News Category
From Date
To Date
Maximum Number of Result

මොකද්ද මේ RHO අයදුම්පත් කැදවීමේ ප්‍රශ්නය?.. මේක Medical Students ලාට බලපානවද?..

Apr 10, 2026 at 03:41 PM
|

මේ දවස් වල ඔයාලා දන්නවා ඇති GMOA(රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය) අකණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරා. මේකේ රජය විසින් ආයතන සංග්‍රහයට පටහැනි විදියට පත්වීම් දෙන්න හදන කතාවක් තියෙනවා වගේ, මේක ඇතුළෙ  Medical Students ලට දරුණු විදියට බලපාන ලොකූ ගැටළුවක්  අන්තර්ගත වෙනවා කියලා ගැඹුරින් විමර්ශනය කරාම අපිට පේනවා. 

*මුළින්ම මේක මහා පරිමාණයෙන් බලපාන්නෙ 21/22 AL වල වෛද්‍ය ශිෂ්‍යන්ට*

 කොහොමද ඒ ?

අපි හිමීට මේ ප්‍රශ්නෙ ලෙහා ගමු.

ශ්‍රී ලංකාවේ අවසන් වතාවට පුරප්පාඩු සම්බන්ධ සමීක්ෂණයක් කරලා තියෙන්නෙ 2015. ඊට අදාළව පුරාප්පාඩු තියෙන්නෙ 850ක් වගේ ප්‍රමාණයක්. මේකට හරියන්න තමයි නව පත්වීම් දෙන්නෙ.  

ඒ කියන්නෙ අපි ඉස්සර හිතන් ඉදියනෙ කොහොම හරි intern හම්බුණාම, ඒ රෝහලේම හරි RHO  ඉදලා ජාතික වෛද්‍ය සභාවෙ පිළිගත් වෛද්‍යවරයෙක් විදියට පත්වීම අරගෙන MO කෙනෙක් වෙලා වැටුපට සේවය කරන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම වළංගු වෙනවා දැනට Out වෙලා ඉන්න batch වලට. මොකද ඒවෑ ප්‍රමාණය ගොඩක් අඩුයි. ERPM වලින් ගන්න ප්‍රමාණෙත් එක්ක ඒ පිරිස එකතූ උණා කියාලා  කිසිම වෛද්‍ය ශිෂ්‍යෙක්ට පාඩුවක් වෙන්නෙ නෑ. නමුත් ඉදිරියේදී OUT  වෙන්න ඉන්න Batches වල ප්‍රමාණය 2000 + වෙනවා. ඒකට ERPM ආවම 800ක් එකතු වෙනවා කියලා හිතමු. තවා දැන් රජයෙන් PMC හරහාත් වෛද්‍ය උපාධිය විකුණන හන්දා KDU ඒකෙත් 300ක් එළියට දැම්මා කියලා හිතමු. දැන් මුළු HO ලා ප්‍රමාණය 3000 + වෙනවා. මේ කට්ටිය ඉස්සර විදියටනම් RHO වුණා කියන්නෙ sure රජයේ පිළිගත් වෛද්‍ය වරයෙක්  විදියට පත්වීම අරන් වැටුපට සේවය කරන්න පුළුවන්. 

හැබැයි දැන් තියෙන ප්‍රශ්න දෙකක් එනවා. පළවෙනි එක රජයට  එතරම් පිරිසකට වැටුප් ගෙවීමේ හැකියාවක් නෑ. දෙවෙනි එක වැටුප් ගෙවන්නවත්, එයාලා බදවාගන්න පුරප්පාඩු නෑ. එතකොට මොකක්ද කරන්නේ ?

අන්න ඒකට කරන්න දෙයක් නැති හන්දා තමයී  ආණ්ඩුව මේ විදියෙ තීරණ වගයකට ආවෙ.

*1. දුෂ්කර රෝහල් 100ක් පමණ දුෂ්කර කාණ්ඩයෙක් ඉවත් කරා.*

එතකොට මොකක්ද වෙන්නෙ, දුෂ්කර රෝහල් වල වසරක් සේවය කරලා ස්ථාන මාරු වීමේ හැකියාව තියෙනවා. නමුත් දුෂ්කර නොවන ස්ථාන වල වසර 4ක් අකණ්ඩව සේවය කරන්න ඕනි. එතකොට මේ කරපු වැඩෙන් වුණේ ඇත්තටම දුෂ්කර වුණත් දුෂ්කර නොවන කාණ්ඩයේ රෝහල් වලට සේවයට ආපු වෛද්‍යවරුන්ට වෘතිය එපා වෙනවා. ඔවුන් සේවයෙන් ඉවත් වෙනවා. පුළුවන් අය එක්කො රට යනවා රජයේ අවශ්‍යතාවයෙන් කොටසක් හරි.

*2. MO පත්වීමට අයදුම්පත් කැදවීම.*

මේක තමයි බරපතලම ප්‍රශ්නය. අපි දන්නවා දැන් AHS එකෙටත් මේ රජය ගෙනාපු විසදුම. ඒ තමයි පොදු පරීක්ෂණ විභාගය !

ඔන්න ඔය ක්‍රමය MBBS Degree එකටත් ඇතුළත් කරන්න වෙනවා. නැත්නම් HO ලාගෙන් MO ලා තෝරගන්න විදියක් නැති වෙනවා. ඔන්න ඔය තත්වෙට පාර කපාගන්න තමයි ආණ්ඩුව මේ විදියෙ ක්‍රියාවලියක් මේ පාර කරේ. එතකොට අපි කොහොම හරි intern කරා කියලා HO කාලෙන් පස්සෙ හැමෝටම වෛද්‍යවරයෙක් විදියට වැටුවපක් සහිත සේවය කරන්න අවස්ථාව ලැබෙන්නෙ නෑ. මෙච්චර අවුරුදු 7/8ක් කට්ට කාලා degree එක ගොඩ දාගෙන අනිතිමට Goverment, private, ERPM ඔක්කොම එකට පොදු පරීක්ෂණයකට මුහුණ දීලා ඒකෙන් pass වුණොත් තමා පත්වීම හම්බෙන්නෙ.

කොහොමද අධ්‍යාපනයට අත්තටු දෙන්න ආපු ආණ්ඩුවේ ආතල් එක ?

අවුරුදු 6ක් campus එක ඇතුළේ කට්ට කාලා කට්ට කාලා, අන්තිමට පොදු පරීක්ෂණයකින් වෛද්‍යවරයෙක් වෙන්න සුදුසුකම පරීක්ෂා කරනවාට වෛද්‍ය ශිෂ්‍යන් විදියට අපිට එකග වෙන්න පුළුවන්ද ? එහෙනම් මොකටද මෙච්චර දුකක් විදින්නෙ වෛද්‍ය පීඨ ඇතුළෙ... ඊට පස්සෙ අවුරුද්දයි මාස 2ක් බලා ඉදලා intern හම්බුණාට පස්සෙ අනන්ත දුක් විදගෙන,කුණු බැනුම් අහගෙන අවුරුද්දක් නහින්නෙ ?

මේක මේ විදියට සිද්ධ වෙන්න දීලා නිකන්ම බලා ඉදියොත් වෙන්නෙ අනාගත වෛද්‍ය වෘතිකයන් වෙන්න අපේක්ෂාවෙන් දහසක් බලාපොරොත්තු තියන් වෛද්‍ය පීඨ වලට ඇතුළත් වෙච්ච ශිෂ්‍යන්ගේ හීන කුඩු වෙලා යන එක ?

මෙන්න මේ හන්දා තමයි ආණ්ඩුව මේ ගෙන යන ප්‍රතිපත්ති වලට වෛද්‍ය ශිෂ්‍යන් විදියට අපි විරුද්ධ විය යුත්තේ. ඒ කියන්නෙ සරලවම, වෛද්‍ය ශිෂ්‍යන් විදියට අපි PMC හරහා KDU එකෙන් මුදලට වෛද්‍ය උපාදිය විකිණීමට වගේම ERPM වලට විරුද්ධ විය යුත්තේ මේ නිසයි. ඒක කරන්නනම් අනිවාරෙන්ම වෛද්‍ය අධ්‍යාපනය උදෙසා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය කරනවා. ඒ හරහා වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ රැකියාවෙ සුරක්ෂිත භාවය ආරක්ෂා වෙනවා. ඒ වගේම නැවත වටයකින් carder revision එකක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ හරහා නව පුරප්පාඩු හදුනා ගැනීමට හැකි වෙනවා.

GMO එක කතා කරන්නෙ අපේ ප්‍රශ්නෙට නෙමේ. එයාලව සම්බන්ධ කරගන්නෙ නැතුව ආයතන සංග්‍රහයට පටහැනිව මේ දේවල් රජය කරපු එකට. හැබැයි මේකේ බලපෑම සෘජුවම අපිටයි එල්ල වෙන්නෙ. ඒ ප්‍රශ්නෙට කතා කරන්න ඕනි අපි.

අපි මේ ඉගෙනගන්නෙ, කැප කිරීම් කරන්නෙ, අනාගත වෛද්‍යවරයෙකු වීමේ සිහිනය උදෙසා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න අපේ බලාපොරොත්තුව ඒක. දේශපාලන අරමුණු හන්දා ඒක නැති වෙන්න බෑ. අපේ අනාගතය වෙනුවෙන් අපි බැදී සිටිය යුතුයි. මතු පරපුරේ අනාගතයත් අපි මත රදා පවතී.

නිදහස් ආධ්‍යාපනය සුරැකේවා !!!

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.