News Category
From Date
To Date
Maximum Number of Result

ඉදිරියේදී ඇතිවෙන්න නියමිත අර්බුදය සහ අරගලය ගැන සමාජය සංවාදයක් නිර්මාණය වෙලා තියනවා.ඒ අරගලයත් 2022ක පන්නයේ බල පෙරලියක් දක්වා යයිද කියන සාකච්ඡාවත් ඒ අතර තියනවා.ඒ ගැන විවිධ පුරෝකථනයන් තියනවා.රටේ රාළ දිගටම කිව්වේ 2026 අධි අර්බුදකාරී අවුරද්දක් සහ 2027 පලවෙනි කාර්තුව පෙරලිකාරී කාලපරිච්ඡේදයක් කියලයි.බල පෙරලියක් සම්බන්ධව සළකුණක් දැනට නැති උනත් දැවැන්ත අර්බුදයක් සහ අරගලයක් ගැන නං පෙරනිමිති හතර වටෙන් පහල වේගෙන එනවා.

ඉතිහාසයේ වැඩිම සංචාරකයන් ආවා කියන අද දවසේ මොඩ චුන් වලින් ඩොලර් ආදායම් ලැබෙන්නේ නෑ.

පසුගිය දිනවල කොළඹ නාලන්ද විද්‍යාලයේ සිදුවීමක් සම්බන්ධව මෙරට සමාජ මාධ්‍ය ඉතා පිළිකුල් සහගත ලෙස හැසිරෙන ආකාරයද අප දුටුවෙමු. මිනිසා තුළ ඇති ජාගර මානසිකත්වයේ තරම පෙන්වන ඒ හැසිරීම කිසිසේත්ම අනුමත කළ හැක්කක් නොවේ.

මේ දිනවල කොළඹ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ඉන්දියාවේ දෙවුණිමෝරි (Devnimori) සර්වඥ ධාතු ප්‍රදර්ශනය දෙස බැලූ විට ඇතිවන්නේ අමුතුම ආකාරයේ දෙගිඩියාවකි. එක් පැත්තකින් එය අතිශය ශ්‍රද්ධාවන්ත ආගමික කටයුත්තකි. නමුත් අනෙක් පැත්තෙන්, ලංකාවේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය සියුම්ව කියවන අයෙකුට මෙය හුදෙක් ආගමික කටයුත්තක් පමණක්මද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතු වේ.

අපේ ථෙරවාදී සම්ප්‍රදාය ඇතුළේ බුද්ධඝෝෂ හාමුදුරුවන්ට තියෙන්නේ ඉතාමත් ඉහළ පිළිගැනීමක්. විසුද්ධිමග්ගය කියන විශිෂ්ට ග්‍රන්ථය සම්පාදනයත් අටුවා ලිවීමත් නිසා තමයි මේ පිළිගැනීම උන්වහන්සේට ලැබිලා තියෙන්නේ. ඒත් උන්වහන්සේවත් උන්වහන්සේ විසින් සිදු කළ කටයුතුත් විවේචනය කරන පිරිසක් මෑත කාලයේ ඉස්සරහට ඇවිල්ලා. පෙර පැවැති හෙළ අටුවා පාලියට පරිවර්තනය කිරීම බුද්ධ ධර්මයට කරපු විශාල හානියක් කියලා කියන ඒ පිරිස බුද්ධඝෝෂ හිමියන්ව විදේශ ඔත්තුකාරයෙක් කියලා හඳුන්වන තරමට ම සාහසික වෙලා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමේ වරදට දොලොස් දෙනෙකුට අද මරණ දඬුවම හිමිවී තිබෙනවා. ගරු අධිකරණය ලබා දුන් තීන්දුව ඉතාම සාධාරණ සහ ඵෙතිහාසික තීන්දුවක්...

චම්පික රණවක යූ ටියුබ් නාලිකාවක් හරහා කරණ සාකච්ඡාවන් සාමාන්යෙන් මම අහනවා. ඒ අහන්නේ සහ බලන්නේ චම්පික කියන පුද්ගලයා කෙරෙහි පුර්ව අවබෝධයක් සහිතව.සමීප ඇසුරක් නොතිබුණත් ඔහු ගැන මා දන්නේ 1987 වගේ කාලයක ඉඳලා. ඔය චම්පිකලා, රතනලා, ගෙවිඳුලා,පැස්කුවෙල්ලා ගැන අතැඹුලක්‌ සේ අපි දන්නවා.

චීනයේ ශි-ෂුවං-පන්නා (西双版纳, Xishuangbanna) ප්‍රදේශයේ ථෙරවාදී බෞද්ධයන් පිළිබඳව වීඩියෝවක් පහළින් දැක්වේ.

මීට වසර එකහමාරකට කලිං මහින්ද රාජපක්ෂලාට එරෙහිව ජනාධිපතිවරණයට අනුරට මාළිමාවේ හෙද සමුළුව පැවැත්වුවා. හැබැයි ඒ මහින්ද ගොඩක් දුර දකින නායකයෙක්.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.