සියල්ල සිදුවන්නේ රාජ්‍යයට එරෙහිව මිසක් ඔබේ දේශපාළන පක්ෂයට පක්ෂව විපක්ෂව නොවේ
ලෝකයේ කොතනක හෝ ප්‍රබාකරන්ගේ මහා විරු සැමරුමට සමගාමීව ඔහුගේ සිහින රාජ්‍යයේ හැඩයට නාර්මාණය කළ තමිල් ඊළාම් සිතියම ප්‍රදර්ශණය කරමින් එය ප්‍රචාරය කරනවා නමි,
ඒ කරන්නේ, මහින්දට එරෙහිව නොවේ ඔබේ රාජ්‍යයට ඔබේ,දරුවාගේ රට බෙදා වෙන්කිරීමකට අදාලවය.
රට ඇතුලේ හෝ රටින් පිට බෙදුම්වාදය වෙනුවෙන් අවි ගත්ත වුන් මල් මාලා දමා වීරයන් ලෙස සමරනවා නම් ඒ ඔබේ දරුවාගේරට කොටස් දෙකකට වෙන්කරන්නට ඔබේ රටට එරෙහි වුවන් සැමරීමක් විනා එයට අප එරෙහි වීම ඔබේ,පක්ෂයේ මතයට එරෙහි වීමක්,නොවන්නේය.
ලොව කිසියම් තැනක එල් ටී ටී ඊ කොඩිය බැනර් ලාංජන ප්‍රදර්ශණය කරමින් පවතිනවාද අප එයට එරෙහි වෙයං යැයි ඔබට බලකරන්නේ එසේ එරෙහි නොවනවාට ඔබට සරදම් කරන්නේද එය ඔබට එරෙහි වීමක්, හෝ ඔබේ දේශපාලන පක්ෂයට නොව රටට එරෙහිවීමක් නොසලකා හරින බව ලෙස සිතා වන්නේය.
ලෝකය තුළ සිද්ධවන මාධ්‍ය හරහා ඔබේත් මගේත් ඔබේ දරුවාගේත් රට ඉදිරියේදී බෙදා වෙන්කර මායිම්,ගසා පාළනයක් වෙනුවෙන් වෙන සිහිනයකට සිදුවන සමස්ථ මහා ක්‍රියාවලියකදී ඔබ සහ ඔබේ දේශපාලන පක්ෂය දේශපාලන කෝණයෙන් පමණක් බලා කරන මාතෘභූමියට රටේ ඒකීයත්වයට එරෙහි ප්‍රකාශවලට අපි විරැද්ධ වන්නේ ඒ සියල්ල ඔබට එරෙහිව නොව යම්,දිනක මේ රටට හතුරුව බලපාන බව හිතට දැනෙන නිසාය..
අපි අපේ දේශපාලනය රාජ්‍යය සමග පටලවා නොගත යුතුය .‼️
මක්,නිසාද අසමගිය සහ ඉතා පටු පක්ෂ බේදය තුළ මහා පලස්තීනය තුළ අසමගිය කුලල් කෑම බලතන්හාව උපයෝගී කරගෙන පිහිටවු ඊශ්‍රායලය
අද වනවිට පලස්තීනයේ,තුන්වන සහ හතරවන පරම්පරාව සරනාගත කදවුරු තුළ භූමියක් තබා ඇදිවතත් ඔවුන්ගේද යන්න නොදන්න තරමට අනාථ රටක් නැති රටක මිනිසුන් බවට පත්කර තිබේ.‼️
වර්ථමානයේ බහුතර සිංහළ අපේ,ජානමය අසමගියේ, කරුමය
අනාගත පරම්පරාවට නිමක්,නැති ගැටළු රැසක ඇරඹුමක් හදන්නට පාවිච්චි වීම නතර කරන්න ඔබ ඔබේ මනස රාජ්‍යයේ ඒකීයත්වයෙන් නොබෙදා තබා ගත යුතුය.
එය ඔබේ දේශපාලන පක්ෂ මතයට එරෙහිව දැකීමක්,ලෙස ඔබට සිතේ,නම් ඔබේ දේශපාපන පක්ෂය මෙහෙයවන්නන්ගේ අදහස් සමපාත වෙන බව ඔබට වැටහෙනවා නම්.....
ඒ අපේ ජාතියේ කරුමයට වඩා රටේ,කරුමය බව ලියා අවසාන කරන්නෙමු.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්