News Category
From Date
To Date
Maximum Number of Result

බාල ගල් අඟුරු වංචාවෙ මහ මොළකරු ජනාධිපති අනුර කුමාර දිසානායකද?..

Apr 8, 2026 at 12:33 PM
|

බාල ගල් අඟුරු පාඩුව මේ වන විට රුපියල් මිලියන 2240 ක් (224,000,000)  ඉක්මවා ඇත.....

(මේ නැව් 09 ක පමණයි තව නැව් 16 ක වාර්තා නිකුත් වීමට නියමිතයි)

මෙහෙම කියන්නෙ විරුද්ධ පක්ෂෙ දේශපාලඥයන්වත්, සමාජ මාධ්‍යයෙ ගොසිප් සයිට්වත් මමවත් නොව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවයි...

▶️ 01 වෙනි නැවේ පාඩුව - මිලියන 160

▶️ 02 වෙනි නැවේ පාඩුව - මිලියන 90

▶️ 03 වෙනි නැවේ පාඩුව - මිලියන 310

▶️ 04 වෙනි නැවේ පාඩුව - මිලියන 150

▶️ 05 වෙනි නැවේ පාඩුව - මිලියන 180

▶️ 06 වෙනි නැවේ පාඩුව - මිලියන 300

▶️ 07 වෙනි නැවේ පාඩුව - මිලියන 240

▶️ 09 වෙනි නැවේ පාඩුව - මිලියන 390

▶️ 10 වෙනි නැවේ පාඩුව - මිලියන 390

ජනාධිපතිවරයා කිව්ව ගොං තකතීරු කතාව අනුව ගල් අඟුරු කාලා බලලා හපලා ගේන්න බෑ කිව්ව උත්තරයත් අපි පිලිගත්තා කියමුකො...

ඒත් එක්කම ජනාධිපතිවරයා කියනවා අපි මේ ගල් අඟුරු ගෙනාවෙ නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුව කියලා..

ඔන්න ජාතික විගණන වාර්තාව කියනවා ඒක එහෙම නෙවෙයි මේක මුල ඉඳන්ම අමු වංචාවක් කියලා..

වර්තාවෙ සඳහන් වන කරුණු පිලිවෙලින්..

📕 ශ්‍රී ලංකාවට ගල්අඟුරු සැපයීමේදී ප්‍රශ්නගත ට්‍රයිඩන්ට් සමාගම (Trident Chemphar) විසින් පැටවුම් වරායේ වාර්තා ලබාගත් පරීක්ෂණාගාරය බලපත්‍ර අහෝසි වූ එකකි.

( ඒ කියන්නෙ ගල් අඟුරු ආනයනය කරලා තියෙන්නේ හොර රිපෝට් පෙන්නලා)

📕 ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වනවිට, ටෙන්ඩරය හිමිවූ ට්‍රයිඩන්ඩ් සමාගම ( Trident Chemphar) සිය ලියාපදිංචිය හෝ සම්පූර්ණ කර තිබී නැත.

📕 විගණන වාර්තාවේ සදහන් වන්නෙ මෙම ප්‍රසම්පාදනයේදී ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වනවිට ලියාපදිංචිය සම්පූර්ණ කරන ලද සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවීම සිදුකරන බව එම දැන්වීමේ පැහැදිලිව සඳහන් කර තිබූ බවය.

📕 එහෙත් එම දිනය වනවිට සම්පූර්ණ ලියාපදිංචි ගාස්තුව ගෙවා ලියාපදිංචිය තහවුරු කර නොගත් සැපයුම්කරුවන් තිදෙනෙකුටද ලංසු යැවීමට කටයුතු කර තිබූ අතර, මෙම ප්‍රසම්පාදනයට තෝරාගත් ට්‍රයිඩන්ට් සමාගමද ( Trident Chemphar)   එදින වනවිට ලියාපදිංචිය තහවුරු කර නැත.

( තමන්ට අවශ්‍යය කම්පැනියට ලංසුව ලබා දීමට ටෙන්ඩර් නීතිරිති පවා උල්ලංඝනය කර ඇත..) 

📕 ගල් අඟුරු පැටවුම් වරායේදී විකුණුම්කරු පත්කරන ලද Mitra SK South Africa හිමිකාරි සමාගමට අවශ්‍ය කරන ප්‍රමිතින්වලට යටත්ව ගල්අඟුරු සාම්පල පරික්ෂා කිරීම සඳහා ප්‍රතීතනතාවයක් නොතිබුණු බැවින් ඒ වෙනුවෙන් පරික්ෂණ වාර්තාව නිකුත් කිරීමට 2025 වසරේ දෙසැම්බර් 29 වැනි දින වනවිට බලපත්‍රය අවලංගු වූ PT Mitra SK Analisa Testama Samarinda නම් ඉන්දුනීසියානු සමාගමකට පවරා ඇත.

📕 කෙසේවෙතත් අදාළ සමාගමේ බලපත්‍රය 2026 වසරේ මාර්තු 31 වැනිදා වනවිටත් යාවත්කාලීන කර තිබුණු බවට විගණනයේදී කරුණු අනාවරණය වී නොමැත.

📕 කෙසේවුවද ලැබී තිබුණු නැව්තොග 12ටම අදාළ පැටවුම් වරායෙහි වාර්තා ප්‍රතීතනතාවයක් නොමැති බව හඳුනාගන්නා ලද Mitra SK South Africa හිමිකාරි සමාගම විසින් නිකුත් කර ඇත.

📕 ඒ අනුව වාර්තාව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ පැටවුම් වරායේ පරීක්ෂණ වාර්තා සහ ලක්විජය බලාගාරයේ ප්‍රධාන පාලන ඒකකයෙන් ලබාගන්නා දත්ත අතර පරස්පරතා පැවතියදීත් පැටවුම් වරායේ වාර්තා සම්බන්ධයෙන් තහවුරුවක් ලබාගැනීමට ලංකා ගල්අඟුරු සමාගමට විකල්ප අවස්ථා කිහිපයක් තිබුණද ඒ කිසිවක් භාවිත කිරීමට එම සමාගම කටයුතු කර නොමැති බවයි.

( වංචාව දැක දැකත්, විකල්ප අවස්ථා තිබියදිත් ඇස් කන් පියාගෙන නිහඬව සිට ඇත)

📕 එමෙන්ම වසර පුරා ශ්‍රී ලංකාවට ගල්අඟුරු ගොඩබෑමට නොහැකි වීම නිසා මෙරටට ගල්අඟුරු සපයාගත හැකි කාල සීමාවේ උපරිම වශයෙන් එය සිදුකළ යුතු වුවත් එම අවස්ථාව පැවති 2025 වසරේ නොවැම්බර් 13 සිට දෙසැම්බර් 30 දක්වා දින 40ක කාලයේ කිසිඳු ගල්අඟුරු නැව්තොගයක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවන පරිදි ප්‍රසම්පාදනය සිදුකිරීමට ලංකා ගල්අඟුරු සමාගම අපොහොසත් වී ඇත.

( දෙසැම්බර් මාසයේදී ගල් අඟුරු නැව් 02 ක් ආනයනය කිරීමට අපොහොසත් නම් ගිවිසුම අනුව එම සමාගමේ මිල දී ගැනීම අවලංගු කිරීමට ප්‍රතිපාදන තිබුණත් එයද සිදුකර නැත.)

📕 නියමිත ප්‍රමාණයට අඩුවෙන් නැව් පැමිණීම නිසා මේ වසරේ මාර්තු 18 වැනිදා ක්ෂ්‍ණික ප්‍රසම්පාදනයකින් ගල්අඟුරු මිලදී ගැනීමට සිදුවී තිබුණු අතර එහිදී තෝරාගත් Taranjot Resource පුද්ගලික සමාගම ද තම ලියාපදිංචිය ලබාගන්නා අවස්ථාවට පෙර මාස 36ක කාලය තුළ ලක්විජය බලාගාරයේ දළ තාපජනන අගය ප්‍රතික්ෂේපිත මට්ටම වූ කිලෝකැලරි 5,900 හෝ ඊට වැඩියෙන් සැපයීමට අපොහොසත් වී තිබූ සමාගමකි

( හදිසි ටෙන්ඩර් කැඳවීමකින් ගල් අඟුරු ආනයනය සඳහා තෝරා ගත් සමාගමද ප්‍රශ්ණ සහගත සමාගමකි)

මරේ මරුය... පටන් ගැන්මෙ පටන්ම හොරකමය...

ජනාධිපතිවරයා කාටල් කඩා නව සමාගම්වලට අවස්ථාව දෙනවා කීවේ මේකටද..?. 

ඒ අන්ත දූෂිත තමන්ට හිතවත් සමාගම් වල නියෝජිතයන්ට රටේ විශාලතම ටෙන්ඩරය ලබා දීමටද...?

මේ සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී ඇති බලශක්ති ඇමති පුන්‍ය ශ්‍රී කුමාර ජයකොඩිව ආරක්ෂා කරන්නෙ ජනාධිපතිවරයා බව පක්ෂ විපක්ෂ සියල්ලම මේ වන විටත් දන්නා ජනප්‍රිය රහසකි.

කුමාර ජයකොඩි යනු 2014 දී ලංකා පොහොර සමාගමේ මිලියන 8.8 ක හොර ටෙන්ඩර් මගඩියකට හසුව රැකියාව අහිමි වූ පුද්ගලයෙකි. 

මොහුව මෙම තනතුරට පත් කරේ 2005 දි අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමතිව සිටියදීය.

🔴 කුමාර ජයකොඩිව 2005 දි ලංකා පොහොර සමාගමට බඳවා ගත්තෙ කෘෂිකාර්ම ඇමති අනුර කුමාර දිසානායක නම්.. 

🔴 2015 දි ඔහු දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රැකියාව අහිමි වූ බව දැන දැනත් ඔහුව බලශක්ති ඇමති කරේ ජනාධිපති අනුර කුමාර දිසානායක නම්.., 

🔴 ඇමති ධූරයෙ සිටිද්දී ඔහු සිදු කළ මෙම බරපතල වංචා සහ දුෂණ දැනගෙනත් අනුර කුමාර දිසානායක ඔහුව ආරක්ෂා කරනවා නම්.. 

මෙම බාල ගල් අඟුරු හොරකම පිටුපස සිටින මහ මොළකරු කවුද...?

(නිලන්ත සත්සර ගමගේ ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.