News Category
From Date
To Date
Maximum Number of Result

අලුත් අවුරුද්දට වින කරන දේදුනු සංකල්ප පිටු දකිමු..

Apr 12, 2025 at 07:13 PM
|

සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි. අවුර් යන නාමය සූර්යයාට යෙදෙයි. අවුරුදු කාලයට ලංකාවට සාපේක්ෂව සූර්යයා ලංකා මහී තලයට මුදුන් වෙයි. යකඩත් හබල පෙතිත් මේ කාලයට උණු වන්නේ යැයි ජනවහරේ පවතින්නේ නිකමට නොවේ. අවුර් නැතිනම් සූර්යා එක කෙළින් මුදුන් වන බැවින් දුරාතීතයේ පටන්ම ලක්වාසී ජනතාව මෙම කාලයට අවුරුදු කාලයයි දක්වති. මේ සිද්ධාන්තයට අමතරව ආසියාතික රටවල සංස්කෘතික සංකලනයක අවස්ථාවන් දක්නට හැක්කේ මේ අවුරුදු කාලය තුළයි. විශේෂයෙන්ම චීනය, කොරියාව, තායිලන්තය, බුරුමය වැනි රටවල් සමග තිබූ දිගු කාලීන සංස්කෘතික බැඳියාව නිසා අලුත් අවුරුදු කාලයේ දී අනුගමනය කරන සිරිත් විරිත් රාශියක් දේශයට ආවේණික ලෙසට හැඩ ගැසී පවතී. ඒ අතර හින්දූන් අතර පැවති ජ්‍යොතිෂ්‍ය සිද්ධාන්ත යොදා ගැනීම ද දැක්විය හැකිය. මහනුවර යුගයේ අවසාන කාලයේ දී මෙරට පාලනය කළ වඩිග රජවරු අනුගමනය කළ චාරිත්‍ර වාරිත්‍රයන්ද මෙයට එකතු වීම නිසා ඇතැමෙක් මෙයට හින්දු හෝ දෙමළ අවුරුද්ද යයි කියා සිටිති. එය වැරදි ව්‍යවහාරයකි. දකුණු ඉන්දීය දෙමළ ජනතාවට වෙනමම සංවත්සර කාලයක් ලබා දෙන්නේ ඒ දේශයට සූර්යයා උදාවන කාලය වෙනස් බැවිනි. කෙසේ වෙතත් මෙරටට ආවේණිකව හැඩ ගැසුණු අලුත් අවුරුද්ද සැබැවින්ම ජාතික දිනයකි.

එහි ප්‍රධානතම චාරිත්‍රය වන්නේ එකම මොහොතක වැඩ අවසන් කර පේ වී නොනගත කාලයක් ගත කර එකම මොහොතක වැඩ ඇල්ලීමට පුරුදුව සිටීමයි. වැඩ ඇල්ලීම යනු ආහාර අනුභවය හෝ ගනුදෙනුව නොවේ. කැත්තක් උදැල්ලක් රැගෙන වත්ත පිටියට ගොස් අලුත් අවුරුද්දේ සුභ මොහොතින් නිෂ්පාදන වර්ෂයකට ආරම්භය දීමයි. ලංකාව ගොවිතැනෙන් යැපෙන රටක් බැවින් සියලු දෙනම එකම මොහොතක ඒ ලෙසට වැඩ ඇල්ලීම මගින් ඇතිවන මානසික ශක්තිය මෙන්ම කායික කැපවීම අවුරුද්දක් පුරා වෙහෙස මහන්සිව වැඩ කිරීමට දහිරිය සපයන බව අමුතුවෙන් කිව යුතු නැත. පිරිමි පාර්ශ්වය ඒ ලෙස වැඩ අල්ලන විට කාන්තා පාර්ශ්වය සුභ මොහොතින් ලිප ගිනි මොළවා ආහාර පිස අනුභවයට ලක ලෑස්ති කරයි. අනාදිමත් කාලයක සිට ගින්දර මිනිසාට නැතිවම බැරි විය. ගිනි දෙවියාට ගෞරව කිරීම පිණිස ලිපට වැඳීම සිරිතකි. නිෂ්පාදනයෙන් ලැබෙන බොහෝ දේ අරපිරිමැස්මෙන් වඩා ගුණදායක ලෙසට සකස් කර දරුවන්ටත් පවුලේ සියලු දෙනටත් අනුභව කරන්නට දීම මගින් ඇති වන චිත්ත ඒකාග්‍රතාවය ජාතියකට කෙතරම් වැදගත්ද. දෙමළ ජනතාවට මුස්ලිම් ජනතාවට සහ කතෝලික ජනතාවට මේ චාරිත්‍ර වාරිත්‍ර වැදගත් නොවන්නේ යැයි ඇතැමෙකු සලකති. එය වැරදි මතයකි. අලුත් අවුරුද්ද යනු ආගමික උත්සවයක් නොවේ. එය ජාතික දිනයකි. අවුරුද්දේ සතරවන මාසය යනුවෙන් සලකා දැනටමත් දෙමළ ජනතාව සිත්තර පුන්නාඩු යයි කියමින් මේ අවුරුද්දට එක්වෙති. ඔවුන්ගේ හින්දු සංකල්පවලින් වුවත් මෙම ජාතික දිනයට එක් වීම ඉතා වැදගත්ය. මුස්ලිම් ජනතාව දැන් චිරාත් කාලයක් තිස්සේ ලංකාවේ ජීවත් වෙති. ඔවුනටම වෙන් වූ ආගමික චාරිත්‍ර තිබුණ ද ජාතියක් වශයෙන් මෙම දිනයට එකතු වීමට ඔවුනට බාධාවක් නැත. මූලධර්මවාදී අදහස් පසෙකලා නව නිෂ්පාදන වර්ෂයක් ආරම්භ කිරීමට ද ආහාර අනුභවයට එක්වීමට ද කල්පනා කළහොත් රටේ ඒකීයභාවයට මහත් රුකුලකි. කතෝලික ජනතාව බහුතරයක් සිංහල සිරිතට එතරම් ගරු කරන්නේ නැත. බටහිරකරණයට වැඩි වශයෙන් ගොදුරු වූයේ ඔවුන්ය. නමුත් වර්තමානයේ ජාතියක් වශයෙන් අපට එක්වීමට නම් මේ ජාතික දිනය ඔවුන්ගේ ද ජාතික දිනය කර ගැනීම ඉතා වැදගත්ය.

චිරාත් කාලයක් තිස්සේ ශක්තිමත්ව ගොඩ නඟා ගෙන තිබුණු මේ රටේ ජාතික දිනය පිළිබඳ හර පද්ධතිය බිඳ වැටීමට ලක්වන්නේ යටත්විජිත පාලනයත් සමගය. ඔවුහු සැම විටම බි්‍රතාන්‍ය සංස්කෘතික ලක්ෂණයන්ගෙන් මේ රටේ ජනතාව හසුරු වීමට උත්සාහ ගත්හ. විශේෂයෙන්ම ආගමට හරවා ගැනීම ප්‍රධාන විය. විසිවන සියවස මුල භාගයේ පාණදුර වාසී බෞද්ධයන් ආණ්ඩුකාරවරයාට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. එහි දැක්වෙන්නේ ක්‍රිස්තියානිකාරයින්ගෙන් බුද්ධ ඇදහිලිවන්තයන්ට සිදුවන හිරිහැර සම්බන්ධවයි. ආගමින් බෞද්ධයන් වුවද ආණ්ඩුවේ බලපෑම සහ තනතුරු ලබා ගැනීමේ දී සිදුවන ආගමට හැරවීම් නිසා ඔවුහු ක්‍රමයෙන් පෙර සඳහන් කළ එංගලන්ත සංස්කෘතියේ කොටස්කරුවන් වූහ. අලුත් අවුරුද්ද වෙනුවට ඔවුන් ජනේරුව උසස් කොට සැලකූහ. ‘බහුරු කිචල් බහුරු කිචල් ජනේරු නත්තල් නාකි කටේ අත ඇනිලා හරිම කරච්චල්’ යනුවෙන් ජන කවියක් මේ සංස්කෘතියේ නිර්මාණය වන්නේ මෙකී දෙබිඩි ජීවන රටාවට පත් වූවන්ගේ ආකල්පයන් කියා පෑමටය. වර්තමානය වන විට ජනවාරි පළමුවැනි දා නොහොත් නව වසර ද සිංහලයෝ බහුතරයක් සමරති. උත්සව පවත්වති. සැරසිලි කරති. නෑගම් යති. ඒ තත්ත්වය උදා වූයේ බි්‍රතාන්‍ය සංස්කෘතික ලක්ෂණයන් තම ජීවිතයට වැද්දා ගැනීමෙන්ය. ජනේරුව යනු සොබා දහමට අනුකූලව සකස් කර ගත් උත්සවයක් නොවේ. නමුත් අලුත් අවුරුද්ද පෙර කී පරිදි මේ රටේ නිෂ්පාදන වර්ෂයත් සමග ඒකාත්මිකව බැඳී පවතින උත්සවයකි.

බුද්ධ ශාසන ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අයවැය කාරක සභා විවාදයේ දී දේදුනු ජාතියක් පිළිබඳව අදහසක් පළ කරන ලද්දේය. එයට පදනම් වූයේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේ දී කියැවුණු ශ්‍රී ලාංකික දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ගෙන එන ලද යෝජනාවයි. ලංකාවේ සියලුම ජාතීන්ට එකට එකතු විය හැකි දිනයක් අවශ්‍ය යැයි ඔහු එහිදී කියා සිටියේය. එහෙත් අලුත් අවුරුද්ද ජාතික දිනයක් වශයෙන් ශක්තිමත්ව පැවතියේ යැයි ඔහු නිකමටවත් ප්‍රකාශ නොකළේය. බුද්ධ ශාසන ඇමැතිවරයා තවදුරටත් පලිප්පු දමමින් මේ ජාතික දිනයට මිලියන 300 ක් මුදල් වෙන් කරන බවත් මෙතෙක් ඒ සඳහා ගත් උත්සාහයන් අසාර්ථක වූයේ අවංක කැපවීමක් නොමැති වූ නිසා බවද සඳහන් කරයි. දේදුනු ජාතියක් පිළිබඳ මෑත කාලයේ දී ප්‍රථමයෙන්ම ප්‍රකාශ කරන ලද්දේ දකුණු අප්‍රිකාවේ ආර්චි බිෂොප්ව සිටි ඩෙස්මන් ටුටූ නම් දේවගැතිවරයා විසිනි. බයිබලයේ උත්පත්ති කතාවේ එන දෙවියන්වහන්සේ පිළිබඳ විශ්වාසයේ සංකේතයක් ලෙසට සලකන දේදුන්න සහ ඒ මගින් ජනිත වන සංකල්පය ගැන ඔහු (Rainbow people) නමින් ග්‍රන්ථයක් ද රචනා කරන ලද්දේය. දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට විරුද්ධව හඬ නැගූ මෙම අගරදගුරුවරයා සමානාත්මතාවය සහ දේව විශ්වාසය පිළිබඳව යටකී පල්ලියේ සංකල්පය රාජ්‍ය පාලනයට ආදේශ කළේය. පසුව 1994 දී ජනාධිපතිවරයා වශයෙන් පත් වූ නෙල්සන් මැන්ඩෙලා මේ කතාව නැවත උලුප්පා දක්වමින් ඩෙස්මන් ටුටූගේ දේදුනු ජාතිය අගය කරමින් වර්ණභේදය නිසා පීඩාවට පත් ජනතාවට යුක්තිය සඳහා සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් ස්ථාපිත කොට එහි ප්‍රධානියා බවට ඩෙස්මන් ටුටූ පත් කළේය.

මේ රටේ සිටින ලිබරල් උගතුන්ට දේශීය සංකල්ප නැත. උග්‍ර වර්ණභේදයක් තිබුණු දකුණු අප්‍රිකාවේ මෙන් ලංකාවේ ජාතිවාදයක් හෝ ආගම්වාදයක් නැත. ඇමරිකන් චර්ච් මිෂනාරින් යාපනයට විත් දෙමළ උගතුන් බිහි කර පල්ලියට පක්ෂපාති කොට ඔවුන් සිංහලයන්ට විරුද්ධව උසි ගන්වන ලද්දේය. 1819 දී ගාල්ලේ රැස්වුණු මෙම දේවගැතිවරුන් උතුර දෙමළ ජනතාවට සහ දකුණ සිංහල ජනතාවට යැයි කියා බෙදීමක් ඇති කරන ලද්දේය. තිස්වසරක කුරිරු යුද්ධය ඒ හේතුවෙන් හට ගන්නා ලද්දකි. මේ ඉතිහාසය ගැන නොදන්නා බුද්ධ ශාසන ඇමැතිගේ බංකොලොත් බව පැහැදිලි වන්නේ තමන්ගේ විෂයයට වත් නොගැලපෙන පල්ලියේ සංකල්පයක් අනුකරණය කිරීම නිසාවෙනි. වෙසක් උත්සවයට මිලියන 12ක් වෙන් කරන රජය මේ දේදුනු සංකල්පය ප්‍රවර්ධනයට මිලියන 300 ක් වියදම් කිරීමම මරි මෝඩ ක්‍රියාදාමයකි. දිගු ඉතිහාසයක් තිබෙන අලුත් අවුරුද්ද වැනි සංස්කෘතික උත්සවයක් කෙරෙහි විශ්වාසය නොතබන මෙවැනි උගතුන් සහ දේශපාලනඥයන් රටේ පාලකයන් බවට පත් වීම රටට මහත් අවාසනාවකි.

- මතුගම සෙනෙවිරුවන්

(දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.