News Category
From Date
To Date
Maximum Number of Result

දරුවන් වැඩිහිටියන්ට වැඳීමෙන් සිදුවන ලෝක විනාශය ගැන ව්‍යාජ රචනා ලිවීම, නිවහල්කමක ප්‍රතිඵලයක් නොව දීන වහල් මානසිකත්වයක ප්‍රතිඵලයකි.

නිකොලායි ඔස්ත්‍රොව්ස්කි, ඔහු ජීවත් වෙන්නේ අවුරුදු 32යි. ඒ ජීවත් වෙන අවුරුදු තිස්දෙකෙනුත් අවුරුද් හතක් ඔහු ගත කරන්නේ අන්ධ භාවයෙන්.

(නිමිත්ත - සටනේදී වෙඩි වැදුණු මිතුරා බේරා ගැනීමට ජ්‍යෙෂ්ඨ අණ නොතකා ගිය ලුතිනන්වරයකු පසුව සිය අණදෙන නිලධාරියාට දුන් කටඋත්තරය)

මිනිසුන් තුළ මුල් බැසගෙන ඇති දේශපාලන මතවාද හා ජීව විද්‍යාව අතර කිසියම් සම්බන්ධයක් තිබේ ද යන්න පරීක්ෂණාත්මක හෙළිදරව් මගින් සිදුකෙරෙන විග්‍රයක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු හා මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන ඉසුරු ප්‍රසංග මහතා විසින් සිදුකර තිබේ.

උතුරේ හා නැගෙනහිර ඡන්ද අනුර කුමාර මහතාට නොලැබීම උතුරේ නූගත්කම පිළිබඳ ප්‍රශ්නයක් බවට බොහෝ දෙනා හැඟීම්බර අදහස් පළ කරති. එහි ඇත්ත නැත්ත මේ සටහනෙන් නිරූපණය වේ.

එයාලා පෝස්ටර් අලවන්න එන්නේ සෙට් පිටින් පැජරෝවල. අපේ අය යන්නේ ෆුට් බයිසිකලේ. පාප්ප බාල්දි එල්ලගෙන, දෙන්නෙක් ෆුට් සයිකලේ ඩබල් දාලා ගිහින්, බයිසිකලේ ලයිට් කණුවකට හේත්තු කරලා නවත්තලා, අපි ඔහොමනේ පෝස්ටර් අලවන්නේ... ඉතින් ඕවා දැක්කාම උන්ට ගහන්න හිතෙන්නේ නැද්ද? ඔහොම ගිහින් ගුටි නොකා ආවොත් තමයි පුදුමේ...

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 වැනි පිටුවේ අලුත් ව්‍යවස්ථාවක් හදන හැටි කියනවා. 2015-2019 යහපාලන කාලයේ ගෙන ගිය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන වැඩපිළිවෙළ ප්‍රකාරව එම අලුත් ව්‍යවස්ථාව හදන බවට අනුර පොරොන්දු වෙනවා. එම වැඩපිළිවෙළ කුමක්ද?

අද 88-89 මතකදැයි අසන්නෝ බොහෝය. ඒ ගැන මතකය අවදි කරගැනීමට කැමති අය පක්ෂ පාට පසෙක තබා මෙහි එන සැබෑ ඉතිහාස සිදුවීම් ගැන අවබෝධයෙන් සිටීම ඉතා වැදගත්ය.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.