News Category
From Date
To Date
Maximum Number of Result

කොළඹ යට වුනාට බිල්ලට දෙන්නේ බැල්තසාර්ව ද?.. බිමල්ගේ අමාත්‍යංශය ගංවතුරෙන් බේරුනාද?

Nov 11, 2026 at 05:22 AM
|

පසුගිය දා ඇතිවූ දැඩි වර්ෂාවත් සමග කොළඹ නගරය පුරා හටගත් හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් අගනුවර ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය.  වාර්ෂාව ඇද හැලුනු ඉතා කෙටි කාලයක් ඇතුළත ඇති වූ මෙම ආපදා තත්ත්වය හමුවේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය සහ වාට්ටු කිහිපයක් ද ජලයෙන් යටවීම හේතුවෙන් රෝගී ප්‍රතිකාර සේවාවන්ට ද බරපතළ බාධා එල්ල විය. 

මෙම ගංවතුර තත්ත්වයට හේතුව කුමක්ද? සහ ඊට වගකිව යුත්තේ කවුද? සහ කුමන ආයතනද? යන්න සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.

මෙහිදී කොළඹ නගරය ජලයෙන් යටවීම සම්බන්ධයෙන් මූලිකවම මතු වූයේ ආයතනික මට්ටමේ මතභේදයකි. කොළඹ නගරාධිපතිනී ව්‍රායි බැල්තසාර්  ප්‍රකාශ කළේ, කෙටි පැය කිහිපයක් තුළ මිලිමීටර් 129ක අධික වර්ෂාපතනයක් නගරයට පතිත වීම මෙම ජල ගැලීම්වලට ප්‍රධාන හේතුව බවයි. 

මේ අතර, ආණ්ඩුවට හිතැති සමාජ මාධ්‍යකරුවන්ද කොළඹ යටවීමේ ප්‍රධානම හේතුව බැල්තසාර්ගේ නොහැකියාව පිට පටවා ලිස්සා යන අයුරුද දැකගත හැකි විය. 

මැතිවරණයට පෙර කොළඹ නගරය 'බඩේ බත් වගේ හදන බවට' ප්‍රතිඥා දෙමින් බලයට පත්වූ ව්‍රායි කැලී බැල්තසාර්, වැසි ජලයෙන් නගරය යටවීම හමුවේ තවදුරටත් නිදහසට කරුණු නොකියා ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතු බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු  වන සුදත්ත තිලකසිරි ප්‍රකාශ කර තිබිනි. 

එසේ පැවසීමට හේතුවූයේ පැලවත්තේ බලපෑමටද නැතිනම් වෙනත් හේතුවක් නිසාදැයි පැහැදිලි නැතත්, මෙම ව්‍යසනය හුදෙක් නගරාධිපතිනියගේ පමණක් වරදක් ලෙස ලඝු කරමින් විවිධ පාර්ශව චෝදනා නගන ආකාරය ද දැකගත හැකි විය.

එහෙත් අමාත්‍ය බිමල් රත්නායක යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව (කලින් හැඳින්වූයේ පහත් බිම් ප්‍රදේශ ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලය) ද මෙම සිදුවීමට සෘජුව වගකිව යුතු බව බොහෝ දෙනෙකුට අමතකව ගියේ කෙසේදැයි යන්න ගැටලුවකි. 

එය සිතාමතා අමතක කළාද නැතිනම් අමාත්‍යවරයාගේ අමාත්‍යංශය යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම වගකීමෙන් නිදහස් කිරීමට සිතාමතාම සිදුවූ ක්‍රියාදාමයක් දැයි මෙහිදී ගැටලුවක් මතුවේ.

කොළඹ නගරයේ ජලය බැසයාම සහ යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල දායකත්වය අත්‍යවශ්‍ය වේ. වාර්තා වන ආකාරයට නගරයේ කුණු කසල ඉවත් කරමින් කාණු පිරිසිදු කිරීම සිදුකරන ලද්දේ නාගරික සංවර්ධන අධිකාරියේ සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ යන්ත්‍රෝපකරණ හරහා වුවද, ඒවා ක්‍රමවත්ව සහ දීර්ඝකාලීන ක්‍රමවේදයකට සිදුකිරීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවට දැඩි චෝදනා එල්ල වේ.

කෙසේ වුවද, මෙම ගැටලුව පිළිබඳව සොයා යෑමේදී කොළඹ නගරය ජලයෙන් යටවීමට බලපාන ප්‍රධානම තාක්ෂණික හේතුවක් ලෙස විද්වතුන් පෙන්වා දෙන්නේ නගරයේ අභ්‍යන්තර කාණු පද්ධතිවල දුර්වලතා පමණක් නොව, ගඟ මුහුදට වැටෙන මෝය කට පුළුල් කිරීමට සහ නිසි පරිදි නඩත්තු කිරීමට අවශ්‍ය පියවර නොගැනීමයි. 

මුහුදු රළ මගින් කැළණි ගඟ මුහුදට වැටෙන මෝයකට ආශ්‍රිතව නිරන්තරයෙන් වැලිපර තැන්පත් වීම සිදුවේ. අධික වැසි කාලයකදී ගඟ දිගේ වේගයෙන් එන ජලය මුහුදට නිදහසේ ගලා යාමට නොහැකිව ආපසු හැරී කොළඹ නගරය යටවීමට මෙම මෝයකට අවහිර වීම දැඩි ලෙස බලපායි.

මීට අමතරව, කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘති සහ මුහුද ගොඩකිරීම් සඳහා ඉදිකර ඇති විශාල දියකඩන බැමි නිසා කැළණි ගඟේ මෝයකට ආශ්‍රිතව මුහුදු රළ හැසිරෙන ස්වභාවික රටාව වෙනස් වී ඇත. මේ නිසා සාගර දියවැල්වලින් ගසාගෙන එන වැලි ස්වභාවිකව ඉවත් වී යෑම වෙනුවට මෝයකට අසල වේගයෙන් එකතු වීම සිදුවේ. එබැවින් මෙම මෝයකට නිරන්තරයෙන් සහ ක්‍රමවත්ව කැනීමට ලක්කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

සාගර හා වරාය ඉංජිනේරු ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් ප්‍රායෝගික අත්දැකීම් ඇති විද්වතුන් පෙන්වා දෙන්නේ මෙම ගැටලුව සඳහා සංකීර්ණ හෝ අතිශය වියදම්කාරී ක්‍රම අවශ්‍ය නොවන බවයි. විදේශීය සමාගම්වලට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ගෙවා ඩ්‍රෙජර් යන්ත්‍ර ගෙන්වනවා වෙනුවට, ලංකාව සතු දේශීය සම්පත් සහ තාක්ෂණය යොදාගෙන ඉතා අඩු වියදමකින් මෝයකටවල් නිරන්තරයෙන් හෑරීමට හා වැලි ඉවත් කිරීමට හැකියාව පවතින බව විද්වතුන් අවධාරණය කරයි.

මෝයකටවල් අවහිර වූ සැණින් ඒවා කඩිනමින් විවෘත කිරීමට සහ වැලි ඉවත් කිරීමට ස්ථාවර පද්ධතියක් සකස් කර තිබිය යුතු බවට විද්වතුන් යෝජනා කරති.

කෙසේ වුවද, නාගරික සංවර්ධන අධිකාරිය හෝ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව වැනි වගකිවයුතු ආයතන ක්ෂේත්‍රයට ගොස් ප්‍රායෝගිකව ගැටලුව විසඳීමට කටයුතු නොකරන්නේ මක්නිසා දැයි මෙහිදී ගැටලුවක් මතුවේ. නගරාධිපතිනිය පමණක් නොව අමාත්‍ය බිමල් රත්නායකද මෙම ගැටලුවට විසඳුම් ලබාදීම අත්‍යවශ්‍ය වේ. බැල්තසාර්ව පමණක් බිල්ලට දී ගැලවීමට තරම් මෙම ගැටලුව සරල එකක් නොවේ.

එනිසාම බොහෝ පාර්ශ්ව පෙන්වා දෙන්නේ කයිවාරු දේශපාලනයෙන් ඔබ්බට ගොස් මෙම තිරසර ගැටලු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රායෝගික හා තාක්ෂණික විසඳුම් සෙවීම වගකිවයුතු සියලු පාර්ශ්වවල වගකීම බවය.

සම්බන්ධිත පුවත් | Related News

අටමස්ථානය යනු පොලිස් ස්ථානයක් වගේ නොවන බව පොලිසිය විසින් වටහාගත යුතු බවත්, එහි බණ කියන්න, සත්‍යක්‍රියා කරන්න බෞද්ධ භික්ෂුවකට ඇති අයිතිය ශුද්ධ වූ අයිතියක් බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
හෙද හෙදියන් 23000ක හිඟයක් අද පවතින බවත්, හෙද හෙදියන් මාසයක වැටුප ලබා ගන්නේ මාස එකහමාරක් වැඩ කර බවත් ඒකාබද්ධ හෙද සේවා සංගමය පවසයි.
පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ හිටපු ලේකම් ලබන 20දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (10) නියෝග කළේය.
සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලුවලට රජය විසඳුම් ලබාදෙමින් පවතින මොහොතක, පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් රජය අපහසුතාවට පත්කරන සහ ව්‍යාජ ලෙස පෙනී සිටින වෘත්තීය සමිතිවලට එරෙහිව ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි.
අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් භික්ෂූන්වහන්සේ පිරිසක් විසින් රුවන්වැලි සෑය අභියස සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පවත්වමින් සිටියදී ඉකුත් හත්වෙනිදා සිදු වූ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
බාල ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් ඇති වූ පාඩුව පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු වැඩි කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බලශක්ති ඇමති අනුර කරණාතිලක, එම අමාත්‍යශයේ ලේකම්වරයා මහජන උපයෝගීතා කොමිසම ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට එරෙහිව ගොනු කළ පෙත්සමක් සලකා බැලීම අද (10) අභියාචනාධිකරණයේදී සිදු කෙරුණි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික ජන බලවේගයට බලය හිමි බේරුවල නගර සභාවේ අයවැය අද (10) පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද එකකින් පරාජයට පත්ව තිබේ.
2022 වසරේ මෙරට ඇති වූ ‘අරගලය’ යනු උපායමාර්ගික පාලන තන්ත්‍ර වෙනසකට (Regime Change) එහා ගිය, විදේශීය බලපෑම් සහිත මෙහෙයුමක් බවත්, එම තත්ත්වය හමුවේ බටහිර හා ඉන්දීය සැලසුම් වෙනස් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට එවකට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළ බවත් ප්‍රවීණ මාධ්‍යවේදී ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතාගේ දිවයින පුවත්පතේ පළ වූ ලිපියක සඳහන් කරයි.

ප්‍රධාන පුවත්

කොළඹ යට වුනාට බිල්ලට දෙන්නේ බැල්තසාර්ව ද?.. බිමල්ගේ අමාත්‍යංශය ගංවතුරෙන් බේරුනාද?

පසුගිය දා ඇතිවූ දැඩි වර්ෂාවත් සමග කොළඹ නගරය පුරා හටගත් හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් අගනුවර ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය. වාර්ෂාව ඇද හැලුනු ඉතා කෙටි කාලයක් ඇතුළත ඇති වූ මෙම ආපදා තත්ත්වය හමුවේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය සහ වාට්ටු කිහිපයක් ද ජලයෙන් යටවීම හේතුවෙන් රෝගී ප්‍රතිකාර සේවාවන්ට ද බරපතළ බාධා එල්ල විය.

අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..

2022 වසරේ මෙරට ඇති වූ ‘අරගලය’ යනු උපායමාර්ගික පාලන තන්ත්‍ර වෙනසකට (Regime Change) එහා ගිය, විදේශීය බලපෑම් සහිත මෙහෙයුමක් බවත්, එම තත්ත්වය හමුවේ බටහිර හා ඉන්දීය සැලසුම් වෙනස් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට එවකට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළ බවත් ප්‍රවීණ මාධ්‍යවේදී ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතාගේ දිවයින පුවත්පතේ පළ වූ ලිපියක සඳහන් කරයි.

එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්‍රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණයෙන් ඩෙමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණ ලබා ගත්තද, එම පක්ෂය අභ්‍යන්තරයේ මෙන්ම ඉදිරි පාලන සමයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිබ්ලිකන් පාලනය හමුවේ සංකීර්ණ දේශපාලන හා ආර්ථික අභියෝග රැසක් නිර්මාණය වී ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..

බුද්ධ ශාසනයට සහ අපේ උතුම් බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ අභියෝග හා කෙනෙහිලිකම් හමුවේ තවදුරටත් නිහඬව බලා නොසිටින බව අවධාරණය කරමින්, සංඝරත්නයේ සහ ගිහි පින්වතුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක් සංවිධානය කර තිබේ.

මම දෙමළ තමයි.. ඒත් මම බුද්ධාගම වෙනුවෙන් කඩේ යනවා.. කිසිම කෙනෙකුට ඒක නතර කරන්න බැහැ.. - සුරේෂ් රාගවන්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්..

තරු තුනක් තිබෙන පොලිස් නිලධාරියෙක් අනුරාධපුරයේ දී භික්ෂූන්වහන්සේ නමකගේ සිවුර අඩක් ගලවා සිදුකළ අපහාසය සහ එම ස්ථානයේ දී සිදුවූ පහරදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් රාගවන් මහතා පවසන්නේ අනුරාධපුරයේ තවත් රජෙකු සිටි බවත් එයා කුමාර නොව එලාර බවත්, එලාරත් කළේද මෙවැනි දේ බවත් ය.

යෝජිත ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කරන්න.. - එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි..

රජය විසින් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන පරිදි සංශෝධනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

11 වැනිදා මිහින්තලේ කටු සෑය අබියසදී දැවැන්ත සත්‍යග්‍රහයක් සහ අධිෂ්ඨාන පූජාවක් අරඹනවා.. - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

සම්බුද්ධ ශාසනයට සහ බෞද්ධ උරුමයන්ට එරෙහිව මතුව ඇති විවිධ තර්ජන හා අභියෝගයන්ට විරෝධය පළ කරමින්, ලබන 11 වැනිදා මිහින්තලේ කටු සෑය අබියසදී දැවැන්ත සත්‍යග්‍රහයක් සහ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත" හි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය අවසන් කර ඇති අතර, එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නිවේදනය කළේය.

අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, සම්බුද්ධ ශාසනයට පැමිණෙන උවදුරුවලින් සම්බුද්ධ ශාසනය ආරක්ෂාකර ගැනීම සඳහා මේ මස 11 වැනි දින මිහින්තලය පුදබිමේ කටුසෑය අභියස දී මහා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇති බව බෞද්ධ මහා සම්මේලනය සඳහන් කරයි.

හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි

යේමනයේ හූති සටන්කාමීන් විසින් එල්ල කරන ලද මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරයකින් සෞදි අරාබියේ රාජ්‍ය සතු දැවැන්ත තෙල් සමාගමක් වන අරාම්කෝ (Aramco) සමාගමේ කාර්යාල පිහිටි දැවැන්ත උස් ගොඩනැගිල්ලකට හානි සිදුව තිබේ.

ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..

ගැටුම අවසන් කිරීම උදෙසා කෙරෙන සාකච්ඡා සාර්ථකව ඉදිරියට යන්නේ නම්, ඉරානය ඉලක්ක කරගනිමින් නැවත නව ප්‍රහාර එල්ල කිරීමේ ඉඩකඩක් නොමැති තරම් බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ, ලෝක වෙළෙඳපොළ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත.

කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..

පසුගියදා ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ කොළඹ නගරයේ මධ්‍යම ප්‍රදේශ ඇතුළු බොහෝ ස්ථාන ජලයෙන් යටවීම සහ නගරයේ පවතින පරිපාලනමය දුර්වලතා සම්බන්ධයෙන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් දැඩි කනස්සල්ලක් පළ කර තිබේ.

මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..

අනුරාධපුර පූජා භූමියට අත තැබුවහොත් වස් වදින බවත්, ඉතිහාසයේ එලාරවත් මෙසේ නොකළ බවත්, මෙම බුද්ධ භූමිට සංචාරක පුරවරයක් කිරීමට අවශ්‍ය නැති බවත් අනුරාධපුර පූජාභූමිය රැකගැනීම වෙනුවෙන් සත්‍යග්‍රයහක නිරත වී සිටින භික්ෂූන් වහන්සේලා පවසති.

භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාද දෙකක් ගැනීමට මැදිහත් වන්න.. - පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්..

සම්බුද්ධ ශාසනයට හා භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කඩිනම් පූර්ණ විවාද දෙකක් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..

ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පැවති අරගලය සහ විරෝධතා හමුවේ විදේශීය තානාපති කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන අනුගමනය කළ පියවර මෙන්ම, වත්මන් පාලනය යටතේ සිදු වන විරෝධතා සහ මර්දනකාරී පියවර සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප්‍රතිචාර අතර වෙනස සූක්ෂම දේශපාලනික හා භූ-දේශපාලනික විග්‍රහයකට ලක් කළ යුත්තකි. ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික අංශ සහ මානව හිමිකම් සංවිධානවල අතීත හා වර්තමාන හැසිරීම් සංසන්දනය කිරීමේදී පෙනී යන සමහර ප්‍රමුඛතා සහ ද්විත්ව ප්‍රමිතීන් පිළිබඳව දැඩි විවේචනාත්මක පදපරිසරයක් නිර්මාණය වී ඇත.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.