Ramayana Trail සමග ගැටහන Buddhavanam සහ විල්ටින්ගේ "ඉන්දියානු ව්යාප්තවාදය"..
2026 ඔක්තෝබර් 27 වැනිදා ඉන්දියාවේ ලෝක බෞද්ධ විද්වත් සන්ධානයේ (WOBSA) නියෝජිත පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් හෙවත් පැලවත්ත ආණ්ඩුවේ ප්රධානී ටිල්වින් සිල්වා හමුවිම අනුරාධපුර පූජා නගරයේ යෝජිත රාම කෝවිල, රාමායණ සංචාරක ව්යාපෘතිය, මන්නාරම හරහා ඉන්දියාවට ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීමේ සැලසුම්, දුම්රිය හා බලශක්ති ඒකාබද්ධතාව සිදුකෙරේන ‘රාමායණ මාවත’ (Ramayana Trail) කොටසක්ම බව අනාවරණය වි තිබේ.
ඉන්දීය රජයේ විශේෂ යොමුකිරිමකට අනුව ඔහුන් මෙම සංචාරය සිදුකර ඇති බව දැනටමත් ඉන්දීය අභ්යන්තර ආරංචී මාර්ග තහවුරු කර තිබේ.
මහාචාර්ය මලපල්ලි ලක්ෂ්මයියාගේ (Prof. Malapalli Laxmaiah) ප්රධානත්වයෙන් පැමිණි මෙම කණ්ඩායමට ඉන්දීය නළු හා බෞද්ධ ක්රියාකාරික ආචාර්ය ගගන් මලික් (Gagan Malik) ද ඇතුළත් විය.
මහාචාර්ය ලක්ෂ්මයියා යනු කවුද?
ඔහු සාමාන්ය ආගමික නියෝජිතයෙකු පමණක් නොවේ.2016 වසරේ තෙලඟානා ප්රාන්ත රජය විසින් ඔහු බුද්ධවනම් ව්යාපෘතියේ විශේෂ නිලධාරියා ලෙස පත්කර තිබේ. ඔහු තෙලඟානා ප්රාන්තය වෙනුවෙන් ක්රියාකාරී වූ සමාජ හා මාධ්ය පසුබිමක් සහිත පුද්ගලයෙකි. (Buddhavanam) බුද්ධවනම් ව්යාපෘතියේ එක් ප්රධාන අරමුණක් වන්නේ ඉන්දියාව ජාත්යන්තර බෞද්ධ උරුම සහ සංචාරක මධ්යස්ථානයක් ලෙස ප්රවර්ධනය කිරීමයි.
2016: තෙලඟානා රජය ඔහු බුද්ධවනම් ව්යාපෘතියේ විශේෂ නිලධාරියා ලෙස පත් කළේය.
2024: Association of Buddhist Tour Operators (ABTO) උපදේශක මණ්ඩලයේ උපසභාපති ලෙස පත් විය.
ගගන් මලික්ගේ භූමිකාව කුමක්ද?
ගගන් මලික් යනු ඉන්දීය නළුවෙකු මෙන්ම ජාත්යන්තර බෞද්ධ ප්රවර්ධන වැඩසටහන්වලට සම්බන්ධ ක්රියාකාරිකයෙකි.ඔහුගේ පදනමේ ප්රකාශිත අරමුණු අතර බෞද්ධ අධ්යාපනය, පාලි හා සංස්කෘත අධ්යයනය, සමාජ සුබසාධනය සහ ජාත්යන්තර සංස්කෘතික සබඳතා ඇතුළත්ය. 2023 වසරේදී බුද්ධවනම්හි බුද්ධ ධාතු තැන්පත් කිරීමේ වැඩසටහනකට ඔහු සහ ලක්ෂ්මයියා එක්ව කටයුතු කළ බවද වාර්තා වේ.
2023: ලක්ෂ්මයියා ශ්රී ලංකාවේ එවකට බුද්ධශාසන අමාත්ය විදුර වික්රමනායක හමුවී තෙලඟානා–ශ්රී ලංකා සංස්කෘතික සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා කළේය.
2026 මාර්තු: බුද්ධවනම් ජාත්යන්තර බෞද්ධ සාම සමුළුවට ශ්රී ලංකාවේ බුද්ධශාසන අමාත්ය හිනිදුම සුනිල් සෙනෙවි සහභාගි වූ අතර රටවල් 22ක නියෝජිතයන් එක්වූ බව වාර්තා විය.
2026 ඔක්තෝබර් 27: එම ජාලයට සම්බන්ධ ප්රධාන නියෝජිතයන් ආණ්ඩුව මෙහෙයවන ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම්වරයා හමුවිය
Buddhavanam (බුද්ධවනම්) යනු ඉන්දියාවේ තෙලඟානා ප්රාන්තයේ නාගාර්ජුන සාගර් ප්රදේශයේ පිහිටි බෞද්ධ උරුම, අධ්යාපන සහ සංචාරක ව්යාපෘතියකි. හයිද්රාබාද් නගරයේ නොව, එයට ගිනිකොන දෙසින් පිහිටි නාගාර්ජුන සාගර් ආසන්නයේ මෙය පිහිටා ඇත.
මෙහි වැදගත්ම කරුණ වන්නේ බුද්ධවනම් යනු ආගමික ස්ථානයක් පමණක් නොව තෙලඟානා ප්රාන්ත රජයේ සංචාරක හා ආයෝජන ප්රතිපත්තියට සම්බන්ධ ව්යාපෘතියක් වීමයි.
Ramayana Trail සහ Buddhavanam: ඉන්දියාවේ ආගමික සංචාරක රාජ්යතාන්ත්රිකත්වයේ මාර්ග දෙකක්ද?නැත ඒ සියල්ලම ගමන් කරන්නේ එකම මාර්ගයකය. එ අනුව මෙම සංචාරය හුදෙක් බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම සහ ඉන්දු–ශ්රී ලංකා සංස්කෘතික සබඳතා වර්ධනය කිරීම සාකච්ඡා වලට සීමා නොවු බව නොරහසකි.
මල්ලෙපල්ලි ලක්ෂ්මයියා, ගගන් මලික් සහ ඉන්දියාවේ රාමායණ සංචාරක ව්යාපෘතිය යනු දෙකක් නොව එකකි.එය වැදගත් භූදේශපාලනික උපක්රමයකි.
ඒ ඉන්දියාව ශ්රී ලංකාව සමඟ ආගමික හා සංස්කෘතික සබඳතා ගොඩනැගීමේදී ප්රධාන ආගමික උරුමයන් දෙකක් භාවිත කරයි.එකක් හින්දු සම්ප්රදායට අයත් Ramayana Trail ය. අනෙක බෞද්ධ උරුමය පදනම් කරගත් Buddhist Circuit සහ Buddhavanam වැනි ව්යාපෘති ය.මෙම වැඩසටහන් දෙක අතර සංකල්පීය සමානකම් තිබුණද, ඒවා එකම දේශපාලන සැලැස්මක් යටතේ මෙහෙයවන බව පැහැදිලිය.
ඉන්දීය රජයේ 2026 පෙබරවාරි 10 නිල ප්රකාශනයට අනුව, Swadesh Darshan වැඩසටහන යටතේ රාමායණ සහ බෞද්ධ සංචාරක මාර්ග ඇතුළු විවිධ තේමාත්මක සංචාරක ව්යාපෘති 76ක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,290.33ක් අනුමත කර තිබුණි.
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
මානව හිමිකම් උල්ලංඝනය කිරිම් රැල්ලක් ඇතිවිය හැකියි.. - සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය..
ජනාධිපතිට හීලෑ නොවී අගවිනිසුරු අසුනින් බැස ගිය හිරු - මෙතෙක් අනාවරණය නොවූ සත්ය කතා පුවත..
“ඔබ යළිත් බොරු කියනවා” – කියුබානු විදේශ අමාත්යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරයාට ප්රතිචාර දක්වයි
බෞද්ධ සංස්කෘතියට ඇති තර්ජනයට එරෙහි පැවිදි සහ ගිහි සංවිධාන එකතුවෙන් රටට ජාතික න්යාය පත්රයක්..
දේශපාලන සන්ධානවලින් තොරව එල්ටීටීඊ (LTTE) ප්රචාරණයට මුහුණ දීමට නව උපායමාර්ග අවශ්යයි.. - ආචාර්ය දසරත් ජයසූරිය
නෙතන්යාහු දැඩි පසුබෑමක.. ඊශ්රායලයේ ඉදිරි ආණ්ඩුව ගැන අවිනිශ්චිතතාවයක්..
යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරයයි.. - ජේෂ්ඨ මාධ්යවේදී මෝහන් සමරනායක
කස්සප හිමියන් හෝටලයට ගිය හේතුව මෙන්න.. සත්යග්රහය නතර කිරීමට හේතුවත් ආරණ්යවාසී හිමිවරුන් මාධ්යයට හෙළිකරති..
ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. - ඇමති නලින්ද
2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. - රජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්
නව ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..