News Category
From Date
To Date
Maximum Number of Result

හෝමූස් සමුද්‍ර සන්ධියේ ක්‍රියාත්මක අමුතු නව ගණිතය: ට්‍රම්ප් තම කාමරය අගුලු දමාගත්තේ ඇයි?- මහාචාර්ය ජියැං සුඕකින් විසිනි

Apr 15, 2026 at 03:36 PM
|

කර්තෘ සහ ලිපිය පිළිබඳ

මහාචාර්ය ජියැං සුඕකින් යනු භූ දේශපාලන විශ්ලේෂකයෙකු සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරදයෙකි, මහා බල තරඟකාරිත්වය, බලශක්ති ආරක්ෂාව සහ බටහිර නොවන රාජ්‍යයන්ගේ උපායමාර්ගික තර්කනය පිළිබඳ ඔහුගේ තියුණු අදහස් දැක්වීම් සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධ වූ මහාචාර්යවරයෙකි. අසමමිතික ගැටුම් සහ ව්‍යුහාත්මක බල මාරුවීම් පිළිබඳ දශක ගණනාවක පර්යේෂණ මත පදනම්ව, පීඩනයට සහ ප්‍රතිරෝධතාවයට මුහුණ දෙන විට සමාජ පද්ධති හැසිරෙන ආකාරය මෙන්ම සාම්ප්‍රදායික මිලිටරි හා ආර්ථික ලීවරයන් බොහෝ විට එහි අපේක්ෂිත බලපෑමට ප්‍රතිවිරුද්ධ දේ සිදු කිරීමට දායක වන්නේ මන්දැයි පැහැදිලි කිරීම වෙනුවෙන් මහාචාර්ය ජියැං කීර්තිය ගොඩ නගා ගත් විද්වතෙකි.

"ට්‍රම්ප්ගේ හෝර්මුස් අවහිර කිරීම ආපසු හැරේ - උපායමාර්ගික ව්‍යසනයක් පැහැදිලි කර ඇත( The Strange New Math of the Strait: Why Trump Just Locked Himself in the Room)" යන මාතෘකාව යටතේ වීඩියෝ විවරණයක් ලෙස මුලින් ඉදිරිපත් කරන ලද විශ්ලේෂණයේදී, මහාචාර්ය ජියැං වත්මන් අර්බුදයේ වඩාත්ම අවුල් සහගත සහ ප්‍රතිවිපාක ලැබෙන තීරණවලින් එකක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ එක්සත් ජනපද නාවික අවහිර කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබීය. ඔහු තෝරාගත් මාතෘකාව හුදෙක් අවහිර කිරීම පමණක් නොව, ඒ තුළ ගැබ්ව ඇති ගැඹුරු ප්‍රතිවිරෝධතා - ඊට පෙර පැවති අසාර්ථක රාජ්‍ය තාන්ත්‍රිකභාවය, තෙවන පාර්ශවීය අවශ්‍යතාවල සැඟවුණු හස්තය සහ ට්‍රම්ප් ගන්නා පියවර අවසානයේ එක්සත් ජනපදය තම විරුද්ධවාදීන්ට වඩා දුර්වල බවට පත් කළ හැකි ව්‍යුහාත්මක හේතු පිළිබඳව සලකා බැලීම විය. ට්‍රම්ප් මේ මොහොතේ ගන්නා පියවර අවසානයේ එක්සත් ජනපදය තම විරුද්ධවාදීන්ට වඩා දුර්වල බවට පත් කළ හැකි ව්‍යුහාත්මක හේතු ඇතුලත් බව ඔහුගේ තර්කයයි. 

පහත පළ වන්නේ මහාචාර්ය ජියැං සුඕකින්ගේ වීඩියෝ විශ්ලේෂයේ සංක්ෂිප්ත සිංහලඅනුවර්තනයයි. සිංහල අනුවර්තනය ජිවන්ත ජයතිස්ස

ස්වයං පරාජයේ අමුතු තර්කය

ඔබ ඔබේ නරකම සතුරා සිටින කාමරයක සිර කර ඇති බව සිතන්න. එලෙසම සතුරා සතුව ඇත්තේද එකම යතුරකි. සති හයක් තිස්සේ, ඔබ සතුරාට බෙරිහන් දුන්නේය, ආයාචනා කළේය, තර්ජනය කළේය, සාකච්ඡා කළේය. එහෙත් ඔබ අපේක්ෂා කළ කිසිවක් ක්‍රියාත්මක වුවේ නැත. එවැනි තීරණාත්මක අවස්ථාවක, හදිසියේම, ඔබ ඔබේම දොර අගුල එළියෙන් වසා ඇතුළතින් දොර මුද්‍රා තබනු ලැබ තිබේ.

සත්‍ය වශයෙන්ම එක්සත් ජනපද ජනාධිපතිවරයා කළේ එයමයි.

වොෂින්ටනය 1979 සිට ඉරානය සමඟ පැවැති ඉහළම මට්ටමේ සාකච්ඡා පැවැත්වීම අරමුණු කර ගනිමින් උප ජනාධිපති වැන්ස් ඉස්ලාමාබාද් වෙත යැවීය. පැය විසි එකක් තිස්සේ පැවැති තීරණාත්මක සාකච්ඡා සම්පූර්ණයෙන්ම අසාර්ථක විය. 12 වනදා උදෑසන වන විට, ඩොනල්ඩ් ට්‍රම්ප් හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනා ගමනය අවහිර කරන බවට නිවේදනය කළේය. ඇත්ත වශයෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය යනු නැවත විවෘත කරන ලෙස ඔහු ඉරානයෙන් ඉල්ලමින් සති ගණනක් ගත කළ සමුද්‍ර සන්ධියම විය. දැන් ඔහු එය තවදුරටත් වසා දමමින්, ඔහු විසින්ම ඇති කරගත් අර්බුදයකට ගෝලීය ආර්ථිකය තල්ලු කරමින් සිටී.

නමුත් මෙම තත්වය ඇතිවූවේ අවාසනාව නිසා නම් නොවේ. අසාර්ථකත්වය සැලැස්මේ ආරම්භයේ ඇතුළත් කර තිබුණි.සිදුවන ගැටුමේ සැබෑම කථාන්තරය නම් සැලස්ම අසාර්ථක වූයේ ඇයිද යන්න නොව, එය අසාර්ථක කරවීම අවශ්‍ය වූයේ කාටද යන්නයි.

ප්‍රතික්ෂේප කිරීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ඉල්ලීම

පැය 21ක් තිස්සේ, වැන්ස් තනි කරුණක් අවධාරණය කළේය. එනම් ඉරානය එහි යුරේනියම් පොහොසත් කිරීමේ වැඩසටහන සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු අතර සියලු පොහොසත් යුරේනියම් මූල ද්‍රව්‍ය එක්සත් ජනපදයට භාර දිය යුතුය.

කෙසේ වුවද මෙම ඉල්ලීම දශක ගණනාවක් තිස්සේ පැවැති පූර්වාදර්ශය නොසලකා හැරියේය. ඉරානය වසර ගණනාවක් තිස්සේ න්‍යෂ්ටික අවි ව්‍යාප්ති ගිවිසුම යටතේ පොහොසත් කිරීම ක්‍රියාත්මක කර ඇත. 2015 න්‍යෂ්ටික ගිවිසුම දැඩි ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ එය සියයට 3.67 කට සීමා කළා පමණක් නොව පද්ධති පරීක්ෂකවරුන් විසින් ඉරානය කොන්දේසි ක්‍රියාත්මක කරමින් සිටින බව තහවුරු කරනු ලැබුවේය. ට්‍රම්ප් විසින්ම එම ගිවිසුම ඉරා දමන ලද අතර, දැන් ඊටත් වඩා දැඩි ඉල්ලීම් සමඟ සාකච්ඡාවට නැවත පැමිණ සිටියි. නමුත් තීරණාත්මක ප්‍රශ්නය වන්නේ ඉරානය මෙය පිළිගන්නේද යන්න නොව,එවැනි ඉල්ලීමක් කුමක් අරඹයා සිදු කළේ යන්නයි. මක්නිසාද යත් යුරේනියම් පොහොසත් කිරීම අද වන විට ඇමරිකාව මූලිකව උනන්දුව දක්වන කාරණා නොවන බැවිනි. වොෂින්ටනයේ ප්‍රමුඛතාවය වන්නේ හෝමූස් නැවත විවෘත කිරීම, තෙල් වෙලඳපොළවල් ස්ථාවර කිරීම සහ මැතිවරණයට පෙර ආර්ථිකයට වන හානිය නැවැත්වීමයි. ඒ වෙනුවට සාකච්ඡා මේසයේදී වැන්ස් කළ ඉල්ලීම මගින් පිළිබිඹු කරන්නේ ඊශ්‍රායලයේ දිගුකාලීන උපායමාර්ගික අරමුණයි. එනම් ඉරානය දුර්වල, සම්බාධකවලට ලක් වූ සහ සීමා කරන ලද තත්වයක තබා ගැනීමයි.

සම්බාධක ඉවත් කර පවතින සමෘද්ධිමත් ඉරානයකට වඩා පීඩනය යටතේ සිටින සීමා සහිත ඉරානයකට තමන් කැමති බව ඊශ්‍රායල නායකයින් මේවන විටත් විවෘතව ප්‍රකාශ කර ඇත. එම මූලධර්මය ඉස්ලාමාබාද් පාලකයන්ගේ ස්ථාවරයද හැඩගස්වා තිබුණි. ඒ අනුව සාකච්ඡා කිසි විටෙකත් ගැටුම අවසන් කිරීම සම්බන්ධව නොව එය එය පවත්වා ගැනීම අරඹයාම ක්‍රියාත්මක විය.

කිසිදා නතර නොවූ බෝම්බ

වැන්ස් සෙරීනා හෝටලය තුළ සාකච්ඡා කරමින් සිටියදී, ඉරානයට එරෙහි යුදමය ව්‍යාපාරය අවසන් වී නැති බව ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඒ සමඟම, ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාර දිගටම පැවතුනි. සිවිල් වැසියන් ඝාතනය කිරීම, යටිතල පහසුකම් විනාශ කිරීම ඊශ්‍රායලය දිගටම කරගෙන ගියේය. ඉරානය පිළිගත නොහැකි යැයි හඳුනාගෙන තිබූ කොන්දේසිය හිරිකිතයකින් තොරව කඩ කළේය.

ටෙහෙරානය සිය ස්ථාවරය පැහැදිලි කළේය. එනම් "ලෙබනනයේ සටන් විරාමයක් නැත, ගනුදෙනුවක් නැත." යන්න පැහැදිළිව ප්‍රකාශ කළේය.

බෝම්බ හෙලීම නතර වූයේ නැත. සාකච්ඡා බිඳ වැටුණි. වොෂින්ටනය ඉරානයට දොස් පැවරීය. නමුත් සිද්ධියේ අනුපිළිවෙල ප්‍රතික්ෂේප කළ නොහැකිය. එනම් සාකච්ඡා ව්‍යුහාත්මකව කඩාකප්පල් කරන ලද්දේය.

ඉන් පසුව සිදු වූ දේ පරස්පරතාව තව තවත් ගැඹුරු කළේය. ට්‍රම්ප් ,සර්ව සම්පූර්ණ අවහිරයක් නිවේදනය කළේය. ට්‍රම්ප්ගේ නියෝගයට පටහැනිව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ඉරාන සම්බන්ධිත නැව්ගත කිරීම් පමණක් ඉලක්ක කරගත් සීමිත බාධක මෙහෙයුමක් සම්බන්ධයෙන් විස්තර කළේය. ඇමරිකානු පද්ධතිය තුළ පවා, මෙම අවහිර කිරීම ඇත්ත වශයෙන්ම අවහිර කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව එකඟතාවයක් නොමැත. ඒ සමඟම, ට්‍රම්ප් නව මිලිටරි ප්‍රහාර සලකා බලමින් සිටින බව මාධ්‍ය වාර්තා පවසයි. එම වාර්තා සත්‍ය වන්නේ නම් ට්‍රම්ප් ඉතිරිව ඇති ඕනෑම රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයක් ස්ථිරවම වසා දමනු ලැබීමක් වනු ඇත. මෙය සුසංයෝගී උපාය මාර්ගයක ලක්ෂණ නොවේ. එය පෙළගැස්මකින් තොර ප්‍රතික්‍රියාශීලී ක්‍රියාවලියක උත්සන්න වීමකි.

හෝමුස් සමුද්‍ර සන්ධියේ කරනු ලබන අවහිරය හේතුවෙන් කිසිදා සිදුවනු ඇතැයි අපේක්ෂා නොකළ හේතු පහක්

පළමුව, අවහිරය ඉරානයට වඩා එක්සත් ජනපදයට රිදවයි. ටෙහෙරානය දශක පහකට ආසන්න කාලයක් සම්බාධක, ආර්ථික හුදකලාව සහ තිරසාර පීඩනයට ඔරොත්තු දීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ගොඩ නගා ගෙන ඇතිවාක් මෙන්ම නොවෙනස්ව පවතී. මේ අතර, වෙළඳපල අවහිරයට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීය. තෙල් මිල ඉහළ ගියේය. සැපයුම් අවදානම ඉහළ ගියේය. ඇමරිකානු පාරිභෝගික විශ්වාසය ඓතිහාසික අවම මට්ටමකට කඩා වැටුණි. ඉරානය දිගුකාලයක් දරාගෙන සිටීම නම් උපාය මාර්ගය තේරුම් ගෙන ඇත. එහෙත් ඇමරිකාව එවැනි දිගු කාලීන සටන් හෝ ක්‍රියාකාරකම් වලට අනුගත වී නැත. 

දෙවනුව, ඇමරිකාව හුදකලා වී සිටී. එක්සත් රාජධානිය සහභාගී වීම ප්‍රතික්ෂේප කළේය. ඕස්ට්‍රේලියාව දුරස්ථ විය. නේටෝව නිහඬ විය. ගල්ෆ් රාජ්‍යයන් වල කැපවීම් කළ හැකි බලවේග නොමැත. ඒ වෙනුවට, හෝර්මූස් නැවත විවෘත කිරීම සඳහා රටවල් 40 කට වැඩි ප්‍රමාණයක් වෙනම රාජ්‍ය තාන්ත්‍රික මාවතක් අනුගමනය කරමින් සිටී. ඒ අනුව අමෙරිකාව විද්‍යාමන කර ඇත්තේ සන්ධාන නායකත්වය නොවේ. ඒ වෙනුවට, උපායමාර්ගික හුදකලාවක් ප්‍රදර්ශනය කර ඇත.

තෙවනුව, චීනය දැනටමත් අවහිර කිරීමට අභියෝග කර ඇත. චීන යාත්‍රා හෝර්මූස් හරහා සෘජුවම ගමන් කරමින්, ඉරානයට කළ යුතු ගෙවීම් යුවාන් වලින් ගෙවන අතර, බීජිනය අමෙරිකානු මැදිහත්වීම් වලට එරෙහිව විවෘතව අනතුරු ඇඟවීමට කටයුතු කළේය. බුද්ධි වාර්තා පෙන්වා දෙන්නේ චීනය ඉරානයට අතේ ගෙන යා හැකි ගුවන් ආරක්ෂක පද්ධති පවා සැපයිය හැකි බවයි. ඒවා   නවීනතම උසස් යුද ගුවන් යානා පවා බිඳ දැමීමට භාවිතා වූ වර්ගයේ අවි වේ.

මෙය එක්සත් ජනපද නාවික හමුදාවට  අතික්‍රමණය කළ නොහැකි අවස්ථා තුනකින් කුමන හෝ එක් අවස්ථාවක් නිර්මාණය කරයි. එනම් ,පළමු අවස්ථාව චීන යාත්‍රාවලට බාධා කිරීම සහ යුද්ධයට අවදානමක් ගැනීම; දෙවන අවස්ථාව, චීන නෞකාවලට ගමන් කිරීමට ඉඩ දීම සහ අවහිර කිරීම සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම; හෝ තෙවන අවස්ථාව වන, න්‍යෂ්ටික බලවතෙකු සමඟ ගැටුමක් දක්වා ගැටුම වර්ධනය වීම යන අවස්ථාවන් තුනෙන් එකකට මුහුණ දීමය.

ඊටත් වඩා භයානක ලෙස, උපායමාර්ගික සමුද්‍ර සන්ධියක් අවහිර කිරීමේ පූර්වාදර්ශය චීනය විසින් තායිවාන් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් යොදා ගත හැකිය. එනම්, බීජිනයට අවශ්‍ය නිශ්චිත නීතිමය සාධාරණීකරණය ලබා ගැනීම උදෙසා භාවිත වනු ඇත.

හතරවනුව, ඉරානය එක්සත් ජනපදයට පහසුවෙන් ප්‍රතිරෝධය දැක්විය නොහැකි ගැටලු සහගත විකල්ප ඉදිරිපත් කිරීමට ඉඩ ඇත.විශේෂයෙන් යේමනයේ හූතිවරුන් වැනි ඉරානයේ කලාපීය ජාලය හරහා ටෙහෙරානයට ගෝලීය වෙළඳාමේ තවත් තීරණාත්මක ධමනියක් වන බාබ් එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ යහපත් නෞකා ගමනා ගමනයට තර්ජන එල්ල කළ හැකිය. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනා ගමනය සීමා කර රතු මුහුද ආශ්‍රිත කලාපයද ඊට සමාන්තරව බාධා කළහොත්, ලෝක ආර්ථිකයට එල්ල වන බලපෑම සුළුපටු වන්නේ නැත. එය සමස්ත පද්ධතිමය බිඳවට්ටවන තෙල් සැපයුම් දාම බිඳවැටෙන ගෝලීය වෙළඳ ගිවිසුම් සුණු විසුනු වන ආහාර සහ බලශක්ති මිල ඉහළ යන භයානක තත්වයක් ඇති කරයි. ඒ අනුව අවදානම අවපාතයේ සිට පූර්ණ පරිමාණ ගෝලීය අවපාතයකට මාරු වීම වළක්වාලනු නොහැකි වනු ඇත.

එක්සත් ජනපදය ඉරානයට එල්ල කරන පීඩනය තනි අක්ෂයක් මත සිට එල්ල කරන්නකි. එහෙත් ඉරානය භූගෝල විද්‍යාව සහ සන්ධාන තුළ අන්තර්ගතව ඇති ලීවරයක් සහිත බහු මානයන් ඔස්සේ ක්‍රියාත්මක වේ. මෙය ඇමරිකා - ඊශ්‍රායල - ඉරාන ගැටුමේ ඇති ව්‍යුහාත්මක අසමමිතියයි.

පස්වනුව, සැබෑ ජයග්‍රාහකයා රුසියාවයි. රුසියාවේ තෙල් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය නොකරයි. පර්සියානු ගල්ෆ් කලාපයේ සිරවී ඇති සෑම ඛණිජ තෙල් බැරලයක්ම ලෝකය ප්‍රතිස්ථාපනය කළ යුතු තෙල් බැරලයකි. එම ප්‍රතිස්ථාපනය රුසියාවෙන් පැමිණේ. මෙම යුද්ධය ආරම්භ වීමට පෙර, රුසියාවේ තෙල් ආදායම බිඳ වැටෙමින් තිබුණි. දැන්? රුසියානු තෙල් බදු ආදායම එක් මාසයක් තුළ ඩොලර් බිලියන 9 දක්වා දෙගුණ වී තිබේ. හෝමූස්  අවහිර කිරීම මෙම මිල ගණන් තවත් ඉහළ නංවීමට ඉඩකඩ සලසනු ඇත.

සෑම ඇමරිකානු පුරවැසියෙකුම කෝපයට පත් කරවන කොටසක්ද මේ ප්‍රපංචය තුළ ඇතුලත්ය. එනම් යුද්ධය අතරතුර ගෝලීය මිල අඩු මට්ටමක තබා ගැනීම සඳහා ට්‍රම්ප් රුසියානු තෙල් සඳහා වූ සම්බාධක ඉවත් කළේය. නමුත් දැන් ඔහු හෝමූස් අවහිර කරමින් සිටියි. එම ක්‍රියාව ගෝලීය ඛනිජ තෙල් මිල නැවත ඉහළට තල්ලු කරයි. ට්‍රම්ප්ගේ හැසිරීම තුළ සිදුවන ශුද්ධ බලපෑම නම් රුසියාව ඇමරිකානු අවසරය ඇතිව වැඩි මිලට වැඩි තෙල්  ප්‍රමානයක් අලෙවි කිරීමයි. ඉරානයට ඇමරිකානු හමුදා ගුවන් යානා සිටින ස්ථානය සොයා ගැනීමට සහ විනාශ කිරීමට උදව් කළ චන්ද්‍රිකා වලින් ලැබෙන දත්ත ලබා දුන්නා යැයි චෝදනා කරන රටටම මෙම යුද්ධය ජයග්‍රහණය කරන බව කියා සිටින ඇමරිකානු ජනාධිපතිවරයා විසින් මූල්‍යමය වශයෙන් ත්‍යාග පිරිනමනු ලැබ තිබේ. මෙය ප්‍රබන්ධයක් නම්, ප්‍රබන්ධයේ කතුවරයා එය ඕනෑවට වඩා යථාර්ථවාදී වන බවට කරන චෝදනාව ප්‍රතික්ෂේප නොකරනු ඇත.

ප්‍රතික්ෂේප කරන ලද ජනාධිපතිවරයෙකුගේ මනෝවිද්‍යාව

මෙම අවහිර කිරීම උපාය මාර්ගය සලකා ගනු ලැබූ පියවරක් නොවේ. එය අවහිර කිරීමේ තීරණය ගත් පුද්ගලයාගෙ මනෝභාවය පිළිබඳ ගැටළුවකි.

ඊශ්‍රායලයේ ඉල්ලීම් සාකච්ඡා කිරීමට ට්‍රම්ප් තම උප ජනාධිපතිවරයා යැවීය. සාකච්ඡා අසාර්ථක විය. ඉරානය අමෙරිකාවේ ඉල්ලීම් ඉටු නොවනු ඇතැයි පැවසීය. ජයග්‍රහණය, ආධිපත්‍යය, කිසිවෙකුට ඔහුගේ පීඩනයට එරෙහි විය නොහැකි බවට අදහස මත ඔහුගේ සම්පූර්ණ අනන්‍යතාවය ගොඩනගා ඇති ට්‍රම්ප් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීමට ලක් විය.

අප්‍රේල් 12 වනදා උදෑසන ෆොක්ස් නිවුස් හි ට්‍රම්ප් මෙසේ පැවසීය: "මට එක දවසකින් ඉරානය පරාජය කළ හැකියි. පැයකින් මට ඔවුන්ගේ මුළු බලශක්ති යටිතල පහසුකම් විනාශ කළ හැකියි." ඉන්පසු ඔහු තවදුරටත් මෙසේ පැවසීය: "ඉතිරිව ඇති එකම දෙය ඔවුන්ගේ ජල සැපයුමයි, එයට පහර දීමට ඉතා විනාශකාරී වනු ඇත."

එක්සත් ජනපද ජනාධිපතිවරයා ජාතියක ජල සැපයුම විනාශ කිරීම ගැන සජීවී රූපවාහිනියේ මනඃකල්පිතය ප්‍රචලිත කරමින් සිටී. ඔහු සමාජ මාධ්‍යවල යේසුස් ක්‍රිස්තුස් ලෙස තමාව නිරූපණය කරන කෘතිම බුද්ධි රූප පළ කළ දිනයේම, ඔහුගේ මාතෘභූමිය වූ ඇමරිකාවේම උපන් ඡන්දදායකයා ඔහුගේ යුද්ධය දුරාචාරයක් ලෙස හඳුන්වනු ලැබූ අතර ඇමරිකානු කාර්දිනල්වරු තිදෙනෙක් ඔහුගේ කෘත්‍රිම බුද්ධි මෙහෙයුම දියත් කර මිනිත්තු 60 ක් තුළ ඔහුව හෙළා දුටුවේය.

මෙය උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරන නායකයෙකුගේ හැසිරීම නොවේ. තත්වය පාලනය කර ගැනීමට නොහැකි වී සෑම දිශාවකටම පහර දෙන මිනිසෙකුගේ හැසිරීමකි. අවහිර කිරීම ගණනය කිරීමෙන් පසු අනුගමනය  කළ පියවරක් නොවේ. එය රාජ්‍ය තාන්ත්‍රික නින්දාවකට දැක්වූ චිත්තවේගීය ප්‍රතිචාරයකි.

යුද්ධයක් මැද චිත්තවේගීය ප්‍රතික්‍රියා යනු අධිරාජ්‍යයන් විසින් කිසිදා යථා තත්ත්වයට පත් නොවන වැරදි කරන ආකාරයයි.

පුරෝකථන තුනක්

පළමුව: මෙම අවහිර කිරීම දින 45ක් ඇතුළත බිඳ වැටේ. ඇමරිකාවේ ගෑස් මිල ගැලුමකට ඩොලර් හයක් දක්වා ඉහළ අගයක් ගෙවීමකට කරා තල්ලු වනු ඇත. මධ්‍ය කාලීන මැතිවරණයකට මුහුණ දෙන රිපබ්ලිකන් කොංග්‍රස් සභිකයින් ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයා සමඟ ගැටී බිඳී යනු ඇත. සියල්ලටම වඩා ආර්ථිකය ගැන සැලකිලිමත් වන ට්‍රම්ප් ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට සහ කිසිවක් ලබා නොගෙන නිහඬව හෝමුස් සමුද්‍ර සන්ධියේ අවහිරය අවසන් කිරීමට ක්‍රමයක් සොයා ගනු ඇත.

දෙවනුව: සති තුනක් ඇතුළත, චීන ධජය සහිත යාත්‍රාවක් අවහිර කිරීමේ රේඛාව හරහා ගමන් කරනු ඇත. එක්සත් ජනපද නාවික හමුදාව එය නැවැත්වීමට කටයුතු කරන්නේ නැත. එම සුවිශේෂී  මොහොත මුළු ලෝකයටම ඔප්පු කරනු ඇත්තේ ඇමරිකාවේ අවහිර කිරීමට අභියෝග කිරීමට පෙළඹෙන ඕනෑම රටකට එරෙහිව අමෙරිකානු හමුදාවට ක්‍රියාත්මක විය නොහැකි බවයි. අනෙකුත් රටවල්ද වහාම චීනය අනුගමනය කරනු ඇත.

තෙවනුව: මාස හයකට පසු, දූවිලි තැන්පත් වූ පසු, අපි ආපසු හැරී බලන විට, අවහිර කිරීම මගින් අදහස් කළ සියල්ලටම ප්‍රතිවිරුද්ධ දේ ඉටු කළ බව අපට පෙනෙනු ඇත.අවහිරය ඉරානය දුර්වල කළේ නැතිවාක් මෙන්ම එය ඉරානයේ සාකච්ඡා ස්ථාවරය ශක්තිමත් කළේය. එය ඉරානය හුදකලා කළේ නැතිවාක් මෙන්ම එය ඇමරිකාව හුදකලා කළේය . එය තෙල් මිල අඩු කළේ නැතිවාක් මෙන්ම එය තෙල් මිළ තිබුණාටත් වඩා ඉහළ නැංවීය. එය යුද්ධය අවසානයට ළං කළේ නැතිවාක් මෙන්ම එය යුද්ධය අවසන් කිරීම දුෂ්කර කළේය.

කැඩපත

මෙම යුද්ධයේදී ඇමරිකාව ගන්නා සෑම ක්‍රියාවක්ම ඇමරිකාව දුර්වල කරන අතර එහි විරුද්ධවාදීන් ශක්තිමත් කරයි. යුද්ධය රුසියාව පොහොසත් කළේය. සටන් විරාමය ඉරානයට බලය ලබා දුන්නේය. සාකච්ඡා මගින් ඊශ්‍රායලයේ පාලන තන්ත්‍රයේ හෙළුව හිළිදරව් විය. අවහිර කිරීම ආරම්භ කළ එකම රටට එරෙහිව මුළු ලෝකයම එක්සත් කරනු ඇත.

මේ මොහොතේ සිදුවන සියල්ල ග්‍රහණය කර ගත හැකි එක් කවුළුවක් තිබේ. එනම්,මේ මොහොතේ ට්‍රම්ප් අනුගමනය කරමින් සිටින එකම පියවර වන්නේ ට්‍රම්ප්ගේ සතුරා ට්‍රම්ප්ට කරමින් සිටි දේම අනුගමනය කිරීම වන විට, ට්‍රම්ප් උපාය මාර්ගයක් සොයාගෙන නැති නමුත් ට්‍රම්ප්ට කැඩපතක් පමණක් හමු වී ඇති බව තහවුරු වේ. එම කැඩපත තුළින් තවදුරටත් තමන්ව හඳුනා නොගන්නා අධිරාජ්‍යයෙකුගේ මුහුණ ට්‍රම්ප්ට දැක ගත හැකි වනු ඇත.

මෙම තත්වය තුළ ඇති භයානකම කොටස අවහිර කිරීම නොවේ. තීරණ ගන්නා ආකාරය පිළිබඳව අවහිර කිරීම හෙළි කරන්නේ එයයි. මහා බලවතුන් එක සටනකින් පරාජය වීම නිසා බිඳ වැටෙන්නේ නැත. පීඩනය සහ පාලනය අතර වෙනස තේරුම් ගැනීම අපහසු වීම හේතුවෙන් ඔවුන් බිඳ වැටේ. වැඩි බලයක් යෙදීමෙන් තමන්ට අවශ්‍ය ප්‍රතිඵලය ස්වයංක්‍රීයව ලැබෙනු ඇතැයි ඔවුන් විශ්වාස කිරීමට පටන් ගනී.

යථාර්ථය සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන විට, ඔවුන් පසුපසට තල්ල්වී යාම එක් පියවරක් වෙනුවට පියවර ගණන දෙගුණ කරයි.

අපි නිරීක්ෂනය කරමින් සිටින්නේ හරියටම එයයි. එක්සත් ජනපදය ගණනය කළ සැලැස්මකට අනුව ස්ථාවර තත්වයකට ප්‍රතිචාර නොදක්වයි. එක්සත් ජනපදය සම්පූර්ණයෙන්ම තේරුම් නොගත් බිඳවැටීමකට ප්‍රතිචාර දක්වයි. ඉස්ලාමාබාද්හි අසාර්ථකත්වය රාජ්‍ය තාන්ත්‍රික පාඩුවක් පමණක්ම නොවේ. එය පැරණි බලපෑම් යාන්ත්‍රණයන් වන සම්බාධක, පීඩනය, සාකච්ඡා, ඔසවා තැබීම මගින් ලැබෙන බලය ආදිය මගින්  තවදුරටත් පුරෝකථනය කළ හැකි ප්‍රතිඵල ලබා නොදෙන බවට ලැබුණු සංඥාවක් විය.

එහෙත් පද්ධතිය නැවත ක්‍රමාංකනය කිරීම වෙනුවට, ට්‍රම්ප්ගේ  ප්‍රතිචාරය වූයේ උත්සන්න කරවීමයි. අවහිර කිරීම සහ තර්ජනය දැනටමත් එයට ප්‍රතිරෝධය දක්වන පද්ධතියකට තවත් පීඩන තට්ටුවක් එකතු කිරීමක් පමණක් වේ.

මේ හේතුවෙන් විවිධ පද්ධති පසුපසට තල්ලු කරයි. එවැනි පද්ධති අනුවර්තනය වීමට පටන් ගත් පසු, ඒවා  පහසුවෙන් පෙර සිටි ස්ථානය කරා නොයති. අවහිරය ඉවත් කළත්, ආතතීන් අඩු වුවද, බාධා කිරීමේ මතකය පවතී. සමාගම් අවදානම මතක තබා ගනී. රජයන් අවිනිශ්චිතතාවය මතක තබා ගනී. නව මාර්ග සම්මත වේ. නව හවුල්කාරිත්වයන් ශක්තිමත් වේ. නව මූල්‍ය නාලිකා පුළුල් වේ.

මුල් ක්‍රියාව මැකී යයි. නමුත් එය අවුලුවන ලද ව්‍යුහාත්මක සීරු මාරුව දිගටම පවතී. උපායමාර්ගික ඛාදනය ක්‍රියාත්මක වන්නේ එලෙසයි.එනම් උපායමාර්ගික ඛාදනය බිඳවැටීම හරහා නොව, අවිනිශ්චිතභාවය හරහා ක්‍රියාත්මක වේ. එම අවිනිශ්චිතභාවය යම් ස්ථානයකට ළඟා වූ පසු, එය ආපසු හැරවිය නොහැකි වේ.

සරලව කිවහොත් ට්‍රම්ප්ට දොර විවෘත කිරීමට අවශ්‍ය විය. එහෙත් ඔහු දොරට තවත් අගුලක් එක් කළේය. දැන් ඔහු දොරෙහි වැරදි පැත්තේ සිටගෙන සිටී.

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.