අනුරාධපුර පූජා නගරය ගැන ගැසට් නිවේදනය නිකුත් වෙනකොට බෞද්ධ කියන වචනය හළනවා.. ගැසට් එකේ වක්‍රව කියන දේවල් අතිශය භයංකාරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අනුරාධපුර පූජා භූමි සංවර්ධන ක්‍රියාවලිය සඳහා නිකුත් කර ඇති නව ගැසට් නිවේදනය හරහා රටට සහ බුද්ධ ශාසනයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී බරපතළ අනාවරණයක් සිදු කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ යුනෙස්කෝ සංවිධානය අනුරාධපුර පූජා නගරය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේදී "බෞද්ධ පූජා නගරයක්" ලෙස සඳහන් කර තිබුණද, මෙම නව ගැසට් නිවේදනය තුළින් එම මූලධර්මවලට පටහැනිව කටයුතු කර ඇති බවයි. එමෙන්ම ඓතිහාසික චෛත්‍ය නිර්මාණ සම්ප්‍රදායන්ට සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා සම්මුතීන්ට එනම් වෙනිස් ප්‍රඥාප්තියට පටහැනි ලෙස රුවන්වැලි සෑය වටා වැටවල් ඉදිකිරීම වැනි අනුමත කළ නොහැකි කරුණු මෙම සැලසුම්වලට ඇතුළත් කර තිබෙන බවද හෙළි කළේය.
භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, "මේකේ අකුරක්වත් වෙනස් කරන්නේ නැහැ, එහෙම වෙනස් කරන්න වුනොත් මම රස්සාව දාලා යනවා" යැයි ප්‍රකාශ කිරීම තුළින් නිලධාරීන්ගේ ඒකාධිපති සහ හිතුවක්කාරී ප්‍රවේශය මනාව පැහැදිලි වන බවත්, මෙවැනි සැලසුම් පිටුපස බාහිර හා ජාත්‍යන්තර බලපෑම් මෙන්ම මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන යටත් වීමේ මානසිකත්වයක් ඇති බවට පෙනෙන්නට තිබෙන බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
තවද, මෙම අසාධාරණ ගැසට් පත්‍රයට එරෙහිව සාමකාමීව සත්‍යක්‍රියාවක නිරත වූ භික්ෂූන් වහන්සේලාට පොලිසිය විසින් අශෝභන ලෙස සලකමින් පහර දී සිවුරු ගැලවීමේ සිදුවීම දැඩි ලෙස හෙළා දකින බව ප්‍රකාශ කළ ඒ මහතා, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අවධාරණය කළේය. ඒ අනුව, අනුරාධපුර පූජා නගරයේ පාරිශුද්ධත්වය සහ තේවාදී සම්බුද්ධ ශාසනයේ මූලස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා අදාළ ගැසට් පත්‍රය වහාම සංශෝධනය කළ යුතු බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගැන ගැසට් නිවේදනය නිකුත් වෙනකොට බෞද්ධ කියන වචනය හළනවා.. ගැසට් එකේ වක්‍රව කියන දේවල් අතිශය භයංකාරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
9වන ජනාධිපතිගෙන් 9වන ව්‍යවස්ථාව බේරා ගැනීමේ මහා අධිෂ්ඨාන පූජාව ඇරඹෙයි..
සිරසට දුන් රුපියල් මිලියන 104.6ක මුදල රාජ්‍ය අරමුදල් තමයි.. - අලි සබ්රි හෙළිකරන කතාව..
කොළඹ යට වුනාට බිල්ලට දෙන්නේ බැල්තසාර්ව ද?.. බිමල්ගේ අමාත්‍යංශය ගංවතුරෙන් බේරුනාද?
අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..
එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..
මම දෙමළ තමයි.. ඒත් මම බුද්ධාගම වෙනුවෙන් කඩේ යනවා.. කිසිම කෙනෙකුට ඒක නතර කරන්න බැහැ.. - සුරේෂ් රාගවන්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
යෝජිත ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කරන්න.. - එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි..
11 වැනිදා මිහින්තලේ කටු සෑය අබියසදී දැවැන්ත සත්‍යග්‍රහයක් සහ අධිෂ්ඨාන පූජාවක් අරඹනවා.. - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..
අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..
හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි
ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..
කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..