අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..
2022 වසරේ මෙරට ඇති වූ ‘අරගලය’ යනු උපායමාර්ගික පාලන තන්ත්‍ර වෙනසකට (Regime Change) එහා ගිය, විදේශීය බලපෑම් සහිත මෙහෙයුමක් බවත්, එම තත්ත්වය හමුවේ බටහිර හා ඉන්දීය සැලසුම් වෙනස් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට එවකට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළ බවත් ප්‍රවීණ මාධ්‍යවේදී ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා විසින් ලියන ලද දිවයින පුවත්පතේ පළ වූ ලිපියක සඳහන් කරයි.
අතිපූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රකාශයක් පදනම් කරගනිමින් එම පුවත්පත් වාර්තාව මඟින් පෙන්වා දෙන්නේ, 2022 ජූලි 13 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහකිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක වූ අවස්ථාවේදී කථානායක නිල නිවසේදී ආන්දෝලනාත්මක හමුවීම් කිහිපයක් සිදු වූ බවයි.
ඒ අනුව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay) ඇතුළු පිරිසක් සහ කතෝලික පියතුමන්ලා කිහිපදෙනෙකු කථානායකවරයා මුණගැසී ඇති අතර, එහිදී මෙරට බල හුවමාරුව සම්බන්ධයෙන් ඉන්දීය සහ අමෙරිකානු රාජ්‍ය යාන්ත්‍රණයන්හි බලපෑම් එල්ල වී තිබේ.
කෙසේ වෙතත්, එවකට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ක්‍රියාත්මක වූ ආකාරය නිසා බටහිර හා ඉන්දීය පාර්ශ්වයන් අපේක්ෂා කළ සැලසුම් වෙනස් වූ අතර, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමට අවශ්‍ය වටපිටාව සකස් විය.
එමෙන්ම, මෙම අරගල සමයේදී ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය (ජාජබ) වෙත ද විවිධ අවස්ථා සහ බලපෑම් එල්ල වූ බව සඳහන් කරන එම වාර්තාව, විදේශීය බලපෑම් හමුවේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වූ පොරොන්දු සහ ඒ පිටුපස ඇති සැබෑ අරමුණු පිළිබඳව තවදුරටත් පුළුල් ලෙස කරුණු හෙළිදරව් විය යුතු බව අවධාරණය කරයි.
දිවයින පුවත්පතේ පළවූ ලිපිය පහතින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..
එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්‍රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..
මම දෙමළ තමයි.. ඒත් මම බුද්ධාගම වෙනුවෙන් කඩේ යනවා.. කිසිම කෙනෙකුට ඒක නතර කරන්න බැහැ.. - සුරේෂ් රාගවන්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
යෝජිත ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කරන්න.. - එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි..
11 වැනිදා මිහින්තලේ කටු සෑය අබියසදී දැවැන්ත සත්‍යග්‍රහයක් සහ අධිෂ්ඨාන පූජාවක් අරඹනවා.. - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..
අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..
හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි
ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..
කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..
භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාද දෙකක් ගැනීමට මැදිහත් වන්න.. - පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්..
ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..
මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..
අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..