News Category
From Date
To Date
Maximum Number of Result

රටටම මීගමු අළුවා විකුණපු කටුනායක අළුවා අම්මලා..

Dec 29, 2025 at 09:24 AM
|

මේ අලූවා කැපිල්ලේ ඉතිහාසය මතක් කළොත් …

ආසන්න වශයෙන් ගත්තොත් 1970 කාලයේ ඉදන් මේ කර්මාන්තෙ කරනවා කියල කියන්න පුලූවන්.

ඒ කාලේ පරණම අය තමයි, ආනම්මා අක්කා, ඇලිස් අක්කා, ඇගි අක්කා, ජුලියට් අක්කගෙ අම්මා, මදම් අක්කා, විනී අක්කා අදත් ඒයාලගෙ පරම්පරාවන් වලින් මේ අළුවා කැපිල්ල කරගෙන යනවා..

එ කාලේ අළුවා කෑල්ලක් වික්කේ ශත 5ට, ශත 10ට, ශත 20ට.  ලොකුම කෑල්ල ශත 20යි.

ඒ කාලේ පොල්, පැණි හරි ලාභයි. පැණි ගත්තේ මීගමුවෙන්.  ටින් එක රු.60/-යි, 70/-යි.

ජීවත්වෙන්න පුළුවන් විදියට ලාභයක් ලැබුනා.  අපේ අම්මලා ඉස්සර හම්බ කළා, කෑවා විතරයි. කිසිම දෙයක් ඉතිරි කරලා නෑ. අදත් සමහරු එහෙමයි.

ඒ කාලේ පල්ලි පන්සල්වල උත්සව වලට යන කව්රුත් කැමැති වුණා මීගමු අලූවා කෑල්ලක රහ බලන්න එහෙම නේද..?

ඇත්ත ඒ කාලෙත් වෙළදාමේ යන්නේ පල්ලිවල මංගල්‍යය වලටයි, පොළවල් වලටයි.ඉස්සර කොහේ ගියත් සෙනසුරාදා, ඉරිදා වික්කා, රෑට ගෙදර ආවා. කොච්චර වෙළදාම තිබුණත්  ලඟක් වෙනකම්ම අපි ඉරිදා රෑ 12.00 බස් එකේ ගෙදර ආවා. දැන් එහෙම එන්නේ නෑ. එක එක මංගල්‍යය වල හැටියට සෙනඟ එන හැටියට දැන් සුමාන දෙක තුනක් ඉන්නවා. දවස දෙකෙන් නමි වර්තමානෙ  එන්නෙම නෑ. ඒකයි ඉස්සරට වඩා ලාභ වැඩි.    ඉස්සර එච්චර දුර ගියේ නෑ.සබරගමු, නුවර, අනුරාධපුර,කෝට්ටේ වගේ තමයි.

අපි අහල තියෙන්නෙ අලූවා වෙළදාමේ ගියෙත් ජොඩු පිටින් කියල…

ඒ කාලෙ අපි ජෝඩු ජෝඩු ගියේ. සමහරදාට  ළමයින්වත් එක්ක යනවා. කොච්චර ඈත ගියත් මංගල්‍යය දා රෑ එනවා.  දැන් නම් අපි අපේ මහත්තුරුන්ට අඩ ගැහුවත් එන්නේ නෑ.  අපි කට්ටිය එකතුවෙලා යනවා.  අළුවා පොළ හරිම විනෝදයි.  අපේ  සේරම ප්‍රශ්ණ අමතක වෙනවා එතැනට ගියාම.  අපි උයාගෙන කාලා, විහිළුවෙන්, විනෝදෙන් ඉඳලා එනවා.   සමහර මංගල්ල ලඟ ලඟ

වැටෙන නිසා මාසෙකට දෙපාරක් යන්නත් වෙනවා.

අලූවා වෙළඳාමේ එන්නේ කටුනායකින් විතරමද..?

අළුවා අරගෙන යන්නේ කටුනායක කට්ටිය විතරයි.  මොරටුවෙන් විතරක් එක්කෙනෙක් ඒ    කාලේ ආවා.  ඒ ඇරෙන්න කවුරුත් නෑ. දැන් කටුනායක අපි 21 දෙනාට අමතරව දෙහියගාතෙන් එක්කෙනෙක් එනවා. මිනුවන්ගොඩ, නැදගමුව, ජාගොඩමුල්ල ප්‍රදේශවලින් කීපදෙනෙක්  එනවා. ඒ ඇරෙන්න අළුතෙන් එන්න නම් හරිම අමාරුයි. බොහොම යාළුකමෙන් එන්න ඕනා. අවුරුදු තුන හතරක් යනකම් අළුත් උන් කියලා කරදර කරනවා. අපි සේරම වගේ පරම්පරාවෙන් තමයි. අපේ අම්මලා, ලොකු අම්මලා අළුවා කැපුවා. ඊට පස්සේ අපි ඒ පාරේ ගියා.  ඒත් අපේ ළමයි නම් මේ කර්මාන්තෙ ගැන හිතලවත් නෑ වගේ. උදව්වටවත් එන්නේ නෑ. අපි ඉස්සර අම්මලාට පොල් ගාලා දුන්නා. පෙට්ටි බැන්දා. උදව් වුණා. අද එහෙම නෑ. අපෙන් පස්සේ මේ කර්මාන්තයේ  ඉදිරිය ගැන තවම හිතාගන්න බෑ.

මේ කර්මාන්තයට සම්බන්ධ වුණේ මොනවගේ අයද..?

ගොඩ දෙනෙක් කලපු රස්සාව කළේ. එයින් ලබාපු ආදායම මදි නිසා පරණ අයත් එක්ක එකතුවෙලා ටික ටික අළුවා කපන්න පටන් අරන් තියෙන්නේ. එහෙම කියල තමයි අපි නම් දන්නෙ..  මුලින්ම අපි පරණ අයට පොල් ගාන්න, කපන්න,

පෙට්ටි ගැට ගහන්න උදව් වුණා. පස්සේ තමයි හරියට අළුවා කැපිල්ල කළේ. ඒ කාලේ ගුරුනා අයියා අපට ගොඩක් උදව් වුනා.  අපි හාල් කොටා ගෙන, බඩුත් අරගෙන එහාට ගියා. එහෙන් අළුවා කපාගෙන, පෙට්ටියත් බැදගෙන තමයි වෙළදාමේ ගියේ. ඉස්සර පවුලෙ කරදර, ආර්ථීක ප්‍රශ්ණ එනකොට පරණ අය කියන්නේ අළුවා ටිකක් කපන්න ගන්න කියලයි. දැන්නම් එහෙම නෑ. අළුත් කෙනෙක් එනවට පරණ අය කැමති නෑ.

ඔයාලටත් සීසන් එකක් තියෙනවද..?

අපි අවුරුද්ද පුරාම වෙළදාමේ යනවා. නොවැම්බර් මාසෙ විතරයි මංගල්ල නැත්තේ. ජනවාරි කදානෙන් පටන්ගත්තම දළුගම, නාත්්තන්ඩිය, එඩේරමුල්ල, කටුවාපිටිය, කොටහේන, කොච්චිකඩේ, දික්ඕවිට, මත්තුමගල, තේවත්ත, මෝදර, මට්ටක්කුලිය වගේ දිගටම යනවා.

අලූවා අම්මලගෙත් සංවිධානයක් තිබුණලූ නේද..?..

මේ අළුවා කර්මාන්තෙ කරගෙන ආපු  අම්මලා 1976 විතර අළුවා සමිතියක් පටන් ගත්තා. ඒ කාලේ ගමේ හිටිය ගරු ගොඩ්වින් පීරිස් පියතුමා තමයි සමිතිය හදන්න මුල්වුනේ.  එතුමා ගමේ ඇවිදින්න

ආ වෙලාවක කට්ටිය එකතු කෙරුවා. කටුනායක බැංකුවේ වැඩ කරපු ඇන්ටනි මහත්තයා එක්ක ඇවිත් අපට බැංකු ණය අරගෙන දුන්නා. ඒ කාලේ අපි සේරමලා 70ක් විතර හිටියා. සේරටම රු.500/- ගණනේ ණය දුන්නා. අපි හැමෝම වගේ ඒ ණය බේරුවා.  ආයෙත් දෙවෙනි පාරටත් ණය දුන්නා. ඊටපස්සේ zසදාසරණ සැලZ නමින් කඩයක් දැම්මා. අපි රු.5/- ගෙවලා සාමාජිකත්වය ගත්තා.

ඊටපස්සේ අපේ ගමට ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා ආවා. එතුමා රු.2/- ගානේ දාන්න සීට්ටු ක්‍රමයක් පටන් ගත්තා.  ඒක හොඳට දියුණු වුනා. එයින්  පුංචි බැංකු ක්‍රමය පටන් ගත්තා. මේ කටයුතු වලට කි්‍රස්ටීන් කන්‍යා සොයුරියත්, ක්ලැරිස් කන්‍යා සොයුරියත් උදව්වුනා. ඒ සීට්ටු සල්ලිවලින් අපේ  දරුවන් කීප දෙනෙකුගේ මඟුල් ගෙවලූත් ගත්තා.   දැන් තිබුනානම් අපට රු.ලක්ෂයක් ගන්න තිබුනා.

කැල්ටන් එක වගේ අළුත් රසකැවිලි කඩ, රසකැවිලි වර්ග ආවා කියල ඔයාලට තරඟයක් එහෙම නෑ වගේ..?

අපේ අළුවා වලට එතරම් බලපෑමක් වුනේ නෑ. අළුවා ගන්න කෙනා අළුවා ගන්නවාමයි.  අළුවා පොළවල් වල අපට හැමදාම අපෙන්ම ගන්න අය එදත් හිටියා.  අදත් ඉන්නවා. කැල්ටන් වගේ කඩවල තියෙන්නේ හතරැස් අළුවා කෑලි.  අපි විකුණන්නේ හීන් දිග අළුවා.  ඒවාට තමයි මීගමු අළුවා කියන්නේ. ඒනිසා ඒ කඩ අපට ප්‍රශ්ණයක් වෙලා නෑ තවම.

කපන අලූවා කොහොමද ඒ තැන් වලට අරන් යන්නේ.?

අපි ගෙදර ඉඳලම ඒ අළුවා කපාගෙනයි යන්නේ.    අපට අපේ බඩු අරගෙන යන්න තමයි ටිකක් කරදර.  මුලින්ම අපි ගියේ ලොරිවල. පස්සේ බස්වල. කෝච්චියෙත් ගියා  ඒක හරි ලේසියි.  අපේ අළුවා පෙට්ටි, පුටු, අනෙක් සේරම බඩු පටවනවා.  දැන් බස්වල ගන්නෙම නෑ. අපි වෑන් කථා කරගෙන තමයි යන්නේ. කට්ටිය එකතුවෙලා වෑන් එකක් කථා කරගන්නවා.  ඒක ලේසියි.  දැන් අපි මේසත් ගෙනියනවා.

අළුවා බිස්නස් එක සරුද?

ගෙනියන සේරම විකුණගෙන ආවොත් ලාභයි.. පොඩි මංගල්ලයකට නම් රු.4000/- 5000/- විතර වියදම් කලාම ඇති.  සෙනඟ වැඩි ලොකු පල්ලියෙ මංගල්ලයකට නම් රු.10,000/- විතර බඩු අරගෙන යනවා.  එයින් රු.5000/- තරම ලාභයක් ලැඛෙනවා. ඒකෙන් ගෙදර වියදම් පිරිමහ ගෙන ඊළඟ පාරට බඩුත් ගන්නවා.  සමහර වෙලාවට බඩු ණයටත් ගන්නවා.  ඇවිල්ලා පියවන්න බලාගෙන.  එකපාරකට පැණි බෝතල් 24ක විතර දැන් අළුවා කැපෙනවා.අපේ අළුවා නරක් නොවී මාස 2ක් විතර තියා ගන්න පුළුවන්. පොල් කේක් නම් දවස් 8ක් විතර තමයි. මේ කැවිලි කල් යන්න යන්න රසයි.

අළුවා වෙළදාමේ මොනවද තියෙන ප්‍රශ්ණ..?

එන්න එන්න බිම් කුලිය වැඩිවෙන එක.  අපි අළුවා පොළට ඇතුල්වෙන කොටම බ්ම් කුලිය ගෙවන්න ඕනා. බිම් කුලී එකතු කරන්නේ පල්ලියෙන්. කලින්ට වඩා තේවත්තෙත්, වත්තලත් බිම් කුලිය වැඩිවෙලා.වත්තල බිම්කුලිය රු.850/-යි. මේක අපට අමාරුයි.  අපි දුක්විඳලා හොයා ගන්න ලාභයෙන් ලොකු බිම් කුලියක් ගෙවන්න අමාරුයි. මේ ගැන අපට වගකිවයුත්තන්ට කියන්න වෙනවා. ගොඩක් පල්ලි වල අපේ අළුවා තට්ටුව තිබුන තැනම තියෙනවා. කැළණිය, වත්තල, දෙහියගාත පල්ලිවල අපි හිටි තැනින් පස්සට ගිහිල්ලා. මේ ගැනත් අපිට හිතන්න වෙනවා.

අනාගතේ ගැන….

වෙළඳ කලාපෙත් බලපෑව, අපෙන් පස්සේ පරම්පරාව මේ වැඩේට නොඑන්න.මොකද එයාල ගියා ගාමන්ට් රස්සාවලට. අපේ අලූව කපපු සමහරකුත් ගියා. හැබැයි ආයිමත් ඒ වලින් අස්වෙලා මේකටම ආවා. අපේ මේ කර්මාන්තයේ පරණම  අයගෙන් පස්සේ ඉදිරි පරම්පරාව මේ කර්මාන්තය භාර නොගත්තොත් මීගමු අළුවා මේ පලාතෙන් වෙන  වෙන පලාත් වලට මාරුවෙලා යාවි.

සටහන -සෙලින් ප්‍රනාන්දු

උපුටා ගැනිම -මීපුර පුවත්පත (2003 නොවැ කලාපය )

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.