මෝදි අනුරගේ කරට අත දමාගෙන යාම ගැන ඇත්තේ සතුටකට වඩා බියක් - දිල්කා මුහුණු පොතේ ලියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට ජනාධිපතිවරයාගේ කරට අත දමාගෙන යාම ගැන තමන්ට ඇත්තේ සතුටකට වඩා බිය උපදවන තත්ත්වයක් බව දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදිනී දිල්කා සමන්මලී මහත්මිය සඳහන් කරයි.
මේ වන විට දෙරණ නාලිකාවෙන් ඉවත්ව ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඇය තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇත්තේ මෙසේය.
මේ ජායාරූපය දැක්කම හිතෙන්නෙ මොකක්ද? බලන්න ඉන්දියාවේ අගමැති අපේ ජනාධිපතිගෙ කරට අතක් දාගෙන යන ගානට පත්වෙලා තියන හැටි.
.එහෙම සතුටක් සමහරුන්ට දනෙන්න පුලුවන්.නමුත් මේක මට අනුව නම් ඉතාම නරක body language එකක්.(2009 වසරේ ලංකාවෙන් පිටත අධ්‍යාපන ආයතනයක, රාජ්‍ය නායකයින්ගෙ සහ දේශපාලකයන් ගේ body language ගැන කළ හැදාරීම් වලදි ඉගන ගත් තොරතුරු වලට අනුව.)මේ ගැන මම කියනවට වඩා ඔබටම පුලුවන් රාජ්‍ය නායකයින්ගේ body language ගැන අන්තර්ජාලය ඇසුරෙන් කරුණු සොයා දැනගන්න.මට නම් මේක සතුටකට වඩා බිය උපදවන ජායාරූපයක්.
.මෝධි දන්නව ඔහු කරන්නෙ මොකක්ද කියල.ඒත් ඔබ දන්නවද?පරිස්සම් වෙන්න වෙයි.
ප.ලි.
මේ හහමුව සුභවාදීව නොබලා අසුභවාදී ව බලන්න තරම් කුහක පිරිස් මේ සමාජෙ ඔනතරම්.ඒ වගේම මේ දේශපාලනය තුල දකින දේ සංවාද කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ කියන එකයි මගේ අදහස. ඉන්දියාව තව දුරටත් අපේ පිටට තට්ටු දමමින් ඔවුන්ගෙ සහචරයෙක් බවට ලංකාව පත් කරගන්න උපක්‍රමශීලී උත්සාහයක යෙදෙනව නම් ඒ ගැන අවධානයකින් සිටීම කාටවත් කඩේ යෑමක් නෙමෙයි.
ඒනිසා පෝස්ට් වලට කමෙන්ට් කරන අඳබාල ලදරුවන්ට බයේ අදහස් ප්‍රකාශ කිරීම නතර කරයි කියල හිතනව නම් ඒක හීනයක් සහෝදර වරුනි
.කොටින්ම මගේ රටේ ජනාධිපති ව අල්ලපු රටේ අගමැති ” that s my boy “කියන්නා වගේ තුරුල් කරං යන එක මට නම් අල්ලන්නෙම නෑ.මේ හැසිරීම අනුව අනුර ජනපති මෙයාලගෙ ලණු නොකා හිටියොත් ඒ ඇති.එච්චරයි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්