News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුව ගේන්න මුල් වුන අයම වරායේ නැගෙනහිර ජැටිය ගැන කියන කතාව..

Nov 10, 2026 at 04:11 PM
|

(මේ ආණ්ඩුව ගේන්න මුල් වුන අයම වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධ  අනුරගේ කථාව එක්ක එරෙහි වීමක් පෙන්නනවා. පහළ සටහන ඒ සම්බන්ධවයි) 

මේ ආණ්ඩුව කොළඹ වරායෙ නැගෙනහිර ජැටියෙ ප්‍රශ්ණයේදි ආපහු අපිව මුලටම අරගෙන යනවා.. බොහොම කණගාටුදායක තත්වයක්..

මතක විදිහට 2008 දි විතර වෙන්න ඕනෑ.. මේ කොළඹ දකුණු සමස්ථ ව්‍යාපෘතිය පටන් ගන්න එහි දියකඩනය ඉදිකරන්න ආසියානු සංවර්ධන බැංකුව ලෝන් එක පාස් කරන්න දාපු කොන්දේසිවල තිබුනා මේ ව්‍යාපෘතියේ ඉදිවෙන පර්යන්ත තුනම පෞද්ගලික අංශයට දෙන්න ඕනෑ කියලා.. 

නමුත් එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සහ වරාය අධිකාරිය වෙනුවෙන් පෙනී හිටපු ප්‍රියාත්බන්දු වික්‍රමලා මේ කොන්දේසියට විරුද්ධව සාර්ථකව කරුණු ඉදිරිපත් කරලා එම පර්යන්ත තුනෙන් එකක් වරාය අධිකාරිය යටතේ තබා ගන්න හැකි ආකාරයට කොන්දේසිය වෙනස් කර ගත්තා.. ඒක එම රාජපක්ෂ පාලනය ප්‍රශංසාවට ලක් කරන්න ඕනෑ හේතුවක් කියලා වෙන කවුරුවත් නෙවෙයි වත්මන් ජනාධිපති අනුර දිසානායක පහුගිය නැගෙනහිර ජැටිය අරගලය කාලෙ පාර්ලිමේන්තුවේදිම කිව්වා.. මතකද දන්නෑ දැන්..

ඊට පස්සේ එකල රාජපක්ෂ පාලනය එම ව්‍යාපෘතිය යටතේ ඉදිවන පර්යන්ත තුනෙන් උපායමාර්ගිකව වටිනාම පර්යන්තය වන නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය යටතේ තබා ගන්න පියවර ගත්තා.. නැගෙනහිර ජැටිය උපායමාර්ගිකව සහ ආර්ථික ශක්‍යතාවයෙන් සෙසු පර්යන්තවලට වඩා ඉදිරියෙන් ඉන්නෙ එම පර්යන්තය සහ SAGT පර්යන්තය එකාබද්ධ කරලා ගොඩනැගිය හැකි එකවර ජැටියේ තුන් පැත්තක නැව් නවත්වන්න පුළුවන් කොළඹ වරායේ එකම බොක්ස් ටර්මිනල් එක බවට එම දැවැන්ත පර්යන්තය පත්වෙන නිසා..

මේ ආකාරයට නැව් විශාල ප්‍රමාණයක් එකවර මෙහෙයුම් කිරීමට හැකිවීම නිසා ප්‍රධාන මාර්ගයේ විශාල නෞකා (Mother Ships) සහ ප්‍රාදේශීය වශයෙන් බහාළුම් බෙදාහරින කුඩා පෝෂක නෞකා (Feeder Ships) මෙහෙයුම් සිද්ධ කරන්න මේ බොක්ස් ටර්මිනල් එකකට විශාල හැකියාවක් ලැබෙනවා.. ඒ නිසා නෞකා සමාගම්වලට විශාල නැව් එක පර්යන්තයකත් කුඩා ෆීඩර් නැව් තවත් පර්යන්තයකත් මෙහෙයුම් කිරීමට සිදුවීමේදී දැරිය යුතු Inter Terminal Transit (ITT) නැත්නම් අන්තර් පර්යන්ත බහාළුම් හුවමාරු වියදම් බොහෝ දුරට කපා හැරීමට අවස්ථාව ලැබෙනවා.. ඒක තමයි මේ බොක්ස් ටර්මිනල් කන්සෙප්ට් එකේ නෞකා සමාගම්වලට තියෙන ප්‍රධාන මූල්‍ය වාසිය..

සිංගප්පූරුව අද තනිකරම මැච් එක ගහන්නෙ මේ බොක්ස් ටර්මිනල් කන්සෙප්ට් එකෙන්.. ඔවුන් සතුව Pasir Panjang වරායේ අතිවිශාල බොක්ස් ටර්මිනල් දෙකක් තිබුණා.. දැන් ඔවුන් තවත් දැවැන්ත බොක්ස් ටර්මිනල් දෙකක් ඔවුන්ගේ නවතම Tuas වරායේ සංවර්ධනය කරමින් ඉන්නවා.. ඒ නිසා එම කලාපයේ සෙසු වරායවලට සිංගප්පූරුව සමඟ තරඟකිරීම පහසු නෑ.. අපේ කොළඹටත් එවැනි පර්යන්තයක් ලැබීම භාග්‍යයක්..

නමුත් කණගාටුවට මේ ආණ්ඩුවට වරාය සම්බන්ධයෙන් එහෙම තිරසාර දැක්මක් තියෙනවා කියලා පෙනෙන්න නම් නෑ.. ඔවුන්ට මේ කොළඹ බොක්ස් ටර්මිනල් එක හැකි ඉක්මනින් ස්ථාපිත කරන්න ඕනෑ කියන එක ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ ප්‍රමූඛව නැති බව පේන්නෙ.. කොටින්ම කොළඹ වරායෙ මොනවද වෙන්න ඕනෑ කියන එක ඔවුන් කොම්පැණි කිහිපයකට පවරලා ඒ එන ඩීල් තෝරන වෙන්දේසි බ්‍රෝකර්ලා වගේ හැසිරෙමින් ඉන්න ආකාරයක් තමයි පෙනෙන්න තියෙන්නෙ..

අර කලිනුත් කිව්වා වගේ කොළඹ වරායේ වටිනාම පර්යන්තය වෙන නැගෙනහිර ජැටිය අත්පත් කරගන්න ඉන්දියාවෙ අදානි සමාගම සහ ඔවුන්ගේ දේශීය ඒජන්තයා වගේම වර්තමානයේ SAGT පර්යන්තයේ ප්‍රධාන කොටස්කරු ජෝන් කීල්ස් සමාගම ඒකාබද්ධව ඉන්දියානු රජයේ රාජතාන්ත්‍රික මැදිහත්වීමක් පවා යොදවලා ලංකාවෙ කලින් තිබුණු ආණ්ඩුවලට දැඩි බලපෑමක් කරේ ඔවුන් මේ පර්යන්තයේ ඇති විශේෂිත වාසිය නිසාම තමයි.. තමන්ගේ අතේ දැනටම තියෙන SAGT එක සහ ECT එක යාකරලා බොක්ස් ටර්මිනල් එක හදා ගන්න එක තමයි එම පාර්ශවයේ අරමුණ උනේ..

නමුත් ලංකාවෙ සියළු ප්‍රගතිශීලි බලවේග පක්ෂ පාට භේද නැතුව ඒකාබද්ධව ඒ උත්සහය පරාජය කලා.. නමුත් මෙි ආණ්ඩුව බන්දේසියේම තියලා ඒ ජය පාවා දෙන්න යනවා වගේ තමයි ජනාධිපතිවරයාගේ කතාවෙන් අපිට අවබෝධ වෙන්නෙ..

මේ බොක්ස් ටර්මිනල් කන්සෙප්ට් එක කොළඹදි යතාර්ථයක් වෙන්න නම් 2030 වෙනකොට ඒ පර්යන්ත දෙකම එකම පාර්ශවයක් අතට යන්න ඕනෑ.. ඒ වරාය අධිකාරිය නොවේ නම් ඒ පාර්ශවය කවුද..? 

2030 දි ගිවිසුම් කාලය සම්පූර්ණ වීමෙන් පසු SAGT පර්යන්තය වරාය අධිකාරිය භාරයට නැවත පත් නොවේ නම් එහි හිමිකාරිත්වය දිගටම තියෙන්නෙ ජෝන් කීල්ස් පාර්ශවයට.. එතකොට මිලියන 3ක වාර්ශික බහාළුම් හැසිරවීමේ ධාරිතාව තියෙන ECT එකේ 20%කින් ඒ මිලියන 3ම කරන්න අධිකාරියට හයියක් නැති නිසා එහෙම කරන්න ජනාධිපතිවරයා ගේන්න කතා කරන අරුම පුදුම ආයෝජකයා ජෝන් කීල්ස්ලද නැත්නම් එයාලගෙ පාට්නර් අදානිද එහෙමත් නැත්නම් වෙන කෙනෙක්ද..? 

වෙන බාහිර කෙනෙක් නම් බොක්ස් ටර්මිනල් කන්සෙප්ට් එක එතනින්ම තව දශක ගණනාවකට ලෙෆ්ට් නේද..? 

අනිත් පැත්තෙන් තමන්ට අත්කර ගන්නට බැරි නම්, බටහිර ජැටිය හිමි අදානිලාට ⁣සහ ජෝන් කීල්ස්ලාට තමන්ගේ තරගකරුවෙක් වෙන නැගෙනහිර ජැටියේ හැදෙන බොක්ස් ටර්මිනල් එක ලෙෆ්ට් වෙන එක ජයක් නොවෙයිද.. ඒක ලෙෆ්ට් කරන්නම තම ධන බලයෙන් SAGT එක ⁣නැවත අධිකාරියට නොදී ඉන්න ජෝන් කීල්ස්ලා උපරිම උත්සහය නොගෙන ඉදීද..?

ඒ උත්සහයට හසු නොවී ඉන්න තරම් මේ ආණ්ඩුවට කොළඹ වරාය සම්බන්ධයෙන් දැක්මක් හෝ වැඩපිළිවෙළක් කාට හෝ පෙනෙන්න තිබේද..?

පුළුවන් නම් ආණ්ඩුවේ කවුරු⁣ හෝ වගකිව යුත්තෙක් මේවට තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරන්න.. විවෘත අභියෝගයක්.. 

වරාය ඇමතිකම දීලා පසුව ඒක බිමල් රත්නායකගෙන් ගලවන කොටම මට අමුත්තක් දැණුනා.. කසකාරයා ලෙස ජනාධිපතිම පදනම් විරහිත හේතු කියමින් මේවා දීලා මොකද්ද පරිවර්තනයක් කරන්න ඕනෑ කියන එකෙන් පෙරහැර ගැන හිතාගන්න මට නම් තියෙන්නෙ දෙවිදියයි..

එකක්.. ගෙඩිය පිටින් බන්දේසියේ තියලා මේ පර්යන්ත දෙකම අදානි ජෝන් කීල්ස් හවුලට දීලා අපිට පස්ස පැත්ත පෙන්නන එක..

නැත්නම් එන ලොකුම ඩීල් එකක් බලලා එක කෑල්ලක් වෙන එකෙකුට අනික ජෝන් කීල්ස්ලටම දීලා කොළඹ වරායෙ බොක්ස් ටර්මිනල් එක තව දශක ගණනාවකට ලෙෆ්ට් කරන එක.. 

ඔය දෙකෙන් කොයික උනත් අදානි මැතිඳුලා කොළඹදි දිණුම්.. ඒක ෂුවර්..

මෙිවා කියන්නෙ වෙන්න යනවා කියලා පේන දේ බකංනිලං ඉන්න බැරි නිසා.. 

ඇත්තටම මේවා දිහා දැක්කම ඇති වෙන්නෙ තරහක් නෙවෙයි දුකක්.. මේ ආණ්ඩුව ආපු ගමන් පළමු බීමෙදි මම මිත්‍රයන්ට කිව්වෙ මොනවා නැතත් වරායෙ වැඩේ මෙයාලා ගොඩදාවි කියලා.. ඔය ගොඩදා ගෙන එනවා වගේ පේන්නෙ..

Wishwa Chinthana  (Copied )

(Nuwan Monaravila ගේ මුහුණු පොතින්)

සම්බන්ධිත පුවත් | Related News

ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් කියන්නේ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ පියා ලෙස සැලකෙන භෞතික විද්‍යාවේ මහා දැවැන්තයෙක්. ඔහු 1918 වසරේ භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගත් අයෙක්. හැබැයි ප්ලාන්ක් කියන්නේ විශ්වයේ අතිශය විධිමත් නීති සහ රටා පිටුපස මහා පරම සත්‍යයක් හෙවත් දෙවියන් ඇතැයි විශ්වාස කළ දේව භක්තිකයෙක්. ඔහු Religion and Natural Science නමින් ආගම හා ස්වභාවික විද්‍යාව අතර සම්බන්ධය විග්‍රහ කරන කෘතියක් පවා රචනා කොට තිබෙනවා.
අපේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බව රටේ රාළ දිගින් දිගටම කතා කළා.ඇත්තටම මේ අර්බුදය නිර්මාණය වෙන්නේ විමර්ශන ක්‍රියාවලියේ තිබෙන බරපතල අඩුපාඩු සහ හිඩැස් නිසයි.මේවා කිසිසේත්ම නොසලකා හරින්න පුළුවන් සුළු අඩුපාඩු නෙවෙයි.මොකද මේවා පුද්ගලයෙකුගේ ජීවිතය සහ නිදහස සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑම් කරන විමර්ශන.
මේ ඔබ දකින්නේ මහියංගණ දාගැබ 1940ට පෙර පැවති විදිහයි. මිනිපේ දනව්වෙ මහියංගණ දාගැබ ප්‍රතිසංස්කරණය පිටුපස තිබෙන කතන්දරය ඔබ දන්නවාද? ඒකත් රුවන්වැලි සෑ ප්‍රතිසංස්කරණය වගේ රට පුරාම සැහැදැවතුන්ගෙන් සම්මාදම් කරගත් මුදලින් ගොඩ නැගූ දාගැබක්. හැබැයි මේ දාගැබ ප්‍රතිසංස්කරණය කිරීමේ රුවන්වැලි සෑය වගේ චෛත්‍යවර්ධන සමිතියේ තනි මතයට වැඩ කළේ නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උදව්ව ඉල්ලා සිටියා. මේ නිසා මහාචාර්ය සෙනරත් පරණවිතාන පැමිණ ධාතු ගර්භයේ කැණිම් කළ අතර අපූරු දේවල් සොයා ගැනීමට ඉඩ ලැබුණා.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පැවති අරගලය සහ විරෝධතා හමුවේ විදේශීය තානාපති කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන අනුගමනය කළ පියවර මෙන්ම, වත්මන් පාලනය යටතේ සිදු වන විරෝධතා සහ මර්දනකාරී පියවර සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප්‍රතිචාර අතර වෙනස සූක්ෂම දේශපාලනික හා භූ-දේශපාලනික විග්‍රහයකට ලක් කළ යුත්තකි. ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික අංශ සහ මානව හිමිකම් සංවිධානවල අතීත හා වර්තමාන හැසිරීම් සංසන්දනය කිරීමේදී පෙනී යන සමහර ප්‍රමුඛතා සහ ද්විත්ව ප්‍රමිතීන් පිළිබඳව දැඩි විවේචනාත්මක පදපරිසරයක් නිර්මාණය වී ඇත.
අද සර්පයා එහෙම නැත්තම් කේ. කේ. සමන් කුමාර කියලා ඊනියා ලේඛකයෙක් අල්ලාගෙන තිස්ස ජනනායකට විරුද්ධව දරුණු ප්‍රහාරයක් සමාජ මාධ්‍යවල දියත් වෙනවා. ඒකේ පසුබිම් කතාව හුඟක් අය දන්න නිසා ඒ ගැන නැවත විස්තර කළ යුතු නැහැ.
“විනයො නාම සාසනස්ස ආයු - විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති” කියන සංගීතිකාරක මහ රහතන් වහන්සේලාගේ වචනය අපි හැමෝම වගේ අහලා තියෙනවා. “විනය යනු ශාසනයේ ආයුෂයයි, විනය පවතින තාක් කල් ශාසනය පවතිනවා” කියන අර්ථය තමයි ඒ උතුම් වචනයේ තියෙන්නේ.
දිවාලි, එසේත් නැතිනම් ආලෝකයේ උත්සවය ලෙස හැඳින්වෙන මෙම පූජනීය උත්සවය විවිධ ආගම් සහ සංස්කෘතීන් අතර සමරනු ලබන්නේ වෙනස් වූ ඓතිහාසික, ආගමික සහ සෘතුමය හේතූන් පදනම් කරගෙනයි.
වර්තමානයේ ජපානය ආගමික සහජීවනය ඉහළින්ම පවතින රටක් ලෙස පෙනුනද, එහි ඉතිහාසය දෙස බැලීමේදී ආගම් සහ විවිධ ආගමික කල්ලි මුල් කරගත් දරුණු ලේ වැගිරීම් සහ ගැටුම් රැසක් සිදුවී ඇත. ජපන් ඉතිහාසය දෙස බැලීමේදී බුදු දහම නිරන්තරයෙන්ම විවිධ දේශපාලන බලපෑම්, විදේශීය ආගමික ආක්‍රමණයන් මෙන්ම දේශීය ජාතිකවාදී රැල්ලේ දැඩි මර්දනයන්ට ලක්වූ බව පැහැදිලි වේ. ජපානයේ ප්‍රධාන දේශීය ආගම වන ෂින්තෝ (Shinto) දහම සහ පසුව පැමිණි බුදු දහම මෙන්ම ක්‍රිස්තියානි ධර්මය අතරද විවිධ යුගවලදී මහා පරිමාණ යුද්ධ හටගත්තේය. ජපන් ඉතිහාසය උඩුයටිකුරු කළ ප්‍රධාන ආගමික ගැටුම් කිහිපයක් මෙසේය.
ඔබ දන්නවාද වත්මන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (Ceypetco) සභාපති තනතුරට පත්වීමට පෙර ඩී. ජේ. (ජනක) රාජකරුණා මහතා දැරූ ප්‍රධාන තනතුරු මොනවද කියල. එතුමා ඉන්ධන බෙදා හැරීම පිළිබඳව හසල දැනුම ඇත්තෙක්. එතුමා දැරුව තනතුරු මෙසේය:

ප්‍රධාන පුවත්

අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..

2022 වසරේ මෙරට ඇති වූ ‘අරගලය’ යනු උපායමාර්ගික පාලන තන්ත්‍ර වෙනසකට (Regime Change) එහා ගිය, විදේශීය බලපෑම් සහිත මෙහෙයුමක් බවත්, එම තත්ත්වය හමුවේ බටහිර හා ඉන්දීය සැලසුම් වෙනස් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට එවකට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළ බවත් ප්‍රවීණ මාධ්‍යවේදී ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතාගේ දිවයින පුවත්පතේ පළ වූ ලිපියක සඳහන් කරයි.

එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්‍රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණයෙන් ඩෙමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණ ලබා ගත්තද, එම පක්ෂය අභ්‍යන්තරයේ මෙන්ම ඉදිරි පාලන සමයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිබ්ලිකන් පාලනය හමුවේ සංකීර්ණ දේශපාලන හා ආර්ථික අභියෝග රැසක් නිර්මාණය වී ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..

බුද්ධ ශාසනයට සහ අපේ උතුම් බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ අභියෝග හා කෙනෙහිලිකම් හමුවේ තවදුරටත් නිහඬව බලා නොසිටින බව අවධාරණය කරමින්, සංඝරත්නයේ සහ ගිහි පින්වතුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක් සංවිධානය කර තිබේ.

මම දෙමළ තමයි.. ඒත් මම බුද්ධාගම වෙනුවෙන් කඩේ යනවා.. කිසිම කෙනෙකුට ඒක නතර කරන්න බැහැ.. - සුරේෂ් රාගවන්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්..

තරු තුනක් තිබෙන පොලිස් නිලධාරියෙක් අනුරාධපුරයේ දී භික්ෂූන්වහන්සේ නමකගේ සිවුර අඩක් ගලවා සිදුකළ අපහාසය සහ එම ස්ථානයේ දී සිදුවූ පහරදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් රාගවන් මහතා පවසන්නේ අනුරාධපුරයේ තවත් රජෙකු සිටි බවත් එයා කුමාර නොව එලාර බවත්, එලාරත් කළේද මෙවැනි දේ බවත් ය.

යෝජිත ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කරන්න.. - එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි..

රජය විසින් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන පරිදි සංශෝධනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

11 වැනිදා මිහින්තලේ කටු සෑය අබියසදී දැවැන්ත සත්‍යග්‍රහයක් සහ අධිෂ්ඨාන පූජාවක් අරඹනවා.. - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

සම්බුද්ධ ශාසනයට සහ බෞද්ධ උරුමයන්ට එරෙහිව මතුව ඇති විවිධ තර්ජන හා අභියෝගයන්ට විරෝධය පළ කරමින්, ලබන 11 වැනිදා මිහින්තලේ කටු සෑය අබියසදී දැවැන්ත සත්‍යග්‍රහයක් සහ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත" හි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය අවසන් කර ඇති අතර, එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නිවේදනය කළේය.

අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, සම්බුද්ධ ශාසනයට පැමිණෙන උවදුරුවලින් සම්බුද්ධ ශාසනය ආරක්ෂාකර ගැනීම සඳහා මේ මස 11 වැනි දින මිහින්තලය පුදබිමේ කටුසෑය අභියස දී මහා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇති බව බෞද්ධ මහා සම්මේලනය සඳහන් කරයි.

හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි

යේමනයේ හූති සටන්කාමීන් විසින් එල්ල කරන ලද මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරයකින් සෞදි අරාබියේ රාජ්‍ය සතු දැවැන්ත තෙල් සමාගමක් වන අරාම්කෝ (Aramco) සමාගමේ කාර්යාල පිහිටි දැවැන්ත උස් ගොඩනැගිල්ලකට හානි සිදුව තිබේ.

ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..

ගැටුම අවසන් කිරීම උදෙසා කෙරෙන සාකච්ඡා සාර්ථකව ඉදිරියට යන්නේ නම්, ඉරානය ඉලක්ක කරගනිමින් නැවත නව ප්‍රහාර එල්ල කිරීමේ ඉඩකඩක් නොමැති තරම් බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ, ලෝක වෙළෙඳපොළ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත.

කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..

පසුගියදා ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ කොළඹ නගරයේ මධ්‍යම ප්‍රදේශ ඇතුළු බොහෝ ස්ථාන ජලයෙන් යටවීම සහ නගරයේ පවතින පරිපාලනමය දුර්වලතා සම්බන්ධයෙන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් දැඩි කනස්සල්ලක් පළ කර තිබේ.

මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..

අනුරාධපුර පූජා භූමියට අත තැබුවහොත් වස් වදින බවත්, ඉතිහාසයේ එලාරවත් මෙසේ නොකළ බවත්, මෙම බුද්ධ භූමිට සංචාරක පුරවරයක් කිරීමට අවශ්‍ය නැති බවත් අනුරාධපුර පූජාභූමිය රැකගැනීම වෙනුවෙන් සත්‍යග්‍රයහක නිරත වී සිටින භික්ෂූන් වහන්සේලා පවසති.

භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාද දෙකක් ගැනීමට මැදිහත් වන්න.. - පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්..

සම්බුද්ධ ශාසනයට හා භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කඩිනම් පූර්ණ විවාද දෙකක් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..

ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පැවති අරගලය සහ විරෝධතා හමුවේ විදේශීය තානාපති කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන අනුගමනය කළ පියවර මෙන්ම, වත්මන් පාලනය යටතේ සිදු වන විරෝධතා සහ මර්දනකාරී පියවර සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප්‍රතිචාර අතර වෙනස සූක්ෂම දේශපාලනික හා භූ-දේශපාලනික විග්‍රහයකට ලක් කළ යුත්තකි. ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික අංශ සහ මානව හිමිකම් සංවිධානවල අතීත හා වර්තමාන හැසිරීම් සංසන්දනය කිරීමේදී පෙනී යන සමහර ප්‍රමුඛතා සහ ද්විත්ව ප්‍රමිතීන් පිළිබඳව දැඩි විවේචනාත්මක පදපරිසරයක් නිර්මාණය වී ඇත.

අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..

අනුරාධපුර පූජාභූමියට සහ එහි ඓතිහාසික පුරා විද්‍යාත්මක උරුමයට දැඩි හානියක් සිදුකිරීමේ අවදානමක් පවතින බවට චෝදනා කරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අදාළ ගැසට් පත්‍රය වහාම අකුලා ගන්නා ලෙස රජයට සහ බලධාරීන්ට අවධාරණය කර සිටියහ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.