News Category
From Date
To Date
Maximum Number of Result

2026 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්..

Dec 30, 2025 at 05:44 AM
|

2026 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ යහපාලන මූල ධර්ම වලට මරු පහරක් එල්ල වෙනවා.

2026 ජනවාරි මාසයේ දී, (ජනවාරි 5) ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනෙකුගේ තනතුරෙහි කාලය අවසන් වෙනවා.

ඒ සමගම යළිත් වරක් ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජ නියෝජිතයන් නම් කිරීම කළ යුතු වෙනවා.

ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය නිර්මාණය වී ඇත්තේ අගමැතිනිය, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු, සුළු පක්ෂ නියෝජනයක්, විපක්ෂ නායක නියෝජනයක් සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ලෙසයි.

සම්පූර්ණ සමාජිකයන් ගණන දහයයි.

සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් යෝජනා කරන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා එක්වයි.

නමුත් එහි වැඩි අයිතිය ජනපතිවරයාට සහ අගමැතිනියට හිමියි. 

දැනට පසුගිය රජය විසින් නම් කළ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් තිදෙනෙකුගේ ධූරකාලය 2026 ජනවාරි මාසයෙන් අවසන් වෙනවා.

ඒ දිලුක්ෂි විජේසුන්දර, දිනේෂා සමරරත්න සහ ප්‍රතාප් රාමනුජම්.

සිවිල් සමාජ නියෝජිතයෙකුගේ ධූර කාලය වසර තුනයි. ඔවුන් තිදෙනා 2023 ජනවාරි මාසයේ 5 සිය රාජකාරි අරඹා තිබෙනවා.

ඔවුන් තිදෙනා වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීනව කටයුතු කළා.

ඔවුන් පත් කළ රනිල් රජයේ ඇතැම් පත්වීම් වලට පවා ඔවුන් විරුද්ධ වුණා.

මාලිමා රජයේ ඇතැම් පත් කිරීම් වලට සහය දුන්නා. ඇතැම් පත් කිරීම් වලට විරුද්ධ වුණා.

රනිල් රජයෙන් පත් කළත් ඔවුන් රනිල්ගේ අතකොළු වූයේ නැහැ.

එමෙන්ම මාලිමා පාලනයට 'බකට්' දැම්මේ ද නැහැ. ඔවුන් විරුද්ධ වූයේ මාලිමාවේ 'මජරම' උත්සාහයන්ට පමණයි.

ඒ අනුව ඔවුන් සිය වගකීම නිවැරදිව ඉටු කළ බව කිසිඳු තර්කයකින් තොරව කිව හැකියි.

2026 ජනවාරි මාසයේ දී ඔවුන් තිදෙනා වෙනුවට නව සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනෙකු නම් කිරීමේ බලය හිමි වෙනවා.

මින්දෙදෙනෙකු ජනාධිපතිවරයාට සෘජුව නම් කළ හැකියි. ඉතිරි සමාජිකයාට විපක්ෂ නායකවරයාට සිය යෝජනා ඉදිරිපත් කළ හැකියි.

නමුත් වඩා වැදගත්ම කාරණය වන්නේ පසුගිය රජයන්, තමන්ගේ පාක්ෂිකයන් හෝ ගෝලයන් නොවන ස්වාධීනව වැඩ කළ හැකි සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ව්‍යවස්ථාදායක සභාවට පත් කළා.

ඔවුන් තමන් පත් කළ ආණ්ඩුවට හෝ 'කීකරු' වූයේ නැහැ.

දැන් ඉතා වැදගත් ප්‍රශ්නය, මාලිමා ආණ්ඩුව එහෙම කරාවිද ?

මාලිමාව, ඔවුන්ට 'කීකරු නොවෙන' , සැබෑ ලෙසම 'ස්වාධීන' මිනිසුන් මේ තනතුරු වලට පත් කරාවිද ?

මේ ගමේ මරණාධාර සමිතියට පවා පක්ෂ කාඩරය ඔබ්බවන ආණ්ඩුවක්.

මේ විගණකාධිපති ධූරයට පවා සිය අතකොළුවක් පත් කිරීමට උත්සාහ කළ ආණ්ඩුවක්.

ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් නොකොට, මාස තුනෙන් තුනට වැඩ බලන විගණකාධිපතිවරයෙකු පත් කිරීමට අනුරට අවශ්‍ය වූ හේතුව දැන් පැහැදිලියි.

2026 ජනවාරි මාසයේ දී ස්වාධීනව කටයුතු කළ ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් තිදෙනාගේ කාලය අවසන් බව අනුර දැන සිටියා.

එතැනින් දෙදෙනෙකු, ජනපති අනුරට සෘජුවම පැලවත්තෙන් හෝ කැලනිය විශ්ව විද්‍යාලයෙන් නම් කළ හැකියි.

ඒ මොහොතේ සිට ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය අනුරට පාක්ෂික, ස්වාධීන නැති, අනුර යෝජනා කරන ඕනෑම පොල් ලෙල්ලකට අත් ඔසවන පිරිසක් බවට පත් වෙනවා.

හරිනි, බිමල්, ජගත් වික්‍රමරත්න, අබුබුකර් සහ නව සමාජිකයන් දෙදෙනෙකු එක් වූ කළ ව්‍යවස්ථාදායක සභාවේ මාලිමා පාක්ෂිකයන් ගණන හයක් බවට පත් වෙනවා.

කොටින්ම ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමේ මූලික අරමුණම වූ, ඊනියා 'ස්වාධීන කොමිසම' අහෝසි වී යනවා.

එය ජනපති අනුරගේ තවත් එක් බළල් අතක් බවට පත් වෙනවා.

එතැන් පටන් ජනපති අනුරගේ සෘජු පත් කිරීම් සහ ව්‍යවස්ථා දායක සභාවේ පත් කිරීම් අතර කිසිඳු වෙනසක් නැහැ.

එතැනදී අනුරට, ඔහුට අවශ්‍ය කැලනි මිතුරා ස්ථිර විගණකාධිපති ලෙස පත් කළ හැකියි.

මේ දිනය උදාවන තුරු (2026 ජනවාරි 05) අනුරට වැඩ බලන තාවකාලික විගණකාධිපතිවරයෙක් උවමනා වූ හේතුව දැන් පැහැදිලියි.

එතැන් පටන් අනුරට ඕනෑම තනතුරක් තමන්ගේ හිතුමනාපයට පත් කළ හැකියි.

එම නිසා ලෝකයට කෙසේ වෙතත් 2026 ආරම්භයම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට සහ තනි පක්ෂ රාජ්‍යයට තිබූ අවසන් බාධකයත් ගැලවී යන අසුබ නව වසරක් වීමට නියමිතයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ ව්‍යවස්ථාදායක සභාවත් කැලනිය විශ්ව විද්‍යාලය හරහා පැලවත්තට කඩා වැටීමට නියමිතයි.

(මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ව්‍යාපාරික ලෝකයේ හැම සුදූ කෙළියක්ම හැමෝටම එකලෙස ජය ගෙනෙන්නේ නැත. පසුගියදා LOLC සමූහය මාලදිවයිනේ හෝටලයක් විකුණා ඩොලර් මිලියන 57ක දැවැන්ත ලාභයක් ලබද්දී, ලංකාවේ පැරණිතම බහුජාතික සමාගමක් වන හේලීස් (Hayleys PLC) සමූහයට මාලදිවයිනෙන් අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමකි.
පසුගිය මැයි 28 වැනිදා කොළඹදී පැවැත්වුණු ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වේ. වසර 32ක කාලයක් තිස්සේ වුෂු ක්‍රීඩාවේ පරිපාලනය හසුරුවන නිලධාරී පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද මූල්‍ය හා අයවැය වාර්තාවල පවතින බරපතල අක්‍රමිකතා හේතුවෙන් සභාව තුළ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් රාජධානියේ සෙන්ට්‍රල් ලැන්කෂයර් විශ්වවිද්‍යාලය විසින් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට එරෙහිව එවකට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කටයුතු කළ වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයක් පහත වීඩියෝවේ දැක්වේ.
රෙදි උස්සගෙන, මෙන්නෝ කපිල මුස්ලිම් මුඩුක්කු කාරයො දෙන්නෙක් දාල ඇප තියලෝ ඒ නිසා රංග උත්තමයා මැදිහත්වෙලා උසාවියෙන් ඇප අවලංගු කරලෝ, මෙන්න කපිල චන්ද්‍රසේන තව හොරයක් කරලා මාට්ටු වෙලෝ කියල මැයි හය, හත් වෙනිද රෙදි උස්සගෙන කෑගහපු තරිඳු උඩුවර ගෙදර සහ ෆසීර් කියල යූ ටියුබර්ස්ලා දෙන්නෙක් ඉන්නවා.
තාක්ෂණය කියන්නේ අපේ වැඩ පහසු කරන අපූරු මෙවලමක්. හැබැයි ඒ තාක්ෂණය අපේ පවුල් ජීවිතය ඇතුළට ආවොත් මොකද වෙන්නේ? මේ දවස්වල මුළු ලෝකයම කතා වෙන ජපානයෙන් ඇහෙන කතාව මේකට හොඳම උදාහරණයක්.
Alexander Cunningham යනු ඉන්දියානු පුරාවිද්‍යා ඉතිහාසයට ඉතා බලපෑම් කළ පුද්ගලයෙකි. ඔහු බෞද්ධ ස්ථාන, අශෝක ශිලා ලේඛන, පැරණි නගර සහ චීන සංචාරක වාර්තා භාවිතයෙන් ඉන්දියාව හා දකුණු ආසියාවේ බොහෝ ස්ථාන හඳුනාගැනීමට උත්සාහ කළේය.
බටහිර ජාතීන් කාලතුවක්කු, තුවක්කුත් අරගෙන ලංකාව ආක්‍රමණය කරන්න එද්දී, ඔවුන් හිතන්න නැතුව ඇති තමන්ට වඩා දියුණු, වඩාත් ප්‍රහාරාත්මක තාක්ෂණයකින් තමන්ටම බැට කන්න වෙයි කියලා! ඔව්, සුදු ජාතිකයෝ ලංකාවට තුවක්කු හඳුන්වා දීලා කෙටි කාලයක් යද්දී, අපේ හෙළ ශිල්පීන් ලෝකයම මවිත කරවන, බටහිර තුවක්කුවලටත් වඩා විශිෂ්ට මට්ටමේ "සිංහල තුවක්කුව" නිර්මාණය කළා.
ලෝක ඉතිහාසය දෙස හැරී බලන විට ගුවන් යානා පැහැරගැනීම් (Hijacks) වාර්තා වී ඇත්තේ දේශපාලන අරමුණු, කප්පම් ගැනීම් හෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මුල් කරගනිමිනි. නමුත් 1982 වසරේ ජුනි මාසයේදී මුළු මහත් ජාත්‍යන්තර ප්‍රජාවම මවිතයට පත් කරමින් ශ්‍රී ලාංකිකයෙකු ලියූ ඒ අපූරු ඉතිහාසය ඊට හාත්පසින්ම වෙනස් ය. ඒ, ලේ පිපාසිත ත්‍රස්තවාදයෙන් තොරව, කිසිවෙකුගේ ජීවිතයකට හානියක් නොකර, නිලධාරීවාදයේ පීඩනයට එරෙහිව සිය කුඩා පුතු වෙනුවෙන් පියෙකු දියත් කළ මාරාන්තික "ආදරණීය සටනක්" පිළිබඳ සංවේදී කතාවයි.

ප්‍රධාන පුවත්

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා හෙට (04) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (03) නොතීසි නිකුත් කළේය.

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.