News Category
From Date
To Date
Maximum Number of Result

1988 /89 කාලයේ දී ඝාතනය කරන ලද දේශප්‍රේමීන් සිහිපත් කරමින් පවත්වනු ලබන ඉල්මහ විරු සැමරුමක් 2024 නොවැම්බර් මස 13 වෙනි බදාදා පෙරවරු 10 ට බොරැල්ල කනත්ත මං සන්ධියේදී පැවැත් වේ.

නොතේරෙන දේවල්වලට අපභ්‍රංශ කියන්නේ ඇයි ද යන්න පැහැදිලි කරමින් සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඉසුරු ප්‍රසංග කරුණු පැහැදිලි කර තිබේ.

මෙය කාල දේශ ආදී සීමාවලින් තොරව කාට වුවද අදාළ විය හැකි ඇත්තකි.

ඉන්දියාවේ Sa***** / Red** වගේ දුරකතන වලට, අවුරුද්දක් පරණ වුණ හැටියේ 60%ක - 80%ක වට්ටමක් ලැබෙනවා. (පාවිච්චි කරපුවා නෙවෙයි. Brand New ගනිද්දී.) රු. 89,000 හේ දුරකථනය ගන්න පුළුවන් රු. 22, 000ට අවුරුද්දක් බලාගෙන උන්නොත්.

යුද්ධය පවතින කාලයේ සමහරක් කොටස් රට බෙදීමට විරුද්ධව ගෙනාපු කතාවක් තමයි, ලංකාව රටවල් දෙකක් විදිහට දෙකඩ කළොත් දුර්වල රාජ්‍යයන් දෙකක් ඇති වෙනවාය කියන අදහස. ඒක වැරදි කතාවක්. දුර්වල රාජ්‍යයන් දෙකක් ඇති වෙන්‍නේ නැ. එක දුර්වල රාජ්‍යයි ඇති වෙන්නේ. ඒ තමයි සිංහල මිනිස්සු ඉන්න ලංකාව. ඊළාමය දුර්වල රාජ්‍යයක් වෙන්නේ නෑ.

අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ යන ජනාධිපති අපේක්ෂකයන් ජනාධිපතිවරණයේ දී රුපියල් මිලියන 3035ක් වැයකර ඇති බවත්, එහෙත් එම වියදම් කළ මුදලට වටිනාකමක් ලැබුනාද යන ප්‍රශ්නය පැනනගින බවත් ප්‍රවීන මාධ්‍යවේදී ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.

අනුර සහෝදරයා ප්‍රවේශම් විය යුතුය. අනුර සහෝදරයා ප්‍රවේශම් විය යුත්තෙ ඔබට විරුද්ධ මත දරන හෝ ඔබට විරුද්ධව සමාජ මාධ්‍යයේ ලියන අපෙන් නොව ඔබව බලයට ගෙනා අද ඔබව උත්කර්ෂයට නගන එවුන්ගෙනි.

කලක සිට මුස්ලිම් විවාහ නීතියට යම් සන්ශෝදන එක්කල යුතු බවට මුස්ලිම් සමාජ ක්‍රියා කාරිනියන් තදින්ම ඉල්ලා සිටියා, මමත් එයට සහාය දුන්නේ විවාහයක් යනු දෙදෙනකුගේ ගිවිසගැනිමක් වන බැවින් කාන්තාවටද විවාහ සහතිකයේ අත්සන් කිරිමට ඇති අයිතිය හා දික්කසාදයේදි වන්දි, නඩත්තු ආදියෙහි කාන්තාවට සාදාරනයක් ඉටුවිය යුතු බව මා පෞද්ගලිකව විශ්වාසය කරන නිසාය.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.