මම ජාතිවාදියෙක් නොවෙමි....
උතුරු නැගෙනහිර මෙන්ම විදේශයන්හිද මෙම වසරේ කොටි සැමරුම ඉතාමත් උත්කර්ෂවත් ලෙස සිදුවිය.
අප රටේ රණවිරුවන්ට අභූත චෝදනා නගමින්, රණවිරුවන්ගේ කීර්ති නාමයට, මානුෂීය ගුණයන්ට, කැපවීමට අපහාස කරමින් අප මාතෘ භූමියේ ව්‍යවස්ථාවට පටහැනිව යමින් රටේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට එරෙහිව සටන් වැදුණු ත්‍රස්ත සංවිධානයකට බෙදුම් වාදී දෘෂ්ටිවාදය නිදහසේ ප්‍රවර්ධනය කිරීමට ඉඩ හැරීම උපන් බිමට සාමය උදාකර දීමට තම ජීවිත කැප කරමින් අනාගත පරපුරට රටක් ඉතිරි කිරීමට ත්‍රස්තවාදියා හමුවේ ජීවිත දන් දුන් රණවිරුවන්ට කරන අපහාසයකි.
රටේ නිල හමුදාවන් සමඟ යුද වැදුණු තහනම් ත්‍රස්ත සංවිධානයක කොඩිය හෝ එය සංකේතවත් කරන වර්ණ පුෂ්පය ප්‍රදර්ශනය කිරීම රට කඩන ඊලාම් සිතියම සමග මිනීමරු ත්‍රස්තවාදී නායකයාගේ ඡායාරූපය ප්‍රදර්ශනය කරමින් සැමරීමට ශිවාජිලිංගම් වැනි බෙදුම්වාදී ජාතිවාදින්ට ඉඩ නොදීමට තරම් ශක්තියක් රජයකට තිබිය යුතුය.
උතුරේ සහ දකුණේ ජනතාව විසින් 2/3 අධික ජන වරමක් ලබා දෙමින් වාර්ගික දේශපාලනයෙන් සහ කලාපීය බෙදීම් වලින් තොරවූ ආර්ථික හා සමාජීය එකමුතුවක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන සමස්ත ජනතාව මෙන්ම විවිධ රටවල කොටි ප්‍රවර්ධනයට එරෙහිව කැපවීමෙන් ක්‍රියා කරන සියලු ශ්‍රි ලාංකික ජනතාවට එරෙහි බලවත් අසාධාරණයකි.
යුධබිමේ මියගිය බහුතරයක් කොටි සාමාජිකයින් නිවෙස් වලින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් කොටි සංවිධානයට බඳවාගත් පසැල් වියේ පසුවූ දරුවන් බව ලොවම දන්නා කරුණකි.එවැනි දරුවන්ගේ වියෝව සැමරීමට දෙමව්පියන්ට ඇති අයිතියක් උදුරා ගැනීමට තරම් උතුරේ හෝ දකුණේ කිසිවෙක් කෘර නොවනු ඇත, පාසල් නිල ඇඳුමෙන් පැහැර ගත් එම කුඩා දරුවන්ට අවි පුහුණුව ලබාදී සයනයිඩ් කරලක් ගෙලවට එල්ලු ම්ලේච්ඡ ත්‍රස්තවාදී නායකයින් සැමරීම හෝ සිහිකිරීම මානසික විකෘතියක් නොමැති කිසිවෙකු අනුමත නොකරනු ඇත.
එනමුත් ත්‍රස්තවාදය අවසන් කළ ස්ථානයට ගොස් කොටි කොඩිය හෝ සමාන කොඩි එසවීම ඊලාම් සිතියම ප්‍රදර්ශනය කිරීම කොටි නිල ඇඳුමෙන් සැරසුණු අයගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සංහිඳියාව ලෙස දැකීමට තරම් කිසිවෙක් නිවට නොවිය යුතු බව මගේ පෞද්ගලික හැඟීමයි .මන්ද යත් ඒ මගින් අප රටෙන් පිටතදී බෙදුම් වාදය පෝෂණය කරමින් මහා ධනයක් හ ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීමට මෙය ධනාත්මක සාධකයක් වනු ඇත.
තවද උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ කතා කරන ප්‍රදේශ ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලීම වෙනුවෙන් දෙමළ ජාතිකවාදී පක්‍ෂ සන්ධානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවඋතුරු පළාත් හිටපු මහ ඇමති විග්නේෂ්වරන් පසුගියදා ප්‍රකාශ කර ඇති අතර මෙරටින් පිට ස්ථාපනය කර එළි දක්වන තමිල් ඊලම උතුරේ ස්ථාපනය කිරීමට අවශ්‍ය මානසිකත්වය සංහිඳියාව අගයන ජනතාව තුල බලහත්කාරයෙන් පැල කිරීමට ඉඩ නොදිය යුතුය.
ජර්මනියේ කිසිදු දිනක නාසි සොල්දාදුවන් සැමරීමට ඉඩ නොදෙන්නේ නැවතත් යුද විෂබීජ වැපිරීමට අවශ්‍ය මානසිකත්වය ගොඩනැගිම වැලැක්වීමට බව සංහිඳියාව ගැන මනුසත්බව ගැන ලිපි ලියන බහුතරයක් නොදන්නවා වියහැක. ගාලු මුවදොර අරගලය අතරතුර යට ඇදුම් පවා ප්‍රදර්ශනය කරමින් හමුදා සෙබළුන්ට අභියෝග කල තරුණ ප්‍රජාවට මේ රටේ ඉතිහාසය ගැන යම් අවබෝධයක් ලබාගැනිමට මේ සුදුසුම කාලයක් විය හැක.
බෙදුම්වාදී ආකල්පයන් ප්‍රදර්ශනය කිරීම හෝ ප්‍රචාරණය කිරීමට ඉඩදී බලා සිටින්නේ රටේ ඒකිය භාවය හා ස්වෛරීභාවය උකසට තබමින් ඡන්ද ලබා ගැනීමට පමණක් බලා සිටින අවස්ථාවාදී දේශපාලකයන් පමණි.
- ශර්මිලා ගෝනවෙල -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..