සරත් වීරසේකරගෙන් කිංස්බරි හෝටලයට එන්තරවාසියක්.. සීසීටීවී දර්ශන විකෘති කර අපහාස කළ බවට චෝදනා..
තමන් කොළඹ කිංස්බරි (The Kingsbury) හෝටලයට පැමිණි අවස්ථාවේ ලබාගත් ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන විකෘති කර, ‘ජනාධිපති ඝාතන කුමන්ත්රණයක්’ යනුවෙන් අසත්ය ලේබල් අලවා සමාජ මාධ්ය වෙත මුදාහැරීමෙන් සිය කීර්තිනාමයට හානියක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්ය, විශ්රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා එම හෝටල් කළමනාකාරීත්වය වෙත සිය නීතිඥවරුන් මාර්ගයෙන් එන්තරවාසියක් යොමු කර ඇති බව වාර්තා වේ.
අදාළ ලේඛනය මඟින් පෙන්වා දෙන්නේ, සරත් වීරසේකර මහතා පසුගිය ඔක්තෝබර් 24 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී අදාළ හෝටලය වෙත ගොස් ඇති බවත්, හෝටල් පරිශ්රයේ සුවිශේෂී භාරකාරත්වය සහ පාලනය යටතේ පවතින සීසීටීවී පද්ධතියේ සටහන් වූ දර්ශන, හෝටල් පාලනාධිකාරිය විසින් ඇතැම් සමාජ මාධ්ය ක්රියාකාරීන් හා එක්ව සිතාමතාම විකෘති කර පිටතට මුදාහැර ඇති බවත්ය.
එම සංස්කරණය කරන ලද වීඩියෝ පටය මඟින් සරත් වීරසේකර මහතා සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් එකම අවස්ථාවක හෝටල් කාමරයක් වෙත ඇතුළු වන ආකාරය පෙන්වමින්, ඔවුන් දෙදෙනා එක්ව හෝ එකම වේලාවක එම කාමරයට ඇතුළු වූ බවට සම්පූර්ණයෙන්ම සාවද්ය සහ නොමඟ යවන සුළු හැඟීමක් සමාජගත කර ඇති බව එමඟින් චෝදනා කෙරේ.
මෙම විකෘති කළ දර්ශන ‘ජනාධිපති ඝාතන කුමන්ත්රණයක්’ යන ශීර්ෂය යටතේ ප්රචාරය කර ඇති බවත්, එහි සිටින සරත් වීරසේකර මහතාගේ ලේකම්වරයා ජාතික බුද්ධි ප්රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා බවට අසත්ය ලෙස හුවාදක්වමින් සමාජය නොමඟ යවා ඇති බවත් නීතිඥවරු පෙන්වා දෙති.
හෝටලයේ පූර්ණ අධීක්ෂණය යටතේ තිබිය යුතු මෙවැනි රහස්ය දර්ශන කිසිදු අවසරයකින් තොරව පිටස්තර පාර්ශ්ව වෙත ලබාදීම හෝටලයේ පෞද්ගලිකත්ව ප්රතිපත්තිය උල්ලංඝනය කිරීමක් වන අතර, එමඟින් තම සේවාදායකයාගේ පෞද්ගලිකත්වයට දැඩි හානි සිදුකර ඔහුව මාර්ගගත ක්රම ඔස්සේ දැඩි අපහාසයට සහ මානසික පීඩාවට ලක් කර ඇති බව නීතිඥවරු අවධාරණය කරති. එමෙන්ම, සිතාමතාම මෙවැනි අසත්ය ප්රකාශ සහ දර්ශන සන්නිවේදනය කිරීම 2024 අංක 09 දරන මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 20 වැනි වගන්තිය යටතේ ගැනෙන බරපතළ වරදක් බවට ද හෝටල් කළමනාකාරීත්වයේ අවධානයට යොමු කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්රස්තවාදී ආක්රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්රසීල ජනාධිපති ලූලාගේ ජයග්රහණය බ්රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්
ඊශ්රායල මැතිවරණ ප්රතිඵල, නෙතන්යාහුගේ අනාගතය සහ ජාත්යන්තර දේශපාලන ප්රවණතා ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
සරත් වීරසේකරගෙන් කිංස්බරි හෝටලයට එන්තරවාසියක්.. සීසීටීවී දර්ශන විකෘති කර අපහාස කළ බවට චෝදනා..
76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්ය වසන්ත බණ්ඩාර
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු මධ්යස්ථානය වන Binance සයිබර් ප්රහාරයකට ලක්වෙයි
AI භීතියකින් වෝල් ස්ට්රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..