ජාතියේ මහා වාපිය හදපු ධාතුසේනත් මැරුවේ වස්තුව හංගගත්තා කියලා හංවඩු ගහලා තමයි
මගෙන් මිත්‍රයෙක් ඇහුවා ඇයි උඔ මහින්දට ඔච්චර කැමති කියලා.
මම කීවා මම කැමති මහින්දට නෙවෙි ඒ දැක්මට කියලා.‼️
ඔව් ඒ දැක්ම ඇතුලේ ඔහු නිර්මාණය කරපු පැළ කරපු බීජ අද රටට පලදරනවා. මොකා ආන්ඩුව කරත් ව්‍යාපාරකරණය පරිපාලනය හොදින් කරන්න පුළුවන් එකෙක්ට රාජ්‍ය භාන්ඩාගාරයට මුදල් ලැබෙන්න ඒ පැල කිරීම් දළු දාලා වැඩිලා තියනවා.
❌ මහින්ද රාජපක්ෂ නොරොච්චෝලය හැදුවා. චීනය භාවිතයෙන් ඉවත් කරපු පරණ යකඩ ගොඩක් කොමිස් ගහලා හොරකම් කරන්න ලංකාවට ගෙනාව කීවා අද ලංකා විදුළි බල මංඩලයේ ආදායම ඉහළ ගිහිං,තියෙන්නේ සහ වියළි කාලයට ජල විදුලිය නැතුව විදුලි ඉල්ලුමෙන් 50 % සපයන්නේ නොරොච්චෝලය.
හැබැයි මහින්ද නොරොච්චෝලය හැදුව හංදා හොරෙක් වුනා.‼️
❌ රටේ අධිවේග මාර්ග පටන් ගත්තේ මහින්ද ඕවා හදන්නේ කොමිස් ගහන්න කියලා අධිවේගයේ දුර මීටර්,වලින් මැනලා වියදම බෙදලා කිලෝමීටරයට යන වියදම පෙන්නලා හැදුවෙි රත්තරං වලින්ද ඇහුවා.
අද ලංකාවේ දවස ගානේ කෝටි විස්ස පන්නලා රටට ආදායම් උපයලා භාන්ඩාගාරයට ලැබෙනවා.
හැබැයි අධිවේග හැදුවට මහින්ද හොරෙක් කලා ‼️
❌මහින්ද හම්බන්තොටට වරායක් හැදුවා ඒක අසාර්ථකයි කියන්න කියන්න පුළුවන් හැමදේම කීවා වරායෙන් රාජපක්ෂලා බිලියන ගනන් හොරකම් කරා කීවා නැව් එන්නේ නෑ කීවා. අන්තිමට මහින්දට රිදවනවා කියලා චීනයට ඒක බදු දුන්නා චීනය හම්බතොට වරාය වාහන ගෙන්වන ප්‍රතිනැව්ගත කරන වරායකි බවට සාර්ථක කරා. අද ලංකා වරාය අමාත්‍යංශයේ රේගු ආදායමට පසු වැඩිම බදුකුලී සහ නිෂ්කාශණ ආදායම හම්බන්තොට වරාය බිමෙන් ලබා ගන්නවා
හැබැයි ඒක බැනුම් අහගෙන රටට හදපු මහින්ද හොරෙක් කලා ‼️
❌ JR ප්‍රේමදාස චන්ද්‍රිකා යටතේ නතර සභා වලට විතරක් කාපටි පාරවල් සීමා වෙලා තිබ්බා ගමට දුන්නේ තාර පාරවල් ඒවා එක වැස්සකින් අබලන් වුනා . මහින්ද සමස්ථ රටේ ග්‍රාමීය සහ අර්ධ නාගරික පාරවල් කිලෝ මීටර 25500 සම්පුර්ණව කාපට් කරා
එතකොට කීවේ මහින්දගේ පක්ෂයේ උංට කොමිස් ගහගන්න තාර පාරවල්,බොරුවට මහින්ද කාපට් කරවනවා කියලා. හැබැයි ඒ හංදා ඩොලර් බිලියන 17 ක තිබ්බ ජාතික ආර්ථිකය ඩොලර්,බිලියන 73 ක් දක්වා ඔසවලා තියන්න මහින්දට පුළුවන් වුනා
මහින්ද වසර 30 කට පස්සේ වවුනියාවෙන් එහාට උතුරෙන් යාපනයට කෝච්චිය අරං ගියා මාතරින් එහාට දකුණෙන් බෙලිඅත්තට කෝච්චිය අරගෙන ගියා
හැබැයි මහින්ද ඒවා කරපු නිසා හොරෙක් වුනා ‼️
ලිපිය දිගු වෙන හංදා මම මෙහෙම ලියනවා.
මහින්ද ඉහළ කොත්මලේ හැදුවා. බැනුම් ඇහුවා
මහින්ද උමා ඔය ව්‍යාපාරය කලා බැනුම් ඇහුවා.
මහින්ද කොළඔ වරාය පුළුවල් කරා අළුත් දියකඩනය නිර්මාණය කළා ඒ හරහා කොළඔ වරාය පුළුවල් කරා අළුත් ජැටි පර්යන්ත ඉදිකරලා.
මහින්ද හදපු හැම දේකින්ම අද ආදායම් උපද්දවනවා.❤️
මහින්ද අද තව වසර පහක් බලයේ හිටියනම්
මත්තල ගුවන් තොටුපළ ලාභ ලබන තැනක් කරනවා👍
ඒක ඊට පස්සේ ආව අයට කරන්න බැරිවුනා
ක්‍රිකට් ක්‍රීඩාංගණය සුරිය වැව හැදුවා ඒකට අවශ්‍ය මැච් ගන්න බැරි කම මහින්දගේ වැරැද්දක් නෙවේ
කොටින්ම මහින්ද හදපු ටෙලි ගම්මානය තුළින් නිර්මාණය වුන උසස් ටෙලි නාට්‍ය වලින් රටට ආදායමක් ලැබුනා අද ඒවා වල් බිහි කරලා තියනවා
අපි 2015 මහින්ද ඉවත්,නෙකෙරානම්
මේ රට අද තියෙන ආර්ථික අර්බුදයට කවදාවත් වැටෙනනේ නෑ .‼️
මහින්ද හොරා කන්න හැදුවා කීව පැනලා මැරෙන්න විතරක් හොදයි කීව නෙළුම් කුළුණ තුළින් විතරක් අනුර දිසානායක රට පාලනය කරපු වසර ඇතුලේ කෝටි 90 ක ආදායමක් උපයලා තියනවා..❤️
මහින්දට සිංහළ ජාතිය ගැන අරමුණක් තිබ්බා
රටේ ජීවත් වෙන සමස්ථ ජාතීන් ගැන කියවා ගැනීමක් තිබ්බා.
කෘෂිකර්මය කළාව සංස්කෘතිය ජාත්‍යන්තර සබදතා ගැන කියවා ගැනීමක් තිබ්බා.
ඒ ඔස්සේ මහින්ද ලාංකිකයාට අනාගතයේ ආදායම් උත්පාදනයට සැළසුමි ගැහුවා.
ඒ වගේ දැක්මක් සිරිමාවෝට පසු තිබිබෙි මහින්දට විතරයි.‼️
රුපියල් බිලියන 5000 ක් ලෝකයෙන් ණයට ගත්ත මහින්ද
රටට ආදායම් උපයන්න කරපු නිර්මාණ අද ආදායම් උපයනවද නැද්ද යන්කට උත්තර හොයනකොට
යම් දෙයක් ආදායම් උපයන්නේ නෑ බදු ගෙවන ජනතාවට බරක් කියන්න තියනවනම්
ඒ දක්ෂ පරිපාලනයක් ව්‍යාපාර දැනීමක් නැති කම හංදා පාඩු ලබන තැනක් විනා.
වෙන මොනෙවත් හේතු සාධක නෑ .‼️
නමුත් මහින්ද හොරෙක්.
කළාවැව හදපු ධාතුසේන
වස්තුව හංගගත්තා කීයලා හංවඩුවට
හොරෙක්,වෙච්ච ලංකාවේ
කළාවැවෙන් අස්වද්දපු ඊලග පරම්පරා සීයකට
ධාතුසේන ජාතික වීරයෙක් වුනා.
අද රටට හැදුව හැම දෙයක් හිංදම හොරෙක් වෙච්ච මහින්ද
ඊළග පරම්පරා හරියට කියවා ගන්නවා.
හැමදාම
වර්ථමානය වරද්දා ගන්න ජාතියක් සිංහල ජාතිය කියන්නේ
අපි හැමදාම පරදුනේ දිගු කාලයක් රට වෙනුවෙන් එක ගමනක් යන්න බැරිකම හංදා නෙවේ..‼️
ඒ ගමන එක්ක යන්න ජාතියේ පිනකට පහළ වෙන එකා අපි කලිං මරගන්න
හෝ.
නැත්නම් ඒකා හොරෙක් කියලා හංවඩු ගහන තක්කඩියෙක්ට රැවටිලා සියල්ලම නැතිකරගෙන හුල්ලන හංදා.
අපි ධාතුසේනට කරෙත් ඒක
අපි සිරිමාවෝට කරෙත් ඒක
මහින්දට කරෙත් ඒක
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..