News Category
From Date
To Date
Maximum Number of Result

NDB බැංකුවේ රුපියල් බිලියන 13.2 මූල්‍ය වංචාව..

Apr 8, 2026 at 10:40 AM
|

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක් වන ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ බව කියන "රුපියල් බිලියන 13කට අධික" මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳුදා (අප්‍රේල් 6) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, "නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී තුළ, අභ්‍යන්තර වංචාවක් සිදු වී ඇති බව අනාවරණය වී ඇති බවටත්, ඒ මගින් සැලකිය යුතු මට්ටමේ අලාභයක් සිදු විය හැකි බවටත් එම බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී ඇති" බව ය.

කෙසේ වෙතත්, මෙම වංචාව නිසා කිසිදු ගනුදෙනුකරුවෙකුගේ ගිණුමකට හෝ තැන්පතුවලට බලපෑම් සිදු වී නොමැති බව NDB බැංකුව විසින් තමන් වෙත දැනුම් දෙනු ලැබ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

මේ බව NDB බැංකුව ද සමාජ මාධ්‍ය ඔස්සේ තම ගනුදෙනුකරුවන් වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

මෙවැනි පසුබිමක දැනට අනාවරණය වී ඇති කරුණු මත පදනම්ව බීබීසී සිංහල මෙම මූල්‍ය වංචාව පිළිබඳව තවදුරටත් කරුණු සොයා බැලීය.

මුල් අනාවරණය

වාර්තාවල දැක්වෙන පරිදි NDB බැංකුව, මුල් වරට මෙම මූල්‍ය වංචාව පිළිබඳව අනාවරණය කරන තිබුණේ 2026 අප්‍රේල් 2 වන දාතමින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කර තිබුණු ලිපියක් මගිනි.

එම ලිපිය බැංකුවේ උපසභාපති / සමාගමේ ලේකම් ෂෙහානි රණසිංහ විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුක් කර තිබිණි.

"කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමේ නීතිරීතිවල 8 වන වගන්තියට අනුව, තෙවන පාර්ශවයක් හෝ පාර්ශවල ආධාර අනුබල ඇතිව සේවකයින් පිරිසක් විසින් සිදු කරනු ලැබ ඇති වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් බැංකුව අනාවරණය කර ගෙන ඇති බව අපි හෙළිදරව් කිරීමට කැමැත්තෙමු," යනුවෙන් එහි සඳහන් විය.

මෙම ලිපියට අනුව, බැංකුව මුල් වරට මෙම වංචාවේ වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 380ක් පමණ වන බව පැවසීය.

කෙසේ වෙතත්, මෙම වංචාවේ නිශ්චිත ප්‍රමාණය ගණනය කිරීමට බැංකුවට ඒ වන විට නොහැකි වී තිබුණු බව බැංකුව එම ලිපියේ එහි සඳහන් කර තිබිණි.

ඒ අනුව, මෙම කාරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත එය යොමු කර ඇති බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් විය.

දෙවන අනාවරණය

NDB බැංකුව 2026 අප්‍රේල් 6 වන දා තවත් ලිපියක් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කර තිබිණි.

එහි දැක්වෙන පරිදි, බැංකුව විසින් සිදු කරන ලද අභ්‍යන්තර විමර්ශනය අනුව මෙම සිදුවීම බැංකුවේ "එක් නිශ්චිත මෙහෙයුම් අංශයකට පමණක් සිමා වූවක්" වන අතර එම වංචාව ආසන්න වශයෙන් රුපියල් බිලියන 13.2ක් බවට හඳුනා ගෙන තිබේ.

බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරිත්වය මෙම වංචාව "බරපතළ කාරණයක් බවට හඳුනාගෙන ඇති අතර, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ සහය ඇතිව එම අරමුදල් නැවත අය කර ගැනීමට විවිධ මට්ටමින්" උත්සහ කරමින් සිටින බවට එම ලිපියේ තවදුරටත් සඳහන් විය.

බැංකුව මේ දක්වා ගෙන ඇති පියවර මොනවා ද?

NDB බැංකුව නිකුත් කර ඇති දෙවන ලිපිය අනුව, බලධාරීන් විසින් මෙම සිදුවීමට සම්බන්ධ බවට සැක කෙරෙන සිලු ම සේවකයින්ගේ සේවය අත්හිටුවා ඇති අතර ඔවුන්ට බැංකු පද්ධතිය වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාව අවහිර කරනු ලැබ තිබේ.

තව ද මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන ඇති බව ද බැංකුව සඳහන් කර ඇත.

එමෙන් ම, NDB බැංකුව මෙම සිදුවීම පිළිබඳව සිය සමාජ මාධ්‍ය ඔස්සේ ද මහජනතාව දැනුවත් කර ඇත.

එම නිවේදනයට අනුව, පරීක්ෂණ කටයුතු සඳහා වශයෙන් සියලු ම වාර්තා සහ සාක්ෂි සුරක්ෂිත කිරීමට පියවර ගෙන තිබේ.

වංචාව සිදු වූ බව කියන අංශය "වෙන ම අධීක්ෂණයක් යටතට පත් කර ඇති අතර ආයතනය පුරා වාර්තාකරණ ව්‍යුහයන් සහ ප්‍රවේශ පාලනයන් තවදුරටත් ශක්තිමත් කර ඇති බව" ද එහි සඳහන් කර ඇත.

බැංකුව පවසන්නේ, නියාමන උපදෙස් අනුව 2026 අප්‍රේල් 6 වන දින කොටස් හිමියන් වෙත ගෙවීමට තිබූ මුදල් ලාභාංශ ගෙවීම අත්හිටුවා ඇති අතර කොටස් ලාභාංශ සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වනු ඇති බව ය.

බැංකුවට සිදුව ඇති බලපෑම කුමක් ද?

NDB බැංකුව පවසන පරිදි, "වඩාත් ම අහිතකර තත්ත්වයක් යටතේ වුව ද මෙම සිදුවීමෙන් අපේක්ෂිත උපරිම අලාභය සඳහා සම්පූර්ණ ප්‍රතිපාදන සැලසීමෙන් පසුව, 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා බැංකුවේ විගණනය නොකළ බදු පසු අලාභය දළ වශයෙන් රුපියල් බිලියන 4ක් වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.

එමෙන් ම, 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා බැංකුව රු. බිලියන 11ක බදු පසු ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති අතර 2025 සිව්වන කාර්තුවේ ලාභය රු. බිලියන 3.5ක් බව ද බැංකුව සඳහන් කර ඇත.

මෙම බලපෑම හමුවේ වුව ද බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයන් පිළිවෙලින් 7.0%, 8.5% සහ 12.5% යන ව්‍යවස්ථාපිත අවම මට්ටම්වලට වඩා ඉහළ අගයක පවතින බැවින් බැංකුව මූල්‍ය වශයෙන් අඛණ්ඩව ශක්තිමවත්ව පවතින බව NDB බැංකුව සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කළ නිවේදනයක් මගින් පවසා තිබේ.

ඊට අමතරව 2026 මාර්තු 31 දිනට රුපියල් බිලියන 990.0ක් පමණ වන බැංකුවේ විගණනය නොකළ මුළු වත්කම් පදනම සඳහා මෙයින් එල්ල වන බලපෑම 0.7%ක් බව ද එහි සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ කුමක් ද?

NDB බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දෙනු ලැබ ඇති තොරතුරු අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විය හැකි මූල්‍ය බලපෑම පිළිබඳව පූර්ව ඇගැයීමක් සිදු කර තිබේ.

ඒ අනුව, වාර්තා කළ අලාභය සලකා බැලීමෙන් පසුව ද, NDB බැංකුව හට, එහි ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා සහ ද්‍රවශීලතාවය සම්බන්ධ අනුපාත, අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පවත්වා ගෙන යා හැකි බව ප්‍රකාශ කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව, තවදුරටත් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කරමින් සිටින අතර, අවශ්‍ය පරිදි සුදුසු පියවර ගන්නා බව ද එම නිවේදනයේ දැක්වේ.

අවශ්‍ය වුවහොත්, පවතින නීති සහ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ බැංකුවලට ලබා ගත හැකි දැනටමත් ක්‍රියාත්මක ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රම යටතේ, NDB බැංකුව හට, තාවකාලිකව ද්‍රවශීලතා ලබා ගැනීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

රුපියල් මිලියන 290 වංචාව

මේ අතර, ජාතික සංවර්ධන බැංකුවේ (NDB) පොදු ලෙජර් ගිණුමේ තිබූ රුපියල් මිලියන 290කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බැංකුවේ ප්‍රධාන ශාඛාවේ නියෝජ්‍ය කළමනාකරුවෙකු හා තොරතුරු තාක්ෂණ සාමාන්‍යාධිකාරිවරයෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු ඉකුත් 2025 වසරේ දෙසැම්බර් 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම එම වසරේ ම නොවැම්බර් මස 27 වන දා නියෝග කර තිබිණි.

එම නඩු විභාගයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණයට දන්වා තිබුණේ, අදාළ ගිණුමේ තිබී අස්ථානගත වූ මුදල්වලින් කොටසක් මෙම සැකකාර නිලධාරීන් දෙදෙනාගේ බැංකු ගිණුම්වලට බැර වී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය කර ගෙන ඇති බව ය.

තව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව ද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පවසා තිබිණි.

එමෙන් ම සිද්ධියට අදාළව මෙම බැංකුවේ නිලධාරීන් තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බවත් ඒ අනුව අනාවරණය කර ගන්නා තොරතුරුවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා තිබිණි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් NDB බැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන සිදු කරන බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් එම නිලධාරීන් අධිකරණය හමුවේ පවසා තිබිණි.

මීට අදාළ නඩු විභාගය නැවත 2026 වසරේ ජනවාරි මස 7 වන දා ද කැඳවුණු අතර ඒ වන විට එම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම බැංකුවේ සේවකයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන් කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

මෙම වංචා සිද්ධිය නොසලකා හැරිය නොහැකි සිදුවීමක් වන අතර ඒ හේතුවෙන් මේ ගැන විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිශ්චිත කාලයක් ලබා දෙන බවත් එහි විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට එදින නියෝග කර තිබිණි.

සමාජ මාධ්‍ය පරිශීලකයින් පවසන්නේ මොනවා ද?

NDB බැංකුවේ සිදු වූ බව කියන රු. බිලියන 13 ඉක්මවූ මූල්‍ය වංචාව පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ද මේ වන විට දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.

ඇතැම් පරිශීලකයින් එහි අභ්‍යන්තර සහ බාහිර විගණන ක්‍රියාවලිය ප්‍රශ්නසහගත බව සඳහන් කර තිබිණි.

"NDB බැංකුවේ බිලියන 13.2ක හොරකමක් වෙනකම් අභ්‍යන්තර සහ බාහිර විගණන නිලධාරීන් මොකක් ද කරලා තියෙන්නේ," ෆේස්බුක් පරිශීලකයෙකු ප්‍රශ්න කළේ ය.

තවත් ෆේස්බුක් පරිශීලකයෙකු මෙසේ පවසා තිබිණි: "ගිය බ්‍රහස්පතින්දා උදේ රු. මිලියන 380 වුණු එක, අද වෙද්දි රු. බිලියන 13.2ක් වෙලා. ඔඩිට් එක ඉවර වෙද්දි කීයක් වෙයි ද දන්නෙ නෑ."

එමෙන් ම, "දීර්ඝ කාලීනව සිදුවුණු" මෙවැනි වංචාවක් පිළිබඳව ජනතාවට "නිවැරදි තොරතුරු ලබා දීමකින් තොරව" බැංකුවක් කටයුතු කිරීම මෙන් ම මේ පිළිබඳව මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ රජයේ බලධාරීන් කිසිදු ප්‍රකාශයක් නොකර සිටීම ප්‍රශ්නසහගත බව තවත් පරිශීලකයෙකු ෆේස්බුක්හි වීඩියෝවක් පළ කරමින් සඳහන් කර තිබිණි.

- BBC සිංහල

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.