News Category
From Date
To Date
Maximum Number of Result

නීතිය සැමට ඉහළින්... හැබැයි "මාලිමා මාමණ්ඩිලාගේ ගංජා පැළයට" පහළින්.. අවුරුදු 78ක සාපය ඉවර කරන්න ආපු අය, දැන් "79 වන පිටුව" ලස්සනට ලියමින් ඉන්නවා..

Nov 8, 2026 at 05:24 AM
|

ළඟදීම තිරගත වන "සිරි ලංකන් සිස්ටම් චේන්ජ්" සිනමාපටයෙන් බිඳක්! රට වෙනස් කරන්න ආපු "වෙනස" රත්නපුරෙන් ලයිව් ඇක්ෂන් පිටින්ම බලාගන්න. 

කතාව: "මන්ත්‍රී, මාමණ්ඩි සහ මනමාල ගංජා ගස"

ජාතික ජනබලවේගයේ (NPP) රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත පුෂ්පකුමාර මහත්තයගේ මාමණ්ඩිගේ ඉඩමක තිබිලා සුපිරි ගංජා වගාවක් අහුවෙනවා. (රට අනුභව කරන්න කලින් රටට අවශ්‍ය ඖෂධීය පැළෑටි වගා කිරීමේ පක්ෂයේ "ස්වයං රැකියා" ව්‍යාපෘතියක් වෙන්න ඇති!)

1. ගංජා වවපු මාලිමා මාමණ්ඩි: කිසිම කරදරයක් නැතුව, නිදහසේ, පිරිසිදු වාතය ආග්‍රහණය කරමින් සුවසේ ඉන්නවා! 

2. වැටලීම කරපු සුසන්ත රාලහාමි: අන්න මිනිහා වැරදිකාරයා වෙලා! නීතිය තදින්ම ක්‍රියාත්මක වෙලා රාලහාමිගේ වැඩ තහනම් කරනවා. දැන් මාස 10ක් තිස්සේ ගෙදර ඇවිත් බිත්ති ගණන් කරනවා! 

මේ අසාධාරණය ඉවසන්න බැරුව රාලහාමි මානව හිමිකම් කොමිසමට යනවා. එතනට ආපු පොලිස්පතිතුමා (Just Now) සජීවීව කියනවා "අයියෝ රාලහාමි... ඔන්න මම රක්ෂාව දෙන්න එකඟ වුණා" කියලා. හැබැයි ඉතින් ආණ්ඩුවේ මන්ත්‍රීතුමාගේ "පවර්" එක කොච්චරද කිව්වොත්, පොලිස්පති කිව්වත් රාලහාමිට තාම රස්සාව නෑ! (දැන් ශ්‍රී ලංකා පොලිසියේ ලොක්කා පොලිස්පතිද? නැත්නම් මාලිමා මන්ත්‍රීද කියලා කාටද එකපාරටම කියන්න පුළුවන්?)

ඔන්න ඔහොම රස්සාවත් නැතුව පාරේ යන කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චිට අපේ මන්ත්‍රී ශාන්ත කුමාරව පාරේදී හම්බවෙනවා. මන්ත්‍රීතුමා එතනදී නිකන් "කඩුවෙන් උපන් කැලෑ පත්තර" ස්ටයිල් එකෙන් සුපිරි පාරේ තගක් දානවා. 

රාලහාමි බය නැතුව ගිහින් පොලිසියට පැමිණිලි කරද්දී, මාලිමා මන්ත්‍රීත් රිවර්ස් ගියර් එක දානවා! රාලහාමිට විරුද්ධව "අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය, අඩත්තේට්ටම් කිරීම්" ඔක්කොම දාලා සුපිරි නඩුවක් ගහනවා!

පොලිසියට උසාවියේදී රාලහාමිට විරුද්ධව කිසිම චෝදනාවක් ඔප්පු කරගන්න බැරුව, කොස්තාපල් සුසන්තව උසාවියෙන් නිදහස් කරනවා! 

හැබැයි... අර මාලිමා මල් පැළයට (මන්ත්‍රීට) විරුද්ධව රාලහාමි දාපු නඩුව තාම උසාවියේ "ලෙජරය අස්සේ" නිදිබරව ඉන්නවා. ඒක තාම විභාගයට අරන්වත් නෑ! 

අවුරුදු 78ක සාපය ඉවර කරන්න ආපු අය, දැන් "79 වන පිටුව" ලස්සනට ලියමින් ඉන්නවා! 

වසර දෙකයි... රටට සහ මාලිමාවේ මාමණ්ඩිලාගේ ගංජා වතුවලට ඉතාම සුබයි! 

(Nuwan Indunil Ballantudawa ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)


සම්බන්ධිත පුවත් | Related News

ආසියාතිකරයෙන් ඔබ්බට අප්‍රිකාවටත් ගිය බුදු අසිරිය..
පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් 44 දෙනෙකු අත්සන් තබා, ලේකම් ජනරාල්වරයා වෙත නිල වශයෙන් භාරදී, ඔක්තෝබර් 12 වැනිදා නිල වශයෙන් "න්‍යාය පුස්තකයට" (Order Book) පවා ඇතුළත් කළ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව එක රැයකින් න්‍යාය පත්‍රයෙන් අතුගා දැමීමට ආණ්ඩුව ක්‍රියා කරා..
මාලිමවේ ඉන්නේ හොරුන්ගෙත් හොරු කම්බ හොරු. හරිනිගේ ආචාර්ය උපාධිය දැක්කම තේරෙනවා උන්ට විද්‍යාත්මක චින්තනයක් තියා සරල අධ්‍යාපනික විභවයක් හෝ නැති බව. උන් ඔක්කොම බොරුකාරයෝ.
කැබිනට් මණ්ඩලය නොමග යවමින් රාජ්‍ය සේවයෙන් පහකළ තම හිතවතෙක් චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි තනතුරට පත් කිරීමට හිනිඳුම සුනිල්සෙනෙවි ඇමතිතුමා පියවර ගෙන ඇත්තේ මාලිමා රජය දූෂණය හා වංචාව පිටුදකින බව ප්‍රධාන පාඨය කරගත් සමයක එහි වගකිව යුතු අමාත්‍යවරයෙක් වශයෙන් සිටීම එක්තරා අන්දමකින් රජයට දෛවෝපගත සරදමකි.
නාග බස්තමක් රැගෙන ම'නුවර සිට කොළඹට වඩින බව පැවසෙන භික්ෂුවක ලෙස පැමිණෙන්නේ " පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ " ග්‍රේෂන් කෙරමිණිය බව පවසමින් එතුමාට අපහාස කරමින් බොහෝ ඡායාරූප මුහුණු පොතේ සංසරණය වන බව දැකිය හැකිය.
ජීවිතේ වැඩි කාලය ගෙවුනේ පන්සලේ බවත්, ධර්මපාලතුමාට බුද්ධගයාව බේරා ගැනීමේ ව්‍යාපාරයට ආර්ථික ශක්තිය ලබාදුන්නේ තමන්ගේ මුත්තන්ඩි බවත් පසුගිය දා අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා පවසා තිබිණි.
නිලන්ත සත්සර ගමගේ වෙනුවෙන් පෙනී සිටිමි.
ඇයි මහසෑ වටා වැටක් ගහනවා කිවාම බයක් එන්නෙ ..
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාට එරෙහිව එල්ල වූ බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කිරීම සහ නිර්මාණ කොල්ලය (Plagiarism) පිළිබඳව දැනුවත් කිරීමට කාලය පැමිණ ඇත.

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..

ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පැවති අරගලය සහ විරෝධතා හමුවේ විදේශීය තානාපති කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන අනුගමනය කළ පියවර මෙන්ම, වත්මන් පාලනය යටතේ සිදු වන විරෝධතා සහ මර්දනකාරී පියවර සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප්‍රතිචාර අතර වෙනස සූක්ෂම දේශපාලනික හා භූ-දේශපාලනික විග්‍රහයකට ලක් කළ යුත්තකි. ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික අංශ සහ මානව හිමිකම් සංවිධානවල අතීත හා වර්තමාන හැසිරීම් සංසන්දනය කිරීමේදී පෙනී යන සමහර ප්‍රමුඛතා සහ ද්විත්ව ප්‍රමිතීන් පිළිබඳව දැඩි විවේචනාත්මක පදපරිසරයක් නිර්මාණය වී ඇත.

අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..

අනුරාධපුර පූජාභූමියට සහ එහි ඓතිහාසික පුරා විද්‍යාත්මක උරුමයට දැඩි හානියක් සිදුකිරීමේ අවදානමක් පවතින බවට චෝදනා කරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අදාළ ගැසට් පත්‍රය වහාම අකුලා ගන්නා ලෙස රජයට සහ බලධාරීන්ට අවධාරණය කර සිටියහ.

පළාත් සභා 04ක මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේ පැවැත්වීමට අවධානය.. විපක්‍ෂයේ හිටපු පිරිසිදු හොද මැති ඇමතිලා මාලිමාවෙන්..?

දීර්ඝ කාලයක් මුළුල්ලේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේදී උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව යන පළාත් හතර සඳහා මූලික අදියර යටතේ පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

නි. ඇමති නාමල්ගේ බස් නාටකයේ වෙස් මුහුණු ගැලවේ..

මේ දිනවල සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වන නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා බස් රථයක නැගී යන වීඩියෝව සම්බන්ධයෙන් එම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයා හෙළිදරව්වක් සිදුකර තිබේ.

නව රජයක් පිහිටුවීමේ වගකීම නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාට..

පැවති මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශ්වයකට පැහැදිලි බහුතරයක් හිමි නොවී දේශපාලනික වශයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතු වීමෙන් පසු, ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීම සඳහා අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ගාඩි අයිසන්කොට් (Gadi Eisenkot) තෝරා ගැනීමට ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් (Isaac Herzog) පියවර ගෙන තිබේ.

රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක්..

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පිහිටි දන්සැල් භූමියේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් උපවාසයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීමත් සමග එම ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ.

හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ..

දිනකට බොරතෙල් බැරල් ලක්ෂ දෙකක් පිරිපහදු කිරීමේ ඉලක්කයෙන් හම්බන්තොට ඉදිකිරීමට සැලසුම් කළ ඩොලර් බිලියන 3.7 ක ඛනිජ තෙල් පිරිපහදු ව්‍යාපෘතිය බරපතළ අවිනිශ්චිතතාවකට මුහුණ පා තිබේ.

“යුද වියදම් කපා හැර වැඩකරන ජනතාව වෙනුවෙන් වහා පෙනී සිටිනු” - සෑන්ඩර්ස්ගෙන් ඩිමොක්‍රටික් පක්ෂයට සැර අවවාදයක්

ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන සංඛ්‍යාත ජනතාව දෛනික ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින පසුබිමක, තවදුරටත් අර්ධ විසඳුම්වලින් සහ ඉටු නොකරන පොරොන්දුවලින් ඵලක් නොවන බව සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් (Bernie Sanders) සිය ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වයට දැඩි ලෙස අවධාරණය කරයි.

පැය කිහිපයකදී කොළඹට මිලිමීටර් 129ක වර්ෂාපතනයක්..

අද (06) පස්වරුවේ ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගර සභා බලප්‍රදේශයට මිලිමීටර් 129ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රීලනිපය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකියි.. - මැතිවරණ කොමිසම දන්වයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිසම එම පක්ෂයේ පාර්ශ්වයන්ට දැනුම්දී තිබේ.

කෝටි10 කැබිනට් තීරණය හැංගුවේ ඇයි?.. ලැබෙන ප්‍රතිලාභ මොනවාද?.. - ප්‍රශ්න වැලක් මතු වන තිරය පිටුපස කතාව

කොළඹ පැවති ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි වාර්ෂික මහා සමුළුවේ සත්කාරකත්වය දැරූ එම්.ටී.වී. නාලිකා පෞද්ගලික සමාගමට (සිරස මාධ්‍ය ජාලය) රුපියල් කෝටි 10කට අධික මුදලක් ආණ්ඩුව විසින් අනුග්‍රහයක් ලෙස ලබා දීමට ගත් තීරණය සහ ඒ පිටුපස ඇති සැකසහිත තත්ත්වයන් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා විසින් පුළුල් අනාවරණයක් සිදු කර තිබේ.

ප්‍රංශයේ වෘත්තීය සමිති 5ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයක..

ප්‍රංශයේ ක්‍රියාත්මක වෘත්තීය සමිති විසින් රට පුරා විරෝධතා සහ වර්ජන මාලාවක් දියත් කිරීමට සැරසීමත් සමඟ එරට දැවැන්ත ජන අරගලයක් ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..

අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළ පාර්ශ්වකරුවන් නියෝජනය වන ලෙස උපදේශක සභාවක් පත් කිරීම පිළිබඳ ප්‍රසාදය පළ කරන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ‍්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පැනනැගී ඇති ගැටලු සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සඳහා මැදිහත්වන ලෙස දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..

ඇමෙරිකානු මධ්‍ය කාලීන මැතිවරණය කෙරෙහි ලොව පුරා දැඩි අවධානයක් යොමුව ඇති අතර, එරට අභ්‍යන්තර දේශපාලන අරගල හුදෙක් එක් රටකට සීමා නොවී මුළු මහත් ගෝලීය පද්ධතියටම සෘජු බලපෑම් එල්ල කරමින් තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.