දේවානන්දාගේ පිස්තෝලයේ කතාව..
2001 සිට 2025 කියන්නේ වසර 24 ක්.
ඩග්ලස් දෙවානන්දාට නිකුත් කරපු පිස්තෝලයක් මදුෂ් ලග තිබිලා තියනවලු..
එතකොට දේවානන්දා සිංහල පාතාලයට ගිණි අවි විකුණලා නැත්නම් සපයලා කියන චෝදනාවට හෝ සැකයට CID අත් අඩංගුවට අරං රිමාන්ඩි කරනවා.
ආරංචියේ හැටියට ඩග්ලස් දේවානන්දට 2001 දී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කරපු පිස්තෝල ගිණි අවියක්.
ඩග්ලස් දේවානන්දට එලි ටී ටී ඊ ය එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඔහුගේ පෞද්ගලික අංගාරක්ෂකයන් මිය යනවා මේ කියන පිස්තොලය තිබී ඇත්තේ ඒ වගේ කෙනෙක් ලග කියනවා. ( සාමාන්‍යයෙන් ප්‍රභූවරයෙකුට නිකුත් කරන ගිණි අවියක් ආරක්ෂකයෙකු ලග තමයි තිබෙන්නේ.)
ඒ කාලයේ දේවානන්න්දා එල් ටී ටී ඊ යට එරෙහිව EPDP සංවිධානයේ පැරා මිලිටරි කංඩායම් පවත්වාගෙන ගිය බව රටට රහසක් නෙවේ ඒ පැරා මිිල්ටරි දමිළ සාමාජිකයන් දේවානන්දා වටකරගෙන තමයි නිතරම හිටියේ )
සෑම රජයක්ම එල් ටී ටී ඊ යට එරෙහිව 2001 සිට 2009 දක්වා දේවානන්දාට පිස්තෝළ සිට T 56 දක්වා ආයුධ සැපයු බව රහසක්ද නෙවේ.
2009 යුද්ධය ඉවර වු පසු 2011 දී රඑවක ආරක්ෂක ලේකමි දෙමළ පැරා මිලටරි කංඩායම් වලට නිකුත් කරපු ආයුධ ආපහු කැදවනවා.
ඒ අනුව EPDP දේවානන්දා ආයුධ රජයට ලබා දෙනවා.
මෙම පිස්තෝල ගිණි අවිය හෝ ගිණි අවියේ අංකය දේවානන්දාට මතක තියෙන්න ඇති කියලා විශ්වාස නෑ.
හේතුව මරාගෙන මැරෙන ප්‍රහාරයක් තුළ තමන්ගේ පෞද්ගලික ද්‍රවිඩ අංගාරක්ෂකයන් කුඩු,වෙලා කෑලි වෙනකොට පිස්තොළය කොහෙද කියලා ඔහුට හොයන්න හෝ ඔහුට රජය සපයා තිබ්බ නිළ ආරක්ෂාව භාර හිටපු හමුදා පොළිස් කංඩායම් වලට සිහියක් තිබෙන්නත් විදිහක් නැ.
ඒක කොහොම හරි පාතාල නායකයෙක් වුන මාකදුරේ මධුෂ් මිය ගියාටත් පසුව ඔහුට අයිති ආයුධ කියලා දකුණෙන් හොයා ගන්න ආයුධ අතරේ,තිබිලා මුණ ගැහෙනවා.
දේවානන්දා අත් අඩංගුවට ගන්නේ ආන්න ඒකට.‼️
එතැනදී ඒ වෙනුවෙන් වැඩිපුරම සතුටු,වෙන්නේ රටෙන් එලියේ ඉන්න බෙදුම්වාදී දෙමළ එල් ටී ටී ඊ හිතවාදීන්..
ඔවුන්ට අනුව අද බලකරන අදහස් අනුව දේවානන්දා යනු හිරගෙයක් ඇතුලේ මරලා දාන්න ඕන ද්‍රෝහියෙක්.
එක පැත්තකින් පාස්කු ප්‍රහාරය සහ දෙමළ මිනිස්සු යුද්ධය අතරේ අතුරුදහන් කරා කියන චෝදනාව පෙන්නලා එල් ටී ටී ඊයට එරෙහි වුන පිල්ලයාන් තවම CID රදවාගෙන ඉන්නවා
දැන් පිස්තෝළයකට දේවානන්දා හිරකරලා තියනවා.
මාළිමා ආන්ඩුව මේ සතුටු කරන්න හදන්නේ කාවද කියන එක රටට ගැටළුවක් නෙවේ.
මේ චෝදනා වලට දේවානන්දා හිරේ යවන්න නම් බෑ.
ඒත්
දිගු කාලයක් රිමාන්ඩ් කරවලා ඒක ඇතුලේදි දෙමළ බෙදුම්වාදී කොටසකගේ උවමනාවට මරවන්න හදනවද කියන සැකය පවතිනවා.
මොකද මහින්දරාජපක්ෂට වගේම තද වෛරයක් රටින් එලියේ ඉදන් තවම ලංකාව ගැන බෙදුම්වාදී සිහිනයක ඉන්න කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට තිබෙනවා.
2001 දී නිකුත් කරපු පිස්තොලයක් එකවරම මතු වෙලා දේවානන්දා රිමාන්ඩ් කරනඑකයි.
මේ ආන්ඩුව පත් කරන්න දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව වෙනුවෙන් කැනඩාසහ බ්‍රිතාන්‍ය කොටස් වැඩ කරා කියන කාරණය රට දන්නවා
ඒ වගේම දෙමළ ඩයස්පෝරාවට ඩග්ලස් දේවානන්දා පළාත්සභා ජන්දයට උතුරේ මහ ඇමති පදවියට තරග කරයි කියන සැකයත් තියෙනවා.
එකවරම 2001 මොඩල් එකේ හද්ද පරණ පිස්තෝලයක් මතුවීම හරහා අපට කියවා ගන්න කාරණා ගොඩක් පවතිනවා.
මේක දැකලා දැං ඩග්ලස් දේවානන්දාටත් කඩේ යනවාද අහන්න හිතෙන උගතුන්ට මම ජයවේවා ස්තූතියි නන්ඩ්‍රි තෑන්ක්ස් කියලත් දැංම ලියනවා
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..