News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතිත්වයෙන් කෙරුණු ජනාධිපති කොමිසමේ වාර්තාවේ මෙතෙක් අවධානයට ලක් නොවූ සුවිශේෂී කාරණයක් තිබෙනවා.

1993 නොවැම්බර් මස 11 දා ඇවිළුණු පුනරීන් මහ සටනේ දී සොල්දාදුවන් 400 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීම සඳහා රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ක්‍රියාකළ ආකාරය සඳහන් වීඩියෝවක් පහතින් දැක්වේ.

ඖෂධීය වටිනාකමින් යුත් පලතුරක් වන දෙළුම් වලින් ලංකාවේ සිදුකරන නොයෙකුත් නිෂ්පාදන පිළිබඳව දැක්වෙන වීඩියෝවක් පහළින් දැක්වේ.

රාජපක්ෂ "හොර" පවුල ගැන වර්තමානයේ නිරන්තරයෙන් කතා කෙරෙන මොහොතක, මීට අවුරුදු 30ක ට ඉස්සර කතා කෙරුණු තවත් ප්‍රසිද්ධ පවුලක් මුල් වූ, සුප්‍රසිද්ධ හොරකමක් මට මතක් වුණා...

සමකාලීන ලෝකයේ මානව ප්‍රජාව දකින, මුහුණ දෙන අතිශයින්ම අසාධාරණ ක්‍රියාවට, අසාධාරණ සිද්ධියට මුහුණ දෙන ජනතාව පලස්තීන ජනතාව බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

ලේඛිකා ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් විසින් රචිත 'තිත්ත කෝපි' The Bitter Berry නම් වූ ඉංග්‍රීසි නවකතාව ලියූ හා එහි කතා බීජය ඇගේ හිත තුළ පැළපදියම් වූ තම පියා ට අයත් නාවලපිටියේ ' හෙරන්ඩේල් ' නම්වු වතුයායට අයත් බංගලාවේ මේ සති අන්තය ගෙවා දැමීමට වාසනාව ලදිමි.

රන්ජන් රාමණායක මහතාගේ මූලිකත්වයෙන් අලුතෙන් නිර්මාණය කළ පක්ෂයේ සමුළුවකට සහභාගී වුනු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් බොහෝ ප්‍රමාණයක් රැලියෙන් පසු ඔවුන්ට පොරොන්දු වූ ප්‍රවාහන පහසුකම් සහ මුදල් ලබා නොදුන්නා යැයි කියමින් සුගතදාස ක්‍රීඩාංගනය අසල ඇතිකරගත් ගැටුමක් පිළිබඳව පුවතක් වාර්තා වී තිබේ.

අමිත්, ඔහු වෘත්තියෙන් රූපවාහිනි සකසන්නෙක්. ඔහුට දිනක් සුන්දර කාන්තා කටහඬකින් ඇමතුමක් ලැබෙනවා.

ඊශ්‍රායල් ආරක්ෂක ඇමති ගැලන්ට් සිය මෙහෙයුම් කාර්යාලයේ සිට නිකුත් කළ ඡායාරූපයක් සම්බන්ධයෙන් විග්‍රහයක යෙදෙන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසන්නේ ඊශ්‍රායලයට තම පුරවැසියන් සඳහා "රූපමය ප්‍රහාරයක් නිර්මාණය කර දීමේ අවශ්‍යතාව" තිබෙන බව පෙනීයන බවයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.