News Category
From Date
To Date
Maximum Number of Result

ඇමරිකාවේ ගණන් බැලීම් වැරදුණාද?.. ඉරානය මේ තරම් අවදානමක් ගන්නේ ඇයි?

Mar 3, 2026 at 05:39 AM
|

අපේ රටේ බොහෝ දෙනෙක් ලෝක දේශපාලනය ගැන උනන්දුයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ සිදුවන වෙනස්කම් අපේ රටේ ආර්ථිකයටත් සෘජුවම බලපාන නිසා, මේ ගැන කතා කිරීම කාලෝචිතයි කියලා මම හිතනවා. මෙය විග්‍රහය හුදෙක් ඉරාන යුද්ධය ගැන තව කතාවක් නෙමෙයි. මෙය ලෝක බලවතුන්ගේ උපායමාර්ගික වැරදීම් සහ ඒ හරහා මුළු මහත් ලෝකයටම විඳින්නට සිදුවන ප්‍රතිවිපාක ගැන බය හිතෙන කතාවක්. 

ඇමරිකාවේ ගණන් බැලීම් කොතැනද වැරදුණේ? ඉරානය මේ තරම් ශක්තිමත්ව මුහුණ දෙන්නේ කොහොමද? අපි මේ ලිපියෙන් ඒ ගැන දීර්ඝව සාකච්ඡා කරමු.

ඕනෑම යුද්ධයකදී දෙපාර්ශවයම උත්සාහ කරන්නේ තමන් ජයග්‍රහණය කරන බව ලෝකයට පෙන්වීමට. නමුත් පසුගිය දින කිහිපය තුළ මැදපෙරදිගින් ඇසෙන පුවත් දෙස බලන විට පෙනී යන්නේ ඇමරිකාව බලාපොරොත්තු වූ දෙයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් සිදුවෙමින් පවතින බව නේද? 

මෙය ඇමරිකාව විසින් සිදුකළ මහා පරිමාණයේ "උපායමාර්ගික වැරදි ගණන් බැලීමකි!"  සාමාන්‍යයෙන් ඇමරිකාව වැනි රටක් යුද්ධයකට යන්නේ ඉතාමත් සූක්ෂම සැලසුම් ඇතිව. ඒ ගණන් බැලීම් අනුව මෙවර ඔවුන් සිතුවේ ඉරානයට දැඩි ප්‍රහාරයක් එල්ල කරන විට, ඔවුන් බිය වී පසුබසිනු ඇති බව!

එහෙත් සිදු වූයේ එහි අනෙක් පැත්ත. ඉරානය පසුබසිනවා වෙනුවට, කලාපය පුරා ඇති ඇමරිකානු කඳවුරු වලට සහ ඔවුන්ගේ මිත්‍ර රට වලට පවා අභීතව ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තා.. මෙතැනදී අපට පෙනෙන ප්‍රධානම කරුණ නම්, ඇමරිකාව ඉරානයේ "නොනැමෙන ශක්තිය" නිවැරදිව තක්සේරු කර නොමැති බවයි.

සමහරු අහන ප්‍රශ්නයක් තමයි, ඉතින්  ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එන්නට අවස්ථාවක් තිබුණද කියල!

ඔව්, ඇත්තටම ඉතාමත් හොඳ අවස්ථාවක් තිබුණා..  යුධ විශාරදයන් පෙන්වා දෙන ආකාරයට, ඇමරිකාව ප්‍රහාරය ආරම්භ කිරීමට හරියටම දිනකට පෙර, පෙබරවාරී 27 වෙනිදා ඕමාන විදේශ අමාත්‍යවරයා හරහා, ඉතා වැදගත් පණිවිඩයක් ඉරානයෙන් ලැබී තිබුණා!

ඉරානය එම පණිවිඩයෙන් පවසා තිබුණේ ඔවුන් යුරේනියම් 'Reprocessing' ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර කිරීමටත්, ඔවුන් සතු න්‍යෂ්ටික තොග ඉවත් කිරීමටත් සූදානම් බව! මෙය මීට පෙර කිසිම දිනක ඉරානය එකඟ නොවූ මට්ටමේ අති විශාල සහනයක්.. 

නමුත් ට්‍රම්ප් පරිපාලනය එම රන්මය අවස්ථාව මඟ හැරියා. ඒ වෙනුවට ඔවුන් තෝරා ගත්තේ යුද්ධය.. ඉන් පෙනී යන්නේ ඇමරිකාවට අවශ්‍ය වී තිබුණේ සාකච්ඡාවක් නොව, ඉරාන පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ දැඩි උත්සාහය පමණක් බව!

යුද්ධයකදී තාක්ෂණය සහ අවි ආයුධ වගේම වැදගත් දෙයක් තමයි මිනිසුන්ගේ මානසිකත්වය. ඉරාන නායකයා ඝාතනය කිරීම හරහා ඉරානය ඇතුළත සහ මුළු මහත් ෂියා මුස්ලිම් ලෝකය පුරා දැන් අති විශාල පිබිදීමක් ඇති වී තිබෙනවා.

ඉරාන නායකයා ආරක්ෂිත බංකරයකට නොගොස්, තමන් සිටින ස්ථානය ලෝකයටම පෙනෙන්නට හැරියේ "දිවි පිදූවෙකු" වීමේ අරමුණින් විය හැකි බවට ඔවුන්ගේ විග්‍රහයක් තිබෙනවා. මෙහි ප්‍රතිඵලය වූයේ ඉරාන රජයට එරෙහිව සිටි සාමාන්‍ය ජනතාව පවා, විදේශීය ආක්‍රමණ හමුවේ තම රට වෙනුවෙන් එකට අත්වැල් බැඳගැනීම! 

ඇමරිකාව සිතුවේ නායකත්වය විනාශ කළ විට ජනතාව කැරලි ගසනු ඇති බව. නමුත් ඇත්ත වශයෙන්ම සිදු වූයේ ඉරාන ජනතාව තම නායකත්වය වටා වඩාත් ශක්තිමත්ව රොක් වීම. අපේ රටේ වගේම ලෝකයේ බොහෝ දෙනෙක් සිතන්නේ, ඇමරිකාවට ඕනෑම කාලයක් යුද්ධයක් පවත්වා ගෙන යාමට සම්පත් තිබෙන බව. නමුත් සත්‍යය එය නොවෙයි. 

පසුගිය වසර හතර පුරාම ඇමරිකාව තම ආයුධ ගබඩා වලින් විශාල ප්‍රමාණයක් යුක්රේනයට ලබා දුන්නා. ඇමරිකාව ආයුධ නිපදවන වේගයට වඩා වේගයෙන් ඒවා යුද්ධ වලදී වැය වෙමින් පවතිනවා.. ඉරානය එල්ල කරන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වැළැක්වීමට භාවිතා කරන 'පේට්‍රියට්' වැනි මිසයිල ඉතා මිල අධිකයි වගේම ඒවා සීමිතයි.

ඉරානය සතුව දස දහස් ගණනින් ලාභදායී ඩ්‍රෝන යානා තිබෙනවා. ඔවුන් මේවා දින ගණනාවක් තිස්සේ දිගින් දිගටම එල්ල කළහොත්, ඇමරිකාවට තම ආරක්ෂක මිසයිල අවසන් වීමේ අවදානමකට මුහුණ දීමට සිදු වෙනවා. මෙය ඇමරිකාවට ඉතාමත් අවාසිදායක තත්ත්වයක්!

ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා ලෝකයේ ඕනෑම තැනක බලය පතුරුවන්නට සමත් වුවත්, පටු මුහුදු තීරයන් සහිත මැදපෙරදිග කලාපයේදී ඒවා ඉරාන මිසයිල වලට ලෙහෙසියෙන් ඉලක්ක විය හැකියි. හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හරහා ලෝක තෙල් වෙළඳාමට එල්ල වන බලපෑම සුළුපටු නැහැ. 

දැනටමත් තෙල් නැව් කිහිපයකට ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වෙනවා.. මෙය සෘජුවම ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමට හේතු වන අතර, අපේ රට වැනි රට වලට එහි බලපෑම ඉතා තදින් දැනෙනු ඇත! එසේම ඇමරිකානු ජනතාව තවදුරටත් තමන්ගේ දූ දරුවන් විදේශීය යුද්ධ වලදී මියයනවා දකින්නට කැමති නැහැ. විශේෂයෙන්ම "පොළොව මත හමුදා සේනාංක" නොමැතිව ගුවනින් පමණක් පහර දී යුද්ධයක් ජයග්‍රහණය කළ නොහැකි බව යුධ විශාරදයන් අවධාරණය කරනවා.. 

ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ට්‍රම්ප් දැන් සාමය ගැන කතා කළත්, ඉරානය පවසන්නේ දැන් ඒ සඳහා ප්‍රමාද වැඩි බව. ඔවුන් දැන් උත්සාහ කරන්නේ ඇමරිකාවට සහ ඔවුන්ගේ කලාපීය මිත්‍රයන්ට ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන් හා සෞදි අරාබිය වැනි රට වලට වැනි උපරිම වේදනාවක් ලබාදීමට! ඒ නිසා අපේ රටේ විදේශගත ප්‍රජාව මේ කරුණු ගැන තමන්ගේම කියැවීමක් කළ යුතුයි. 

කෙටියෙන්ම කිව්වොත් ඇමරිකාව දැන් පසුවන්නේ ඉතාමත් අසීරු තැනක. ඔවුන්ට මේ යුද්ධය දිගින් දිගටම කරගෙන යාමට තරම් ප්‍රමාණවත් ආයුධ සහ ජනතා ප්‍රසාදයක් නොමැති අතර.. අතරමග නතර කිරීම ඔවුන්ගේ ලෝක බලවතා යන ප්‍රතිරූපයට හානියක්.

ඕනෑම යුද්ධයක ජයග්‍රහණය තීරණය වන්නේ "සම්පත් කළමනාකරණය" මත. මම කලින් කී ලෙස ඇමරිකාව සතු Patriot (MIM-104) වැනි මිසයිල පද්ධති ලොව දියුණුම තාක්ෂණයෙන් යුක්ත වුවත්, ඒවාට මුහුණ දීමට සිදුව ඇත්තේ ඉතා අඩු පිරිවැයක් සහිත ඉරාන උපක්‍රම වලට. 

ඉරානය භාවිතා කරන Shahed-136 වැනි 'මරාගෙන මැරෙන' ඩ්‍රෝන යානයක පිරිවැය ඩොලර් 20,000 කට ආසන්නයි. නමුත් එය විනාශ කිරීමට ඇමරිකාව භාවිතා කරන එක් මිසයිලයක මිල ඩොලර් මිලියන 2 කට වඩා වැඩියි.

ඉරානය එකවර ඩ්‍රෝන සහ මිසයිල 300-400 ක් පමණ ගුවන්ගත කරන විට, ඇමරිකානු රේඩාර් පද්ධති වලට සහ පරිගණක ඇල්ගොරිතම වලට ඒ සියල්ල හඳුනාගෙන පිළිතුරු දීමට ඇති හැකියාව සීමිතයි. මෙය විද්‍යාවේදී හදුන්වන්නේ "The Swarm Effect" ලෙස! 

සරලව කිවහොත්, ඇමරිකාවේ මිල අධික පේට්‍රියට් මිසයිල ඉවර වන තුරු, ඉරානයට ඔවුන්ගේ ලාභදායී ඩ්‍රෝන එල්ල කළ හැකියි. අවසානයේදී, ආරක්ෂක වැට බිඳුණු පසු ඉරාන මිසයිල ඉලක්ක වෙත ළඟා වේ. 

ඇමරිකාව සතු සුපිරි ගුවන් බලය මගින් ඕනෑම රටක මතුපිට ඇති ඉලක්ක විනාශ කළ හැකි වුවත්, ඉරානය මේ සඳහා සූදානම් වී ඇත්තේ දශක ගණනාවක සිටයි. ඉරානය තම මිසයිල නිෂ්පාදනාගාර සහ ගබඩා පද්ධති පිහිටුවා ඇත්තේ මීටර් 500ක් දක්වා ගැඹුරු ඝන පාෂාණමය කඳු පතුළේ. මෙය භූ-තාක්ෂණික ඉංජිනේරු විද්‍යාවේ උච්චතම අවස්ථාවක්. 

සාමාන්‍ය බෝම්බ වලට මෙම ස්ථාන කරා කිසිසේත් ළඟා විය නොහැක. මේවා විනාශ කිරීමට නම් 'Bunker Buster' බෝම්බ දහස් ගණනක් අවශ්‍ය වන අතර, ඉරානයේ ඇති භූ විෂමතාවය අනුව ගොඩබිම් හමුදාවක් ඇතුළු කිරීම යනු ඇමරිකාවට සියදිවි නසාගැනීමක් වැනි ක්‍රියාවක්.

අනෙක යුද්ධයක් පවත්වා ගෙන යාමට අවශ්‍ය ඉන්ධන සහ පතොරම් සැපයීමත් අභියෝගයක්. ඇමරිකානු ගුවන් හමුදාවේ C-17 Globemaster සහ C-5 Galaxy වැනි දැවැන්ත ප්‍රවාහන යානා මගින්, ඉන්ධන සහ අවි ප්‍රවාහනය කිරීමේදී "සැපයුම් දාමයේ දුර" ඉතා වැඩියි. ඒත් ඉරානයට එහෙම ප්‍රශ්නයක් නෑ..

ඔවුන්ට තම මව්බිම තුළ සිට සැපයුම් ලබා ගැනීම පහසු වුවත්, ඇමරිකාවට කිලෝමීටර් දහස් ගණනක සිට මේවා ගෙන ඒමට සිදුවෙනවා.. පේට්‍රියට් මිසයිල වැනි උසස් තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය "දුර්ලභ  මූලද්‍රව්‍ය" නැත්නම් 'Rare Earth Elements' හිඟවීම නිසා, යුද්ධය දිග්ගැස්සෙන විට ඇමරිකාවේ ආයුධ නිෂ්පාදන වේගය අඩාල වීම ඉතා සාමාන්‍යයයි.

ඊශ්‍රායලයේ 'Iron Dome' සහ 'Arrow' පද්ධති ලොව දියුණුම ආරක්ෂක පද්ධති වුවත් ඒවායේ "නැවත පිරවීමේ වේගය" සහ "සංවේදක" වලට දැඩි සීමාවන් පවතී. ඉරානය විසින් අධිවේගී "හයිපර්සොනික්" මිසයිල භාවිතා කළහොත්, ශබ්දයේ වේගය මෙන් කිහිප ගුණයක් වේගයෙන් එන එම මිසයිල හඳුනා ගැනීමට සහ විනාශ කිරීමට වත්මන් තාක්ෂණයට ඇත්තේ ඉතා කෙටි කාලයක්, කොටින්ම මිලි තත්පර ගණනක්!

ඒවගේම කියන්න ඕනී, අද සිදුවූ මැදපෙරදිග තෙල් පිරිපහදු සහ පර්යන්ත විනාශ වීම හුදෙක් ආර්ථික ප්‍රශ්නයක් පමණක්ම නොවේ. එය අති දැවැන්ත පාරිසරික විනාශයක්. සාගරයට තෙල් කාන්දු වීම සහ වායුගෝලයට මුදාහැරෙන කාබන් ප්‍රමාණය නිසා, ගෝලීය දේශගුණික විපර්යාස කෙරෙහි ද මෙහි බලපෑම එල්ල වෙනවා.

ඇමරිකාව මුලදී මෙම යුද්ධය "ඉතා පහසු ජයග්‍රහණයක්" ලෙස සිතුවද, ඉරානය සතු භෞතික සම්පත් සහ ඔවුන්ගේ තාක්ෂණික උපක්‍රම හමුවේ එය දීර්ඝකාලීන " යුද්ධයක්" බවට පත්වන බව දැන් දැන් ක්‍රමයෙන් පෙනෙන්නට තිබෙනවා.

ලෝක සිතියම දෙස බලන අපට පෙනෙන්නේ රටවල් දෙකක් අතර ගැටුමක් වුවත්, මෙවර මැදපෙරදිගින් ඇසෙන්නේ දශක ගණනාවක ලෝක බල දේශපාලනයේ මූලධර්ම වෙනස් වන හඬ. මෙය හුදෙක් ප්‍රහාරයක් සහ ප්‍රති-ප්‍රහාරයක් නොව, "යුධ විද්‍යාවේ සහ බලශක්ති දේශපාලනයේ" නව පරිච්ඡේදයක ලියැවීමක් වගෙයි.

ලෝකයේ දිනක තෙල් අවශ්‍යතාවයෙන් 20% කට වඩා ප්‍රවාහනය වන්නේ පටු හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා.. එය වසා දැමීම හෝ එහි යන එන නෞකා වලට පහර දීම යනු ලෝක ආර්ථිකයේ "බ්‍රේක් එක" තද කිරීමයි. ඉරානය විසින් තෙල් නැව් වලට ප්‍රහාර එල්ල කිරීම හුදෙක් බිය වැද්දීමක් නොව, ඇමරිකාවේ මිත්‍ර රටවල විශේෂයෙන්ම යුරෝපයේ සහ ආසියාවේ ආර්ථිකය අඩපණ කර, එම රටවල් ලවාම ඇමරිකාවට යුද්ධය නැවැත්වීමට බලපෑම් කිරීමේ අති ප්‍රභල උපායමාර්ගයක්. මෙය "Energy Geopolitics" හි ඉතා ප්‍රබල අවියක්! 

වැදගත්ම කරුණක් වන්නේ මැදපෙරදිග වැසියන්ගේ, විශේෂයෙන්ම ෂියා මුස්ලිම්වරුන්ගේ "Martyrdom Culture" හෙවත් දිවි පිදීමේ සංස්කෘතිය පිළිබඳව ඇමරිකාවට ඇති නොදැනුවත්කම. ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම හරහා ඉරාන වැසියන් බිය වනු ඇතැයි ඇමරිකාව සිතුවත්, සිදුවූයේ එහි අනෙක් පැත්ත.  එමගින් නිර්මාණය වූ "දිවි පිදූ වීරයා" වටා මුළු කලාපයම රොක් විය. 

දැන් ප්‍රහාර එල්ල කරමින් "අපි ඉරාන ජනතාවට ආදරෙයි" කීම, ලිබියාවේ හෝ ඇෆ්ගනිස්ථානයේ මෙන් මෙවර ඵල නොදරන බව යුධ විශාරදයන් අවධාරණය කරයි. මේ සංස්කෘතික තත්ත්වය අපිට තේරුම් ගැනීම ලේසීයි,  ප්‍රශ්නයක් එනතුරු ජනතාව එකිනෙකා හා වාද කරමින් සිටියත් "අභියෝගය" ආ පසු එකා මෙන් එකතු වෙනවා. අද ඉරානයේ වෙන්නේත් මේ දෙය.  

යුක්රේන යුද්ධය සඳහා ඇමරිකාව සතු ආයුධ තොග විශාල වශයෙන් වැය වීම බොහෝ දෙනා තවමත් නොදකින කරුණක්. ඇමරිකානු ආරක්ෂක අංශ පවසන පරිදි ඔවුන්ට ඉහළ තීව්‍රතාවයකින් යුත් යුද්ධයක් පවත්වා ගෙන යා හැක්කේ සති 2-3ක් පමණි. ඉන්පසු ඔවුන්ගේ පතොරම් සහ මිසයිල තොග නිෂ්පාදනය කරන වේගයට වඩා වැය වන වේගය වැඩි වේ. ඉරානය වසර 40ක් තිස්සේ සම්බාධක මැද තම දේශීය ආයුධ කර්මාන්තය දියුණු කර ඇත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඇමරිකාව සති 3 කට වඩා වැඩි කාලයක් මේ යුද්ධයේ රඳවා තබා ගනිමින් ඔවුන්ව "හෙම්බත්" කිරීමටයි.

මැදපෙරදිග මේ සිදුවන දේවල් දෙස බලන විට අපට පැහැදිලි වන කරුණු කිහිපයක් තිබෙනවා.. ඒකක් තමයි බලය පෙන්වා පමණක් ඕනෑම රටක් මෙල්ල කළ නොහැකි බව. එසේම සංස්කෘතික සහ ආගමික පසුබිම අවබෝධ කර නොගෙන ගන්නා තීරණ සැමවිටම වැරදිය හැකි බව. මොකද අවි ආයුධ වලට වඩා මිනිසුන්ගේ නොබිඳෙන අධිෂ්ඨානය යුධ පිටියේදී ඉතා තීරණාත්මක විය හැකියි. 

අවසාන වශයෙන්...ලෝකය දැන් ගමන් කරන්නේ කොතැනටද?  ඇමරිකාව සිතුවේ මෙය දින කිහිපයකින් අවසන් කළ හැකි 'වැඩක්' ලෙස වුවත්, ඔවුන් දැන් පැටලී සිටින්නේ ගැලවිය නොහැකි උගුලකටයි. ඉරානයට ලබා දුන් සාම සාකච්ඡා අවස්ථාව මඟ හැරීම ට්‍රම්ප් පරිපාලනය සිදුකළ බරපතලම උපායමාර්ගික වැරැද්ද විය හැකියි. 

මෙම ගැටුම දිගින් දිගටම ඇදී ගියහොත් ලෝක තෙල් මිල ඉහළ යාම, සැපයුම් දාම බිඳවැටීම සහ නව ලෝක යුද්ධයක සේයාවන් මතු වීම වැළැක්විය නොහැක!  අප තේරුම් ගත යුත්තේ කුමක්ද? තාක්ෂණය කොතරම් දියුණු වුවත්, යුද්ධයක් යනු සම්පත් කළමනාකරණය සහ භෞතික විද්‍යාත්මක සීමාවන් මත තීරණය වන්නකි. ඇමරිකාව සතු ගුවන් බලය ප්‍රබල වුවද, ඉරානය සතු භූගත ශක්තිය සහ අසමමිතික යුධ උපක්‍රම හමුවේ, ජයග්‍රහණය යනු ලෙහෙසි පහසු දෙයක් නොවේ.

ඉතින් මේ කරුණු ගැන ඔබ හිතන්නේ මොකක්ද? ඇමරිකාව ඉරානය සමඟ ගැටුමකට යාම ඔවුන්ගේ ලෝක ආධිපත්‍යය බිඳවැටීමේ ආරම්භයද? නැතිනම් මෙය තාවකාලික පසුබෑමක් පමණක්ද? මැදපෙරදිග මේ යුද්ධය නිසා අපේ රටේ ආර්ථිකයට මොන වගේ බලපෑමක් ඇති වෙයිද?  ඉදිරි තොරතුරු අනුව තවත් විශ්ලේෂණයකින් හමුවෙමු!

©️ සාගර දියගම

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියේ පූජකවරු විසින් එක් එක් කාලවලදී විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, කතෝලික සභාව දේශපාලනය කරමින් සිටීම නිසා කතෝලික බැතිමතුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පවසමින් මීගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් විශේෂ හෙළිදරව් කිරීමක් රැසක් සිදුකර තිබේ.

ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මහා පරිමාණ හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර, මැද පෙරදිග කලාපයේ තම හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව Washington Post පුවත්පත ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත.

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝග වහා හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේදී පැවති විරෝධතාව..

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට පනවා ඇති රැඳවුම් නියෝග වහාම හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.