ජනතා හඬ යටපත් කිරීමට ගෙනෙන මර්දනකාරී නීතිවලට එරෙහිව සියලු දෙනා එක්විය යුතුයි.. – ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
ජාතික සංවිධාන එකමුතුව විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පෙන්වා දුන්නේ, ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ ජනතාවගේ විරෝධතා සහ හඬ යටපත් කරමින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට බවයි.
බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට මෙන්ම රටට බරපතළ අනතුරක් සිදුකෙරෙමින් පවතින බවත්, පොලිසිය සහ රාජ්‍ය නිලධාරීන් බලය අයුතු ලෙස යොදා ගනිමින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් පැහැරගනිමින් සිටින බවත් ඒ මහතා සඳහන් කරයි.
මෑතකදී අනුරාධපුරය ඇතුළු ප්‍රදේශවලදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ මහජනතාව විසින් සංවිධානය කරන ලද සාමකාමී විරෝධතා සහ උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා පොලිසිය විසින් අත්තනෝමතික ලෙස අධිකරණ නියෝග ලබාගනිමින් ක්‍රියා කළ බව ඔහු සඳහන් කළේය.
මෙලෙස නීතිවිරෝධී ලෙස ක්‍රියා කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවට සහ පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පීඩාවට පත් පාර්ශ්වයන්ට සහ නීතිඥ ප්‍රජාවට හැකියාව ඇති බවත්, මූලික අයිතිවාසිකම් රැකගැනීම සඳහා අධිකරණමය ප්‍රතිපාදන උපරිමයෙන් භාවිත කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
තවද, ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ පනත මගින් රටේ ජනතාව ආරක්ෂා කිරීමක් සිදු නොවන බව තිරාණගම මහතා පෙන්වා දුන්නේය.
විවිධ ජාත්‍යන්තර බලපෑම්වලට හා රජයේ ඇතැම් ක්‍රියාමාර්ගවලට එරෙහිව ජනතාව නගන හඬ සහ විරෝධතා සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීම මෙම පනත්වල මූලික අරමුණ වී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..
ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට එයි..
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට..
සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි
2027 අයවැය අද පාර්ලිමේන්තුවට..
සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..
ජනතා හඬ යටපත් කිරීමට ගෙනෙන මර්දනකාරී නීතිවලට එරෙහිව සියලු දෙනා එක්විය යුතුයි.. – ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
අනුරාධපුර පූජා නගරය ගැන ගැසට් නිවේදනය නිකුත් වෙනකොට බෞද්ධ කියන වචනය හළනවා.. ගැසට් එකේ වක්‍රව කියන දේවල් අතිශය භයංකාරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
9වන ජනාධිපතිගෙන් 9වන ව්‍යවස්ථාව බේරා ගැනීමේ මහා අධිෂ්ඨාන පූජාව ඇරඹෙයි..
සිරසට දුන් රුපියල් මිලියන 104.6ක මුදල රාජ්‍ය අරමුදල් තමයි.. - අලි සබ්රි හෙළිකරන කතාව..
කොළඹ යට වුනාට බිල්ලට දෙන්නේ බැල්තසාර්ව ද?.. බිමල්ගේ අමාත්‍යංශය ගංවතුරෙන් බේරුනාද?
අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..
එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..