News Category
From Date
To Date
Maximum Number of Result

NDB බැංකුවේ රුපියල් බිලියන 13.2 මූල්‍ය වංචාව..

Apr 8, 2026 at 10:40 AM
|

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක් වන ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ බව කියන "රුපියල් බිලියන 13කට අධික" මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳුදා (අප්‍රේල් 6) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, "නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී තුළ, අභ්‍යන්තර වංචාවක් සිදු වී ඇති බව අනාවරණය වී ඇති බවටත්, ඒ මගින් සැලකිය යුතු මට්ටමේ අලාභයක් සිදු විය හැකි බවටත් එම බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී ඇති" බව ය.

කෙසේ වෙතත්, මෙම වංචාව නිසා කිසිදු ගනුදෙනුකරුවෙකුගේ ගිණුමකට හෝ තැන්පතුවලට බලපෑම් සිදු වී නොමැති බව NDB බැංකුව විසින් තමන් වෙත දැනුම් දෙනු ලැබ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

මේ බව NDB බැංකුව ද සමාජ මාධ්‍ය ඔස්සේ තම ගනුදෙනුකරුවන් වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

මෙවැනි පසුබිමක දැනට අනාවරණය වී ඇති කරුණු මත පදනම්ව බීබීසී සිංහල මෙම මූල්‍ය වංචාව පිළිබඳව තවදුරටත් කරුණු සොයා බැලීය.

මුල් අනාවරණය

වාර්තාවල දැක්වෙන පරිදි NDB බැංකුව, මුල් වරට මෙම මූල්‍ය වංචාව පිළිබඳව අනාවරණය කරන තිබුණේ 2026 අප්‍රේල් 2 වන දාතමින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කර තිබුණු ලිපියක් මගිනි.

එම ලිපිය බැංකුවේ උපසභාපති / සමාගමේ ලේකම් ෂෙහානි රණසිංහ විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුක් කර තිබිණි.

"කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමේ නීතිරීතිවල 8 වන වගන්තියට අනුව, තෙවන පාර්ශවයක් හෝ පාර්ශවල ආධාර අනුබල ඇතිව සේවකයින් පිරිසක් විසින් සිදු කරනු ලැබ ඇති වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් බැංකුව අනාවරණය කර ගෙන ඇති බව අපි හෙළිදරව් කිරීමට කැමැත්තෙමු," යනුවෙන් එහි සඳහන් විය.

මෙම ලිපියට අනුව, බැංකුව මුල් වරට මෙම වංචාවේ වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 380ක් පමණ වන බව පැවසීය.

කෙසේ වෙතත්, මෙම වංචාවේ නිශ්චිත ප්‍රමාණය ගණනය කිරීමට බැංකුවට ඒ වන විට නොහැකි වී තිබුණු බව බැංකුව එම ලිපියේ එහි සඳහන් කර තිබිණි.

ඒ අනුව, මෙම කාරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත එය යොමු කර ඇති බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් විය.

දෙවන අනාවරණය

NDB බැංකුව 2026 අප්‍රේල් 6 වන දා තවත් ලිපියක් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කර තිබිණි.

එහි දැක්වෙන පරිදි, බැංකුව විසින් සිදු කරන ලද අභ්‍යන්තර විමර්ශනය අනුව මෙම සිදුවීම බැංකුවේ "එක් නිශ්චිත මෙහෙයුම් අංශයකට පමණක් සිමා වූවක්" වන අතර එම වංචාව ආසන්න වශයෙන් රුපියල් බිලියන 13.2ක් බවට හඳුනා ගෙන තිබේ.

බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරිත්වය මෙම වංචාව "බරපතළ කාරණයක් බවට හඳුනාගෙන ඇති අතර, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ සහය ඇතිව එම අරමුදල් නැවත අය කර ගැනීමට විවිධ මට්ටමින්" උත්සහ කරමින් සිටින බවට එම ලිපියේ තවදුරටත් සඳහන් විය.

බැංකුව මේ දක්වා ගෙන ඇති පියවර මොනවා ද?

NDB බැංකුව නිකුත් කර ඇති දෙවන ලිපිය අනුව, බලධාරීන් විසින් මෙම සිදුවීමට සම්බන්ධ බවට සැක කෙරෙන සිලු ම සේවකයින්ගේ සේවය අත්හිටුවා ඇති අතර ඔවුන්ට බැංකු පද්ධතිය වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාව අවහිර කරනු ලැබ තිබේ.

තව ද මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන ඇති බව ද බැංකුව සඳහන් කර ඇත.

එමෙන් ම, NDB බැංකුව මෙම සිදුවීම පිළිබඳව සිය සමාජ මාධ්‍ය ඔස්සේ ද මහජනතාව දැනුවත් කර ඇත.

එම නිවේදනයට අනුව, පරීක්ෂණ කටයුතු සඳහා වශයෙන් සියලු ම වාර්තා සහ සාක්ෂි සුරක්ෂිත කිරීමට පියවර ගෙන තිබේ.

වංචාව සිදු වූ බව කියන අංශය "වෙන ම අධීක්ෂණයක් යටතට පත් කර ඇති අතර ආයතනය පුරා වාර්තාකරණ ව්‍යුහයන් සහ ප්‍රවේශ පාලනයන් තවදුරටත් ශක්තිමත් කර ඇති බව" ද එහි සඳහන් කර ඇත.

බැංකුව පවසන්නේ, නියාමන උපදෙස් අනුව 2026 අප්‍රේල් 6 වන දින කොටස් හිමියන් වෙත ගෙවීමට තිබූ මුදල් ලාභාංශ ගෙවීම අත්හිටුවා ඇති අතර කොටස් ලාභාංශ සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වනු ඇති බව ය.

බැංකුවට සිදුව ඇති බලපෑම කුමක් ද?

NDB බැංකුව පවසන පරිදි, "වඩාත් ම අහිතකර තත්ත්වයක් යටතේ වුව ද මෙම සිදුවීමෙන් අපේක්ෂිත උපරිම අලාභය සඳහා සම්පූර්ණ ප්‍රතිපාදන සැලසීමෙන් පසුව, 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා බැංකුවේ විගණනය නොකළ බදු පසු අලාභය දළ වශයෙන් රුපියල් බිලියන 4ක් වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.

එමෙන් ම, 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා බැංකුව රු. බිලියන 11ක බදු පසු ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති අතර 2025 සිව්වන කාර්තුවේ ලාභය රු. බිලියන 3.5ක් බව ද බැංකුව සඳහන් කර ඇත.

මෙම බලපෑම හමුවේ වුව ද බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයන් පිළිවෙලින් 7.0%, 8.5% සහ 12.5% යන ව්‍යවස්ථාපිත අවම මට්ටම්වලට වඩා ඉහළ අගයක පවතින බැවින් බැංකුව මූල්‍ය වශයෙන් අඛණ්ඩව ශක්තිමවත්ව පවතින බව NDB බැංකුව සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කළ නිවේදනයක් මගින් පවසා තිබේ.

ඊට අමතරව 2026 මාර්තු 31 දිනට රුපියල් බිලියන 990.0ක් පමණ වන බැංකුවේ විගණනය නොකළ මුළු වත්කම් පදනම සඳහා මෙයින් එල්ල වන බලපෑම 0.7%ක් බව ද එහි සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ කුමක් ද?

NDB බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දෙනු ලැබ ඇති තොරතුරු අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විය හැකි මූල්‍ය බලපෑම පිළිබඳව පූර්ව ඇගැයීමක් සිදු කර තිබේ.

ඒ අනුව, වාර්තා කළ අලාභය සලකා බැලීමෙන් පසුව ද, NDB බැංකුව හට, එහි ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා සහ ද්‍රවශීලතාවය සම්බන්ධ අනුපාත, අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පවත්වා ගෙන යා හැකි බව ප්‍රකාශ කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව, තවදුරටත් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කරමින් සිටින අතර, අවශ්‍ය පරිදි සුදුසු පියවර ගන්නා බව ද එම නිවේදනයේ දැක්වේ.

අවශ්‍ය වුවහොත්, පවතින නීති සහ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ බැංකුවලට ලබා ගත හැකි දැනටමත් ක්‍රියාත්මක ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රම යටතේ, NDB බැංකුව හට, තාවකාලිකව ද්‍රවශීලතා ලබා ගැනීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

රුපියල් මිලියන 290 වංචාව

මේ අතර, ජාතික සංවර්ධන බැංකුවේ (NDB) පොදු ලෙජර් ගිණුමේ තිබූ රුපියල් මිලියන 290කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බැංකුවේ ප්‍රධාන ශාඛාවේ නියෝජ්‍ය කළමනාකරුවෙකු හා තොරතුරු තාක්ෂණ සාමාන්‍යාධිකාරිවරයෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු ඉකුත් 2025 වසරේ දෙසැම්බර් 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම එම වසරේ ම නොවැම්බර් මස 27 වන දා නියෝග කර තිබිණි.

එම නඩු විභාගයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණයට දන්වා තිබුණේ, අදාළ ගිණුමේ තිබී අස්ථානගත වූ මුදල්වලින් කොටසක් මෙම සැකකාර නිලධාරීන් දෙදෙනාගේ බැංකු ගිණුම්වලට බැර වී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය කර ගෙන ඇති බව ය.

තව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව ද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පවසා තිබිණි.

එමෙන් ම සිද්ධියට අදාළව මෙම බැංකුවේ නිලධාරීන් තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බවත් ඒ අනුව අනාවරණය කර ගන්නා තොරතුරුවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා තිබිණි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් NDB බැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන සිදු කරන බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් එම නිලධාරීන් අධිකරණය හමුවේ පවසා තිබිණි.

මීට අදාළ නඩු විභාගය නැවත 2026 වසරේ ජනවාරි මස 7 වන දා ද කැඳවුණු අතර ඒ වන විට එම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම බැංකුවේ සේවකයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන් කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

මෙම වංචා සිද්ධිය නොසලකා හැරිය නොහැකි සිදුවීමක් වන අතර ඒ හේතුවෙන් මේ ගැන විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිශ්චිත කාලයක් ලබා දෙන බවත් එහි විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට එදින නියෝග කර තිබිණි.

සමාජ මාධ්‍ය පරිශීලකයින් පවසන්නේ මොනවා ද?

NDB බැංකුවේ සිදු වූ බව කියන රු. බිලියන 13 ඉක්මවූ මූල්‍ය වංචාව පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ද මේ වන විට දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.

ඇතැම් පරිශීලකයින් එහි අභ්‍යන්තර සහ බාහිර විගණන ක්‍රියාවලිය ප්‍රශ්නසහගත බව සඳහන් කර තිබිණි.

"NDB බැංකුවේ බිලියන 13.2ක හොරකමක් වෙනකම් අභ්‍යන්තර සහ බාහිර විගණන නිලධාරීන් මොකක් ද කරලා තියෙන්නේ," ෆේස්බුක් පරිශීලකයෙකු ප්‍රශ්න කළේ ය.

තවත් ෆේස්බුක් පරිශීලකයෙකු මෙසේ පවසා තිබිණි: "ගිය බ්‍රහස්පතින්දා උදේ රු. මිලියන 380 වුණු එක, අද වෙද්දි රු. බිලියන 13.2ක් වෙලා. ඔඩිට් එක ඉවර වෙද්දි කීයක් වෙයි ද දන්නෙ නෑ."

එමෙන් ම, "දීර්ඝ කාලීනව සිදුවුණු" මෙවැනි වංචාවක් පිළිබඳව ජනතාවට "නිවැරදි තොරතුරු ලබා දීමකින් තොරව" බැංකුවක් කටයුතු කිරීම මෙන් ම මේ පිළිබඳව මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ රජයේ බලධාරීන් කිසිදු ප්‍රකාශයක් නොකර සිටීම ප්‍රශ්නසහගත බව තවත් පරිශීලකයෙකු ෆේස්බුක්හි වීඩියෝවක් පළ කරමින් සඳහන් කර තිබිණි.

- BBC සිංහල

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.