සෞම්‍යගේ පශ්චාත් අස්පර්ශය..
මාලිනි ෆොන්සේකාගේ මළගෙදර දී සෞම්‍ය ලියනගේ කරපු කඨෝර කතාව ගැන ලොකු සද්දයක් ඇතිවුණා. සෞම්‍ය එහෙම කතාවක් කළේ ඔහු අපේ මිනිස්සුන්ගේ භාෂාව දන්නේ නැති හින්දා කියලා මම නම් හිතන්නේ නෑ. ඔහු දක්ෂ නළුවෙක්. ඉතින් "මහාචාර්ය" චරිතයකට රඟපාද්දි එහෙම කඨෝර වචන සෙට් එකක් පාවිච්චි කරන්න ඕන කියලා ඔහු හිතන්න ඇතිි. කොහොම හරි ඒ රඟපෑමට "ජනප්‍රිය නළුවා" සම්මානය දිනාගන්න බැරිවෙච්ච බවක් තමයි පේන්නේ.
මෙහෙම මිනිස්සුන්ට තේරුම්ගන්න බැරි කතා කියන්නේ "වම්මු" කියලා වම - දකුණ මාරුවෙච්ච හාදයෙක් කියලා තියෙනවා දැක්කා. දේශපාලනිකව "වම" කියලා කියන්නේ ම ජනතාවත් එක්ක, ජනතාවගේ පැත්තේ ඉන්නවා කියන එක. ප්‍රංශ විප්ලවයෙන් පස්සේ තමයි මේ වම - දකුණ හැඳින්වීම ඒ විදිහට භාවිතාවට ආවේ.
ජනතාවගේ භාෂාව පුරුදුවෙලා නැති අයටත් ජනතාව එක්ක ඉන්න පුළුවන්. හැබැයි එහෙම අය ඒ වැඩේ කරන්නේ තමන්ගේ නොහැකියාව පිළි ඇරැගෙන.
හොඳට ජනතාවගේ භාෂාව කතා කරන්න පුළුවන්කම තියාගෙන යම් කෙනෙක් ජනතාවට තේරුම්ගන්න බැරි බහුභූත කියවනවා නම් ඒක පැහැදිළිව ම රඟපෑමක්. ඒක කීයටවත් ජනතාවගේ (වමේ) උගතෙක් කරන කතාවක් නෙවෙයි.
මොන විදිහකින් හරි තමන් ජනතාවගෙන් ඈත්වෙච්ච කෙනෙක් කියලා කවුරු හරි පෙන්නනවා නම් ඒ "වමෙක්" නෙවෙයි. තමන් "වමේ" කියලා එහෙම අයට කියන්න පුළුවන්. ඒ ගැන අපි කලබලවෙන්න ඕන නෑ. බොරුකාරයන්ට කියන්න බැරි දෙයක් නෑ. එහෙම බොරුකාරයෙක් නළුවෙකුත් වෙනවා නම් ඒ පුද්ගලයාට ලොකු සද්දයක් ඇති කරන්න පුළුවන්. හැබැයි ඒක තවත් රඟපෑමක් විතරයි.
ඉතින් මම ආයෙත් කියන්නම්. ජනතාවගේ භාෂාව හොඳින් දැනගෙන බහුභූත මහප්‍රාණ කියවන එවුන් වමේ අය නෙවෙයි. වමේ අය ජනතාවගේ භාෂාව කතා කරනවා. ජනතාවගේ භාෂාව ඉගෙනගන්නවා. ජනතාවත් එක්ක ඉන්නවා.
එච්චරයි!
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්