සිරසට දුන් රුපියල් මිලියන 104.6ක මුදල රාජ්‍ය අරමුදල් තමයි.. - අලි සබ්‍රි හෙළිකරන කතාව..
ආසියානු විකාශන සංගමයේ 63 වැනි මහා සමුළුවේ සත්කාරකත්වය වෙනුවෙන් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන සිරස නාලිකාවට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල්වලින් රුපියල් මිලියන 104.6ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන වැඩසටහනකට එක්වෙමින් විශේෂ අදහස් දක්වා තිබේ.
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය යනු පාර්ලිමේන්තු නීතියක් යටතේ ස්ථාපිත කළ රජයේ ආයතනයක් වන බැවින් එහි පවතින අරමුදල් අනිවාර්යයෙන්ම රාජ්‍ය අරමුදල් ලෙස සැලකිය යුතු බව ඔහු අවධාරණය කළේය.
මෙම මුදල් මහා භාණ්ඩාගාරයේ සෘජු බදු මුදල් නොවන බවත්, සංචාරක ගාස්තු හා හෝටල් ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායමෙන් සමන්විත බැවින් ඒවා යෙදවීමට හැකියාව ඇති බවත් කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස සහ අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත්, මුදලක් භාණ්ඩාගාරයෙන් සෘජුව ලැබී නැතැයි යන කාරණය නිසා පමණක් එය රජයේ මුදල් නොවන තත්ත්වයට පත් නොවන බව අලි සබ්‍රි මහතා පෙන්වා දුන්නේය.
මීට පෙර බැසිල් රාජපක්ෂට එරෙහිව සංචාරක ප්‍රවර්ධන අරමුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීම සහ ශ්‍රීලන්කන් කේටරින් ආයතනයේ ගිණුමක පැවති මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ප්‍රියංකර ජයරත්නට වසර හතක සිරදඬුවම් ලබාදීම මෙන්ම ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව ආයෝජන මණ්ඩලයේ අරමුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා වැනි සිදුවීම් ඔහු මෙහිදී උදාහරණ ලෙස පෙන්වා දුන්නේය.
එමෙන්ම සත්ත්වෝද්‍යානයේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන මුදල් වැනි රාජ්‍ය ආයතන සතු ඕනෑම ආදායමක් පරිහරණය කිරීමේදී විනිවිදභාවය සහ මූල්‍ය පාලන නියාමන අත්‍යවශ්‍ය වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම රුපියල් මිලියන 104.6ක මුදල සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් ජාත්‍යන්තර රූපවාහිනී නාලිකා ඔස්සේ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 350ක අයවැය ශීර්ෂයෙන්, දේශීය මාධ්‍ය අයවැය යටතට මාරු කර ලබාගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
සාමාන්‍යයෙන් රාජ්‍ය මුදල් යොදාගෙන මෙවැනි සේවාවක් සඳහා ගෙවීමක් සිදුකරන විට යෝජනා කැඳවීම, තරගකාරී ආයතනවලින් මිල ගණන් හෝ ලංසු ලබාගැනීම සහ ඒවා ඇගයීම සඳහා කමිටුවක් පත් කර නිර්දේශ ලබාගැනීම වැනි නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය.
කෙසේවෙතත්, අදාළ ලේඛන තමන් අධ්‍යයනය කර නොමැති බැවින් මෙම ගනුදෙනුවේදී එවැනි ටෙන්ඩර් කැඳවීමක් හෝ තරගකාරී යෝජනා ලබාගැනීමක් සිදුකර ඇත්ද යන්න නිශ්චිතව පැවසිය නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය. එසේම, මෙවැනි විශාල වියදමක් දැරීමේදී කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණ හා නිර්දේශ ලබාගැනීම වැදගත් වන බවත්, ව්‍යාපෘතියෙන් රජයට ලැබෙන ප්‍රතිලාභ හා සාධාරණත්වය පැහැදිලි විය යුතු බවත් ඔහු පැවසීය.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මෙම සමුළුව එක් පෞද්ගලික නාලිකාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා නොව ජාත්‍යන්තර මාධ්‍ය ජාල ඔස්සේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ලෝකයට හඳුන්වාදීම සඳහා ලැබුණු අවස්ථාවක් බවට ප්‍රකාශ කර තිබුණි.
තුර්කියේ ඉස්තාන්බුල් නුවර 2024 ඔක්තෝබර් 20 වැනිදා පැවති ආසියානු විකාශන සංගමයේ පරිපාලන කවුන්සිල රැස්වීමේදී මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර ඇති අතර, එහි සත්කාරකත්වය MTV Channel (Pvt) Ltd ආයතනයට හිමිවී තිබුණි.
ඒ අනුව ආසියා පැසිෆික් කලාපයේ විකාශන ආයතන රැසක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් 2026 ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 03 වැනිදා දක්වා මෙම සමුළුව ශ්‍රී ලංකාවේදී පවත්වන ලදී. කෙසේ වෙතත්, මෙම සමුළුවේ සත්කාරකත්වය වෙනුවෙන් රාජ්‍ය ආයතනයක අරමුදල් යොදාගැනීම සහ ඊට අදාළව අපේක්ෂිත ප්‍රතිලාභ නිසි ලෙස ඇගයීමට ලක්කර තිබේද යන්න සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් මෙන්ම ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිරසට දුන් රුපියල් මිලියන 104.6ක මුදල රාජ්‍ය අරමුදල් තමයි.. - අලි සබ්‍රි හෙළිකරන කතාව..
කොළඹ යට වුනාට බිල්ලට දෙන්නේ බැල්තසාර්ව ද?.. බිමල්ගේ අමාත්‍යංශය ගංවතුරෙන් බේරුනාද?
අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..
එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්‍රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..
මම දෙමළ තමයි.. ඒත් මම බුද්ධාගම වෙනුවෙන් කඩේ යනවා.. කිසිම කෙනෙකුට ඒක නතර කරන්න බැහැ.. - සුරේෂ් රාගවන්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
යෝජිත ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කරන්න.. - එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි..
11 වැනිදා මිහින්තලේ කටු සෑය අබියසදී දැවැන්ත සත්‍යග්‍රහයක් සහ අධිෂ්ඨාන පූජාවක් අරඹනවා.. - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..
අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..
හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි
ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..
කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..
භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාද දෙකක් ගැනීමට මැදිහත් වන්න.. - පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්..
ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..