News Category
From Date
To Date
Maximum Number of Result

මාඕ ත්ස-තුං සහ තං ශියාඕ-පිං

Jun 5, 2025 at 11:19 AM
|

සමාජවාදී ක්‍රමයක් යටතේ පුද්ගලික ව්‍යාපාර නැත්තට ම නැතිවෙනවා කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවා. ඒ අය මේ කතාව කියන්නේ සමාජවාදී ක්‍රමය සහ කොමියුනිස්ට් ක්‍රමය අතර තියෙන වෙනස ගැන කිසිම අවබෝධයක් නැතුව. කොමියුනිස්ට් සමාජයක් ඇතිවුණාට පස්සේ තමයි පුද්ගලික දේපළ ක්‍රමය වියැකිලා යන්නේ. සමාජවාදී සමාජයක් කියන්නේ කොමියුනිස්ට් සමාජයක් නෙවෙයි. ඉතින් සමාජවාදී සමාජයක තියෙන්නේ අතරමැදි ආර්ථික ක්‍රමයක්. සමාජවාදී ක්‍රමයක රාජ්‍ය ව්‍යාපාරත් තියෙනවා. සාමූහික ජනතා ව්‍යාපාරත් තියෙනවා. පුද්ගලික ව්‍යාපාරත් තියෙනවා.

ධනවාදී ක්‍රමයක දී ධනපතියෝ රාජ්‍ය පාලනයට සෘජුව සහ වක්‍රව දායකවෙනවා. අපේ රට ගැන හිතලා බලන්න. දුමින්ද හුළංගමුව උන්නැහේට මේ ආණ්ඩු‍ව විසින් ලබාදීලා තියෙන තැන මොකක්ද? ඔහු තමයි අනුර දිසානායක ජනාධිපතිතුමාගේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක. 1977 අවුරුද්දෙන් පස්සේ අපේ රටේ ඇති කළේ තැරැව්කාර ආර්ථක ක්‍රමයක්. ඉතින් වෙළෙඳ සහ මූල්‍ය තැරැව්කාරයෝ බලවත් වුණා. ඒ අය විවිධාකාරයෙන් රාජ්‍ය පාලනයටත් සම්බන්ධ වෙනවා. මේ කාරණය ඉතාමත් හොඳින් දන්න හින්දා තමයි අපේ ගම්වල මුදලාලිලා වුනත් ප්‍රදේශයේ දේශපාලනඥයන්ට පක්‍ෂ පාට භේදයක් නැතුව සළකන්නේ.

ඉතින් මේ ආණ්ඩුව බලයට එද්දි සල්ලි විසි කරපු මුදලාලිලා අතර ඔය ආණ්ඩුවට දිනපතා ම බනින දේශපාලක මුදලාලිලා පවා ඉන්නවා. මෙහෙම මුදලාලිලා නැතුව රට කරවන්න බෑ කියලා ඊයේ පෙරේදා ලාල් කාන්ත ඇමැතිතුමා කිව්වෙත් ඒ හින්දා ම තමයි.

සමාජවාදී සමාජවලත් ධනපතියෝ ඉන්නවා. හැබැයි සමාජවාදී ක්‍රමයක දී ධනපතියන්ට රාජ්‍ය පාලනයට සම්බන්ධවෙන්න බෑ. ආණ්ඩුව කියන විදිහට, ආණ්ඩුවේ සැලැසුම් ඇතුළේ ඒ අයට තමන්ගේ ව්‍යාපාර කරලා හම්බ කරගන්න පුළුවන්. චීනයේ ධනපතියෝ ඉන්නවා. හැබැයි ඒ අයට චීන ආණ්ඩුවේ පාලනය තීරණය කරන්න බෑ. චීනයේ දැන් තියෙන්නේ ධනවාදී ක්‍රමයක් කියලා කියන්නෙත් අදාළ මූලික කරුණු ගැන කිසිම අවබෝධයක් නැති අය.

චීන මහජන ජනරජය ඇති කළේ 1949 දී. මාඕ ත්ස-තුං මියගියේ 1976 දී. ඇත්තෙන්ම, 1949 පස්සේ 1976 වෙන කල් ම චීනයේ පුද්ගලික ව්‍යාපාර තිබුණා. චීනයේ පුද්ගලික ව්‍යාපාරවලට ඉඩ දුන්නේ 1978 අවුරුද්දෙන් පස්සේ කියලා කියන අයට මේ කාරණය ගැන ඉගෙනගන්න පුළුවන්. තං ශියාඕ-පිං මූලිකවෙලා කරපු ප්‍රතිසංස්කරණවලින් සිද්දවුණේ චීනයේ ආර්ථිකය වෙළෙඳපොළ ක්‍රමයත් එක්ක සම්බන්ධ කරන එක. ඒ ප්‍රතිසංස්කරණවලින් වැඩියෙන් ම ප්‍රයෝජන ගත්තේ චීනයේ රාජ්‍ය ව්‍යාපාර. ඒ කතන්දර පස්සේ කියන්නම්.

මාඕ ත්ස-තුංගේ පාලනය කාලෙත් චීනයේ පුද්ගලික ව්‍යාපාර තිබුණා. මේ ලිපියෙන් ඒ ගැන කියන්නම්.

1934 ජනවාරි 23 වැනි දා, මාඕ ත්ස-තුං විසින් “අපේ ආර්ථික ප්‍රතිපත්තිය” කියලා වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවෙන් ඔහු මෙහෙම කියනවා. (මේ වාර්තාවෙන් කියන්නේ මාඕ ත්ස-තුංගේ නායකත්වයෙන් පාලනය කෙරුණු මධ්‍යම සෝවියට් ප්‍රදේශ ආණ්ඩුව ගැන).

“අපේ ආර්ථිකය සැකැසෙන්නේ අංශ තුනකින්. ඒ, රාජ්‍ය ව්‍යවසාය; සමුපකාර ව්‍යවසාය; සහ පුද්ගලික ව්‍යවසාය කියන අංශ තුනෙන්.

වර්තමානයේ දී, අත්‍යවශ්‍ය ඉසව් කීපයකට විතරක් අපේ රාජ්‍ය ව්‍යවසාය සීමාවෙලා තියෙනවා. රාජ්‍ය විසින් මෙහෙයවන කර්මාන්ත සහ වෙළෙඳ කටයුතු පටන්ගන්නවා නම් ඒවාට සීමාවක් නැතුව වර්ධනය වෙන්න පුළුවන්.

අපේ ආණ්ඩුව විසින් පනවලා තියෙන නීතිමය සීමා උල්ලංඝනය නො කරන තාක් කල් අපි පුද්ගලික ව්‍යවසායක අංශයට බාධා කරන්නේ නෑ. අපි අනිවාර්යයෙන් ම ඒවා වර්ධනය කරගන්න ඉඩදෙනවා. ඒ සඳහා අවශ්‍ය අනුබලය අපේ ආණ්ඩුව ලබාදෙනවා. දැන් පවතින වාතාවරණය තුළ, පුද්ගලික ව්‍යවසායක අංශයේ දියුණුව සඳහා ඒවා රාජ්‍යයේ සහ මහජනතාවගේ උවමනා එපාකම් ගැන සළකලා ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් පුද්ගලික ව්‍යවසාය අංශය අපේ ආර්ථිකයේ විශාල කාර්යයක් ඉටු කරනවා. ඒ ප්‍රමුඛතාව තවත් සෑහෙන කාලයක් පුද්ගලික අංශයට අඛණ්ඩව භුක්තිවිඳින්න පුළුවන් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ. අද අපේ රතු බල ප්‍රදේශයේ තියෙන පුද්ගලික ව්‍යවසාය ප්‍රමාණයෙන් පුංචියි.”

චීනයේ ආර්ථිකය තුළ පුද්ගලික අංශයට ඉටු කරන්න පුළුවන් කාර්යභාරය මාඕ ත්ස-තුං අවධාරණය කළා. ඉතින් ඒවායින් වැඩගන්න චීන ආණ්ඩුව මුල ඉඳලා ම කටයුතු කළා. මහජන ජනරජය පිහිටුවලා අවුරුදු තුනකට පස්සේ (1953 පෙබරවාරි 4 වැනි දා) චෝ අන්-ලැයි විසින් නිකුත් කරපු නිවේදනයක මෙහෙම සඳහන් කරලා තියෙනවා. “ජාතික ආර්ථිකයට සහ ජන ජීවිතයට වැඩදායක වෙන විදිහට අපි පුද්ගලික කර්මාන්තකරුවෝ සහ ව්‍යාපාරිකයෝ උනන්දු කරවන්න ඕන. රාජ්‍යයේ ඒකාබද්ධ සැලැසුම් සහ රාජ්‍ය අංශයේ නායකත්වය යටතේ තමන්ගේ සාධනීය හැකියාවන් වර්ධනය කරගන්න අපි පුද්ගලික අංශය උනන්දු කරවන්න ඕන.”

ඉතින් සමාජවාදයට යන ගමනේ දී, මාඕ ත්ස-තුං නායකත්වය දීපු චීන ආණ්ඩුව පුද්ගලික ව්‍යාපාරවලට ඉඩ දුන්නා විතරක් නෙවෙයි ඒවාට උදව් කරන්නත්, ඒවා ධෛර්යමත් කරන්නත් කටයුතු කළා. තමන් මෙහෙම කරන්නේ ඇයි කියලත් මාඕ ත්ස-තුං කිව්වා. චීනයේ ආර්ථිකය ඌන සංවර්ධිත මට්ටමක තියෙන හින්දා ඒ පසුගාමී තත්ත්වයෙන් රට මුදවාගැනීම වෙනුවෙන් ඉක්මනින් කරන්න පුළුවන් හැම දෙයක් ම ආණ්ඩුව කරනවා කියලයි ඔහු කිව්වේ. ඉතින් ධනපතියන්ගේ ව්‍යාපාර හින්දා චීනයේ ආර්ථිකය වර්ධනය වෙනවා නම් ඒවා ධෛර්යමත් කරන්න ඕන.

ආර්ථිකයේ පසුගාමීත්වය නැති කරගැනීම සඳහා රට ඉක්මනින් කාර්මිකකරණය කරන්න ඕන කියලා චීන ආණ්ඩුව තීරණය කළා. මේ වෙනුවෙන් බැර කර්මාන්ත අංශ‍ය වර්ධනය කිරීමේ වගකීම රාජ්‍ය අංශය විසින් භාරගන්න ඕන. (සිරිමාවෝ මැතිනියගේ නායකත්වය යටතේ අපේ රටේ බැර කර්මාන්ත ඇති කරපු විදිහ ගැනත් හිතලා බලන්න). හැබැයි 1949 මහජන ජනරජය පිහිටෙව්ව ගමන් ම රාජ්‍ය අංශය ශක්තිමත් වුණේ නෑ. ඉතින් ආර්ථිකයේ හැම අංශයක් ම භාරගන්න පුළුවන්කමක් චීනයේ රාජ්‍ය අංශයට තිබුණෙත් නෑ. ඒ හින්දා, චීනයේ රාජ්‍ය අංශය විසින් බැර කර්මාන්ත අංශයට තමන්ගේ අවධානය වැඩියෙන් යොමු කරන්න ඕන කියලා මාඕ ත්ස-තුං ඇතුළු නායකත්වය තීරණය කළා.

ආණ්ඩුව විසින් බැර කර්මාන්ත අංශය කරට ගනිද්දි ලුහු කර්මාන්ත අංශයේ වගකීම් පුද්ගලික අංශයට පැවැරෙනවා. වෙළෙඳ අංශයෙන් ආණ්ඩුව කරට ගත්තේ මහජන ජීවිතයට අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ස්ථාවරත්වය පාලනය කරන්න ඕන කරන ඉසව් ටික විතරයි. ඉතින් චීනයේ වෙළෙඳ අංශයේ බහුතර ආධිපත්‍යයකුත් පුද්ගලික අංශයට ම ඉතුරු කරලා දුන්නා. සිල්ලර වෙළෙඳාම, ග්‍රාමීය - නාගරික වෙළෙඳාම මූලික වශයෙන් ම පුද්ගලික වෙළෙන්දන්ගේ වගකීමක් බවට පත් කෙරුණා.

ඉතින් ලුහු කර්මාන්ත අංශයෙන් සහ වෙළෙඳාමෙන් පුද්ගලික අංශය අයින් කරන්න ඕනකමක් චීන ආණ්ඩුවට තිබුණේ නෑ. ඇත්තෙන්ම, ඒ අංශවල වගකීම් කරට ගත්ත පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ව ශක්තිමත් කරන එක තමයි ආණ්ඩුව කළේ. හැබැයි තමන්ට ඕන ඕන විදිහට සෙල්ලම් කරන ඉඩක් පුද්ගලික අංශයට ලබාදුන්නේ නෑ. ආණ්ඩුව තමයි ජාතික ආර්ථිකය ගැන තීන්දු තීරණ ගන්නේ. ආණ්ඩුව ඒ වෙනුවෙන් හදන ඒකාබද්ධ සැලැසුම් ඇතුළේ පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට තමන්ගේ බිස්නස් කරන්න පුළුවන්. ඒ වැඩපිළිවෙළට අනුගත වෙලා කටයුතු කරන පුද්ගලික ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව උදව් කරනවා.

තමන්ට පැවැරිච්ච වැඩේ පුද්ගලික අංශය විසින් හරියට ඉටු කරනවා නම් ආණ්ඩුවට පුළුවන් ලොකු වැඩ ටික කරට ඇරැගෙන කරගෙන යන්න. ඉතින් එහෙම වාතාවරණයක් යටතේ පුද්ගලික අංශයෙන් ආණ්ඩුවට ලැබෙන්නේ ලොකු උදව්වක්. මෙහෙම වැඩපිළිවෙළක් යටතේ ආණ්ඩුවේ දේශපාලන නායකත්වය තහවුරුවෙනවා. පුද්ගලික අංශයට උදව් කරන එක ආණ්ඩුවේ වගකීමක් බවට පත්වෙනවා. ආණ්ඩුවේ පාලනය ශක්තිමත් කරන්න පුද්ගලික අංශය උදව් කරනවා.

ආණ්ඩුවට තමයි රටේ ආධිපත්‍යය බලය තියෙන්නේ. ඒ බල යන්ත්‍රයේ ඉඩක් ධනපතියන්ට නෑ. ඒ වගේ ම, ජන ජීවිතය අවදානමට ලක් කරලා සල්ලි ගරන්න ඉඩක් පුද්ගලික ව්‍යාපාරිකයන්ට ලැබෙන්නේ නෑ. ඇත්තෙන්ම, එහෙම වැඩ කරන අය බංකොලොත්භාවයට පත් කරලා දණගස්සන ක්‍රමයකුත් ආණ්ඩුව විසින් හඳුන්වලා දීලා තිබුණා. 1950 පටන්ගත්ත කොරියානු යුද්ධය මුල් කරගෙන හඳුන්වලා දීපු “පංච-විරෝධී වැඩපිළිවෙළ” එහෙම එකක්. අල්ලස, රාජ්‍ය දේපල හොරකම්කිරීම, බදු පැහැරහැරීම, ආණ්ඩුවට කරන සැපැයීම්වලින් ගසාකෑම, රාජ්‍ය රහස් හොරකම්කිරීම කියන වැරැදි පහට විරුද්ධව තමයි ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණේ.

පුද්ගලික ව්‍යාපාරිකයෝ මේච්චල්කිරීම වෙනුවෙන් “පංච-විරෝධී වැඩපිළිවෙළ” ක්‍රියාත්මක වුණා. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පක්‍ෂයේ කාඩර පිරිස් විසි තිස්දාහක් යොදවලා තිබුණා. ඒ කාඩර පිරිස් ව්‍යාපාරිකයන්ගේ වැඩ ගැන ඔත්තු බැලුවා. එහෙම ඔත්තු බලලා තමන් හොයාගන්න වැරැදිකාරයෝ ගැන ඒ අය ආණ්ඩුවට වාර්තා ලබාදුන්නා. ජනතාව යොදවලා ඇති කරපු ඒ මහා පීඩනය මැද්දේ ආණ්ඩුවට අවනත වෙලා සුවච කීකරු විදිහට වැඩ කරනවා ඇරෙන්න වෙනත් විකල්පයක් පුද්ගලික ව්‍යාපාරිකයන්ට ඉතුරුවෙලා තිබුණේ නෑ.

මේ වැඩපිළිවෙළ යටතේ වැරැදිකාරයෝ වෙන අයට ලොකු දඩ මුදල් ගෙවන්න සිද්දවෙනවා. එහෙම දඩ මුදල් ගෙව්වාම ඒ අයගේ මූල්‍ය ශක්තිය පිරිහෙනවා. ඉතින් ඒ හින්දා ඇතිවෙන මූල්‍ය හිඟය පියවාගන්න නම් ආණ්ඩුවේ බැංකුවලින් උදව් ලබාගන්න වෙනවා. ඒ කියන්නේ, ආණ්ඩුවේ මූල්‍ය බලයට පුද්ගලික ව්‍යාපාරිකයෝ කොටුවෙනවා. එහෙම දණගහන ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව උදව් කරනවා. ඉතින් ආණ්ඩුව ඒ අයගේ ගැලැවුම්කාරයා බවට පත්වෙනවා.

මෙහෙම වැඩපිළිවෙළක් යටතේ ආණ්ඩුවේ පාලන ආධිපත්‍යය ඉතාමත් හොඳින් තහවුරුවෙනවා. එහෙම වෙද්දි අපේ ආණ්ඩුවලට වගේ ව්‍යාපාරිකයන්ට යටවෙලා තීන්දු තීරණ ගන්න සිද්දවෙන්නේ නෑ. තමන්ගේ ව්‍යාපාර රැකගන්න පුළුවන් ආණ්ඩුවේ වැඩපිළිවෙළට එකඟවෙලා වැඩ කරනවා නම් විතරයි. එහෙම කීකරු විදිහට වැඩ කරන පුද්ගලික ව්‍යවසායකයන්ගෙන් ආණ්ඩුව බඩු මිල දී ගන්නවා. එහෙම අයට ආණ්ඩුව ණය දෙනවා. ඉතින් ආණ්ඩුවේ නායකත්වය ඉහළින් ම පිළි ඇරැගෙන තමයි පුද්ගලික අංශය වැඩ කරන්නේ.

ෂං-හයි නගරයේ ඉතාමත් ශක්තිමත් පුද්ගලික කර්මාන්ත අංශයක් තිබුණා. 1952 අවුරුද්දේ මුල් මාස හය ඇතුළත, ආණ්ඩුව ඒ අයගෙන් රෙදි සහ කඩදාසි නිෂ්පාදන යන්ත්‍ර සහ මුද්‍රණ යන්ත්‍ර මිල දී ගත්තා. ඒ ප්‍රමාණය අදාළ අංශයේ ආණ්ඩුවේ මිල දී ගැනීම්වලින් සීයට 60 ක්. 1953 දී, ආණ්ඩුව තමන්ගේ මිල දී ගැනීම් වෙනස් කළා. ඒ අවුරුද්දේ ආණ්ඩුව වැඩියෙන් ම ඇණැවුම් කළේ යාන්ත්‍රික උපකරණ, මෝටර්, කැනීම් යන්ත්‍ර සහ ඉදිකිරීම් යන්ත්‍ර වගේ දේවල්. ඉතින් ඒ භාණ්ඩ සැපැයීම වෙනුවෙන් තමන්ගේ නිෂ්පාදන ක්‍රියාදාමය හැඩගස්වන්න ෂං-හයි නගරයේ පුද්ගලික ව්‍යාපාරිකයන්ට සිද්දවුණා.

පුද්ගලික අංශයෙන් ආණ්ඩුව කරන මිල දී ගැනීම් අවුරුද්දෙන් අවුරුද්ද ඉහළ ගියා. 1951 දී මිල දී ගත්තා වගේ දෙගුණයක් වටිනා භාණ්ඩ ප්‍රමාණයක් 1952 දී ආණ්ඩුව විසින් ෂං-හයි නගරයේ ව්‍යාපාරිකයන්ගෙන් මිල දී ගත්තා. පුද්ගලික අංශයේ නිෂ්පාදනවල ලොකු ම පාරිභෝගිකයා බවට පත්වුණේ ආණ්ඩුව. 1949 දී, හාර්-අර්-පින් නගරයේ පුද්ගලික ව්‍යාපාරිකයන්ගෙන් ආණ්ඩුව මිල දී ඇරැගෙන තිබුණේ ඒ අයගේ නිෂ්පාදනයෙන් සීයට 58 ක් විතරයි. ඒත් 1952 වෙද්දි, ඒ ප්‍රමාණය සීයට 80 ක් දක්වා ඉහළ ගියා. 1952 දී ෂං-හයි (සීයට 80 යි), ථියැන්-චින් (සීයට 60 යි), කුවං-චෝ (සීයට 50 යි) කියන විදිහට මේ වර්ධනය වාර්තාවුණා.

මේ කාලයේ දී, ආණ්ඩුවෙන් පුද්ගලික ව්‍යාපාරවලට දෙන ණය ප්‍රමාණයත් ඉහළ ගිහිල්ලා තියෙනවා. 1951 මුල් මාස හයේ දී පුද්ගලික අංශයට දීපු ණය ප්‍රමාණය 1952 මුල් මාස හයේ දී සීයට 94 කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. 1950 අවුරුද්දේ දත්ත එක්ක සංසන්දනය කළාම මේක හත් ගුණයකට කිට්ටු වර්ධනයක්. චීන මහජන බැංකුව (චීනයේ මහ බැංකුව) විසින් 1952 දී ෂං-හයි නගරයේ පුද්ගලික අංශයට ලබාදීපු ණය ප්‍රමාණය කලින් අවුරුද්දට වඩා සීයට 152 කින් වැඩියි. මෙහෙම වර්ධනයක් වූ-හන් වගේ කාර්මික නගරවලිනුත් වාර්තාවෙලා තියෙනවා.

සිල්ලර වෙළෙඳ අංශයේ පවා මෙහෙම වර්ධනයක් දකින්න පුළුවන්. ඒ හැම සංඛ්‍යාලේඛනයක් ම දක්වන්න ඉඩක් මෙතැන නෑ.

ඉතින් සමාජවාදී ක්‍රමයක් ඇතුළේ පුද්ගලික අංශයට ඉඩක් නෑ කියන එක නිකම් ම නිකම් මනස්ගාතයක් විතරයි. චීනයේ පුද්ගලික අංශයට ඉඩ ලැබුණේ තං ශියාඕ-පිං විසින් කරපු ආර්ථික ප්‍රතිසංස්කරණවලින් පස්සේ කියන එක තවත් මනස්ගාතයක්. නැවතත් කියන්නම්. තං ශියාඕ-පිං කළේ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයට චීන ආර්ථිකය සම්බන්ධ කරන එක. ඒ වැඩෙන් වැඩියෙන් ම වාසිගත්තේ චීනයේ රාජ්‍ය අංශය මිසක් පුද්ගලික අංශය නෙවෙයි. ඉතින් මේ වෙද්දි ලෝකයේ මහ දැවැන්ත සමාගම් බවට පත්වෙන්න චීනයේ රාජ්‍ය අංශයේ නිෂ්පාදකයන්ට පුළුවන් වෙලා තියෙනවා. චීනයේ පුද්ගලික අංශය ඒ පස්සෙන් යනවා. ඒ වගේ ම, පුද්ගලික අංශය තමන්ගේ ගමන යන්න ඕන කොහොම ද කියන එක චීන ආණ්ඩුවේ පස් අවුරුදු සැලැසුම්වලින් කියලා දෙනවා.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.