News Category
From Date
To Date
Maximum Number of Result

නීතිමය සදාචාරය අභියෝගයට ලක් කළ කෙහෙළියගේ විත්තිවාචිකය..

Nov 10, 2026 at 01:37 PM
|

අපේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බව රටේ රාළ දිගින් දිගටම කතා කළා.ඇත්තටම මේ අර්බුදය නිර්මාණය වෙන්නේ විමර්ශන ක්‍රියාවලියේ තිබෙන බරපතල අඩුපාඩු සහ හිඩැස් නිසයි.මේවා කිසිසේත්ම නොසලකා හරින්න පුළුවන් සුළු අඩුපාඩු නෙවෙයි.මොකද මේවා පුද්ගලයෙකුගේ ජීවිතය සහ නිදහස සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑම් කරන විමර්ශන.

පුද්ගලයෙක් නිදොස් කොට නිදහස් කරනවාද, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබනවාද, එහෙමත් නැත්නම් කොළ නැති ගහේ යනවාද කියන මේ සියල්ල තීරණය වෙන්නේ විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කරන කරුණු මත පදනම්ව ගොඩනැගෙන නඩු කටයුතුවලින්.විමර්ශනයකට පුළුවන් සියල්ල උඩු යටිකුරු කරන්න.හරි විමර්ශනයක් නොවුණොත් බොරුව ඇත්ත වෙන්නත්,ඇත්ත බොරුව වෙන්නත් ඉඩ තියෙනවා.

ඕනෑම පුරවැසියෙකුට එරෙහිව චෝදනාවක් එල්ල වුණාම අපක්ෂපාතී සහ ස්වාධීන විමර්ශනයක් ලැබීම ඔහුගේ මූලික අයිතිවාසිකමක්.හැබැයි කියන්න කනගාටුයි,අපේ රටේ ඇතැම් විමර්ශන ආයතනවල ක්‍රියාකලාපය දිහා බැලුවාම ඒ විශ්වාසය බරපතල ලෙස පළුදු වෙලා තියෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වගේ ආයතනවලින් ජනතාව බලාපොරොත්තු වෙන ස්වාධීනත්වය ඒ අයුරින්ම ඉටු වෙනවාද කියන ප්‍රශ්නය අද සමාජය ඉදිරියේ තියෙනවා.මේ ආයතන දේශපාලනීකරණය වෙලාද,පෞද්ගලික පලිගැනීම්වලට යොදා ගන්නවාද,එහෙමත් නැත්නම් විවිධ බලපෑම්වලට යටත් වෙලාද කියන සැකය මහජනතාව තුළ තදින්ම තියෙනවා.

ඒ විතරක් නෙවෙයි,නීතියේ සාධාරණත්වය ඉටු කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන නීති ක්ෂේත්‍රයේ ඇතැම් පාර්ශ්වයන්ගේ ක්‍රියාකලාපය ගැනත් සමාජයේ විවිධ විවේචන එල්ල වෙනවා.පවතින දේශපාලන අධිකාරියේ වුවමනාවන්ට නැමෙන බවටත්,පෞද්ගලික වරප්‍රසාද සහ උසස්වීම් වෙනුවෙන් ඇතැම් විමර්ශන මෙහෙයවෙන බවටත් සමාජය තුළ බරපතල කතිකාවතක් ගොඩනැගිලා තියෙනවා.

මේ වගේ අඩුපාඩු සහිත ක්‍රියාවලියකින් අවසානයේ සිද්ධ වෙන්නේ නීතිය කෙරෙහි තිබෙන මහජන විශ්වාසය බිඳ වැටීමයි.නීතියෙන් සාධාරණය ඉටු නොවන බවට හැඟීමක් ඇති වුණාම,මිනිස්සු නීතිය අතට ගන්න පෙළඹෙන භයානක තත්ත්වයක් නිර්මාණය වෙනවා.විවෘත අධිකරණයේ දැනට දිගහැරෙන ප්‍රමිතියෙන් තොර ඖෂධ සිද්ධියට අදාළ නඩු විභාගයේ සාක්ෂි දිහා බලන විටත් මේ විමර්ශන ක්‍රියාවලියේ තිබෙන ගැටලුකාරී තැන් ඉතාමත් හොඳින් පැහැදිලි වෙනවා.

විවෘත අධිකරණයේ මේ වන විට ඉදිරිපත් වී තිබෙන පැමිණිල්ලේ සාක්ෂි සහ විත්තියේ ප්‍රකාශ පදනම් කරගෙන අපට මේ තර්කය ගොඩනගන්න පුළුවන්.විශේෂයෙන්ම ඒ නඩුවේ 08 වැනි විත්තිකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් විත්ති කූඩුවේ සිට කරන ලද ප්‍රකාශය ඉතාමත් වැදගත්.

කෙහෙළිය විත්ති කූඩුවේ ඉඳන් ඉදිරිපත් කරපු ඒ කරුණු හරහා අපේ රටේ විමර්ශන යාන්ත්‍රණයේ සදාචාරාත්මක බව බරපතල අභියෝගයකට ලක් වෙලා තියෙනවා. "නීතිය ඉදිරියේ සියල්ලන්ම සමානයි" කියන මූලධර්මය සහ "ස්වාභාවික යුක්තියේ මූලධර්මය" නීති පොත්වලට පමණක් සීමා වෙලාද කියලා ප්‍රශ්න කරන තැනට ඒ විත්තිවාචිකය ප්‍රබල වෙලා තියෙනවා.

විවෘත අධිකරණයේ අනාවරණය වූ පැමිණිල්ලේ සාක්ෂිවලට අනුව,ආන්දෝලනාත්මක හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා තීරණ ගත් බව කියන රැස්වීමක් 2022 සැප්තැම්බර් 05 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙන බව සඳහන් වෙනවා.

හැබැයි,ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල වාර්තාවලට අනුව 2022 සැප්තැම්බර් 05 වැනිදා ඉඳන් 09 වැනිදා දක්වා භූතානයේ පාරෝ නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ 75 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහභාගි වෙලා තියෙනවා.

ඒ සමුළුවට භූතාන අග්‍රාමාත්‍ය ලොටේ ෂෙරිං, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් ඛේත්‍රපාල් සිං ඇතුළු කලාපයේ සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ කෙහෙළිය රඹුක්වැල්ල නිල ඡායාරූපවල පෙනී ඉන්නවා. සමුළුවේ නිල වාර්තාවේ 81 වැනි ඡේදයට අනුව මාලදිවයිනේ සෞඛ්‍ය අමාත්‍ය අහමඩ් නසීම් උප සභාපති ධුරයට යෝජනා කරලා තියෙන්නෙත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලයි.

ඒ වගේම කෙහෙළිය ඉන්දියාව හරහා භූතානයට ගිය බව ආගමන විගමන වාර්තා අනුවත් තහවුරු වන බව අධිකරණයේදී කියවුණා.මේ සමුළුවේ නිල ඡායාරූප ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවා මුදාහැරලා තිබුණා.එතකොට මතුවෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි,එදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබුණා කියන රැස්වීමේ හිටිය කෙහෙළිය කවුද කියන එකයි.

කෙහෙළිය ලංකාවේ නොසිටි බවට ජාත්‍යන්තර සාක්ෂි තිබියදීත්,කෙහෙළියගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා කියන ඒ රැස්වීමේ වාර්තා (Minutes) පවා අමාත්‍යාංශ ලිපිගොනුවල තියෙනවා.එතකොට කවුද මේ රැස්වීමට සහභාගි වුණේ?කවුද ඒ කෙහෙළිය.මෙතනදී තිබෙන ප්‍රශ්නය තමයි මේ පරස්පරය ඇති වුණේ කොහොමද කියන එක.

එක්කෝ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කෙහෙළියව බේරගන්න හිතාගෙන බොරුවට සමුළුවක් තිබ්බා කියලා ව්‍යාජ සමුළු වාර්තාවක් හදලා,ඡායාරූප සංස්කරණය (Edit) කරලා එවලා තියෙන්න ඕනි.

අපේ රටේ ඉඳන් කෙළින්ම භූතානයට ගුවන් ගමන් නෑ.ඉන්දියාවට ගිහින් තමයි භූතානයට යන්න ඕනි. එහෙනම් කෙහෙළියව බේරගන්න ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ භූතානයේ ආගමන විගමන දෙපාර්තමේන්තු එකතු වෙලා කෙහෙළිය භූතානයට ගිය බවට කූඨ ලේඛන හදලා තියෙන්න ඕනි.

එහෙමත් නැත්නම් මේ සියල්ලටම පිටතින් මෙහෙයවෙන අදෘශ්‍යමාන හස්තයක් අමාත්‍යාංශය ඇතුළේ ක්‍රියාත්මක වෙලා තියෙන්න ඕනි.ඒත් නැත්නම් අමාත්‍යාංශය ඇතුළේ වෙනත් අද්භූත බලවේගයක් ක්‍රියාත්මක වෙලා තියෙන්න ඕනි.ඒ කියන්නේ කෙහෙළියගේ භූත ආත්මයක්.

ඔය කාරණා තුනෙන් එකයිනේ වෙන්න පුළුවන්. මොකද මූලික විමර්ශන ගොනුවලට අනුව කෙහෙළිය එදා ලංකාවේ රැස්වීමකට සහභාගි වෙලා තියෙනවා.එහෙම බැලුවොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා පවා අභියෝගයට ලක් වෙනවා.

එහෙම නම් මේ සිද්ධියට අදාළව ලෝක සෞඛ්‍ය සංවිධානයටභූතානයේ හිටපු අගමැතිවරයාට වගේම ලංකාවේ,ඉන්දියාවේ සහ භූතානයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවලටත් එරෙහිව පරීක්ෂණ පවත්වන්න වෙනවා.

ඇත්තටම රටේ රාළ මේ වගේ තියුණු උපහාසයක් මතු කරන්නේ විමර්ශන සිදු කරන ආයතනවල වගකීම සහ නිරවද්‍යතාවය කොයිතරම් වැදගත්ද කියන එක පෙන්වන්නයි.රටේ රාළට ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ කෙහෙළිය රඹුක්වැල්ලවත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල වන ජෙනරාල් සුරේෂ් සලේවත්,එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුවේ බුද්ධි අංශ නිලධාරීන් 09 දෙනාවවත් පෞද්ගලිකව ආරක්ෂා කරන්න කිසිම වුවමනාවක් නෑ.

හැබැයි ඕනෑම පුද්ගලයෙකුට චෝදනා එල්ල කරන්න කලින්,අඩුම තරමින් පරස්පර විරෝධී නොවන,ස්වාධීන සහ නිවැරදි විමර්ශනයක් සිදු වෙන්න ඕනි නේද? එහෙම නැතිව අඩුපාඩු සහිත විමර්ශන මත පදනම්ව යුක්තිය පසිඳලීමට යාම "ස්වාභාවික යුක්තියේ මූලධර්මය" එක්ක කොයිතරම් දුරට ගැළපෙනවාද කියන ප්‍රශ්නය ඕනෑම බුද්ධිමත් පුරවැසියෙකුගේ හෘද සාක්ෂිය ඇතුළේ ඉතිරි වෙනවා.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට,

රටේ රාළ.


සම්බන්ධිත පුවත් | Related News

මේ ආණ්ඩුව කොළඹ වරායෙ නැගෙනහිර ජැටියෙ ප්‍රශ්ණයේදි ආපහු අපිව මුලටම අරගෙන යනවා.. බොහොම කණගාටුදායක තත්වයක්..
ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් කියන්නේ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ පියා ලෙස සැලකෙන භෞතික විද්‍යාවේ මහා දැවැන්තයෙක්. ඔහු 1918 වසරේ භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගත් අයෙක්. හැබැයි ප්ලාන්ක් කියන්නේ විශ්වයේ අතිශය විධිමත් නීති සහ රටා පිටුපස මහා පරම සත්‍යයක් හෙවත් දෙවියන් ඇතැයි විශ්වාස කළ දේව භක්තිකයෙක්. ඔහු Religion and Natural Science නමින් ආගම හා ස්වභාවික විද්‍යාව අතර සම්බන්ධය විග්‍රහ කරන කෘතියක් පවා රචනා කොට තිබෙනවා.
මේ ඔබ දකින්නේ මහියංගණ දාගැබ 1940ට පෙර පැවති විදිහයි. මිනිපේ දනව්වෙ මහියංගණ දාගැබ ප්‍රතිසංස්කරණය පිටුපස තිබෙන කතන්දරය ඔබ දන්නවාද? ඒකත් රුවන්වැලි සෑ ප්‍රතිසංස්කරණය වගේ රට පුරාම සැහැදැවතුන්ගෙන් සම්මාදම් කරගත් මුදලින් ගොඩ නැගූ දාගැබක්. හැබැයි මේ දාගැබ ප්‍රතිසංස්කරණය කිරීමේ රුවන්වැලි සෑය වගේ චෛත්‍යවර්ධන සමිතියේ තනි මතයට වැඩ කළේ නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උදව්ව ඉල්ලා සිටියා. මේ නිසා මහාචාර්ය සෙනරත් පරණවිතාන පැමිණ ධාතු ගර්භයේ කැණිම් කළ අතර අපූරු දේවල් සොයා ගැනීමට ඉඩ ලැබුණා.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පැවති අරගලය සහ විරෝධතා හමුවේ විදේශීය තානාපති කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන අනුගමනය කළ පියවර මෙන්ම, වත්මන් පාලනය යටතේ සිදු වන විරෝධතා සහ මර්දනකාරී පියවර සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප්‍රතිචාර අතර වෙනස සූක්ෂම දේශපාලනික හා භූ-දේශපාලනික විග්‍රහයකට ලක් කළ යුත්තකි. ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික අංශ සහ මානව හිමිකම් සංවිධානවල අතීත හා වර්තමාන හැසිරීම් සංසන්දනය කිරීමේදී පෙනී යන සමහර ප්‍රමුඛතා සහ ද්විත්ව ප්‍රමිතීන් පිළිබඳව දැඩි විවේචනාත්මක පදපරිසරයක් නිර්මාණය වී ඇත.
අද සර්පයා එහෙම නැත්තම් කේ. කේ. සමන් කුමාර කියලා ඊනියා ලේඛකයෙක් අල්ලාගෙන තිස්ස ජනනායකට විරුද්ධව දරුණු ප්‍රහාරයක් සමාජ මාධ්‍යවල දියත් වෙනවා. ඒකේ පසුබිම් කතාව හුඟක් අය දන්න නිසා ඒ ගැන නැවත විස්තර කළ යුතු නැහැ.
“විනයො නාම සාසනස්ස ආයු - විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති” කියන සංගීතිකාරක මහ රහතන් වහන්සේලාගේ වචනය අපි හැමෝම වගේ අහලා තියෙනවා. “විනය යනු ශාසනයේ ආයුෂයයි, විනය පවතින තාක් කල් ශාසනය පවතිනවා” කියන අර්ථය තමයි ඒ උතුම් වචනයේ තියෙන්නේ.
දිවාලි, එසේත් නැතිනම් ආලෝකයේ උත්සවය ලෙස හැඳින්වෙන මෙම පූජනීය උත්සවය විවිධ ආගම් සහ සංස්කෘතීන් අතර සමරනු ලබන්නේ වෙනස් වූ ඓතිහාසික, ආගමික සහ සෘතුමය හේතූන් පදනම් කරගෙනයි.
වර්තමානයේ ජපානය ආගමික සහජීවනය ඉහළින්ම පවතින රටක් ලෙස පෙනුනද, එහි ඉතිහාසය දෙස බැලීමේදී ආගම් සහ විවිධ ආගමික කල්ලි මුල් කරගත් දරුණු ලේ වැගිරීම් සහ ගැටුම් රැසක් සිදුවී ඇත. ජපන් ඉතිහාසය දෙස බැලීමේදී බුදු දහම නිරන්තරයෙන්ම විවිධ දේශපාලන බලපෑම්, විදේශීය ආගමික ආක්‍රමණයන් මෙන්ම දේශීය ජාතිකවාදී රැල්ලේ දැඩි මර්දනයන්ට ලක්වූ බව පැහැදිලි වේ. ජපානයේ ප්‍රධාන දේශීය ආගම වන ෂින්තෝ (Shinto) දහම සහ පසුව පැමිණි බුදු දහම මෙන්ම ක්‍රිස්තියානි ධර්මය අතරද විවිධ යුගවලදී මහා පරිමාණ යුද්ධ හටගත්තේය. ජපන් ඉතිහාසය උඩුයටිකුරු කළ ප්‍රධාන ආගමික ගැටුම් කිහිපයක් මෙසේය.
ඔබ දන්නවාද වත්මන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (Ceypetco) සභාපති තනතුරට පත්වීමට පෙර ඩී. ජේ. (ජනක) රාජකරුණා මහතා දැරූ ප්‍රධාන තනතුරු මොනවද කියල. එතුමා ඉන්ධන බෙදා හැරීම පිළිබඳව හසල දැනුම ඇත්තෙක්. එතුමා දැරුව තනතුරු මෙසේය:

ප්‍රධාන පුවත්

අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..

2022 වසරේ මෙරට ඇති වූ ‘අරගලය’ යනු උපායමාර්ගික පාලන තන්ත්‍ර වෙනසකට (Regime Change) එහා ගිය, විදේශීය බලපෑම් සහිත මෙහෙයුමක් බවත්, එම තත්ත්වය හමුවේ බටහිර හා ඉන්දීය සැලසුම් වෙනස් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට එවකට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළ බවත් ප්‍රවීණ මාධ්‍යවේදී ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතාගේ දිවයින පුවත්පතේ පළ වූ ලිපියක සඳහන් කරයි.

එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්‍රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණයෙන් ඩෙමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණ ලබා ගත්තද, එම පක්ෂය අභ්‍යන්තරයේ මෙන්ම ඉදිරි පාලන සමයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිබ්ලිකන් පාලනය හමුවේ සංකීර්ණ දේශපාලන හා ආර්ථික අභියෝග රැසක් නිර්මාණය වී ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..

බුද්ධ ශාසනයට සහ අපේ උතුම් බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ අභියෝග හා කෙනෙහිලිකම් හමුවේ තවදුරටත් නිහඬව බලා නොසිටින බව අවධාරණය කරමින්, සංඝරත්නයේ සහ ගිහි පින්වතුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක් සංවිධානය කර තිබේ.

මම දෙමළ තමයි.. ඒත් මම බුද්ධාගම වෙනුවෙන් කඩේ යනවා.. කිසිම කෙනෙකුට ඒක නතර කරන්න බැහැ.. - සුරේෂ් රාගවන්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්..

තරු තුනක් තිබෙන පොලිස් නිලධාරියෙක් අනුරාධපුරයේ දී භික්ෂූන්වහන්සේ නමකගේ සිවුර අඩක් ගලවා සිදුකළ අපහාසය සහ එම ස්ථානයේ දී සිදුවූ පහරදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් රාගවන් මහතා පවසන්නේ අනුරාධපුරයේ තවත් රජෙකු සිටි බවත් එයා කුමාර නොව එලාර බවත්, එලාරත් කළේද මෙවැනි දේ බවත් ය.

යෝජිත ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කරන්න.. - එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි..

රජය විසින් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන පරිදි සංශෝධනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

11 වැනිදා මිහින්තලේ කටු සෑය අබියසදී දැවැන්ත සත්‍යග්‍රහයක් සහ අධිෂ්ඨාන පූජාවක් අරඹනවා.. - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

සම්බුද්ධ ශාසනයට සහ බෞද්ධ උරුමයන්ට එරෙහිව මතුව ඇති විවිධ තර්ජන හා අභියෝගයන්ට විරෝධය පළ කරමින්, ලබන 11 වැනිදා මිහින්තලේ කටු සෑය අබියසදී දැවැන්ත සත්‍යග්‍රහයක් සහ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත" හි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය අවසන් කර ඇති අතර, එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නිවේදනය කළේය.

අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, සම්බුද්ධ ශාසනයට පැමිණෙන උවදුරුවලින් සම්බුද්ධ ශාසනය ආරක්ෂාකර ගැනීම සඳහා මේ මස 11 වැනි දින මිහින්තලය පුදබිමේ කටුසෑය අභියස දී මහා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇති බව බෞද්ධ මහා සම්මේලනය සඳහන් කරයි.

හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි

යේමනයේ හූති සටන්කාමීන් විසින් එල්ල කරන ලද මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරයකින් සෞදි අරාබියේ රාජ්‍ය සතු දැවැන්ත තෙල් සමාගමක් වන අරාම්කෝ (Aramco) සමාගමේ කාර්යාල පිහිටි දැවැන්ත උස් ගොඩනැගිල්ලකට හානි සිදුව තිබේ.

ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..

ගැටුම අවසන් කිරීම උදෙසා කෙරෙන සාකච්ඡා සාර්ථකව ඉදිරියට යන්නේ නම්, ඉරානය ඉලක්ක කරගනිමින් නැවත නව ප්‍රහාර එල්ල කිරීමේ ඉඩකඩක් නොමැති තරම් බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ, ලෝක වෙළෙඳපොළ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත.

කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..

පසුගියදා ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ කොළඹ නගරයේ මධ්‍යම ප්‍රදේශ ඇතුළු බොහෝ ස්ථාන ජලයෙන් යටවීම සහ නගරයේ පවතින පරිපාලනමය දුර්වලතා සම්බන්ධයෙන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් දැඩි කනස්සල්ලක් පළ කර තිබේ.

මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..

අනුරාධපුර පූජා භූමියට අත තැබුවහොත් වස් වදින බවත්, ඉතිහාසයේ එලාරවත් මෙසේ නොකළ බවත්, මෙම බුද්ධ භූමිට සංචාරක පුරවරයක් කිරීමට අවශ්‍ය නැති බවත් අනුරාධපුර පූජාභූමිය රැකගැනීම වෙනුවෙන් සත්‍යග්‍රයහක නිරත වී සිටින භික්ෂූන් වහන්සේලා පවසති.

භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාද දෙකක් ගැනීමට මැදිහත් වන්න.. - පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්..

සම්බුද්ධ ශාසනයට හා භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කඩිනම් පූර්ණ විවාද දෙකක් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..

ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පැවති අරගලය සහ විරෝධතා හමුවේ විදේශීය තානාපති කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන අනුගමනය කළ පියවර මෙන්ම, වත්මන් පාලනය යටතේ සිදු වන විරෝධතා සහ මර්දනකාරී පියවර සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප්‍රතිචාර අතර වෙනස සූක්ෂම දේශපාලනික හා භූ-දේශපාලනික විග්‍රහයකට ලක් කළ යුත්තකි. ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික අංශ සහ මානව හිමිකම් සංවිධානවල අතීත හා වර්තමාන හැසිරීම් සංසන්දනය කිරීමේදී පෙනී යන සමහර ප්‍රමුඛතා සහ ද්විත්ව ප්‍රමිතීන් පිළිබඳව දැඩි විවේචනාත්මක පදපරිසරයක් නිර්මාණය වී ඇත.

අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..

අනුරාධපුර පූජාභූමියට සහ එහි ඓතිහාසික පුරා විද්‍යාත්මක උරුමයට දැඩි හානියක් සිදුකිරීමේ අවදානමක් පවතින බවට චෝදනා කරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අදාළ ගැසට් පත්‍රය වහාම අකුලා ගන්නා ලෙස රජයට සහ බලධාරීන්ට අවධාරණය කර සිටියහ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.