News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුවට සදාචාරාත්මක උසස් බව අහිමිකරන ව්‍යාජ උපාධි හුටපටය

Dec 14, 2024 at 02:20 PM
|

කතානායකවරයා සහ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ මතුව ඇති ගැටළුව බලයට පත්වී මාසයක් ගතවන්නට පෙර ආණ්ඩුවේ ‘සදාචාරාත්මක උස්බව’ ( (moral high ground) ඔවුන්ට අහිමි කර තිබේ. කතානායකවරයාට ඉල්ලා අස්වීමට සිදුවීම එහි ආරම්භය පමණක් වන අතර, ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පෙන්වා ඇතැයි අනුමාන කරන තවත් පිරිසක් මේ ලැයිස්තුවේ සිටී.

ලංකාවේ පුරවැසියෙකුට මහජන නියෝජිතයෙකු, මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට උපාධියක් තබා කිසිදු අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය වන්නේ නැත. පාකිස්ථානය වැනි සීමිත රටවල් කිහිපයක් හැර, ලෝකයේ බොහෝ රටවල තත්වය එයයි.

නමුත්, මනාප ඡන්ද ක්‍රමයේ දී මනාප ලබා ගැනීමට අපේකෂකයින් තම අධ්‍යාපන සුදුසුකම අලෙවි කරන්නට පටන් ගත්තේය. එහි තීරණාත්මක කඩඉමක් ලෙස 2020 මහා මැතිවරණයේ දී ‘වියත්මග කණ්ඩායම’ තම අධ්‍යාපන සුදුසුකම ඉස්සහින් තබාගෙන දැවැන්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය. අධ්‍යාපනය අත්තටු බවට පත් වූ වේ ද, ඡන්ද ආකර්ෂණ මැෂිමක් බවට පත් වූවේ ද, ඒ අනුවය.

ජාතික ජනබලවේගය 2022 අරගලයෙන් පසුව තමන් වෙත ජනතාව අද්දවා ගැනීමට උගත් – බුද්ධිමත් ලේබලය තීරණාත්මක ලෙස යොදාගැනීමට තීරණය කළේ මේ සමයේ දී ය. අනෙකුත් පක්ෂවලට සාපේක්ෂව ජවිපෙට සැලකිය යුතු උපාධිධාරීන් පිරිසක් සිටී. මේ උපාධිධාරීන්ටත් වඩා ‘සුපිරි බඩු ටිකක්’ අපිට සිටින බව පෙන්වීමට ජවිපෙට අවශ්‍ය විය. ආචාර්ය – මහාචාර්ය පට්ටම් සහිත පිරිසකට ද, වෛද්‍ය, ඉංජිනේරු පිරිසකට ද ජජාබ මැතිවරණ වේදිකාවේ දොරටු ඇරෙන්නේ ඒ් අනුවය. ජවිපෙට පිටතින් පැමිණි හරිනි ඇතුළු කණ්ඩායම තම අධ්‍යාපන සුදුසුකම් මත බැබලෙන විට ජවිපෙ ද සිට පැරණි කාඩර්වරුන්ට විවිධ අධ්‍යාපන සුදුසුකම් නමට ඉදිරියෙන් පිටුපසින් එල්ලනු ලැබීය.

සපුගස්කන්දේ අශෝක රන්වල බියගම ජවිපෙ සංවිධායකවරයෙකි. වෘත්තීය සමිති නායකයෙකි. සයිටම් විරෝධී සටනේ දී හිටපු ගමන් සපුගස්කන්දේ අශෝක – මහාචාර්ය අශෝක බවට පත් විය. ඒ සීමිත සමාජිකයින් අතුරින් සයිටම් විරෝධී සටනේ නායකයෙකු කළ හැකි අත් දිග කමිසය අදින නිසාය. දිගින් දිගටම මේ මහාචාර්ය පට්ටම පවත්වා ගැනීමට අශෝකට කෙසේ වෙතත් පක්ෂයේ පැවැත්මට වැදගත් විය. මහා මැතිවරණයේ හැම පෝස්ටරයකටම, දැන්වීමකට ආචාර්ය අශෝක වූයේ ඒ නිසාය. අඩුම ගානේ රූපවාහිනියෙන්වත් මුහුණ දැන නොතිබුනත්, ගම්පහ ජනතාව ටෙලි නාට්‍ය නිලි පබා තරමටම ආචාර්ය අශෝකට මනාප විය. ඒ ගෝඨාභය ගේ කාබනික යුගයේ ඇඹිලිපිටියේ කාබනික පොහොර හැදු ආචාර්ය අශෝක, රසායන විද්‍යා කේෂ්ත්‍රයේ මහ මොළයක් යැයි සිතූ නිසාය. අවසානයේ ජීවිත කාලයම දේශපාලනය කළ පක්ෂය දැවැන්ත අර්බුදයකට යවමින් ඔහුට රටේ ධූරාවලියේ ඉහළම තනතුරට සමුදෙන්නට සිදුවිය.

කැලණිය ගණිත අධ්‍යයන අංශයේ අනුර කරුණාතිලක ට දර්ශන විශාරද උපාධියක් නැති බව විශ්විද්‍යාලය වෙබ් අඩවියම පමණක්ම සාක්ෂි දරයි. විශ්වවිද්‍යාල ප්‍රජාවේ බහුතරය මේ කතාව හොදින් දනී. ජවිපෙ වෙනුවෙන් මානව හිමිකම් විද්වත් සංසදය නමින් මැතිවරණ නිරීක්ෂණ ජාලයක් සකස් කළේය. 2014 තරම් ඈත ක දී ද එහි ලේකම් හා ආචාර්ය අනුර කරුණාතිලක ය. ඒ වන විට ඔහු ආචාර්ය උපාධියට ලියාපදිංචි වී සිටියේ වත් නැත. ‘විද්වත්’ කෑල්ල අලෙවි කළ හැක්කේ ‘ආචාර්ය පට්ටමක්’ සමඟය. එදා ත්, අදත් එය වෙනස් නොවීය. 2014 සිට අනුර කරුණාතිලක සෑම මාධ්‍ය අවකාශයකම, ලිපියක, ප්‍රවෘත්තියක පෙනී සිටියේ ‘ආචාර්ය අනුර‘ ලෙසය. නාගරික සංවර්ධන අමාත්‍ය ධූරයට පත් වන විට ඔහු ‘මහාචාර්ය අනුර‘ වීය. දැන් එය ගැලවී නිකම්ම ‘අනුර‘ වී ඇත.

විද්‍යාවේදී උපාධිය සඳහා ලියාපදිංචි වී සිටි නමුත්, උපාධිය අවසන් නොකල බව කියන බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉංජිනේරුවෙකු ලෙස ලේබල් කරන්නේ ද, මේ ‘විද්වත්’ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ම ය.

තවත් දේශපාලනඥයෙකුට 2002 වර්ෂයේ යුරෝපයේ හා ආසියාවේ ඉහළම පිළිගැනීම් සහිත විශ්වවිද්‍යාල දෙකකින් පශ්චාත් උපාධි ඇතැයි කියනු ලැබේ.

විශේෂඥ වෛද්‍ය රිස්වි සාලි ගේ විශේෂඥතාව මැදකොළඹ, බොරැල්ල, උතුරු කොළඹ මුස්ලිම් ප්‍රජාවගේ දරුවන් සුන්නත් කිරීම බව මරදානේ කලීල්ස් නර්සින් හෝම් දන්නා අයට රහසක් නොවේ. නමුත්, එය කොළඹ දිස්ත්‍රික්කයම ඔහුට ඡන්දය දුන්නේ ‘විශේෂඥ වෛද්‍ය‘ පට්ටමක් ඇතැයි සිතාය.

මේ සියල්ලටම වඩා බරපතල විය හැක්කේ, වෙත නිරවද්‍ය නොවන අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කර ඇත්තම් එයයි. 2017 දී වොෂින්ටන් හි ලෝක බැංකු කාර්යාලයේ Global Forum on Asset Recovery (GfAR ) වැඩසටහනකට සහභාගිවීමට මට අවස්ථාව ලැබුණි. එවකට නීතිපති, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරයා, සිවිල් සංවිධානය නියෝජිතයින් පිරිසක් ද මා සමඟ එයට එක් විය. ලෝක බැංකුව, රාජ්‍ය දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි සංවිධාන තමන්ගේම විමර්ශන ඒකක පවත්වාගෙන යමින් ලොව පුරා රාජ්‍යයන් හි දේශපාලනඥයින් හා නිලධාරීන් ගේ ජීව දත්ත විමර්ශනය කරන ආකාරය පැහැදිලි කරනු ලැබූවේ ඒ සඳහා යොදාගත හැකි පරිගණක පද්ධති හා උපක්‍රම ද සහිතවය. මේ දත්ත ජාත්‍යන්ත වශයෙන් හුවමාරු කර ගැනීමේ හැකියාව පවතින්නේය. එබැවින් මෙය ජාතික ප්‍රශ්නයක් නොව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් ලෙස ද බලපෑම් කළ හැකිය.

ආර්ථිකය ගැන දේශන පවත්වන 2010 – 2015 කුප්‍රකට ‘ පම්පිම් – ඩම්පින්‘ මෙහෙයුමේ බර අවියක් වූ අයෙකුගේ ‘ආචාර්ය උපාධිය‘ කුමන විශ්වවිද්‍යාලයෙන් ලබා ගෙන ඇතිදැයි අංජනම් එළි බැලිය යුතුව ඇත.

විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයෙකු වූ රුවන්වැල්ලේ කෝසල නුවන් ජයවීර සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සිදු කළේ ‘ඉංජිනේරු කෝසල නුවන් ජයවීර‘ නමිනි. කෑගල්ල මන්ත්‍රී කෝසල ගේ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධ්‍යාපන සුදුසුකකම ලෙස දැක්වෙන්නේ ‘ඩිප්ලෝමා‘ ලෙසිනි. වෘත්තීය සුදුසුකම ‘සහකාර ඉංජිනේරු‘ ලෙසින් දැක්වේ. ඉදිකිරීම් සඳහා අත්වැඩ දී උසස් අධ්‍යාපනයට මුදල් සොයාගන්නා සරසවි සිසුන් මා ඇති තරම් දැක ඇත. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රාත්‍රීයේ රෝගීන් බලා ගැනීමේ නිරත විශ්වවිද්‍යාල ධෛර්යවන්ත සිසුවියන් පිරිසක් මට ගිය සතියේ දිනක රෝහලේ හමුවිය. මේවා සමාජ උත්ප්‍රේරකයින්ය. නමුත්, ඡන්දය ගන්නට දිස්ත්‍රික්කය පුරා ‘ඉංජිනේරු – වෛද්‍ය – ආචාර්ය‘ අත් පත්‍රිකා බෙදන විට නොදැනුවත් මිනිසුන් ඡන්දය දෙන්නේ ඒ සුදුසුකමට ය.

ජවිපෙ ට සම්බන්ධ බහුතරයක් දෙනා රෝහණ විජේවීර මෙන්ම උසස් පෙළ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය අඩාල කර ගනිමින් පරමාදර්ශී දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් කටයුතු කළ අය වෙති. ඔවුහු කිසි විටෙකත් උපාධිය මහ දෙයක් ලෙස සැලකුවේ නැත. අවශ්‍ය දෙයක් ලෙස සැලකුවේ ද නැත. ජවිපෙ හෝ වෙනත් පක්ෂයක නායකයින්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන බොහෝ දෙනා වද වෙන්නේ ද නැත. අධ්‍යාපනය වෙනුවට දේශපාලනය තෝරාගෙන උපාධි අහිමි කර ගත් බිමල් රත්නායක වැනි මිනිසුන් පිළිබඳ සමාජ ගෞරවයක් ඇත.

සීමාවාසික පුහුණුව නිමා නොකර දේශපාලනය තෝරාගත් අයට ඒ අතර ඇත. එවැනි තෝරාගැනීම් නිසාම මරණයට පත් වූ, ජීවිතයට මහ මගට වැටුණු පිරිසක් ද වෙති. මේ ඔවුන්ගේ අති මහත් කැපවීමේ ප්‍රතිඑලයක් ලෙස ගොඩනැගු ආණ්ඩුවයි.

අධ්‍යාපන සුදුසුකම් මැතිවරණ කරලියේ කොඩි දාන තැනට පැමිණියේ 2020 න් පසුව ය. ඒ ‘වියත්බව’ මැතිවරණ ප්‍රචාරක කාර්යයෙහි අලෙවි කිරීම උදෙසාමය. ජවිපෙ ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ගේ අධ්‍යාපන සුදුසුකම් නිර්ධය විවේචනයට ලක් කළේය. චාමර සම්පත් නූගතෙකු යන්න බදුල්ලේ නොකියූ රැස්වීමක් නැත. චාමර තමාට නැති අධ්‍යාපනයක් ගැන කිසිදා කීවේ නැත. නාමල් – චිචී ගේ අධ්‍යාපන සහතික ගැන වැඩියෙන්ම කතා කළේ ජවිපෙ යි.

අද මිනිසුන් ප්‍රශ්න කරන්නේ ජජාබ මන්ත්‍රීවරුන්ගේ උපාධි සහතිකය නොවේ. ඔවුන්ගේ අවංක භාවයයි!

උපාධි සහතික ප්‍රශ්නය නිසා, ජනතා විමුක්ති පෙරමුණට තිබූ ‘සදාචාරාත්මක උස්බව’ ( (moral high ground) අහිමි වෙමින් ඇත. 1956, 1970, 1999 ආණ්ඩු තුනම අඩු වැඩි වශයෙන් ‘සදාචාරාත්මක උස්බව’ අහිමි වීම නිසා දැවැන්ත අර්බුදයට ලක්වූවේය. දක්ෂිණාංශික ආණ්ඩුවකට වටා වාමාංශික වටිනාකම් මත මැතිවරණ ව්‍යාපාරයක් ජයගන්නා කණ්ඩායම් වෙතින් ඔවුන් අලෙවි කළ ප්‍රතිපත්ති රාමුවට වටිනාකමක් ජනතාව බලාපොරොත්තු වේ.

අනෙක් අතට, මාලිමාව පැත්තෙන් ගත් කළ කතානායකවරයාගේ ඉල්ලා අස්වීමෙන් පමණක් විසදෙන ප්‍රශ්නයක් නොවේ. එය තවත් බොහෝ දෙනෙකු හා බැඳුණු, අනන්‍යතා අර්බුදයකි. ඔවුන් තම මැතිවරණ ව්‍යාපාරයේ කේන්ද්‍රය ලෙස ‘වියත් – බුද්ධිමතුන්’ය. අනුර කරුණාතිලකගේ ආචාර්ය උපාධිය විමසන විට, වසන්ත සමරසිංහ හැප්පිලා බලන්න කතා කරන්නේ ඒ නිසාය. සැබවින්ම, සිරිපාල අමරසිංහ හෝ අනුරුද්ධ පොල්ගම්පල ඉවත් කළ ආකාරයට බොරු උපාධි දමා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දිනාවා දුන් මන්ත්‍රීවරුන් ඉවත් කිරීම ලේසි හෝ පහසු හෝ නැත.

2015 යහපාලන ආණ්ඩුව කෙරෙහි ජනතාව ගේ පළමු බිඳවැටීම ‘බැඳුම්කර ගණුදෙනුව’ යි. එය කිසිදු අයුරකින් නැවත පුරුද්දාගත නොහැකි විය. ව්‍යාජ අධ්‍යාපන සහතික අර්බුදය ද, මුළුමනින්ම පිළියම් යොදන්නේ නැතිනම්, එවන් තැනටක ගමන් කර අවසන්ය. එය නැවත පිරියම් කළ නොහැකි කැළලක් දැනටමත් තබා ඇත.

(රජිත් කීර්ති තෙන්නකෝන්)

සම්බන්ධිත පුවත් | Related News

සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.
යම් සංවිධානයක් විසින් තමන්ට වෙනම රටක් අවශ්‍ය බවට මතයක් ඉදිරිපත් කළ හොත් අලුතෙන් ගෙනවිත් ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර විසින් පවසන කතාවක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවැත්වෙන සත්‍යග්‍රහය අතරතුර සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
වත්මන් පාලන බලය ජාතික ජන බලවේගය සතු වුවද, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය තවමත් සම්පූර්ණයෙන්ම තමන්ගේ ප්‍රතිපත්තිවලට අනුගත වී නොමැති බවත්, රාජ්‍ය සේවයේ ඇතැම් දෙපාර්තමේන්තු තවමත් පැරණි ක්‍රමවේද ඔස්සේ අකාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කළේය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ පූර්ව දැනුම්දීමකින් හෝ එකඟතාවකින් තොරව තිරිඟු පිටි මිල රු. 13කින් ඉහළ දැමීමට එරෙහිව දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.