76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්ය වසන්ත බණ්ඩාර
76 වසරක සාපයක් ගැන කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිී නොමැති බවත්, රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා පැමිණි ගමන් මාර්ගයේම ඔවුන්ද රට ගෙනයමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්යාපාරයේ මහ ලේකම්, වෛද්ය වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කරයි.
වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුද හමුවේ රට මුහුණ දී තිබෙන අභියෝග මෙන්ම ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් පුළුල් ජාතික සංවාදයක් නිර්මාණය විය යුතු බවත් ඒ මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ Ahasa News නාලිකාවේ 'බල සටන' (Bala Satana) වැඩසටහනට එක්වෙමිනි. මෙහිදී රටේ ඉදිරි දිශානතියට බලපාන ප්රධාන කරුණු රැසක් සම්බන්ධයෙන් ඒ මහතා විසින් ගැඹුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලදී.
රටේ වත්මන් ආර්ථික තත්ත්වය, ජාතික සම්පත් ආරක්ෂා කරගැනීම සහ ඉදිරිපත් වී ඇති විවිධ පනත් සම්බන්ධයෙන් බරපතළ ගැටලුකාරී තත්ත්වයන් මතුවී ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්යාපාරයේ මහ ලේකම්, වෛද්ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
රට තුළ ක්රියාත්මක වන ආර්ථික ප්රතිපත්ති නිසා ජනතාව මුහුණපා සිටින දුෂ්කරතා මෙන්ම, ජාතික සම්පත් විකුණා දැමීමේ හෝ විදේශීය බලපෑම්වලට යටත්වීමේ අවදානම් සහගත තත්ත්වයන් පිළිබඳව ඒ මහතා දැඩි ලෙස අවධානය යොමු කළේය.
රටේ නීතිමය රාමුවට සහ ජාතික සුරක්ෂිතතාවයට බලපාන ආකාරයෙන් ගෙන එනු ලබන ඇතැම් මර්ධනකාරී අණපනත් හේතුවෙන් අනාගතයේදී රටට අත්විය හැකි අහිතකර ප්රතිවිපාක සම්බන්ධයෙන්ද මෙහිදී පුළුල් ලෙස කරුණු අනාවරණය කරන ලදී.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්ය වසන්ත බණ්ඩාර
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු මධ්යස්ථානය වන Binance සයිබර් ප්රහාරයකට ලක්වෙයි
AI භීතියකින් වෝල් ස්ට්රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..
සෞඛ්ය සේවයෙන් මුස්ලිම් කාන්තාව වෙන් කිරීම සුදුසු ද?.. - සෞඛ්ය සේවයේ නිල ඇඳුම වෙනස් කිරීමේ මානව හිමිකම් නිර්දේශය ගැන ධර්ම පර්යේෂණාලයෙන් බලවත් විරෝධයක්
PSTA ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන්ට බරපතළ ලෙස පටහැනියි...- එක්සත් ජාතීන්ගේ විරෝධය..
වසරකට පොලිස් කූඩුවල මරණ 17යි... පැය 72ක් රඳවාගෙන පහරදීමට සහ පොලිස් පාපොච්චාරණ සාක්ෂි කරගැනීමට අසීමිත බලතල දීමෙන් රටම බියකරු අගාධයකට..
මානව හිමිකම් උල්ලංඝනය කිරිම් රැල්ලක් ඇතිවිය හැකියි.. - සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය..
ජනාධිපතිට හීලෑ නොවී අගවිනිසුරු අසුනින් බැස ගිය හිරු - මෙතෙක් අනාවරණය නොවූ සත්ය කතා පුවත..
“ඔබ යළිත් බොරු කියනවා” – කියුබානු විදේශ අමාත්යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරයාට ප්රතිචාර දක්වයි
බෞද්ධ සංස්කෘතියට ඇති තර්ජනයට එරෙහි පැවිදි සහ ගිහි සංවිධාන එකතුවෙන් රටට ජාතික න්යාය පත්රයක්..
දේශපාලන සන්ධානවලින් තොරව එල්ටීටීඊ (LTTE) ප්රචාරණයට මුහුණ දීමට නව උපායමාර්ග අවශ්යයි.. - ආචාර්ය දසරත් ජයසූරිය
නෙතන්යාහු දැඩි පසුබෑමක.. ඊශ්රායලයේ ඉදිරි ආණ්ඩුව ගැන අවිනිශ්චිතතාවයක්..
යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරයයි.. - ජේෂ්ඨ මාධ්යවේදී මෝහන් සමරනායක
කස්සප හිමියන් හෝටලයට ගිය හේතුව මෙන්න.. සත්යග්රහය නතර කිරීමට හේතුවත් ආරණ්යවාසී හිමිවරුන් මාධ්යයට හෙළිකරති..
ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. - ඇමති නලින්ද
2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. - රජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්