විද්‍යාව උගන්වන අයට ආගම ගැන කතා කරන්න තහනම්ද?
👉 ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් කියන්නේ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ පියා ලෙස සැලකෙන භෞතික විද්‍යාවේ මහා දැවැන්තයෙක්. ඔහු 1918 වසරේ භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගත් අයෙක්. හැබැයි ප්ලාන්ක් කියන්නේ විශ්වයේ අතිශය විධිමත් නීති සහ රටා පිටුපස මහා පරම සත්‍යයක් හෙවත් දෙවියන් ඇතැයි විශ්වාස කළ දේව භක්තිකයෙක්. ඔහු Religion and Natural Science නමින් ආගම හා ස්වභාවික විද්‍යාව අතර සම්බන්ධය විග්‍රහ කරන කෘතියක් පවා රචනා කොට තිබෙනවා.
👉 ගුරුත්වාකර්ෂණ නියමය, චලිතය පිළිබඳ සුප්‍රකට නියාමයන් තුන ඇතුළු භෞතික විද්‍යාවේ විප්ලවීය සොයා ගැනීම් ගණනාවක් සිදු කළ අයිසෙක් නිව්ටන් උග්‍ර ක්‍රිස්තියානි භක්තිකයෙක්. විද්‍යාව තරමටම බයිබලය හා ආගම ගැනත් ලිපි ලියපු කෙනෙක්. ඔහු බයිබලයේ ඇතැයි කියන රහස් කේත විශ්ලේෂණය කරමින් 2060 වසරේ සිදුවන ලෝක විනාශයක් ගැන අනාවැකියක් පවා පළ කරනවා.
👉 ජෝර්ජ් ලෙමයිට්‍රේ කියන්නේ මහා පිපිරුම් න්‍යාය පිළිබඳ මූලික අදහස ඉදිරිපත් කළ ප්‍රකට විද්‍යාඥයෙක්. හැබැයි ඔහු විද්‍යාඥයෙක් විතරක් නොවෙයි කතෝලික පූජකවරයෙක්. ආගම හා විද්‍යාව අතර සමගි කිරීමට තරම් ගැටුමක් නැති බවත් ඒවා සත්‍ය කරා යන එකිනෙකට වෙනස් මාර්ග දෙකක් බවත් ඔහු ප්‍රකාශ කළා.
👉 ජාන විද්‍යාවේ පියා ලෙස සැලකෙන ග්‍රෙගරි මෙන්ඩල් කියන්නේ විද්‍යාඥයෙක් විතරක් නොවෙයි ආගමික පූජකයෙක්. ඔහු ඔස්ට්‍රියානු අගස්තීනු නිකායේ පූජකවරයෙකු ලෙස කටයුතු කළ ජීවිත කාලයම ආරාමයක ජීවත් වූ අයෙක්. ආරාමයක ජීවත් වෙමින් තමයි ඔහු විද්‍යාත්මක පර්යේෂණ පවා සිදු කළේ.
👉 ෆ්‍රැන්සිස් කොලින්ස් කියන්නේ ඉතිහාසයේ සිදුවූ දැවැන්තම ජීව විද්‍යාත්මක පර්යේෂණයක් වන 1990 දී ආරම්භ වූ මානව ජෙනෝම ව්‍යාපෘතියේ ප්‍රධානියෙක්. මිනිස් සිරුරේ ජාන සංචිතය සම්පූර්ණයෙන්ම විකේතනය කර එහි ඇති නියුක්ලියෝටයිඩ යුගල බිලියන තුනකට වැඩි ප්‍රමාණයක අනුපිළිවෙළ සොයා ගැනීම මෙයින් සිදු කෙරෙනවා. ඉතින් මේ ෆ්‍රැන්සිස් කොලින්ස් මුලදී අදේවවාදියෙකුව සිට පසුව ක්‍රිස්තියානි ආගම වැළඳගත් හා ඒ ගැන ප්‍රසිද්ධියේ අදහස් පළ කළ අයෙක්. ඔහු 2006 වසරේ දී තමන් ක්‍රිස්තියානි ආගම වැළඳගත් ආකාරය හා විද්‍යාව හා ආගම අතර සම්බන්ධය විග්‍රහ කරමින් The Language of God: A Scientist Presents Evidence for Belief නමින් පොතක් පවා රචනා කරනවා.
👉 ආතර් එඩින්ටන් කියන්නේ තාරකා විද්‍යාව හා සාපේක්ෂතාවාදය පිළිබඳ ප්‍රකට විද්වතෙක්. ඇල්බට් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය පරීක්ෂා කිරීමට 1919 දී සූර්යග්‍රහණ නිරීක්ෂණයට නායකත්වය දුන්නේ ඔහු. ක්‍රිස්තියානි ආගමික පවුලක උපත ලැබූ ඔහු ජීවිත කාලය පුරාම ඒ ආගමික සම්ප්‍රදාය සමඟ බැඳී සිටි අයෙක්. ඔහු 1929 දී Science and the Unseen World නමින් ආගම, විද්‍යාව හා ආධ්‍යාත්මික සම්බන්ධතා පිළිබඳ කෘතියක් පවා රචනා කරනවා.
👉 1979 දී භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගත් පළමු පාකිස්ථාන ජාතිකයා වූ අබ්දුස් සලාම් උග්‍ර ඉස්ලාම් භක්තිකයෙක්. ඔහු විද්‍යාත්මක පර්යේෂණ දුටුවේ කුරානයේ සඳහන් ස්වභාව ධර්මය හා විශ්වයේ නීති පිළිබඳ අවධානය යොමු කිරීමක් හෙවත් අල්ලාහ් දෙවියන්ගේ මැවීමේ නීති අධ්‍යයනයක් ලෙසයි. ඔහු ඉස්ලාම් ශිෂ්ටාචාරවල විද්‍යාත්මක සොයාගැනීම් පිළිබඳවත් විශේෂයෙන් අධ්‍යයනය කළ කෙනෙක්.
👉 ප්‍රංශයේ ජීවත් වන මැතිව් රිකාඩ් කියන්නේ ජීව විද්‍යාඥයෙකුව සිටියදී ඒ සියල්ල අතහැර පැවිදි දිවියට ඇතුළත් වූ බෞද්ධ භික්ෂුවක්. එතැනින් නොනැවතී උන්වහන්සේ පැවිදි ජීවිතය ගත කරන අතරේම භාවනාව ආදිය පිළිබඳ සිදු කළ පිළිගත් විද්‍යාත්මක පර්යේෂණවලට පවා දායක වී තිබෙනවා. උන්වහන්සේ රචනා කළ සිංහල භාෂාවටත් පරිවර්තනය වී ඇති භික්ෂුව හා දාර්ශනිකයා කියන පොත ලෝකයේ ආගම විද්‍යාව පිළිබඳ ඉතා ප්‍රසිද්ධියට පත් විශිෂ්ට කෘතියක්.
👉 ආචාර්ය අබ්දුල් කලාම් කියන්නේ ඉන්දියාවේ මිසයිල වැඩසටහන්, න්‍යෂ්ටික වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට තම දායකත්වයට සැපයූ ප්‍රකට විද්‍යාඥයෙක්. එහෙත් ඔහු දැඩි ලෙස ආගමික වත්පිළිවෙත් අනුගමනය කළ ඉස්ලාම් භක්තිකයෙක්. ඒ වගේම භගවත් ගීතාව මැනවින් අධ්‍යයනය කළ ඔහු හින්දු ආගම පිළිබඳවත් විශේෂ උනන්දුවකින් කටයුතු කළා.
👉 වර්නර් හයිසන්බර්ග් කියන්නේ ක්වොන්ටම් භෞතික විද්‍යා ක්ෂේත්‍රයේ මහා දැවැන්තයෙක්. සුප්‍රකට අවිනිශ්චිතතා මූලධර්මය (Uncertainty Principle) හඳුන්වා දුන් ඔහු 1932 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගන්නවා. ඒත් ඔහු දෙවියන් විශ්වාස කළ අයෙක්. ස්වභාවික විද්‍යාවේ පළමු වතුර උගුර ඔබ අදේවවාදියෙක් බවට පත් කළත් වීදුරුව පතුලේ දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් බලා සිටින බව ඔහු ප්‍රකාශ කළා.
👉 මේ ආකාරයට ආගම් විශ්වාස කළ, ආගම් වෙනුවෙන් පෙනී සිටි මහා දැවැන්ත විද්‍යාඥයන් තව සිය දහස් ගණනක් ලෝකයේ සිටිනවා. ඒ ගැන ඕනෑ තරම් උදාහරණ ඉදිරිපත් කළ හැකියි. විශේෂයෙන් පුරාණ ඉස්ලාම් දැනුම් පද්ධතිය, පුරාණ ඉන්දියාවේ දැනුම් පද්ධතිය, පුරාණ චීනයේ දැනුම් පද්ධතිය ආදි මේ බොහෝ දේවල් නිර්මාණය වූයේ ආගමික විශ්වාසත් පදනම් කොටගෙන මිස එයින් පරිබාහිරව නොවෙයි.
👉 ඒත් මේ කිසිවක් ගැන කිසිදු අවබෝධයක් නොමැති ලංකාවේ ඇතැම් පිරිස් ආගම විද්‍යාඥයන්ට අකැප දෙයක් බව හිතාගෙන ඉන්නවා. ලෝකයේ සියලු විද්‍යාඥයන් නිරාගමිකයන් වන්නට ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. එහෙම අය තමයි දහම් පාසල් ගුරුවරු වෙන්න ඕන අය බයෝලොජි උගන්වනවා වැනි අදහස් පළ කරමින් අද තිස්ස ජනනායකට හා දිනේෂ් මුතුගලට අපහාස කරන්නේ.
👉 මෙහිදී තිස්ස ජනනායක දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනී සිටි බවත්, ඔහු යම් යම් වැරදි ප්‍රකාශ සිදු කර ඇති බවත් ඇත්ත. වැරදීම් සිදු නොවන මිනිස්සු ලෝකයේ නැහැ. ජනනායකට වඩා දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනී හිටපු, දේශපාලන නායකයන් පන්තිවලට ගෙනත් කැම්පේන් කරපු, මීට වඩා බරපතළ බොරු ප්‍රකාශ කරපු ටියුෂන් ගුරුවරු මේ රටේ ඉන්නවා. හැබැයි ඔවුන්ට මෙවැනි විරෝධයක් නැහැ. ඒ නිසා මේ පහරදීමට මූලික හේතුව ජනනායකගේ ඊනියා වැරදි ප්‍රකාශයකට වඩා ඔහු ජාතිකත්වය වෙනුවෙන් බුදු දහම වෙනුවෙන් පෙනී සිටීම බව ඉතාම පැහැදිලියි.
👉 ඒ බව හොඳින්ම තහවුරු වන්නේ තිස්ස ජනනායකට කරන සෑම පහරදීමකටම දිනේෂ් මුතුගලවත් ඈඳා ගැනීම නිසා. මොකද දිනේෂ් මුතුගල කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිට නැහැ. ඒ වගේම ඔහු කාගේවත් නම් වරද්දමින් කිසිදු වැරදි ප්‍රකාශයක් නිකුත් කොටත් නැහැ. ඒත් ජනනායකට සමගාමීව මුතුගලටත් මේ පිරිස දිගට හරහට පහරදෙනවා. ඔවුන්ව වර්ගවාදීන්, ජාතිවාදීන් විදිහට හඳුන්වනවා. මේ ප්‍රහාරය අද ඊයේ ආරම්භ වූ දෙයක් නොවෙයි.
👉 යමෙක් තමන්ගේ ජාතිය ආගම සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටීම ජාතිවාදයක් නොවෙයි. තමන්ගේ ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටින ඔවුන් කිසිදාක වෙනත් ජාතියකට ආගමකට අපහාස කොට නැහැ. නිරාගමිකයන් මෙන් ජාතිවාදී ප්‍රභාකරන්ට කව් ගී රචනා කොට නැහැ. ඒ අතින් ගත්තාම සුපිරිම ජාතිවාදීන් වන්නේ අනෙකාගේ ආගමික සංස්කෘතික අයිතියට ගරු කිරීමට නොදන්නා නිරාගමික ලේබල් අලවාගත් අශිෂ්ට බෞද්ධ විරෝධින් මිස අන් කිසිවෙක් නොවෙයි.
👉 ඒ නිසා මෙය පැහැදිලිවම බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටීම නිසා කරන පහර දීමක්. උඹලා ඔය මතවාදය අතහැර කටපියා ගන්නා තුරු අපි උඹලාට ගහනවා කියන එක තමයි ඔවුන් මේකෙන් දෙන්න හදන පණිවිඩය. ඒ නිසා තමයි කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී නොසිටින මම මෙතෙන්දි මේ ගුරුවරු දෙන්නා ගැන වචනයක් හරි ලියන්නේ. තිස්ස ජනනායක මගේ ගුරුවරයෙක්. දිනේෂ් මුතුගල මගේ මිත්‍රයෙක්. මේ පහරදීමට නොබියව මුහුණ දීමට ඔවුන්ට ධෛර්යය ඇති බව මා දන්නවා.
👉 ඕනෑම ගුරුවරයෙක් උගන්වන අතරේ විවිධ දේවල් ගැන තමන්ගේ පෞද්ගලික මතවාද ප්‍රකාශ කරනවා. එහෙම නැතුව විෂය සිද්ධාන්ත විතරක් උගන්වන්න කාටවත් බැහැ. ඒ නිසා ජීව විද්‍යාව උගන්වන ගුරුවරයෙක් ආගමක් විශ්වාස කිරීම හෝ ඒ ගැන කතා කිරීම අමුතු මැජික් එකක් නොවන බව මෙහි කලින් දක්වා ඇති උදාහරණවලින් මනාව පැහැදිලි වෙනවා.
👉 එහිදී ඔවුන් කතා කරන දේ අභිධර්මයද, බෞද්ධ සාහිත්‍යයද වෙන මොකක් හරිද කියන එක අදාළ නැහැ. ඒ වගේම ආගමික සංස්කෘතික විශ්වාස විද්‍යාවේ කෝදුවෙන් මැනීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ. ලෝකයේ ප්‍රමුඛ පෙළේ දැවැන්ත විද්‍යාඥයන් ආගම් විශ්වාස කළේ ආගම කිසිදු තැනක විද්‍යාත්මකව ඔප්පු කිරීම නිසා නොවෙයි.
👉 මේ රටේ නිරාගමිකයන්ගේ චින්තන වපසරිය ඉතාම කුඩා එකක්. ලංකාවේ නිරාගමිකයන් කියන්නේ දැනුම අතින් ගොළුබෙලි කටුවක් තුළ ජීවත් වන ඒ කටුවෙන් පිටත ලෝකයක් නොදකින අල්පශ්‍රැතයන් පිරිසක්. ඔවුන්ට විද්‍යාව පිළිබඳ ඇත්තේ දැනුමක් වෙනුවට විශාල හීනමානයක්. ඒ නිසාම ඒ ළාමක තින්කින් පැටන් එක ඇතුළේ ඔවුන් ආගම හා විද්‍යාව දකින්නේ එකිනෙකට සපුරා පරස්පර සතුරන් විදිහට. හැබැයි ඇත්ත ලෝකේ ඇත්තටම විද්‍යාව දන්නා මිනිසුන්ට ඒ ළාමක තර්ක කිසිම ආකාරයකින් අදාළ වන්නේ නැහැ.
- ඉසුරු ප්‍රසංග
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..
එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්‍රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..
මම දෙමළ තමයි.. ඒත් මම බුද්ධාගම වෙනුවෙන් කඩේ යනවා.. කිසිම කෙනෙකුට ඒක නතර කරන්න බැහැ.. - සුරේෂ් රාගවන්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
යෝජිත ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කරන්න.. - එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි..
11 වැනිදා මිහින්තලේ කටු සෑය අබියසදී දැවැන්ත සත්‍යග්‍රහයක් සහ අධිෂ්ඨාන පූජාවක් අරඹනවා.. - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..
අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..
හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි
ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..
කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..
භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාද දෙකක් ගැනීමට මැදිහත් වන්න.. - පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්..
ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..
මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..
අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..