News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුව කතානායක විශ්වාසභංගය කුදලාගෙන දිව්වේ ඇයි...?

Nov 4, 2026 at 09:58 AM
|

මතක තියාගන්න හැන්සාඩ් එකෙන් හැංගුවට "ජනතා අධිකරණයෙන්" හැංගෙන්න බෑ...

පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් 44 දෙනෙකු අත්සන් තබා, ලේකම් ජනරාල්වරයා වෙත නිල වශයෙන් භාරදී, ඔක්තෝබර් 12 වැනිදා නිල වශයෙන් "න්‍යාය පුස්තකයට" (Order Book) පවා ඇතුළත් කළ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව එක රැයකින් න්‍යාය පත්‍රයෙන් අතුගා දැමීමට ආණ්ඩුව ක්‍රියා කරා..

"අධිකරණයට අපහාස වීම" (Sub judice) වැනි බොළඳ තාක්ෂණික සහ නීතිමය ලේබල් අලවමින්, ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් උඩුයටිකුරු කරමින්, විපක්ෂයේ භාෂණයේ නිදහස සහ වරප්‍රසාද පෑගීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළේ ඇයිද යන්න පිළිබඳව රටට හෙළිදරව් කළ යුතුය..

විශ්වාසභංගයෙන් මතු කළ ප්‍රධාන චෝදනා මොනවාද..?

විපක්ෂය විසින් ඉදිරිපත් කළ චෝදනා 50 කින් යුත් මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් වූ ප්‍රධානතම බරපතළ කරුණු කිහිපයක් මෙසේය:

🔴 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මඟින් කතානායකවරයාට එරෙහිව සිදුකරනු ලබන බරපතළ දූෂණ විමර්ශනවලට ඔහු එම ධූරයේ රැඳී සිටීම මඟින් සෘජු බලපෑමක් එල්ල වීම.

🔴 අල්ලස් කොමිසමේ විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, කතානායකවරයාගේ උපදෙස් මත ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා හරහා එම විමර්ශනවලට සහ ඒවායේ අන්තර්ගතයන්ට බලපෑම් කිරීමට උත්සාහ කිරීම.

🔴  පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අපක්ෂපාතීව ක්‍රියාත්මක නොකර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විෂමාචාර සහ නුසුදුසු හැසිරීම් මඟහරිමින්, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීමේ අයිතිය සීමා කරමින් පක්ෂග්‍රාහීව කටයුතු කිරීම.

ඇතුළු සමහර කරුණු ශිෂ්ඨසම්පන්න සමාජයක කතා කළ නොහැකි තරම් ජුගුප්සාජනකය.. හිරිකිතය.. ලැජ්ජය.

දූෂණ සහ විෂමාචාර ක්‍රියාවලට ලක්ව ඇති බවට බරපතළ සැකයන් පවතින කතානායකවරයෙකුව ආරක්ෂා කිරීමට ආණ්ඩුව සෘජුවම මැදිහත් වුවහොත්, ඉන් තමන්ගේ ඊනියා පිරිසිදු දේශපාලන ප්‍රතිරූපයට සහ ප්‍රතිපත්තියට දරුණු හානියක් සිදුවන බව ආණ්ඩුව හොඳින්ම දනී. 

මේ විශ්වාසභංගය හරහා කතානායකවරයාගේ විෂමාචාරයන් රට හමුවේ හෙළිදරව් වීමත් සමඟම, ඔහුව රකින්නට ආණ්ඩුවට සිදුවුවහොත්, එම "විෂමාචාරයේ කොටස්කරුවන්" බවට තමන්ද පත්වන බව ආණ්ඩුව දනී..

තමන්ගේ නිරුවත වැසීමට ඇති එකම ක්‍රමය විවාදය මඟහැරීම බව ඔවුන් තීරණය කළේ එබැවිනි..

එමෙන්ම.., මේ වනවිටත් වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ පෙළේ මැති ඇමතිවරුන් රැසකට එරෙහිව විවිධ මූල්‍ය වංචා සහ දූෂණ චෝදනා එල්ල වෙමින් පවතී. 

කලින් සිටි කතානායකවරයාද බොරු උපාධි වංචාවක් නිසා තනතුර අතහැර යන්නට සිදු වූ අයෙකි..

මෙවැනි සන්දර්භයක, වත්මන් කතානායකවරයාට එරෙහිව දූෂණ චෝදනා විවාද වුවහොත් ඔහුගේ "ව්‍යාජ සුදු පිරුවටයද" මුළුමනින්ම ගැලවී යන බව පැහැදිලිය. 

ආණ්ඩුවේ සහ කතානායකවරයාගේ මෙම ඒකාබද්ධ වංචනික හා දූෂිත ස්වභාවය පාර්ලිමේන්තුව තුළ නිරුවත් වීම වළක්වා ගැනීමට ආණ්ඩුව දැඩි බියක් දක්වයි. එබැවින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට ඉඩ නොදී යට ගැසුවේ සමස්ත ආණ්ඩුවේම දූෂිත ස්වරූපය ආරක්ෂා කරගැනීමේ නින්දිත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසය..

ඒවගේම, කතානායකවරයාට එරෙහිව විශ්වාසභංගයේ අඩංගු චෝදනා 50 මොනවාද? ඒවා පාර්ලිමේන්තු සභාගර්භය තුළ විවාදයට ලක්වූවා නම්, ඒ සෑම චෝදනාවක්ම නිල වශයෙන් "හැන්සාඩ් ගත" (Hansard) වීමට නියමිතව තිබුණි. 

හැන්සාඩ් වාර්තාවක් යනු මකාදැමිය නොහැකි, ඉතිහාසයට ඉතිරිවන නිල රාජ්‍ය ලේඛනයකි. 

එමෙන්ම එම සජීවී විවාදය මාධ්‍ය හරහා සමාජගත වීම වැලැක්විය නොහැක. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් පවා විමර්ශනය වන බරපතළ දූෂණ චෝදනා රටේ ඉහළම පුටුවක් දරන පුද්ගලයෙකුට එරෙහිව නිල වශයෙන් සටහන් වීම වැලැක්වීම සහ එම චෝදනා මහජනතාව අතරට යාම තදින්ම අවහිර කිරීම ආණ්ඩුවේ සහ කතානායකවරයාගේ ඒකායන අරමුණ වී තිබේ.

එම නිසා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව යොදාගනිමින්, චෝදනා සංශෝධනය කරන ලෙස බල කරමින්, විවාදයට දින ලබාභනොදී මඟහැරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරුපහරකි. 

න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට පෙර කතානායකවරයාට හෝ ලේකම්වරයාට මෙහි නීත්‍යානුකූලභාවය ගැන ප්‍රශ්නයක් නොතිබුණේ ඇයි...? 

චෝදනා පත්‍රය ප්‍රසිද්ධ වීමත් සමඟ ආණ්ඩුව මෙලෙස කලබල වූයේ ඇයි...? 

උත්තරය පැහැදිලිය.., ඔවුන් චෝදනාවලට මුහුණදීමට බියය..

ආණ්ඩුව පාර්ලිමේන්තු සභාගර්භය තුළ මන්ත්‍රීවරුන්ගේ කටවල් වැසුවද, මහජනතාවගේ කන් සහ ඇස් වැසිය නොහැක. පාර්ලිමේන්තුව තුළ විවාද කිරීමට ඉඩ නොදුන් මෙම විශ්වාසභංග යෝජනාව දැන් ගෙන යා  යුත්තේ ජනතාව අතරටය.

කතානායකවරයාට එරෙහි චෝදනා 50 ම එකින් එක මාධ්‍ය හමුවේ රටටම හෙළිදරව් කළ යුතුය.

සිවිල් සංවිධාන එකමුතුවෙන් සම්මන්ත්‍රණ පවත්වා, මෙම දේශපාලන සහ ව්‍යවස්ථාපිත දූෂණය පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුය.

නිල හැන්සාඩ් වාර්තාවට ඇතුළත් වීමට ඉඩ නොදුන් චෝදනා පත්‍රය ඩිජිටල් අවකාශය තුළ "මහජන හැන්සාඩ් එකක්" බවට පත්කරමින් වයිරල් (Viral) කළ යුතුය.

පාර්ලිමේන්තු බහුතරයේ බලයෙන් විශ්වාසභංග යෝජනා කුණුකූඩයට දැමිය හැකි වුවද, සමස්ත රටක මහජනතාව නියෝජනය කරන "ජනතා අධිකරණය" හමුවේ චූදිතයන් වීමට ආණ්ඩුවටත් කතානායකවරයාටත් සිදුවන දිනය වැඩි ඈතක නොවේ...

- නිලන්ත සත්සර ගමගේ

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

මාලිමවේ ඉන්නේ හොරුන්ගෙත් හොරු කම්බ හොරු. හරිනිගේ ආචාර්ය උපාධිය දැක්කම තේරෙනවා උන්ට විද්‍යාත්මක චින්තනයක් තියා සරල අධ්‍යාපනික විභවයක් හෝ නැති බව. උන් ඔක්කොම බොරුකාරයෝ.
කැබිනට් මණ්ඩලය නොමග යවමින් රාජ්‍ය සේවයෙන් පහකළ තම හිතවතෙක් චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි තනතුරට පත් කිරීමට හිනිඳුම සුනිල්සෙනෙවි ඇමතිතුමා පියවර ගෙන ඇත්තේ මාලිමා රජය දූෂණය හා වංචාව පිටුදකින බව ප්‍රධාන පාඨය කරගත් සමයක එහි වගකිව යුතු අමාත්‍යවරයෙක් වශයෙන් සිටීම එක්තරා අන්දමකින් රජයට දෛවෝපගත සරදමකි.
නාග බස්තමක් රැගෙන ම'නුවර සිට කොළඹට වඩින බව පැවසෙන භික්ෂුවක ලෙස පැමිණෙන්නේ " පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ " ග්‍රේෂන් කෙරමිණිය බව පවසමින් එතුමාට අපහාස කරමින් බොහෝ ඡායාරූප මුහුණු පොතේ සංසරණය වන බව දැකිය හැකිය.
ජීවිතේ වැඩි කාලය ගෙවුනේ පන්සලේ බවත්, ධර්මපාලතුමාට බුද්ධගයාව බේරා ගැනීමේ ව්‍යාපාරයට ආර්ථික ශක්තිය ලබාදුන්නේ තමන්ගේ මුත්තන්ඩි බවත් පසුගිය දා අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා පවසා තිබිණි.
නිලන්ත සත්සර ගමගේ වෙනුවෙන් පෙනී සිටිමි.
ඇයි මහසෑ වටා වැටක් ගහනවා කිවාම බයක් එන්නෙ ..
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාට එරෙහිව එල්ල වූ බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කිරීම සහ නිර්මාණ කොල්ලය (Plagiarism) පිළිබඳව දැනුවත් කිරීමට කාලය පැමිණ ඇත.
'බෞද්ධයන්ට ශ්‍රී පාදය වගේ තමයි කතෝලිකයන්ට කල්වාරිය' යනුවෙන් අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පැවසූ කතාව පිළිබඳව සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් විග්‍රහයක් සිදුකර තිබේ.
ලෝකප්‍රසිද්ධ කල්වාරිය ඇත්තේ හිනිදුම බවත්, එය සෑදූ වඩු කාර්මිකයා තමාගේ පියා බවත්, ගමට අවශ්‍ය වටිනා මිනිසුන් නිර්මාණය කළේ පල්ලිය විසින් බවත් ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පවසන කතාවක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

ප්‍රධාන පුවත්

GSP+ අහිමි වීමේ ලොකු ඉඩක්.. - ජී.එල්. පීරිස්ගෙන් අනාවරණයක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ සහ ‘රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ හේතුවෙන්, ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය හරහා ලැබී ඇති ‘ජී.එස්.පී. ප්ලස්’ (GSP+) තීරුබදු සහනය අහිමිවීමේ දැඩි අවදානමක් මතුව ඇති බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරය දරන සමුළුවකට කෝටි 10ක් ලබාදීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

සංචාරක ප්‍රවර්ධනයට බව පවසමින් රුපියල් කෝටි 10ක රජයේ මුදල් මෙරට පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් සත්කාරකත්වය දරන සමුළුවකට ලබාදීම පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

සංචාරක ප්‍රවර්ධනය වෙස්මුහුණක් පමණයි.. ඇතුළේ තියෙන්නේ සහචරයාට සැලකීමයි.. මහජන බදු මුදල්වලින් චෙවෝන් ඩැනියෙල්ගේ උපසභාපති ධුරය සමරනවාද?.. - විමල් ප්‍රශ්න කරයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ ආසියානු විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා මහරාජා සමූහයට අයත් MTV පෞද්ගලික සමාගමට මහජන මුදල්වලින් රුපියල් කෝටි දහයකට අධික මුදලක් ලබාදීමට රජය කටයුතු කිරීම වර්තමාන ආණ්ඩුවේ සහචර ධනවාදී ප්‍රතිපත්තිය මනාව හෙළි කරන සිදුවීමක් බවයි.

ඇමෙරිකා-ඉරාන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි.. ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා යුද්ධයක් ව්‍යාප්ත වීමේ අවදානමක්..

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැති නවතම වක්‍ර සාකච්ඡා වටය කිසිදු එකඟතාවකින් තොරව අවසන් වී තිබේ. මේ හේතුවෙන් ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා පුළුල් යුද්ධයක් ඇතිවිය හැකි බවට බියක් මතුව තිබේ.

ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර මරා දමා මාලය කඩාගත් සෝමරත්න රාජපක්ෂ.. දෙමළ ඩයස්පෝරාවට වීරයා වූ ද්‍රෝහියාගේ කතාව..

චෙම්මනි සිතුපති හින්දු සුසාන භූමියෙන් මතු වූ මිනිස් ඇටසැකිලි කොටස් පදනම් කරගෙන ගොඩනැගුණු ප්‍රවාදය මේ වන විට ගෝලීය දෙමළ බෙදුම්වාදීන්ගේ සේම ඔවුන්ගේ දේශීය නියෝජිතයන්ගේ ප්‍රධාන තුරුම්පුව වී තිබේ. මේ අතර ඒ පිළිබඳ අපූරු කතාවක් පැවසුවේ දෙමළ ප්‍රභූ දේශපාලන කුලකයට අභියෝග කරන අරුන් සිද්ධාර්ථන් ය. යාපනයේ අඩු කුලයේ දෙමළ මිනිසුන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම දෙමළ කුලීනයන් තහනම් කර තිබෙන බවත් එනිසා චෙම්මනි ප්‍රදේශයෙන් හමු වූ මෘත කලේබර තමන් නියෝජනය කරන හීන කුලයේ මිනිසුන්ගේ ඒවා විය හැකියි බවත් ඔහු පැවසීය. එහෙත් හීන කුලයේ මිනිසුන්ගේ විය හැකි මේ ඇටසැකිලි කොටස් ඔසවාගෙන ලෝකය වටේ යන්නේ දෙමළ ප්‍රභූ කුලීනයන් විසිනි. උතුරේ ප්‍රභූ සමාජයේ දේශපාලනඥයකු වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරීගේ පුත්‍රයා වූ කැනඩා පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ ප්‍රබලයකු වන ගැරී සංගරී ඇතුළු පිරිසක් අවධාරණය කළේ චෙම්මනි ඇටසැකිලි පිළිබඳ පිළිගත හැකි ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

ABU සමුළුවේ සත්කාරකත්වය සිරසයි.. අනුග්‍රහය සංචාරක කාර්යංශයයි..

ලොව පුරා කීර්තිමත් මුද්‍රිත, විද්‍යුත් සහ ඩිජිටල් මාධ්‍ය ආයතනවල ඉහළ පෙළේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන 63 වන ආසියානු - පැසිෆික් විකාශන සංගමයේ (ABU) වාර්ෂික මහා සභා සැසිවාරය මෙරට සත්කාරකත්වයෙන් සාර්ථකව ආරම්භ වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව

වසරේ මුල් මාස නවය (ජනවාරි සිට සැප්තැම්බර් දක්වා) තුළ මෙරට විදේශ ජංගම ගිණුමේ ශේෂය එක්සත් ජනපද ඩොලර් මිලියන 420 ක කැපී පෙනෙන හිඟයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස පවතින සැඟවුණු අරමුණු සහ ඉන් මෙරට බෞද්ධ උරුමයට සිදුවන බලපෑම් පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදී පුළුල් ලෙස කරුණු අනාවරණය කළේය.

පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්

2026/27 මාස් කන්නයේ වගා කටයුතු දිවයින පුරා ආරම්භ වී තිබුණද, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පවතින නිසි කළමනාකරණයක් නොමැතිකම සහ දත්තවල පවතින ගැටලු හේතුවෙන් මෙවරද දැඩි පොහොර සහ බීජ හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF

ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අයකරගත යුතුව ඇති නොපියවූ හිඟ බදු ප්‍රමාණය එළඹෙන 2025 වසර අවසානය වන විට රුපියල් ට්‍රිලියන 2.1ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇති අතර, එවන් දැවැන්ත බදු හිඟයක් පවතිද්දී සාමාන්‍ය ජනතාව මත පමණක් පටවන අසාධාරණ බදු ප්‍රතිපත්ති හේතුවෙන් රට තුළ ආර්ථික අසමානතාව හා දිළිඳුකම පෙර නොවූ විරූ ලෙස දරුණු විය හැකි බවට එම අරමුදලේම නවතම පර්යේෂණ වාර්තා අනතුරු අඟවයි.

ඉන්ධන මිල ඉහළට..

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..

බුද්ධ ශාසන, ආගමික සහ සංකෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය හිනිදුම සෙනෙවි මහතා පිළිබඳව 2020 නොවැම්බර් 14 දින එක්තරා වෙබ්අඩවියක පළකර තිබූ වාර්තාවක් සම්බන්ධයෙන් 2024 නොවැම්බර් මස 20 වැනි දින ලංකා ලීඩර් (lankaleader) අප ප්‍රවෘත්ති බෙබ් අඩවියේ යම් කරුණු අනාවරණයක් සිදුකරන ලද අතර, එහිදී "මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?" යනුවෙන් මාතෘකාව යටතේ අප පවසා සිටියේ https://slbookreview.blogspot.com/2020/11/blog-post_14.html නමැති වෙබ් අඩවියේ අමාත්‍යවරයා සම්බන්ධයෙන් කරුණු හෙළිදරව්වක් සිදුකර ඇති බවයි.

අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..

වසර හයකට ආසන්න කාලයක් විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ චෝදනාවක් අද අමාත්‍යවරයකුගේ සදාචාරාත්මක වගවීම පිළිබඳ මහජන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ඒ සමඟම මේ නිසා මාධ්‍යවල වගකීම, පුරවැසියකුගේ ප්‍රශ්න කිරීමේ අයිතිය සහ රාජ්‍ය බලය භාවිත කිරීමේ සීමා පිළිබඳවද ප්‍රශ්න මතුව තිබේ.

වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්‍ෂණ..

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්වරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති බව The Sunday Times පුවත්පත වාර්තා කරයි.

සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..

ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත යළි කිසියම් හෝ හමුදා ප්‍රහාරයක් එල්ල කළහොත්, කිසිදු භූගෝලීය සීමාවකට යටත් නොවී වහාම ක්‍රියාත්මක වන දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කරන බවට ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා ඛමේනි දැඩි අනතුරු ඇඟවීමක් කර ඇතැයි තුර්කියේ 'ඩේලි සබා' පුවත්පත වාර්තා කර සිටියි.

ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ

ඕනෑම ගමකට ගිය විට තමන්ගේ මිතුරෙකුට එම ගමේ නෑයන් සිටි බව පවසන බවත්, ඇමති සුනිල් පෙනෙවිට ද එබඳුම නෑයන් සිටින බව පෙනෙන බවත්, ධර්මපාලතුමත් ඔහුගේ නෑයකු බවත්, කල්වාරි කන්ද හැදූ අයත් නෑයන් බවත්, හිමුදුරුවරුන් ද නෑදෑයන් බවත් වරුණ රාජපක්ෂ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.