News Category
From Date
To Date
Maximum Number of Result

ජාතියේ මහා වාපිය හදපු ධාතුසේනත් මැරුවේ වස්තුව හංගගත්තා කියලා හංවඩු ගහලා තමයි

Dec 28, 2025 at 07:53 AM
|

මගෙන් මිත්‍රයෙක් ඇහුවා ඇයි උඔ මහින්දට ඔච්චර කැමති කියලා.

මම කීවා මම කැමති මහින්දට නෙවෙි ඒ දැක්මට කියලා.‼️

ඔව් ඒ දැක්ම ඇතුලේ  ඔහු නිර්මාණය කරපු පැළ කරපු  බීජ අද රටට පලදරනවා.  මොකා ආන්ඩුව කරත්  ව්‍යාපාරකරණය පරිපාලනය හොදින් කරන්න පුළුවන් එකෙක්ට රාජ්‍ය භාන්ඩාගාරයට මුදල් ලැබෙන්න ඒ පැල කිරීම් දළු දාලා වැඩිලා තියනවා.

❌  මහින්ද රාජපක්ෂ  නොරොච්චෝලය හැදුවා. චීනය භාවිතයෙන් ඉවත් කරපු පරණ යකඩ ගොඩක් කොමිස් ගහලා හොරකම් කරන්න ලංකාවට ගෙනාව කීවා අද  ලංකා විදුළි බල මංඩලයේ ආදායම ඉහළ ගිහිං,තියෙන්නේ සහ වියළි කාලයට ජල විදුලිය නැතුව   විදුලි ඉල්ලුමෙන් 50 %  සපයන්නේ නොරොච්චෝලය.

හැබැයි මහින්ද නොරොච්චෝලය හැදුව හංදා හොරෙක්  වුනා.‼️

❌  රටේ අධිවේග මාර්ග පටන් ගත්තේ මහින්ද ඕවා හදන්නේ කොමිස් ගහන්න කියලා අධිවේගයේ දුර මීටර්,වලින් මැනලා වියදම බෙදලා කිලෝමීටරයට යන වියදම පෙන්නලා හැදුවෙි රත්තරං වලින්ද ඇහුවා.

අද ලංකාවේ දවස ගානේ  කෝටි විස්ස  පන්නලා  රටට ආදායම් උපයලා භාන්ඩාගාරයට ලැබෙනවා.

හැබැයි අධිවේග හැදුවට මහින්ද හොරෙක් කලා ‼️

❌මහින්ද හම්බන්තොටට වරායක් හැදුවා  ඒක අසාර්ථකයි කියන්න කියන්න පුළුවන් හැමදේම කීවා වරායෙන් රාජපක්ෂලා බිලියන ගනන් හොරකම් කරා කීවා  නැව් එන්නේ නෑ කීවා. අන්තිමට මහින්දට රිදවනවා කියලා  චීනයට ඒක බදු දුන්නා  චීනය හම්බතොට වරාය වාහන ගෙන්වන ප්‍රතිනැව්ගත කරන වරායකි බවට සාර්ථක කරා. අද ලංකා වරාය  අමාත්‍යංශයේ  රේගු ආදායමට පසු වැඩිම බදුකුලී සහ නිෂ්කාශණ   ආදායම හම්බන්තොට  වරාය බිමෙන් ලබා ගන්නවා

හැබැයි ඒක බැනුම් අහගෙන රටට හදපු මහින්ද හොරෙක් කලා ‼️

❌ JR ප්‍රේමදාස  චන්ද්‍රිකා යටතේ නතර සභා වලට විතරක් කාපටි පාරවල් සීමා වෙලා තිබ්බා ගමට දුන්නේ තාර පාරවල්  ඒවා එක වැස්සකින්  අබලන් වුනා . මහින්ද සමස්ථ රටේ  ග්‍රාමීය සහ අර්ධ නාගරික පාරවල් කිලෝ මීටර 25500  සම්පුර්ණව  කාපට් කරා

එතකොට කීවේ මහින්දගේ පක්ෂයේ උංට කොමිස් ගහගන්න තාර පාරවල්,බොරුවට මහින්ද කාපට් කරවනවා කියලා. හැබැයි  ඒ හංදා ඩොලර් බිලියන 17 ක තිබ්බ ජාතික ආර්ථිකය ඩොලර්,බිලියන 73 ක් දක්වා  ඔසවලා තියන්න මහින්දට පුළුවන් වුනා

මහින්ද වසර 30 කට පස්සේ වවුනියාවෙන් එහාට උතුරෙන්  යාපනයට කෝච්චිය අරං ගියා  මාතරින් එහාට දකුණෙන් බෙලිඅත්තට කෝච්චිය අරගෙන ගියා

හැබැයි මහින්ද ඒවා කරපු නිසා හොරෙක් වුනා ‼️

ලිපිය දිගු වෙන හංදා මම මෙහෙම ලියනවා.

මහින්ද ඉහළ කොත්මලේ හැදුවා. බැනුම් ඇහුවා

මහින්ද උමා ඔය ව්‍යාපාරය කලා  බැනුම් ඇහුවා.

මහින්ද  කොළඔ වරාය පුළුවල් කරා අළුත් දියකඩනය නිර්මාණය කළා ඒ හරහා කොළඔ වරාය පුළුවල් කරා අළුත්  ජැටි පර්යන්ත ඉදිකරලා.

මහින්ද හදපු හැම දේකින්ම අද ආදායම් උපද්දවනවා.❤️

මහින්ද අද තව වසර පහක් බලයේ හිටියනම් 

මත්තල ගුවන් තොටුපළ ලාභ ලබන තැනක් කරනවා👍

ඒක ඊට පස්සේ  ආව අයට කරන්න බැරිවුනා

ක්‍රිකට් ක්‍රීඩාංගණය සුරිය වැව හැදුවා ඒකට අවශ්‍ය මැච් ගන්න බැරි කම  මහින්ද⁣ගේ  වැරැද්දක් නෙවේ

කොටින්ම මහින්ද හදපු  ටෙලි ගම්මානය  තුළින් නිර්මාණය වුන උසස්  ටෙලි නාට්‍ය වලින් රටට ආදායමක් ලැබුනා අද ඒවා වල් බිහි කරලා තියනවා 

අපි 2015 මහින්ද ඉවත්,නෙකෙරානම්

මේ රට අද තියෙන ආර්ථික අර්බුදයට කවදාවත් වැටෙනනේ නෑ .‼️

මහින්ද හොරා කන්න හැදුවා කීව පැනලා මැරෙන්න විතරක් හොදයි කීව  නෙළුම් කුළුණ  තුළින් විතරක්  අනුර දිසානායක රට පාලනය කරපු වසර ඇතුලේ කෝටි 90 ක ආදායමක් උපයලා තියනවා..❤️

මහින්දට සිංහළ ජාතිය ගැන අරමුණක් තිබ්බා

රටේ ජීවත් වෙන සමස්ථ ජාතීන් ගැන කියවා ගැනීමක් තිබ්බා.

කෘෂිකර්මය කළාව සංස්කෘතිය  ජාත්‍යන්තර සබදතා ගැන   කියවා ගැනීමක් තිබ්බා.

 ඒ ඔස්සේ මහින්ද ලාංකිකයාට අනාගතයේ ආදායම් උත්පාදනයට සැළසුමි ගැහුවා.

ඒ වගේ දැක්මක් සිරිමාවෝට පසු  තිබිබෙි මහින්දට විතරයි.‼️

රුපියල් බිලියන 5000 ක්  ලෝකයෙන් ණයට ගත්ත මහින්ද  

රටට ආදායම් උපයන්න කරපු නිර්මාණ අද ආදායම් උපයනවද නැද්ද යන්කට උත්තර හොයනකොට

යම් දෙයක් ආදායම් උපයන්නේ නෑ බදු ගෙවන ජනතාවට බරක් කියන්න තියනවනම්

ඒ  දක්ෂ පරිපාලනයක්  ව්‍යාපාර දැනීමක් නැති කම හංදා පාඩු ලබන තැනක් විනා.

වෙන මොනෙවත් හේතු සාධක නෑ .‼️

නමුත් මහින්ද හොරෙක්.

කළාවැව හදපු ධාතු⁣සේන 

වස්තුව හංගගත්තා කීයලා හංවඩුවට 

හොරෙක්,වෙච්ච ලංකාවේ

කළාවැවෙන්  අස්වද්දපු ඊලග පරම්පරා සීයකට 

ධාතුසේන  ජාතික වීරයෙක් වුනා.

අද රටට හැදුව හැම දෙයක් හිංදම හොරෙක් වෙච්ච මහින්ද

ඊළග පරම්පරා හරියට  කියවා ගන්නවා.

හැමදාම 

වර්ථමානය වරද්දා ගන්න ජාතියක් සිංහල ජාතිය කියන්නේ

අපි හැමදාම පරදුනේ  දිගු කාලයක් රට වෙනුවෙන්  එක ගමනක් යන්න බැරිකම හංදා නෙවේ..‼️

ඒ ගමන එක්ක යන්න ජාතියේ පිනකට පහළ වෙන එකා  අපි කලිං මරගන්න 

හෝ.

නැත්නම් ඒකා හොරෙක්  කියලා හංවඩු ගහන තක්කඩියෙක්ට රැවටිලා සියල්ලම නැතිකරගෙන හුල්ලන හංදා.

අපි ධාතුසේනට කරෙත් ඒක

අපි සිරිමාවෝට කරෙත් ඒක

මහින්දට කරෙත් ඒක

- නුවන් මොණරවිළ -

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.