අනුරගෙ 2027 මනඃකල්පිත සාස්තර අයවැය..
ඇත්තටම කිව්වොත් අනුරගෙ පැය 05 ක අයවැය රොකට් සයන්ස් වලින් විග්‍රහ කර තේරමක් නැත. මක්නිසාදයත් එය පට්ටම පට්ට ජෝක් එකකි..
සමස්ත කතාවෙ පැය 05 න් පැය 03 ක්ම සුපුරුදු ලෙසම පරණ ආණ්ඩු විවේචනය කිරීම සිදු කළේය.
රාජ්‍ය අයවැයක් යනු හුදු දේශපාලන ප්‍රකාශනයක් පමණක් නොව, රටක ඉදිරි මාස 12 තුළ සිදුවන සැබෑ ආදායම් රැස්කිරීම සහ සම්පත් බෙදාහැරීම තීරණය කරන නීතිමය ලියවිල්ලයි.
එහෙත් 2027 අයවැය යෝජනා දෙස ශාස්ත්‍රීය රාජ්‍ය මූල්‍ය ආර්ථික විද්‍යාව (Public Finance Economics) ඇසුරින් විමසා බලන විට, ප්‍රතිපත්ති සම්පාදනය සහ ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීම (Execution) අතර බරපතළ පරස්පරතා ගොඩක් හඳුනාගත හැකිය.
ඔබට තේරෙන සිංහලෙන් සරල කාරණා කිහිපයක් පමණක් පෙන්වා දීම සමස්ත අයවැය ගැනම සිතාගත හැකිය..
🔴 2027 අයවැය යටතේ ඔලිම්පික් සහ ලෝක මලල ක්‍රීඩා රන් පදක්කමකට රුපියල් මිලියන 100ක්, පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමකට මිලියන 75ක්, ආසියානු රන් පදක්කමකට මිලියන 50ක් සහ සාර්ක් රන් පදක්කමකට මිලියන 15ක් ලෙස ත්‍යාග මුදල් යෝජනා කර ඇත.
මෙම ලැයිස්තුවෙන් 2027 වසරේ පැවැත්වෙන්නේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය පමණි.
ඉතින් අනුර මේ අන්දවන්න හදන්නෙ කාවද... ඊයා..
මුදල් පදනම (Cash Basis) මත සකස් වන වාර්ෂික අයවැයකට, අදාළ මූල්‍ය වර්ෂයේ සිදු නොවන සිදුවීම් සඳහා ප්‍රතිපාදන ඇතුළත් කිරීම "රාජ්‍ය මූල්‍ය විනිවිදභාවයට" (Fiscal Transparency) පටහැනිය.
🔴 දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි ප්‍රතිසංස්කරණය කිරීමට 2026 වසර සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කෙරිණි.
නමුත් ලෝක බැංකුවේ 2026 ඔක්තෝබර් සංවර්ධන යාවත්කාලීන වාර්තාවට (Sri Lanka Development Update) අනුව, 2026 වසරේ මැද භාගය වන විට එම බිලියන 500න් වියදම් කර තිබුණේ 8%ක් (රුපියල් බිලියන 40ක් පමණ) පමණි.
වියදම් නොකළ එම බිලියන 500 නැවත 2027 අයවැයෙන් ඉදිරිපත් කර ඇත.
ව්‍යාපෘති කළමනාකරණයේ පවතින ව්‍යුහාත්මක දුර්වලතා නිවැරදි නොකර නැවත නැවතත් විශාල මුදල් ප්‍රමාණයන් අයවැය ලේඛනවලට ඇතුළත් කිරීම හුදු ගිණුම්කරණ මාරුවක් (Accounting Rollover) පමණි.
🔴 2026 අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 1,380ක් වෙන් කළද, වසරේ පළමු මාස 9 අවසන් වන විට වියදම් කර තිබුණේ රුපියල් බිලියන 385ක් හෙවත් 28% - 33% අතර ඉතා අඩු ප්‍රතිශතයකි.
ආර්ථික විද්‍යාවට අනුව ප්‍රාග්ධන වියදම් (Capital Expenditure) යනු රටක දිගුකාලීන නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවන, භෞතික හා සමාජීය වත්කම් නිර්මාණය කිරීම සඳහා රජය දරන ආයෝජන වියදම්ය. මහාමාර්ග, පාලම්, වාරිමාර්ග, විදුලි බලාගාර ඉදිකිරීම, පාසල් සහ රෝහල් සඳහා නව ගොඩනැගිලි හා යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම මීට අයත් වේ.
සංවර්ධන ආර්ථික විද්‍යාවේදී රාජ්‍ය ආයෝජනවල සාර්ථකත්වය මනිනු ලබන්නේ වෙන් කරන මුදල් ප්‍රමාණයෙන් නොව, එම මුදල් ඵලදායී ලෙස වියදම් කිරීමට රාජ්‍ය යාන්ත්‍රණයට ඇති හැකියාව හෙවත් "අවශෝෂණ ධාරිතාව" (Absorptive Capacity) මතය.
🔴 2026 වසරේ රජයේ සමස්ත ආදායමෙන් (රුපියල් බිලියන 5,300ක ඇස්තමේන්තුවෙන්) 91.8% - 92.6% අතර අතිවිශාල ප්‍රතිශතයක් (රුපියල් බිලියන 4,910ක් පමණ) උපයා ඇත්තේ බදු ආදායම (Tax Revenue) හරහාය (විශේෂයෙන් VAT, ආදායම් බදු සහ සුරාබදු වැනි මහජනතාව ගෙවන බදු මගිනි).
එසේ නොමැතිව නව නිෂ්පාදන ආර්ථිකයක්වත් වෙන අරුම පුදුම මැජික් කළමණාකරණයකින්වත් නොවේ..
🔴 තවද, PublicFinance.lk විශ්ලේෂණයන්ට අනුව 2026 අයවැය යෝජනාවලින් ක්‍රියාත්මක වී ඇත්තේ 33%ක් පමණි.
එවැනි තත්වයක් තුළ 2027 අයවැය ගැන කතා කර පලක් නැත.. ඒවා අනුරගෙ තවත් මනඃකල්පිත ඉලක්කම් ගොඩක් පමණි.
පසුගිය වසරේ වෙන් කළ ප්‍රාග්ධන වියදම්වලින් තුනෙන් දෙකක්වත් වියදම් කර ගැනීමට නොහැකි වූ පසුබිමක, 2027 අයවැයෙන් රුපියල් බිලියන 2,000ක දැවැන්ත ප්‍රාග්ධන වියදමක් ඇස්තමේන්තු කර තිබේ. 🤣🤣
🔴 2027 අයවැය මගින් මධ්‍යකාලීනව 7% ඉක්මවූ තිරසාර ආර්ථික වර්ධනයක් (7%+ GDP Growth) ඉලක්ක කර ඇත.
එහෙත් ලෝක බැංකුවේ 2026 ඔක්තෝබර් වාර්තාවට අනුව 2026 වසරේ ආර්ථික වර්ධනය 4.4%ක් වන අතර 2027 සඳහා පුරෝකථනය කර ඇත්තේ 4.2%ක වර්ධනයක් පමණි.
4.2% ක ආර්ථික වර්ධනයක් තියාගෙන 7% ක ආර්ථික වර්ධනයක් මනසෙ මවාගෙන සිදු කළ සමස්ත අයවැය වාර්තාව ගැන තවදුරටත් කතා කර පලක් නැත..
මහා පරිමාණ සෘජු විදේශ ආයෝජන (FDI) හෝ ක්ෂණික ඵලදායිතාවක් ලබා දෙන මෙගා ව්‍යාපෘති නොමැති පසුබිමක, 4.2%ක පවතින වර්ධන වේගය එක්වරම 7% දක්වා ඉහළ නැංවීමට උත්සාහ කිරීම අධි-ශුභවාදී (Over-optimistic) ඉලක්කයකි.
🔴 2027 අයවැය හිඟය (Budget Deficit) රුපියල් බිලියන 1,753ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
මෙම රුපියල් බිලියන 1,753ක හිඟය පියවා ගැනීම සඳහා රජය විදේශීය මූලාශ්‍රවලින් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ රුපියල් බිලියන 110ක් පමණි.
ඉතිරි රුපියල් බිලියන 1,643ම (93.7%ක්) ලබා ගැනීමට සැලසුම් කර ඇත්තේ දේශීය ණය (Domestic Financing) හරහාය.
රජය දේශීය බැංකු පද්ධතියෙන් මෙතරම් විශාල මුදලක් ණයට ගන්නා විට, පෞද්ගලික ව්‍යවසායකයින්ට සහ කර්මාන්තකරුවන්ට ආයෝජන සඳහා ඇති ප්‍රාග්ධනය සීමා වේ
එක් අතකින් 7%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන අතරම, අනෙක් අතින් පෞද්ගලික අංශයට හිමිවිය යුතු ප්‍රාග්ධනය රජයේ හිඟය පියවීමට ඇද ගැනීම ප්‍රතිපත්තිමය පරස්පරතාවකි.
ව්‍යුහාත්මක ප්‍රසම්පාදන ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ආයෝජන කළමනාකරණය (Public Investment Management) සහ යථාර්ථවාදී සාර්ව ආර්ථික පුරෝකථනයන් ශක්තිමත් නොකර ඉදිරිපත් කරන මෙවැනි දැවැන්ත ඇස්තමේන්තු, සැබෑ ආර්ථික වර්ධනයකට වඩා "ඉලක්කම් විජ්ජාවකි"
මෙයට වඩා අනුරගෙ 2027 අයවැය ගැන තව අකුරක් හෝ කෙටීම නිශ්චලය.. තේරුමක් නැත. අපරාදෙය..
- නිලන්ත සත්සර ගමගේ
(සමාජ මාධ්‍යෙයන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2025 අයවැය යෝජනාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉටු වෙලා නැහැ.. - වෙරිටේ රිසර්ච් අනාවරණය කරයි..
ලාෆ් ගෑස් දැවැන්ත මිල වැඩි කිරීමක.. රුපියල් 1,775කින් මිල ඉහළ දමයි..
ආණ්ඩුව විසින් භික්ෂු වේශධාරියකු යොදා ගනිමින් අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම මගින් ආණ්ඩුවේ දුෂ්ඨ බහු අරමුණු හෙළිදරව් වුණා.. - ජාතික සංවිධාන හෙළා දකී..
අනුරාධපුර බෞද්ධ පූජා භූමියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.. සාමකාමී සත්‍යග්‍රහයට එල්ල කළ “පැලවත්තේ වඩුග මැර ප්‍රහාරයෙන්” ආණ්ඩුවේ මර්දනකාරී දිශානතිය හෙළිවුණා.. - විමල් වීරවංශ
ආනයන තහනම අභියස රුසියානු පොසිල ඉන්ධන සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියන 8.7ක් වැය කරයි
භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න.. - සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ.. - පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි
උණු උණු කැවුම් වෙනුවට දීල තියෙන්නෙ පුස්කාපු කැවුම්.. - චාමර සම්පත්... ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ.. - සජිත් ප්‍රේමදාස - අයවැය ගැන පක්ෂ විපක්ෂ නියෝජිතයින් කියන කතා..
අනුරාධපුර භික්ෂු සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිනවා.. - විමල් වීරවංශ
අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..
ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට එයි..
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට..
සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි
2027 අයවැය අද පාර්ලිමේන්තුවට..
සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..