News Category
From Date
To Date
Maximum Number of Result

යහපාලන රජයේදී ගොඩ ගත්තේ තාජුඩීන්ය. මාළිමා රජයෙන් රටට ගේනවා කියන්නේ අර්ජුන මහේන්ද්‍රන්ය

Dec 21, 2024 at 02:02 PM
|

දන්න ආකාරයට මහ බැංකු බැදුම්කර සිද්ධියට අර්ජුන යහපාලන රජයේදී ගොඩ ගත්තේ තාජුඩීන්ය. මාළිමා රජයෙන් රටට ගේනවා කියන්නේ අර්ජුන මහේන්ද්‍රන් මීට පෙරත් ලංකාවේ මහාධිකරණයකින් වරෙන්තු, කලේය. දැන් නව රජය යටතේත් ඔහු වරෙන්තු කලේය.
මාළිමා පාක්ෂිකයන් එයට සතුටු වන්නේ හරියට අර්ජුන මහේන්ද්රන් ඊලග නඩු වාරයට ලංකාවේ රාළහාමිලා දෙතුන් දෙනෙක් ගිහිං අර්ජුනමහේන්ද්‍රන් කුදලාගෙන ඇවිත් වරෙන්තුකාරයා ඉදිරිපත් කරන සයිස්එකටය 😄😄
අනුරගේ ආන්ඩුව 2029 නැවත ජනාධිපති වරණයකට යනකල් ඔය වරෙන්තුවට අර්ජුන මහේන්ද්ර සිංගප්පුරුවෙන් අපට ගන්න බැරිය. ජාත්යන්තර නීතිය සහ සිංගප්පූරු නීතිය එසේය
ලංකා රජයට ලංකාවේ අධිකරණය වෙනුවෙන් අර්ජුන මහේන්ද්ර සිංගප්පුරුවෙන් අපට දෙන්නේ සිංගප්පූරු නීතියට ඒ නඩු,නිමිත්තට සිංගප්පුරු අධිකරණයේ නඩුවක් විභාග කොට වැරදි කරුවෙක් වුනොත් විතරය .‼️
අනුරගේ රජය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කංඩායමක් රාජ්ය ත්රාන්ත්රිකව සිංගප්පූරු අධිකරණයට ලංකා රජය වෙනුවෙන් අර්ජුන මහේන්ද්රට එරෙහිව නඩුවක් පවරන්න අනුර දිසානායක යැව්වා කීවනම් ඔන්න ඒක රටේ හොරු අල්ලන්න වැඩ කරනවා කියන්න පුළුවන.‼️
හැබැයි ජාත්යන්තර නීතිය නොදන්න රටේ සාමාන්ය බයිජවිපාවුන්ගේ ආතල් එකට අර්ජුන මහේන්ද්රට වරෙන්තු,කරා කියලා ප්රවෘත්තියක් දීලා කරන්න පුළුවන් ලබ්බක් නැත.😄😄
ඒක හරියට යහපාලන රජයෙන් තාජුඩීන් ගොඩ ගන්නවා කියනකොටම ඒකට රාජපක්ෂලාගෙන් එකෙක් හිරේ,යනවා කියලා දුන්න ආතල් එකට සමානය. 😄😄
අනුරගේ රජය මගින්ද ඉතාම තීරණාත්මක කාරණා වලට මෙවැනි විසදුම් නම් ඒවා අධිකරණමය කාරණා වලට පමණක්ම ලඝු කරනවානම්.
අනුරගේ රජයට ජනතාවට කීව හොරකම් වලට විසදුම් පෙන්වපං කියනකොට
අන්තිමට අධිකරණයත් හොරු එක්ක පන්නයේ බොලද තර්කයකින් සනසන්නට වනු ඇත්තේය.
ලංකාවේ අධිකරණ 100කින් අර්ජුන මහේන්ද්ර වරෙන්තු කලත් වැඩක් නැත. එතනින් එහාට තිබෙන්නේ රාජ්යයන් දෙක අතර මේ සිද්ධියට අදාලව නීතිපති දෙපාර්තමේන්තු අතර ගණුදෙණුවයි.
ඒක ආරම්භ වීමට නැවත නැවත අර්ජුන මහේන්ද්ර වරෙන්තු වීම අවශ්ය නොවේ. පරණ වරෙන්තු හොදටම ඇතිය. එහෙත් මේ,වෙනතුරු මේ රජය වත් නීතිපති දෙපාර්තමේන්තුව හරහා සිංගප්පූරු රජය සමග මුලින්ම අර්ජුන මහේන්ද්ර සිංගප්පූරු අධිකරණයට ගෙන ඒමට අවශ්ය මැදිහත් වීම කර නැත.
එය සිදු නොවී ලංකාවේ තොවිල් නටා වැඩක්ද නැත.
ජනතාවට යහපාලන රජය කාලේ වගේම මේ රජයත් ආතල් සපයන වගට මේවා පටිටම උදාහරණයන්ය.
............. නුවන් මොණරවිළ..................

සම්බන්ධිත පුවත් | Related News

අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ද අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ ද බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .
කුප්‍රකට සීනි බදු වංචාව පිළිබඳව සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ජනමාධ්‍යයේ සඳහන් විය.
මහා කවි හෝමර් විසින් රචිත ඉලියඩ් (The Iliad) හා ඔඩිසි (The Odyssey) නම් වූ වීර කාව්‍ය දෙක ලෝකයේ මෙතෙක්‌ පළ වූ කාව්‍යයන් අතරින් උත්තරීතර කාව්‍යයන් වෙති.
ජර්මන් පොලිසිය ත්‍රස්තවාදියෙකු සහ භයානක ආයුධයක් අල්ලා ගන්නවා මෙන් පසුපස පන්නා ගොස් අත්අඩංගුවට ගන්නේ කුඩා දරුවෙකු සහ ඔහු අත තිබූ පලස්තීන කොඩියයි..
සී. ටී. හට පූර්වයෙහි සිංහල ගීයට බටහිර ලක්ෂණ මුසු කිරීමට ප්‍රමුඛ වූවන් අතර මොහොමඩ් ගවුස්, බී. ඇස්. පෙරේරා, පී. ඩී. වින්සන්ට් පෙරේරා හා ආර්. ඒ. චන්ද්‍රසේන ආදිහු වෙති. එහෙත් සිංහල ගීත සාහිත්‍යයේ බයිලා නො වන බටහිර ගී ආරක් බිහි කිරීමට ප්‍රමුඛ වූයේ මෙ ලෙස බටහිර සංගීත සම්ප්‍රදායයන් හා ගායනාලංකාරයන් සිංහල ගීතයට හඳුන්වා-දුන් සී. ටී. ය. ඔහු ගේ ප්‍රමුඛත්වයෙන් බිහි වූ මේ ගීත සම්ප්‍රදායය සිංහල ජනප්‍රිය ගීත (Sinhalese Pop) යනුවෙන් හඳුන්වන ලද්දේ එවක ගී තැටි නිෂ්පාදකයකු වූ ජෙරල්ඩ් වික්‍රමසූරිය විසිනි.
දොස්තර සාෆි ඇත්තටම නිදහස් ද ? සාෆි නිදහස්ද ?, තිබ්බේ නඩුවක්ද ? විමර්ශනයක්ද ?, මේ සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවක් සමග සංවාදයකට එක වෙමින් කාලීන සමාජ, ආර්ථික හා දේශපාලන සංසිද්ධීන් පිළිබඳ විශ්ලේෂක නීතිඥ චානක අබේවික්‍රමගේ මහතා පවසන්නේ සාෆිට විරුද්ධව පැවතියේ නඩුවක් නොව විමර්ශනයක් බවත්ය.
‘‘ගාන්ධි මුලදීම එක්තරා සත්‍යයක් ප‍්‍රකාශ කළේය. එනම් ස්වරාජ්‍ය තත්ත්වය යනු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අප වෙත ලබාදෙන ත්‍යාගයක් නොව ඉන්දියානු ජනතාව විසින් නිදහස් ලෙස තෝරා ගනු ලබන නියෝජිතයන් අතින් ප‍්‍රකාශයට පත් කෙරෙන අභිලාෂයන් තුළින් මතුවිය යුතු දෙයක් බවය. 1922 දී ඔහු මේ බව ප‍්‍රකාශයට පත් කළේ ඉන්දියාව නිදහස් ඉන්දියාවක් බවට පත්වන්නේ ඉන්දියානුවන්ගේ අතින්ම පමණක් බවත් ඉන්දියානුවන්ගේ අනාගතය තමන් විසින් හැඩ ගන්වා ගත යුතු බවත් අවධාරණය කිරීමට ය.’’
උක් ගොවීන්ට සහ සීනි කර්මාන්තකරුවන්ට සීනි තිත්ත වෙමින් පවතින බව පෙනේ.

ප්‍රධාන පුවත්

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 11 වන දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි..

ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.

ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.

විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..

ශ්‍රී ලංකාවට අදාළව විස්තීරණ ණය පහසුකමේ සිව් වන ඇගයීම සම්පූර්ණ කිරීම ජාත්‍යතර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මත පදනම් වන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්

ඉරානයට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරන ලද පූර්ව අනතුරු අඟවන ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල රාජ්‍යයට සහ එහි සිවිල් ජනතාවට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කෙරන බව ඊශ්‍රායල ආරකෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.

දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..

දණ්ඩනීති සංග්‍රහයේ 356 සහ 365 (අ) වගන්ති සංශෝධනය කරීම මගින් මෙරට දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළීමට මානව හිමිකම් කොමිසම විසින් අධිකරණ ඇමැතිවරයාට නිර්දේශ කිරීම ඉතා සූක්ෂම අයුරින් සිදු කළ ක්‍රියාවක් බවත්, මෙම වගන්ති සංශෝධනය කිරීම හරහා මෙරට දරුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳව දැඩි තර්ජනයක් මතුවන බවත් ලක්මව දියණියෝ සංවිධානය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.