News Category
From Date
To Date
Maximum Number of Result

රංවලගේ සහ මගේ සරසවි

Dec 15, 2024 at 10:14 AM
|

මම Al කරල රිසල්ට් එන්නත් කලින් job එකට ගියේ kuoni එකේ, ජොබ් එක කරන ගමන් පක්ෂෙ වැඩ කලා , වයඹ චන්දෙට වැඩකරන්න  නිමාඩුදාල පුත්තලම ගියා , පුත්තලමෙ ඒ කාලෙ ජවිපෙට නවාතැන් දෙන්නවත් මිනිස්සු හිටියෙ නෑ , තිබුන ගෙවල් දෙක තුනේ පිටින් ආපු කාන්තාවො වයසක උදවිය නවත්තල , පන්ඩුක (කැලුම් අමරසිංහ ) සහ මම බස්ටෑන්ඩ් එකේ නිදාගත්ත දවස් තිබුන , පාර ජාතික  සංචාරක සමාගමක වැඩ කරපු , තරු පන්තියෙ හෝටල් වල නැවතිලා හිටපු, මට ඒක මාර experience එකක් උනා , පස්සෙ මමයි පන්ඩුකයි, අමිලයි තොඩුවාව බීච් එකේ මාලු වාඩියක නැවතුනා ,ඒක චන්දයක් නෙමේ යුද්ධයක් , නිමාඩු ඉවර උනාට එකට ගුටිකාගෙන හිටපු උන දාල එන්න හිතුන් නෑ , වයඹ චන්දෙ ඉවර වෙලා එහෙම්ම දකුණ චන්දෙට මාතර  ගියා 

මාතරදි මට නවත්තින්න වරුණගෙ (තංගල්ල පාරෙ ගෝල්ඩ් හවුස් එක කරපු ) නිවස අදුන්වල දෙන්න යන ගමන් සරත් අයිය (ජී. කුලරත්ත) 

" මල්ලි චන්දෙ ඉවර වෙලා , මොකද කරන්නෙ ? " ඇහුව 

" ජෙට්වින් ලයි, එයිට්කන්ස්පෙන්ස් ලයි දෙගොල්ලම කතා කරනව, ඒත් ගෙදරින් කියනව , ලෝ කරන්න කියල  , ආර්ථිකේ හදනවද , ඉගෙන ගන්නවද කියල කල්පනා කලේ " කියල මම කිව්ව

" ඔය දෙකම අත ඇරල පක්ෂෙ හදමු " 

එතනින් තමා මගෙ පුල්ටයිම් ජීවිතේ පටන් ගත්තෙ , ඒ කාලෙ අපිට පක්ෂෙන් ටාර්ගට් එකක් දීල තිබුන පුලුවන් තරම් පුල් ටයිමර්ස්ල හදන්න , ශිෂ්‍ය සංගමෙන් ඉන්ජිනේරුවො , දොස්තරල වෙන්න හිටපු කොල්ලො උපාධි නවත්තල  පුල්ටයිම් එවුව, අපි දිස්ත්‍රික්ක වලින් රස්සා කරපු කොල්ලො කෙල්ලො ගැලෙව්ව 

ඒකාලෙ හොදම සංවිධායකයො උනේ වැඩිම චන්ද ගන්න ආසන නෙමේ වැඩිම ෆුල්ටයිමර්ස්ල ගලවන සංවිධායකයො 

88/89න් පස්සෙ ශිෂ්‍ය සංගමෙන් මුලින්ම උපාධිය දාල පුල්ටයිම් ආවෙ රෝහිත තිලකරත්න ,  ඒ වෙලාවෙ අනුරට පුල්ටයිම් එන්න කිව්වම අනුර කියල තිබුනෙ ඩිග්‍රිය ඉවර කරල එන්නම් කියල 

දේශපාලනය වෙනුවෙන් ජීවිතේ අතඇරපු නිශ්මිල, වෙනුරල, බාලෙලට සාපේක්ෂව උපාධිය අතාරින එක මොකක්ද කියල තමා එදා පුල්ටයිම් ආපු කොල්ලො කෙල්ලො හිතුවෙ

2015 මංගල සුභාෂ් ජයවර්ධනව ITN එකේ GM කරල යවපුවම අනුර පාර්ලිමේන්තුවෙදි ඇහුව සුභාෂ්ගෙ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියල , සුභාෂ් කියන්නෙ දේශපාලන මාධ්‍යකරණයෙ  අංක එකේ වැඩ්ඩෙක් , පරණ ජේවීපිකාරයෙක්,

මංගල ඒ වෙලාවෙ අනුරට මරු උත්තරයක් දුන්න

" ඔයාල දේශපාලනය වෙනුවට උපාධිය තෝරගද්දි , අධ්‍යාපනය වෙනුවට දේශපාලනය තෝරගත්ත කෙනෙක් සුභාෂ් , ඔයාට අද එයා සුදුසු නැති උනාට මට එයා සුදුසුයි" කියල 

මංගලගෙ මේ කතාව නිව්ස් වල දකින කොට මගෙ ඇස්වලට කදුළු ආව, මංගලට ආදරේට නෙමේ , මම ෆුල් ටයින් ගත්ත කොල්ලො කෙල්ලො මතක් වෙලා , අදත් පාරෙදි උන්ව දැක්කහම හුස්ම හිරවෙනව

ගෝර්කිගෙ මගේ සරසවිය කියවපු මිනිස්සුන්ව අනුරල තමයි  හොර උපාධි සහතික හදාගන්න තැනට ගෙනාවෙ, ඒ දේශපාලනය කරන්න ආචාර්‍ය මහාචාර්ය කෑලි ඕනෙ කියල වියත් මගේ පාර්ට් ටූ එක උස්සල  , රංවල කියන්නෙ ඒකෙ ගොදුරක්

මම බස්නාහිර පලාත් සභාවෙ කණ්ඩායම් නායකය වෙලා ඉද්දි රංවල හිටිය මගෙ කන්ඩායමේ , රංවල කියන්නෙ දක්ෂයෙක් නෙමේ , ඒ කන්ඩායමේ පානදුර ජගත්,  ගම්පහ එරාජ් , කොලඹ නෆ්ලි වගේ ඊට වඩා කැපිල පේන හුගදෙනෙක් හිටිය , හැබැයි රංවල කියන්නෙ නිහතමානී , අහිංසක මනුස්සයෙක් , මම භාර දීපු වැඩ මගඇරල මගෙන් අනන්ත  බැනුම් අහල ඇති , මට වඩා බියගම සංවිධායක සුරංගගෙන් බැනුම් අහල ඇති. කිසිදවසක ඒව ගනන් ගත්තෙ නැති මනුස්සයෙක් 

අද රංවල විශාල පීඩනයකට ලක්වෙලා තියනව, රනාගෙ වයිෆ් ඒකාලෙ  ගම්පහ හොස්පිටල් එකේ වැඩකලේ , දරුවො දෙන්නම අම්මගෙ අඩිපාරෙ ගියා , අද ඒ දරුවො මොන තරම් මානසික පීඩනයකට ලක්වෙලා ඇත්ද ? 

මේ සිද්දියත් එක්ක මට රංවලගෙ නෑදෑයෙක් උන පලාත් සභාවෙ ලේඛම්වරයෙක්ව හිටපු ජයවර්ධන මහත්තය මතක් උනා 

කොලඹ නගර සභාවෙ ගිණි නිවන රථ මිලදී ගැනීමකදි උන වංචාවක් ගැන මම පලාත් සභාවෙ ප්‍රශ්න කලා , ඒකෙ පරීක්ෂණ වාර්තාව දානකන් ෆයිට් කලා, ඒ වාර්තාවෙන් කීපදෙනෙක් වැරදිකාරයො උනා , වාර්තාව එලියට එද්දි ඒ හොරකමට අදාල ප්‍රධාන වැරදිකාරයො රටෙන් ගිහිල්ල , ඉතුරු උන එකම කෙනා ජයවර්ධන මහතා, එයාට තිබුනෙ නොසැලකිලිමත්ව කටයුතු කිරීම කියන චෝදනාව පමණයි, වාර්තා එලියට ආපු දවසෙ මම පලාත්සභා ඉවර වෙලා පක්ෂෙ අධ්‍යාපන කමිටුවට සහභාගී වෙන්න පැලවත්තට ගියා , පෝන් එක ඕෆ් , මට ජයවර්ධන මහත්තල එක දිගට කෝල් අරන් 

රෑ රංවල කෝල් එකක් දීල කිව්ව , ජයවර්ධන මහත්තය ඔයාව හෙව්ව කියල , මම ඇහුව මොකටද කියල , 

" එයාට ඕනෙ උනේ , එයා හොරෙක් නෙමේ කියල ඔයාට කියන්න " 

මම කිව්ව "හරි මම කිව්ව , මම උදේම ගන්නම්" කියල 

# උදේ මම ගන්න කොට ජයවර්ධන මහතා සියදිවි නසාගෙන

මම මලගෙදරට ගියාම, එයාගෙ දුව මගෙ ලගට ඇවිත් කිව්ව 

"අපේ තාත්තත් චන්දෙ දුන්නෙ ඔයාලට , එයා ඔයාට හරි කැමතියි, එයා හොරෙක් නෙමේ , ඇයි .. ඇයි.. ඔයා එයා මැරුවෙ"  කියල

රනා උඹ පරණ රනා නම් එහෙම කරගන්නෙ නෑ , උබට ගට තිබුන , ඒත් උබ පරණ රනා නෙමේ කියල මට හිතෙනව , මොකද පරණ රනාට කවදාවත් බොරු ආචාර්‍ය පට්ටමක් නමට ඉස්සරහින් දාගන්න හීන මානයක් තිබුනෙ නෑ 

දැන්වත් පරණ මිනිහ වෙලා ඇත්ත කියල , ඔය කටු ඔටුන්න බිමදාපන් , ඕක බිමදාල බියගමට ආවොත් උබව බදාගන්න එවුන් තාම බියගම ඉන්නව 

එහෙම බැරිනම් මට කියන්න තියෙන්නෙ, මේක අනුර හදපු මාලිමාවෙ ඉරණම , උබ ඒකෙ ගොදුරක්,

 අනුර ඔයා හැදු රට පුදුමයි , අදුර ලගයි ආලෝකෙ දුරයි

warunarajapaksha@

සම්බන්ධිත පුවත් | Related News

සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.
යම් සංවිධානයක් විසින් තමන්ට වෙනම රටක් අවශ්‍ය බවට මතයක් ඉදිරිපත් කළ හොත් අලුතෙන් ගෙනවිත් ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර විසින් පවසන කතාවක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවැත්වෙන සත්‍යග්‍රහය අතරතුර සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
වත්මන් පාලන බලය ජාතික ජන බලවේගය සතු වුවද, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය තවමත් සම්පූර්ණයෙන්ම තමන්ගේ ප්‍රතිපත්තිවලට අනුගත වී නොමැති බවත්, රාජ්‍ය සේවයේ ඇතැම් දෙපාර්තමේන්තු තවමත් පැරණි ක්‍රමවේද ඔස්සේ අකාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කළේය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ පූර්ව දැනුම්දීමකින් හෝ එකඟතාවකින් තොරව තිරිඟු පිටි මිල රු. 13කින් ඉහළ දැමීමට එරෙහිව දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.