ඇමරිකාව දැනටමත් තීරණාත්මක යුද්ධයෙන් පරාජය වී අවසන්!- මහාචාර්ය ජියැං සුඕකින්
හැඳින්වීම
මෙම ලිපිය පදනම් වී ඇත්තේ චීන-කැනේඩියානු අධ්‍යාපනඥයෙකු සහ භූ දේශපාලන විචාරකයෙකු වන මහාචාර්ය ජියැං සුඕකින් විසින් ඉදිරිපත් කළ “ඇමරිකාව යුද්ධය පරාජය වී ඇත, ඊළඟට සිදුවන්නේ මෙන්න (America Already Lost the Most Important War)” යන මාතෘකාව යටතේ පුළුල් ලෙස සංසරණය වූ ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ පල කර ඇති වීඩියෝ දේශනයක් මත ය. ඔහුගේ ඉදිරිපත් කිරීම ගෝලීය බල මාරුවීම් අර්ථ නිරූපණය කිරීම සඳහා "ක්‍රීඩා න්‍යාය" සමඟ ඓතිහාසික විශ්ලේෂණය ඒකාබද්ධ කරන අතර ජාතීන් අතර තිබෙන දිගුකාලීන උපායමාර්ගික තරඟකාරිත්වය කෙරෙහි අවධානය යොමු කරයි.
ඉදිරිපත් කිරීමේදී, ජියැං සුඕකින් දැඩි මතභේදයට තුඩු දෙන සිද්ධාන්තයක් ඉදිරිපත් කරයි. එනම් 21 වන සියවසේදි ඉස්මතුවන තත්වය නිර්වචනය වන්නේ ගැටුම මිලිටරි නොවන අතරම ආර්ථිකමය ගැටුමක් වන විශේෂයෙන් එක්සත් ජනපදය සහ චීනය අතර ගැටුමක් මෙන්ම මෙම තරඟය දැනටමත් කරලියට පැමිණ තිබෙන බව යැයි ඔහු අවධාරණය කරයි.
ගෝලීය නිෂ්පාදනය, දුර්ලභ භූමිතත්ව ලෝහ ( Rear earth ) සැපයුම් දාම, මුදල් ගතිකය සහ අර්ධ සන්නායක නිෂ්පාදනයේ ප්‍රවණතා මත පදනම්ව, ආර්ථික බල තුලනය මූලික වශයෙන් වෙනස් වී ඇති බවට ඔහු තර්ක කරයි.ඔහුගේ ඉදිරිපත් කිරීම දශක ගණනාවක ප්‍රතිපත්ති තීරණ සහ ව්‍යුහාත්මක දිරිගැන්වීම් මෙම ප්‍රතිඵලයට දායක වූ ආකාරය ගෙනහැර දක්වන අතර ගෝලීය ආර්ථිකයට සහ එදිනෙදා ජීවිතයට එහි ප්‍රතිවිපාක පිළිබඳ පියවරෙන් පියවර පුරෝකථනයන් ඉදිරිපත් කරයි.
පහත දැක්වෙන ලිපිය මහාචාර්ය ජියැං සුඕකින්ගේ ඉදිරිපත් කිරීම සරල සංක්ෂිප්ත අනුවර්තනයකි. ඔහුගේ ඉදිරිපත් කිරීම තුළ ඇති කේන්ද්‍රීය තර්ක ආරක්ෂා කරමින් ඒවා සාමාන්‍ය පාඨකයින්ට සුදුසු ආකෘතියකින් ඉදිරිපත් කිරීමට වග බලා ගැනීමට අනුවර්තකයා කටයුතු කර තිබේ. මහාචාර්ය ජියැං සුඕකින් එළඹෙන සමහර නිගමන තවමත් විවාදයට ලක්ව ඇතත්, ඔහුගේ විශ්ලේෂණය කාර්මික ධාරිතාව, සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ගෝලීය ආර්ථික නායකත්වයේ අනාගතය පිළිබඳ පුළුල් හා වර්ධනය වන කනස්සල්ල පිළිබිඹු කරයි. අනුවර්තනය ජීවන්ත ජයතිස්ස
------
කිසිවෙකු දුටුවේ නැති යුද්ධය හෙවත් ඇමරිකාව පරාජය වූ යුද්ධය
ප්‍රවෘත්ති සිරස්තලවල ආධිපත්‍යය දරන යුද්ධ සැබැවින්ම යුද්ධ නොවේ. අප ඔබව යොමු කර්වන කාරනය ඇෆ්ගනිස්ථානය, ඉරාකය හෝ වියට්නාමය සම්බන්ධයෙන් අදාළ නොවේ. මෙය වඩාත් නිහඬ, වඩාත් ප්‍රතිවිපාක ලබා දෙන ගැටුමක් පිළිබඳව අපගේ අවදානය යොමුව තිබේ. එනම් ඊළඟ සියවස අර්ථ දැක්විය හැකි ආර්ථික යුද්ධය අපගේ කෙන්ද්‍රීය අවදානය දිනා ගනු ලබයි.
මෙම ඉදිරි දර්ශනයට අනුව, අප අවධානය යොමු කරන යුද්ධය දැනටමත් අවසන් වී ඇත.
නව ආකාරයේ යුධ පිටියක්
21 වන සියවසේදී, බලය තීරණය වන්නේ මිලිටරි ශක්තියෙන් පමණක්ම නොවේ. එය තීරණය වන්නේ: කාර්මික ධාරිතාව,සැපයුම් දාම,තාක්ෂණික පරිසර පද්ධති සහ මූල්‍ය පද්ධති යන සාධක මතය. ඒ අනුව අප ඉහත පෙන්වා දුන් සාධක මගින්, බල විභේදනය වෙනස් වී ඇත.
චීනය මේ වන විට ලෝකයේ නිෂ්පාදිත භාණ්ඩවලින් දළ වශයෙන් තුනෙන් එකක් නිෂ්පාදනය කරයි.එම කොටස එක්සත් ජනපදය, ජපානය සහ ජර්මනිය ඒකාබද්ධව නිපදවන භාන්ඩ වලට වඩා වැඩි කොටසකි. මෙම පරිවර්තනය අහම්බයක් නොවේ. එය ශක්තිමත් කාර්මික සමාජයක් ගොඩනැගීම කෙරෙහි උපායමාර්ගික අවධානය දශක ගණනාවක් තිස්සේ යොමු කිරීමේ ප්‍රතිඵලයකි.
මේ අතර, එක්සත් ජනපද ආර්ථිකයෙන් වැඩි කොටසක් සේවා, මූල්‍ය සහ කෙටි කාලීන කාර්යක්ෂමතාව කෙරෙහි අවධානය කෙරෙහි යොමු කරනු ලැබූ තත්වයකට බවට පත්විය.
නිෂ්පාදනය තවමත් වැදගත් වන්නේ ඇයි
නිෂ්පාදනය යනු හුදු පාරිභෝගික නිෂ්පාදන පමණක් නොවේ. එය ජාතියක පදනමයි. එනම්, මිලිටරි හැකියාව,අර්ධ සන්නායක නිෂ්පාදනය, බලශක්ති පද්ධති සහ උසස් තාක්ෂණය කෙරෙහි දැඩි අවධානය යොමු වූවකි.
මෙම හැකියාව ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන්නකි.දක්ෂතා, පළපුරුද්ද සහ සම්බන්ධතා කාලයත් සමඟ වැඩි වෙයි. ඒවා ගොඩ නගා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් අවශ්‍ය විටක ඉක්මනින් නැවත ගොඩ නගා ගැනීම අපහසු වන්නේය.
දුර්ලභ තීරණාත්මක සම්පත් පාලනය
නූතන ආර්ථිකයන් පෘථිවියෙන් ලබා ගන්නා දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය මත රඳා පවතී. ඒවා ඉලෙක්ට්‍රොනික උපකරණ, ආරක්ෂක පද්ධති සහ පුනර්ජනනීය බලශක්තිය සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන්නේය.
චීනය මෙම දුර්ලභ ඛණිජ ද්‍රව්‍ය කැණීම සහ වඩාත් වැදගත් ලෙස ඒවා නැවත සැකසීම යන දෙඅංශයෙහිම ආධිපත්‍යය දරයි. සම්පත් වෙනත් තැනකින් ලබා ගන්නා විට පවා, ඔවුන් බොහෝ විට පිරිපහදු කිරීම චීන පහසුකම් මත රඳා පැවතීම විශේෂත්වයකි. මෙය ආපසු හැරවීමට අපහසු උපායමාර්ගික යැපීම් තත්වයක් නිර්මාණය කරයි.
ඩොලරය විතැන්වීමේ යුගයක ඇරඹුම
දෙවන ලෝක යුද්ධයෙන් පසු දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපද ඩොලරය ලෝකයේ ප්‍රාථමික සංචිත මුදල් ඒකකය ලෙස ක්‍රියාත්මක විය. මෙමගින් එක්සත් ජනපදයට සැලකිය යුතු ආර්ථික වාසි ලබා දුන්නේය. නමුත් එම තත්ත්වය දැන් ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී. ලෝකයේ බොහෝ රටවල් දේශීය මුදල් වලින් වෙළඳාම් කිරීම, ඩොලරය මත යැපීම අඩු කිරීම සහ විකල්ප මූල්‍ය පද්ධති ගොඩනැගීම යන කාරනා කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් සිටියි.ලෝකයේ මේ සිදුවන වෙනස මන්දගාමී එහෙත් නොනැසී පවතින තත්වයකි.
උපායමාර්ගය සහ එය ක්‍රියාත්මක කිරීම
චීනයේ කාර්මික නැගීම දිගුකාලීන සැලසුම්කරණයෙන් පසුව සිදු වූ අතර, රොබෝ විද්‍යාව, බලශක්තිය සහ උසස් නිෂ්පාදන වැනි ප්‍රධාන අංශ ඉලක්ක කරගත් "මේඩ් ඉන් චයිනා 2025" වැනි මුලපිරීම් ද ඊට ඇතුළත් විය.
ඊට පටහැනිව, එක්සත් ජනපදය බොහෝ දුරට වෙළඳපොළ බලවේග සහ පෞද්ගලික අංශයේ තීරණ ගැනීම මත අර්‍රථිකය හැසිරවීම විශ්වාසය තැබීය.කෙසේ වුවද එක්සත් ජනපදයට තම නැතිවූ ආර්ථික ධාරිතාව නැවත ගොඩනැගීම කළ හැකිය. නමුත් එම ක්‍රියාවලිය මන්දගාමී, මිල අධික සහ සංකීර්ණ ක්‍රියාවලියක් ඔස්සේ එය සිදු කළ යුතු වන්නේය.
ප්‍රතිවිපාක පහ
මහාචාර්ය වරයාගේ විශ්ලේෂණයට අනුව, ඊළඟ අදියර ප්‍රධාන වර්ධනයන් පහක් හරහා දිග හැරෙනු ඇත. එනම්,
1. ක්‍රමයෙන් දුර්වල වන ඩොලරයක්
හදිසි බිඳවැටීමක් නොව, මිලදී ගැනීමේ ශක්තියේ ස්ථාවර පහත වැටීමක් සිදුවන අතර එමගින් ආනයනික භාණ්ඩ සඳහා ඉහළ පිරිවැයකට මග පාදනු ඇත.
2. නිරන්තරයෙන් ඉහළ යන පොලී අනුපාත
ලෝක ජනයා ඇමරිකාවේ ණය කෙරෙහි ඇති උනන්දුව අඩුවෙද්දී, නිවාස ණය, වෙනත් ණය, සහ ක්‍රෙඩිට් කාඩ් වැනි අයිතම සඳහා මුදල් ණයට ගැනීමේදී වැඩි මිලක් ගෙවීමට සිදු වෙයි.
3. සැපයුම් දාම අවදානම්
ඖෂධ සහ අර්ධ සන්නායක ඇතුළු තීරණාත්මක අංශ තවමත් විදේශීය නිෂ්පාදනය මත රඳා පවතී.
4. ජ්වලන අංකය ලෙස තායිවානය
තායිවානය ගෝලීය චිප් නිෂ්පාදනයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. එයට ඇතිවන ඕනෑම බාධාවක් ලොව පුරා කර්මාන්තවලට බලපානු ඇත.
5. ජීවන තත්වයන් මත පීඩනය
ඉහළ යන පිරිවැය සහ ව්‍යුහාත්මක වෙනස්කම් මධ්‍යම පාන්තික ජීවන රටාවක් ගත කරන ජනතාවගේ ජීවිත තුල දිගුකාලීන වෙනසක් ඇති කළ හැකිය.
ඉතිහාසයේ අත් විඳි රටාවක්
ඉතිහාසය අධ්‍යනයෙන් පෙනී යන්නේ ආර්ථික නායකත්වය කාලයත් සමඟ වෙනස් විය හැකි බවයි. ජාතීන් නිෂ්පාදනයෙන් ඉවත් වී මූල්‍යකරණය දෙසට ගමන් කරන විට, ඔවුන් දිගුකාලීනව රැකගත් තත්ත්වය දුර්වල විය හැකිය. මෙම සංක්‍රාන්ති එක රැයකින් සිදුවන්නක් නොවේ. ඒවා ක්‍රමයෙන් දිග හැරෙන්නේ බොහෝ විට ඒවායේ බලපෑම් නොවැළැක්විය හැකි වන තෙක් වර්ධනයවීමෙන් පසුවය.
අනාගතයට මෙම තත්වය නිසා සිදුවන්නේ කුමක්ද?
මාහාචාර්ය ජියැං සුඕකින් අප හමුවේ තබන ඉදිරි දර්ශනය විශ්වීය වශයෙන් පිළිගනු නොලැබුවද එය වැදගත් ප්‍රශ්න ඉස්මතු කරයි. එනම්, නවීන සැපයුම් දාමයන් කෙතරම් ඔරොත්තු දෙනවාද?,කාර්මික ධාරිතාව ඉක්මනින් නැවත ගොඩනැගිය හැකිද? සහ බහු ආර්ථික බල මධ්‍යස්ථාන ඇති ලෝකයක සිදුවන්නේ කුමක්ද? යන ප්‍රශ්න මතු කරයි.
එලෙසම තනි තනි පුද්ගලයන් කෙරෙහි ලැබෙන ඇඟවුම්ද ප්‍රායෝගික විය හැකිය. එනම්, වැඩි වන මූල්‍ය අවිනිශ්චිතතාව, ආර්ථික අපේක්ෂාවන් වෙනස් කිරීම සහ අනුවර්තනය කළ හැකි කුසලතා වල වැදගත්කම වැඩි වීම යන තත්වයන්ට මුහුණ දීමට සිදුවේ.
නිගමනය
ගෝලීය ආර්ථික භූ දර්ශනය පරිණාමය වෙමින් පවතී. තර්කයට යමෙකු සම්පූර්ණයෙන්ම එකඟ වුවත් නැතත්, දිගුකාලීන ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවෙමින් පවතින බව පැහැදිලිය. දශක ගණනාවක් තිස්සේ ආර්ථික ස්ථාවරත්වය නිර්වචනය කළ පද්ධති පරීක්ෂාවට ලක් කරනු ලැබේ, නැවත හැඩගස්වනු ලැබේ, එලෙසම සමහර අවස්ථාවල ප්‍රතිස්ථාපනය කරනු ලැබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..
අමෙරිකාවෙන් ශ්රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්..
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..
නීතීඥ සංගමයෙන් ජනපතිට දැඩි විරෝධයක්..