News Category
From Date
To Date
Maximum Number of Result

සිංහල බෞද්ධ බිකිනිය..

Mar 3, 2026 at 08:34 AM
|

“පාලාවී රජ්ජුරුවන්ගේ කාලේ ඉරාන කාන්තාවෝ බිකිනි ඇන්දා. ඒත් දැන් ඉරාන කාන්තාවන්ට ඒ නිදහස නෑ” කියලා වැළැපෙන සිංහල බෞද්ධයෝ පිරිසක් අපි අතර ඉන්නවා.

පාලාවී රජවරුන්ගේ පැටිකිරිය දන්න අයත් ගොඩක් නෑ වගේ. “පාලාවී රජවරු” කියලා කිව්වාට එහෙම එවුන් හිටියේ දෙන්නයි. එංගලන්තේ සුද්දෝ තමයි ඒ දෙන්නාගෙන් මුල් ම එකාව (රීසා ඛාන්) උස්සලා රජ පුටුවෙන් තිබ්බේ. ඒ, 1925 දී. එහෙම රජ පුටුවට ආපු රීසා ඛාන් (රීසා ෂා පාලාවී) රජ පුටුවෙන් බස්සන්නත් එංගලන්තේ සුද්දෝ මුල්වුණා. ඒ, 1941 දී.

ඇත්තෙන්ම, සුද්දෝ උස්සලා ඉස්සරහට ගෙනාවත් රීසා ඛාන්ට ඕනවුණේ ජනරජයක් හදන්න. ඒත් එංගලන්තේ පොරවල් ඒ අදහසට එකඟවුණේ නෑ. ඉතින් රීසා ඛාන්ට රජවෙන්න සිද්දවුණා. “පාලාවී” කියන්නේ මීට අවුරුදු 1500 කට කලින් අවුරුදු හත් අටසීයක් තිස්සේ පර්සියානු භාෂාව ලියන්න යොදාගත්ත හෝඩියක්. අලුතින් අටවපු රජකමට පරණ නමකින් වැඩක් ගන්න පුළුවන් හින්දා තමයි මේ රාජ වංශය “පාලාවී” කියලා නම් කරගත්තේ.

1941 දී, රීසා ෂා පාලාවී රජ පුටුවෙන් බැස්සාම එයාගේ පුතාට රජකම ලැබුණා. ඇත්තෙන්ම, එංගලන්තේ පොරවල්ට ඕනවෙලා  තිබුණේ 1925 ට කලින් රජ කරපු ඛාජාර් වංශයට ආයෙත් බලය දෙන්න. ඒත් ඒක භාරගන්න ඉතුරුවෙලා හිටිය එකාට පර්සියානු භාෂාව කතා කරන්න බෑ. දෙවැනි ලෝක යුද්ධය මැද්දේ එහෙම වෙනසක් කරලා නැති අවුල් හදාගන්න එපා කියලා සෝවියට් දේශය කිව්වා. ඉතින් රීසා ෂා පාලාවීගේ පුතාට (මොහොමඩ් රීසා පාලාවීට) රජකම ලැබුණා. රීසා ෂා පාලාවී මුරිසියට පිටුවහල් වුණා. ඊට පස්සේ දකුණු අප්‍රිකාවට ගිහිල්ලා එහි දී මළා.

රීසා ෂා පාලාවී රජකම් කළේ අවුරුදු 16 යි. ඒ, 1925 ඉඳලා 1941 දක්වා. ඊට පස්සේ ඔටුණු පළන්දවපු මොහොමඩ් රීසා පාලාවී 1979 වෙන කල් බලයේ හිටියා. ඉතින් මේ තාත්තයි පුතයි දෙන්නාම එකතු කරලා ගත්තත් ඉරානයේ පාලාවී පාලනය තිබුණේ අවුරුදු 54 ක් විතරයි.

මෙන්න මේ අවුරුදු 54 ක කාලයේ වෙන්න ඕන ඉරානයේ කාන්තාවෝ බිකිනි අඳින්න ඇත්තේ. බිකිනි වර්ණනාව කරන අපේ කට්ටියගේ අම්මලා 1979 ට කලින් ඉපැදිච්ච අය වෙන්න ඕන. අපේ බිකිනි ලබ්ධිකයිනි, නුඹලාගේ අම්මලා බිකිනි ඇන්දා ද? එහෙම ඇන්දේ නැතිනම් ඒ ඇයි? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.

පහුගිය අවුරුදු 20 – 25 ක කාලයේ ඇමෙරිකන්කාරයෝ ඉරාකයේ, ලිබියාවේ, සිරියාවේ උන්දැලාට නම් බිකිනි ඇන්දුවා. දැන් ඒ රටවල්වල කාන්තාවෝ මාර ජොලියෙන් Baywatch එකේ රඟපානවා. Baywatch එකේ රඟන එවුන්ට මාර නිදහසක්නේ තියෙන්නේ. උන් උදේ ඉඳලා රෑ වෙන කල් ම බීච් එකේ. රස්සාවක් කරන්න, ළමයි හදලා ලොකු මහත් කරන්න තියා උයන්නවත් ඕන නෑ.

මෙන්න මේ “බිකිනි නිදහස” ඉරානයට ලබාදෙන්න තමයි දැන් ඇමෙරිකාව මහන්සිවෙන්නේ. එතකොට අපේ බිකිනි සෙට් එකට පුළුවන් රීසා පාලාවීගේ මුණුපුරාට (ඒ කියන්නේ, මොහොමඩ් පාලාවීගේ පුතාට) ඔටුණු පළන්දවන්න. අන්න එහෙම කරනවා නම් තමයි අපේ බිකිනි ලබ්ධිකයෝ සෙට් එකේ හිත් පිරෙන්නේ. අපේ රටේ ප්‍රශ්න විසැ‍ඳෙන්නේ.

අපේ බිකිනි ලබ්ධිකයෝ මේ ගොන් කතා කියන්නේ තමන්ගේ හිත්වල පිරිලා තියෙන මුස්ලිම් විරෝධයක් හින්දා. මුස්ලිම් මිනිස්සු ලිබරල් ගුලි ගිලලා නෑ. ඉතින් හම්බ කරගෙන කන්න උන් දන්නවා. තරුණ කාලේ බැඳලා කරලා පුළුවන් තරම් ළමයි හදනවා. ළමයි හැදිල්ල උන්ට බරක් නෙවෙයි. මේ “ජනගහන වර්ධනය” දිහා සහ තවත් දේවල් දිහා බලලා අපේ අය හූල්ලනවා.

අපිට කෙළවෙලා තියෙන්නේ ඇයි කියලා අපේ මේ බිකිනි ලබ්ධිකයෝ හිතන්නේ නෑ. අපේ සිංහල මිනිස්සු ලිබරල් වන්දනාවේ කරවටක් එරිලා. Baywatch එකේ පෙන්නපු “නිදහස්” ලෝකයට යන්න අපේ මිනිස්සු හීන දකිනවා. තමන්ට බැරි නම් ඒ ලෝකයට තමන්ගේ ළමයි හරි යවන්න ඕන. ඉතින් ඒ කිරි සප්පයන්ව දුර ඈත තියෙන “ලොකු” ඉස්කෝලවලට දක්කනවා. ඉස්කෝලෙන් පස්සෙත්, පුළුවන් නම් ඉස්කෝලේ යන අතරත් දවල් රෑ නැතුව ළමයින්ව ටියුෂන්වලටත් යවනවා. ඉංග්‍රීසි ඉගැන්නිල්ල මූලික ම වැඩේ බවට පත් කරගන්නවා.

මෙහෙම ලොකු මහත් කරන “බබ්බු” හම්බ කරගෙන කන්න දන්නේ නෑ. උදේට ඇඳුමක් මැදගෙන, බත් එකකුත් බැඳගෙන රස්සාවකට යන්න තමයි සිංහල ඉලන්දාරි කැමැති. ජීවිතේ හොඳ ම කාලේ මෙහෙම රස්තියාදු වෙලා, හෙම්බත් වෙන මැද්දේ මහ දැවැන්ත මුදලක් වියදම් කරලා වයස අවුරුදු 30 ත් පහුවෙලා කසාදයක් කරගන්නවා. මෙහෙම එකතුවෙන ජෝඩුවලට තියෙන්නෙත් “බිකිනි නිදහස” අත්පත් කරගැනීමේ හීනය.

මේ හීනය දැකීමේ පිරිවැය හුඟක් ඉහළ එකක්. අල්පේච්ඡතාව තියෙන්නේ බණ පොත්වල. ඒවා කවුද ගණන් ගන්නේ? බහුභාණ්ඩික බවයි වැදගත්. ඒ වෙනුවෙන් සල්ලි වියදම් කරන්න ඕන. ඒවාට සල්ලි වියදම් කළාම ළමයි හදන්න පුළුවන් කාට ද? අමාරුවෙන් හරි ළමයෙක් හදාගත්තොත් ඒකාව Baywatch රංගනයට පුරුදු කරවන්නත් ඕන. ඒක මහ වියදම් වැඩක්. ඉතින් ළමයි හැදිල්ල මහා ලොකු බරක් බවට පත්වෙනවා.

මෙන්න මේකයි අපේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නය විසඳගන්න අපිට පුළුවන් වෙන්නේ පාලාවීට ඉරානයේ රජකම ඇරැගෙන දුන්නොත් විතරයි. ඉතින් අපේ බිකිනි ලබ්ධිකයෝ ඒ වෙනුවෙන් මහන්සිවෙනවා.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති


සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.