News Category
From Date
To Date
Maximum Number of Result

රටටම මීගමු අළුවා විකුණපු කටුනායක අළුවා අම්මලා..

Dec 29, 2025 at 09:24 AM
|

මේ අලූවා කැපිල්ලේ ඉතිහාසය මතක් කළොත් …

ආසන්න වශයෙන් ගත්තොත් 1970 කාලයේ ඉදන් මේ කර්මාන්තෙ කරනවා කියල කියන්න පුලූවන්.

ඒ කාලේ පරණම අය තමයි, ආනම්මා අක්කා, ඇලිස් අක්කා, ඇගි අක්කා, ජුලියට් අක්කගෙ අම්මා, මදම් අක්කා, විනී අක්කා අදත් ඒයාලගෙ පරම්පරාවන් වලින් මේ අළුවා කැපිල්ල කරගෙන යනවා..

එ කාලේ අළුවා කෑල්ලක් වික්කේ ශත 5ට, ශත 10ට, ශත 20ට.  ලොකුම කෑල්ල ශත 20යි.

ඒ කාලේ පොල්, පැණි හරි ලාභයි. පැණි ගත්තේ මීගමුවෙන්.  ටින් එක රු.60/-යි, 70/-යි.

ජීවත්වෙන්න පුළුවන් විදියට ලාභයක් ලැබුනා.  අපේ අම්මලා ඉස්සර හම්බ කළා, කෑවා විතරයි. කිසිම දෙයක් ඉතිරි කරලා නෑ. අදත් සමහරු එහෙමයි.

ඒ කාලේ පල්ලි පන්සල්වල උත්සව වලට යන කව්රුත් කැමැති වුණා මීගමු අලූවා කෑල්ලක රහ බලන්න එහෙම නේද..?

ඇත්ත ඒ කාලෙත් වෙළදාමේ යන්නේ පල්ලිවල මංගල්‍යය වලටයි, පොළවල් වලටයි.ඉස්සර කොහේ ගියත් සෙනසුරාදා, ඉරිදා වික්කා, රෑට ගෙදර ආවා. කොච්චර වෙළදාම තිබුණත්  ලඟක් වෙනකම්ම අපි ඉරිදා රෑ 12.00 බස් එකේ ගෙදර ආවා. දැන් එහෙම එන්නේ නෑ. එක එක මංගල්‍යය වල හැටියට සෙනඟ එන හැටියට දැන් සුමාන දෙක තුනක් ඉන්නවා. දවස දෙකෙන් නමි වර්තමානෙ  එන්නෙම නෑ. ඒකයි ඉස්සරට වඩා ලාභ වැඩි.    ඉස්සර එච්චර දුර ගියේ නෑ.සබරගමු, නුවර, අනුරාධපුර,කෝට්ටේ වගේ තමයි.

අපි අහල තියෙන්නෙ අලූවා වෙළදාමේ ගියෙත් ජොඩු පිටින් කියල…

ඒ කාලෙ අපි ජෝඩු ජෝඩු ගියේ. සමහරදාට  ළමයින්වත් එක්ක යනවා. කොච්චර ඈත ගියත් මංගල්‍යය දා රෑ එනවා.  දැන් නම් අපි අපේ මහත්තුරුන්ට අඩ ගැහුවත් එන්නේ නෑ.  අපි කට්ටිය එකතුවෙලා යනවා.  අළුවා පොළ හරිම විනෝදයි.  අපේ  සේරම ප්‍රශ්ණ අමතක වෙනවා එතැනට ගියාම.  අපි උයාගෙන කාලා, විහිළුවෙන්, විනෝදෙන් ඉඳලා එනවා.   සමහර මංගල්ල ලඟ ලඟ

වැටෙන නිසා මාසෙකට දෙපාරක් යන්නත් වෙනවා.

අලූවා වෙළඳාමේ එන්නේ කටුනායකින් විතරමද..?

අළුවා අරගෙන යන්නේ කටුනායක කට්ටිය විතරයි.  මොරටුවෙන් විතරක් එක්කෙනෙක් ඒ    කාලේ ආවා.  ඒ ඇරෙන්න කවුරුත් නෑ. දැන් කටුනායක අපි 21 දෙනාට අමතරව දෙහියගාතෙන් එක්කෙනෙක් එනවා. මිනුවන්ගොඩ, නැදගමුව, ජාගොඩමුල්ල ප්‍රදේශවලින් කීපදෙනෙක්  එනවා. ඒ ඇරෙන්න අළුතෙන් එන්න නම් හරිම අමාරුයි. බොහොම යාළුකමෙන් එන්න ඕනා. අවුරුදු තුන හතරක් යනකම් අළුත් උන් කියලා කරදර කරනවා. අපි සේරම වගේ පරම්පරාවෙන් තමයි. අපේ අම්මලා, ලොකු අම්මලා අළුවා කැපුවා. ඊට පස්සේ අපි ඒ පාරේ ගියා.  ඒත් අපේ ළමයි නම් මේ කර්මාන්තෙ ගැන හිතලවත් නෑ වගේ. උදව්වටවත් එන්නේ නෑ. අපි ඉස්සර අම්මලාට පොල් ගාලා දුන්නා. පෙට්ටි බැන්දා. උදව් වුණා. අද එහෙම නෑ. අපෙන් පස්සේ මේ කර්මාන්තයේ  ඉදිරිය ගැන තවම හිතාගන්න බෑ.

මේ කර්මාන්තයට සම්බන්ධ වුණේ මොනවගේ අයද..?

ගොඩ දෙනෙක් කලපු රස්සාව කළේ. එයින් ලබාපු ආදායම මදි නිසා පරණ අයත් එක්ක එකතුවෙලා ටික ටික අළුවා කපන්න පටන් අරන් තියෙන්නේ. එහෙම කියල තමයි අපි නම් දන්නෙ..  මුලින්ම අපි පරණ අයට පොල් ගාන්න, කපන්න,

පෙට්ටි ගැට ගහන්න උදව් වුණා. පස්සේ තමයි හරියට අළුවා කැපිල්ල කළේ. ඒ කාලේ ගුරුනා අයියා අපට ගොඩක් උදව් වුනා.  අපි හාල් කොටා ගෙන, බඩුත් අරගෙන එහාට ගියා. එහෙන් අළුවා කපාගෙන, පෙට්ටියත් බැදගෙන තමයි වෙළදාමේ ගියේ. ඉස්සර පවුලෙ කරදර, ආර්ථීක ප්‍රශ්ණ එනකොට පරණ අය කියන්නේ අළුවා ටිකක් කපන්න ගන්න කියලයි. දැන්නම් එහෙම නෑ. අළුත් කෙනෙක් එනවට පරණ අය කැමති නෑ.

ඔයාලටත් සීසන් එකක් තියෙනවද..?

අපි අවුරුද්ද පුරාම වෙළදාමේ යනවා. නොවැම්බර් මාසෙ විතරයි මංගල්ල නැත්තේ. ජනවාරි කදානෙන් පටන්ගත්තම දළුගම, නාත්්තන්ඩිය, එඩේරමුල්ල, කටුවාපිටිය, කොටහේන, කොච්චිකඩේ, දික්ඕවිට, මත්තුමගල, තේවත්ත, මෝදර, මට්ටක්කුලිය වගේ දිගටම යනවා.

අලූවා අම්මලගෙත් සංවිධානයක් තිබුණලූ නේද..?..

මේ අළුවා කර්මාන්තෙ කරගෙන ආපු  අම්මලා 1976 විතර අළුවා සමිතියක් පටන් ගත්තා. ඒ කාලේ ගමේ හිටිය ගරු ගොඩ්වින් පීරිස් පියතුමා තමයි සමිතිය හදන්න මුල්වුනේ.  එතුමා ගමේ ඇවිදින්න

ආ වෙලාවක කට්ටිය එකතු කෙරුවා. කටුනායක බැංකුවේ වැඩ කරපු ඇන්ටනි මහත්තයා එක්ක ඇවිත් අපට බැංකු ණය අරගෙන දුන්නා. ඒ කාලේ අපි සේරමලා 70ක් විතර හිටියා. සේරටම රු.500/- ගණනේ ණය දුන්නා. අපි හැමෝම වගේ ඒ ණය බේරුවා.  ආයෙත් දෙවෙනි පාරටත් ණය දුන්නා. ඊටපස්සේ zසදාසරණ සැලZ නමින් කඩයක් දැම්මා. අපි රු.5/- ගෙවලා සාමාජිකත්වය ගත්තා.

ඊටපස්සේ අපේ ගමට ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා ආවා. එතුමා රු.2/- ගානේ දාන්න සීට්ටු ක්‍රමයක් පටන් ගත්තා.  ඒක හොඳට දියුණු වුනා. එයින්  පුංචි බැංකු ක්‍රමය පටන් ගත්තා. මේ කටයුතු වලට කි්‍රස්ටීන් කන්‍යා සොයුරියත්, ක්ලැරිස් කන්‍යා සොයුරියත් උදව්වුනා. ඒ සීට්ටු සල්ලිවලින් අපේ  දරුවන් කීප දෙනෙකුගේ මඟුල් ගෙවලූත් ගත්තා.   දැන් තිබුනානම් අපට රු.ලක්ෂයක් ගන්න තිබුනා.

කැල්ටන් එක වගේ අළුත් රසකැවිලි කඩ, රසකැවිලි වර්ග ආවා කියල ඔයාලට තරඟයක් එහෙම නෑ වගේ..?

අපේ අළුවා වලට එතරම් බලපෑමක් වුනේ නෑ. අළුවා ගන්න කෙනා අළුවා ගන්නවාමයි.  අළුවා පොළවල් වල අපට හැමදාම අපෙන්ම ගන්න අය එදත් හිටියා.  අදත් ඉන්නවා. කැල්ටන් වගේ කඩවල තියෙන්නේ හතරැස් අළුවා කෑලි.  අපි විකුණන්නේ හීන් දිග අළුවා.  ඒවාට තමයි මීගමු අළුවා කියන්නේ. ඒනිසා ඒ කඩ අපට ප්‍රශ්ණයක් වෙලා නෑ තවම.

කපන අලූවා කොහොමද ඒ තැන් වලට අරන් යන්නේ.?

අපි ගෙදර ඉඳලම ඒ අළුවා කපාගෙනයි යන්නේ.    අපට අපේ බඩු අරගෙන යන්න තමයි ටිකක් කරදර.  මුලින්ම අපි ගියේ ලොරිවල. පස්සේ බස්වල. කෝච්චියෙත් ගියා  ඒක හරි ලේසියි.  අපේ අළුවා පෙට්ටි, පුටු, අනෙක් සේරම බඩු පටවනවා.  දැන් බස්වල ගන්නෙම නෑ. අපි වෑන් කථා කරගෙන තමයි යන්නේ. කට්ටිය එකතුවෙලා වෑන් එකක් කථා කරගන්නවා.  ඒක ලේසියි.  දැන් අපි මේසත් ගෙනියනවා.

අළුවා බිස්නස් එක සරුද?

ගෙනියන සේරම විකුණගෙන ආවොත් ලාභයි.. පොඩි මංගල්ලයකට නම් රු.4000/- 5000/- විතර වියදම් කලාම ඇති.  සෙනඟ වැඩි ලොකු පල්ලියෙ මංගල්ලයකට නම් රු.10,000/- විතර බඩු අරගෙන යනවා.  එයින් රු.5000/- තරම ලාභයක් ලැඛෙනවා. ඒකෙන් ගෙදර වියදම් පිරිමහ ගෙන ඊළඟ පාරට බඩුත් ගන්නවා.  සමහර වෙලාවට බඩු ණයටත් ගන්නවා.  ඇවිල්ලා පියවන්න බලාගෙන.  එකපාරකට පැණි බෝතල් 24ක විතර දැන් අළුවා කැපෙනවා.අපේ අළුවා නරක් නොවී මාස 2ක් විතර තියා ගන්න පුළුවන්. පොල් කේක් නම් දවස් 8ක් විතර තමයි. මේ කැවිලි කල් යන්න යන්න රසයි.

අළුවා වෙළදාමේ මොනවද තියෙන ප්‍රශ්ණ..?

එන්න එන්න බිම් කුලිය වැඩිවෙන එක.  අපි අළුවා පොළට ඇතුල්වෙන කොටම බ්ම් කුලිය ගෙවන්න ඕනා. බිම් කුලී එකතු කරන්නේ පල්ලියෙන්. කලින්ට වඩා තේවත්තෙත්, වත්තලත් බිම් කුලිය වැඩිවෙලා.වත්තල බිම්කුලිය රු.850/-යි. මේක අපට අමාරුයි.  අපි දුක්විඳලා හොයා ගන්න ලාභයෙන් ලොකු බිම් කුලියක් ගෙවන්න අමාරුයි. මේ ගැන අපට වගකිවයුත්තන්ට කියන්න වෙනවා. ගොඩක් පල්ලි වල අපේ අළුවා තට්ටුව තිබුන තැනම තියෙනවා. කැළණිය, වත්තල, දෙහියගාත පල්ලිවල අපි හිටි තැනින් පස්සට ගිහිල්ලා. මේ ගැනත් අපිට හිතන්න වෙනවා.

අනාගතේ ගැන….

වෙළඳ කලාපෙත් බලපෑව, අපෙන් පස්සේ පරම්පරාව මේ වැඩේට නොඑන්න.මොකද එයාල ගියා ගාමන්ට් රස්සාවලට. අපේ අලූව කපපු සමහරකුත් ගියා. හැබැයි ආයිමත් ඒ වලින් අස්වෙලා මේකටම ආවා. අපේ මේ කර්මාන්තයේ පරණම  අයගෙන් පස්සේ ඉදිරි පරම්පරාව මේ කර්මාන්තය භාර නොගත්තොත් මීගමු අළුවා මේ පලාතෙන් වෙන  වෙන පලාත් වලට මාරුවෙලා යාවි.

සටහන -සෙලින් ප්‍රනාන්දු

උපුටා ගැනිම -මීපුර පුවත්පත (2003 නොවැ කලාපය )

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.