහෙම රජ පුටුවට ආපු රීසා ඛාන් (රීසා ෂා පාලාවී) රජ පුටුවෙන් බස්සන්නත් එංගලන්තේ සුද්දෝ මුල්වුණා. ඒ, 1941 දී.
ඇත්තෙන්ම, සුද්දෝ උස්සලා ඉස්සරහට ගෙනාවත් රීසා ඛාන්ට ඕනවුණේ ජනරජයක් හදන්න. ඒත් එංගලන්තේ පොරවල් ඒ අදහසට එකඟවුණේ නෑ. ඉතින් රීසා ඛාන්ට රජවෙන්න සිද්දවුණා. “පාලාවී” කියන්නේ මීට අවුරුදු 1500 කට කලින් අවුරුදු හත් අටසීයක් තිස්සේ පර්සියානු භාෂාව ලියන්න යොදාගත්ත හෝඩියක්. අලුතින් අටවපු රජකමට පරණ නමකින් වැඩක් ගන්න පුළුවන් හින්දා තමයි මේ රාජ වංශය “පාලාවී” කියලා නම් කරගත්තේ.
1941 දී, රීසා ෂා පාලාවී රජ පුටුවෙන් බැස්සාම එයාගේ පුතාට රජකම ලැබුණා. ඇත්තෙන්ම, එංගලන්තේ පොරවල්ට ඕනවෙලා තිබුණේ 1925 ට කලින් රජ කරපු ඛාජාර් වංශයට ආයෙත් බලය දෙන්න. ඒත් ඒක භාරගන්න ඉතුරුවෙලා හිටිය එකාට පර්සියානු භාෂාව කතා කරන්න බෑ. දෙවැනි ලෝක යුද්ධය මැද්දේ එහෙම වෙනසක් කරලා නැති අවුල් හදාගන්න එපා කියලා සෝවියට් දේශය කිව්වා. ඉතින් රීසා ෂා පාලාවීගේ පුතාට (මොහොමඩ් රීසා පාලාවීට) රජකම ලැබුණා. රීසා ෂා පාලාවී මුරිසියට පිටුවහල් වුණා. ඊට පස්සේ දකුණු අප්‍රිකාවට ගිහිල්ලා එහි දී මළා.
රීසා ෂා පාලාවී රජකම් කළේ අවුරුදු 16 යි. ඒ, 1925 ඉඳලා 1941 දක්වා. ඊට පස්සේ ඔටුණු පළන්දවපු මොහොමඩ් රීසා පාලාවී 1979 වෙන කල් බලයේ හිටියා. ඉතින් මේ තාත්තයි පුතයි දෙන්නාම එකතු කරලා ගත්තත් ඉරානයේ පාලාවී පාලනය තිබුණේ අවුරුදු 54 ක් විතරයි.
මෙන්න මේ අවුරුදු 54 ක කාලයේ වෙන්න ඕන ඉරානයේ කාන්තාවෝ බිකිනි අඳින්න ඇත්තේ. බිකිනි වර්ණනාව කරන අපේ කට්ටියගේ අම්මලා 1979 ට කලින් ඉපැදිච්ච අය වෙන්න ඕන. අපේ බිකිනි ලබ්ධිකයිනි, නුඹලාගේ අම්මලා බිකිනි ඇන්දා ද? එහෙම ඇන්දේ නැතිනම් ඒ ඇයි? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
පහුගිය අවුරුදු 20 – 25 ක කාලයේ ඇමෙරිකන්කාරයෝ ඉරාකයේ, ලිබියාවේ, සිරියාවේ උන්දැලාට නම් බිකිනි ඇන්දුවා. දැන් ඒ රටවල්වල කාන්තාවෝ මාර ජොලියෙන් Baywatch එකේ රඟපානවා. Baywatch එකේ රඟන එවුන්ට මාර නිදහසක්නේ තියෙන්නේ. උන් උදේ ඉඳලා රෑ වෙන කල් ම බීච් එකේ. රස්සාවක් කරන්න, ළමයි හදලා ලොකු මහත් කරන්න තියා උයන්නවත් ඕන නෑ.
මෙන්න මේ “බිකිනි නිදහස” ඉරානයට ලබාදෙන්න තමයි දැන් ඇමෙරිකාව මහන්සිවෙන්නේ. එතකොට අපේ බිකිනි සෙට් එකට පුළුවන් රීසා පාලාවීගේ මුණුපුරාට (ඒ කියන්නේ, මොහොමඩ් පාලාවීගේ පුතාට) ඔටුණු පළන්දවන්න. අන්න එහෙම කරනවා නම් තමයි අපේ බිකිනි ලබ්ධිකයෝ සෙට් එකේ හිත් පිරෙන්නේ. අපේ රටේ ප්‍රශ්න විසැඳෙන්නේ.
අපේ බිකිනි ලබ්ධිකයෝ මේ ගොන් කතා කියන්නේ තමන්ගේ හිත්වල පිරිලා තියෙන මුස්ලිම් විරෝධයක් හින්දා. මුස්ලිම් මිනිස්සු ලිබරල් ගුලි ගිලලා නෑ. ඉතින් හම්බ කරගෙන කන්න උන් දන්නවා. තරුණ කාලේ බැඳලා කරලා පුළුවන් තරම් ළමයි හදනවා. ළමයි හැදිල්ල උන්ට බරක් නෙවෙයි. මේ “ජනගහන වර්ධනය” දිහා සහ තවත් දේවල් දිහා බලලා අපේ අය හූල්ලනවා.
අපිට කෙළවෙලා තියෙන්නේ ඇයි කියලා අපේ මේ බිකිනි ලබ්ධිකයෝ හිතන්නේ නෑ. අපේ සිංහල මිනිස්සු ලිබරල් වන්දනාවේ කරවටක් එරිලා. Baywatch එකේ පෙන්නපු “නිදහස්” ලෝකයට යන්න අපේ මිනිස්සු හීන දකිනවා. තමන්ට බැරි නම් ඒ ලෝකයට තමන්ගේ ළමයි හරි යවන්න ඕන. ඉතින් ඒ කිරි සප්පයන්ව දුර ඈත තියෙන “ලොකු” ඉස්කෝලවලට දක්කනවා. ඉස්කෝලෙන් පස්සෙත්, පුළුවන් නම් ඉස්කෝලේ යන අතරත් දවල් රෑ නැතුව ළමයින්ව ටියුෂන්වලටත් යවනවා. ඉංග්‍රීසි ඉගැන්නිල්ල මූලික ම වැඩේ බවට පත් කරගන්නවා.
මෙහෙම ලොකු මහත් කරන “බබ්බු” හම්බ කරගෙන කන්න දන්නේ නෑ. උදේට ඇඳුමක් මැදගෙන, බත් එකකුත් බැඳගෙන රස්සාවකට යන්න තමයි සිංහල ඉලන්දාරි කැමැති. ජීවිතේ හොඳ ම කාලේ මෙහෙම රස්තියාදු වෙලා, හෙම්බත් වෙන මැද්දේ මහ දැවැන්ත මුදලක් වියදම් කරලා වයස අවුරුදු 30 ත් පහුවෙලා කසාදයක් කරගන්නවා. මෙහෙම එකතුවෙන ජෝඩුවලට තියෙන්නෙත් “බිකිනි නිදහස” අත්පත් කරගැනීමේ හීනය.
මේ හීනය දැකීමේ පිරිවැය හුඟක් ඉහළ එකක්. අල්පේච්ඡතාව තියෙන්නේ බණ පොත්වල. ඒවා කවුද ගණන් ගන්නේ? බහුභාණ්ඩික බවයි වැදගත්. ඒ වෙනුවෙන් සල්ලි වියදම් කරන්න ඕන. ඒවාට සල්ලි වියදම් කළාම ළමයි හදන්න පුළුවන් කාට ද? අමාරුවෙන් හරි ළමයෙක් හදාගත්තොත් ඒකාව Baywatch රංගනයට පුරුදු කරවන්නත් ඕන. ඒක මහ වියදම් වැඩක්. ඉතින් ළමයි හැදිල්ල මහා ලොකු බරක් බවට පත්වෙනවා.
මෙන්න මේකයි අපේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නය විසඳගන්න අපිට පුළුවන් වෙන්නේ පාලාවීට ඉරානයේ රජකම ඇරැගෙන දුන්නොත් විතරයි. ඉතින් අපේ බිකිනි ලබ්ධිකයෝ ඒ වෙනුවෙන් මහන්සිවෙනවා.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..