News Category
From Date
To Date
Maximum Number of Result

අධිකරණ ඇමතිවරයා විසින් මහින්දානන්ද අලුත්ගමගේව දේශපාලන සිරකරුවෙක් කළාද..?

Jun 4, 2025 at 09:53 AM
|

1977 ආරම්භ වූ විවෘත ආර්ථිකය සහ නව සමානුපාතික මැතිවරණ නීති  නිසා මජර දේශපාලන සිස්ටම් එකක් බිහි වූ බව රහසක් නොවේ. එය දේශපාලන ක්ෂ්‍රේත්‍රය පමණක් නොව රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයද අන්ත දූෂිත තත්වයට පත් කළේය.

අල්ලස, හොරකම, ගජමිතුරු සේවනය, රජයෙ චක්‍රලේඛ තුට්ටු දෙකට දැමීම, කප්පම් ගැනීම රාජ්‍ය යාන්ත්‍රණයේ පහළ සිට ඉහළටම පැතිර ගිය පිළිකාවක් විය.

බත් මුට්ටිය උස්සගෙන දිවීමෙ සිට බැංකු කැඩීම දක්වා වූ හොරකම්,, කැරලි ගසා රාජ්‍ය බලය ලබා ගැනීමට තැත් කිරීම, වෘත්තීය සමිති මාෆියාවක් ඇති කර කප්පම් ගැනීම, තම දේශපාලන බල න්‍යායපත්‍රය වෙනුවෙන් වර්ජන සහ උද්ඝෝෂණය කිරීම්ද මෙම මජර දේශපාලන සිස්ටම් එකේම තවත් එක් දිගුවකි.

ජනතාවට මේ මජර ක්‍රමය එපා වී තිබුණි. ඔවුන් පසුගිය ජනාධිපතිවරණයේ දි එයට විසඳුමක් සහ විකල්පයක් යැයි සිතා අනුර කුමාර දිසානායක ජනාධිපති බවට පත් කරේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකිනි.

දෙයක් නරක නම් අප ඒ වෙනුවට විකල්පයක් ලෙස තෝරා ගත යුත්තෙ ඊට වඩා හොඳ එකකි. එහෙත් ජනතාවට නැවතත් වැරදුනේය. ඔවුන් කබලෙන් ලිපට වැටුණු අතර තවත් වතාවක් මහ දවල්, ඇස් ඇරගෙනම දේශපාලන බොරු වලක වැටී ඇත. 

ජනතාව බලාපොරොත්තු වූයේ සුපිරිසිදු ජනතාවාදී ආණ්ඩුවකි. ගෙවී ගිය මාස 08 ට අනුර සහ ආණ්ඩුව කිරි කලයට ගොම බිඳුවක් නොව ගොම බෙටි පිටින් දමාගෙන ඇත. ඇත්තටම කිවහොත් දැන් එහි කිරි නැත. ගොම පමණි.

පිළුණු බත් එපා යැයි ප්‍රතික්ෂේප කළ ජනතාවකට දැන් කක්කුස්සි වලක් කඩාගෙන කන තත්වයට පත්ව ඇත. වෙනස එතරම් පට්ටය.

අත්දැකීම් රහිත " L " බෝර්ඩ් ආණ්ඩුව මේ වන විට දේශපාලන, ආර්ථික සහ සමාජීය යන සියලු ක්ෂ්‍රේත්‍රයන්හි පට්ට ෆේල් වී ඇති බව රහසක් නොවේ. ඔවුන්ට ජනතාවගෙ ප්‍රසාදය රැකගැනීමට ඇති එකම අවස්ථාව වූයේ ජනතාවට පොරොන්දු වූ පරිදි හොරුන් සහ දූෂිතයන් නීතියෙ රැහැනට හසු කර දීමට උදව් කිරීම පමණි.

මහ බැංකු හොරකමට අර්ජුන මහේන්ද්‍රන්ව පැය 48 ක් ඇතුලත කනෙන් ඇදගෙන එනවා යැයි පාරම් බා බලයට පැමිණි අනුර සහ ආණ්ඩුව මේ වන විට තම දේශපාලන ගජයන්ගෙ රතු ලේබල් කන්ටේනර් 323 ක් රේගුවෙන් පැන්නීම, ඩඩ්ලිගෙ සහල් ජාතක කතා වස්තුව, තම ගජයන්ට අරක්කු පෙරීමෙ බලපත්‍ර ලබා දීම, හාල්, පොල්, ලුණු ප්‍රශ්ණවලදි ආණ්ඩුවෙ සහ වෙළද ඇමති වසන්ත සමරසිංහගෙ සැක සහිත හැසිරීම, අනුර ජනාධිපතිවරයාගෙ නොමේරු රාජ්‍ය තාන්ත්‍රික හැසිරීම, රජයෙ සුඛෝපභෝගී වාහන අඩු මිලට විකිණීම,  නාධිපතිවරයාගෙ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා ඉහළ සිට පහළටම බොරු කීම, මැති ඇමතිවරුන්ගෙ උද්දච්ච හැසිරීම යන කාරණා රාශියක් නිසා විශාල වශයෙන් ජනතා අප්‍රසාදයට පත්වෙමින් ඇත.

මේ මා මනැසින් දැක දොඩවන හිතළු නොව මාස 07 කට පෙර පැවැති මහ මැතිවරණයේ දි අනුරගෙ ආණ්ඩුවට ලක්ෂ 68 ක් වූ චන්ද පදනම මෑතකදි පැවති පලාත් පාලන මැතිවරණයේදි ලක්ෂ 45 දක්වා ලක්ෂ 23 කින් පල්ලම් බැස්සේය. එය ඔවුන්ගේ චන්ද පදනම 34% කින් පහත වැටීමකි. වෙනත් විදියකින් කිවහොත් ඔවුන් සමග සිටි ජනතාව 1/3 ක් මාස 07 ක් ඇතුලත ඔවුන්ව අත්හැර ගොස් ඇත. 

බලාපොරොත්තු රාශියකින්, දේශපාලන විප්ලවයකින් ආරම්භ කළ නැවුම් ආන්ඩුවක් මෙවැනි කෙටි කාලයකදි මෙතරම් කඩාවැටීමක් ලෝක දේශපාලන ඉතිහාසයේ දී වත් සිදු වී නැත.

ආණ්ඩුව පිරිහෙමින් වල පල්ලටම යන පවතින මොහොතක මේ රටේ ස්වාධීන අධිකරණය සියලුම දෙනාගෙ ඇස් ඇස් උඩ යන ඇස් ඇරෙන නඩු තීන්දුවක් දුන්නේය. ඒ මීට වසර 06 කට පෙර චෝදනා ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන් එවකට ක්‍රීඩා ඇමතිවරයෙක්ව සිටි මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස සභාපතිවරයාව සිටි නලින් ප්‍රනාන්දුට එරෙහිව පිළිවෙලින් බරපතල වැඩ සහිතව වසර 20 ක සහ 25 ක දඬුවමකි.

තම දේශපාලන මතය කුමක් වුවත් මේ රටේ අති මහත් ජනතාව ඒ අධිකරණ තීන්දුව පිලිගත්තේ හිස නමා ගෞරව පූර්වකවය. එයට හේතුව මේ මජර දේශපාලන ක්‍රමයට කොතනින් හෝ තිතක් තැබිය යුතුය යන සිතුවිල්ලක් හැම කෙනෙකුගේම සිත් තුළ තිබූ නිසාය.

එම ස්වාධීන අධිකරණ තීරණයත් සමග වැලේ වැල් නැතුව සිටි අනුරට සහ මාලිමා ආණ්ඩුවට චන්දය දී ඉතිරිව ඇති සුළුතරයක් හැසිරෙන්නට වූයේ ගාසා තීරයට පාන් ගෙඩියක් වැටුනා සේ උද්දාමයෙනි. සමාජ මාධ්‍ය තුළ ඔවුන් මෙය හුවා දැක් වූයේ මෙය අනුරගෙ සහ මාලිමාව ආණ්ඩුවෙ ජයග්‍රහණයක් ලෙසයි.

එය අධිකරණයෙ ස්වාධීනත්වයට යුතු නැතයි අප පවසද්දි ඔවුන් අඩියක් පස්සට තබමින් පැවසුවේ අධිකරණය ස්වාධීන බවත් එහෙත් මාලිමා ආණ්ඩුව යටතේ නඩු ගොනු කිරීම, ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කිරීම, සාක්ෂි යට නොගැසීම වැනි කරුණු වලින් නීතිපති දෙපාර්තමේන්තුව සහ ආශ්‍රිත අනිකුත් නිලධාරීන්ට නිදහසෙ වැඩ කිරීමට පරිසරයක් සකස් කර දුන් බවයි.

පෙර පැවැති ආණ්ඩු වලදි නීතිපති දෙපාර්තමේන්තුවෙ සහ සාක්ෂි සම්පාදනය කරන ආයතන වල නිලධාරීන් එම ආණ්ඩුවට අවාසිදායක වන තීරණ වලට බාධා කරානම් නව ආණ්ඩුව පත්වීමත් සමග එම නිලධාරීන්ම එම ආණ්ඩුවට වාසිදායක තීරණ දීමට කටයුතු කරනවා යැයි යන තර්කය ද බැහැර කළ නොහැකිය. ගොරකා දඩමස් කිරීම සහ දඩමස් ගොරකා කිරීමේ උදාහරණ ඕනෑ තරම්ය. 

මෙවන් වාතාවරණයක් තුළදි මේ රටේ අධිකරණ ඇමතිවරයා වන හර්ෂණ නානායක්කාර ( රස සාගරයක් හිනා ආකරයක් යන තේමාව ඔස්සේ චිත්‍රපට නිෂ්පාදනය කල යසපාලිත නානායක්කාරගෙ පුත්) මොරටුවේ දි පැවැති නගර සභා මංගල සැසිවාරයකදි ප්‍රකාශ කළේ..

" මහින්දානන්ද අලුත්ගමගේගෙ නඩුවෙ ඔබ හිතනවාද ජාතික ජන බලවේගයෙ ආණ්ඩුව හැර වෙනත් ආණ්ඩුවක් බලයෙ සිටියා නම් ඔය තීන්දුව ලැබෙයි කියලා. මම හිතනවා නෑ කියලා. ඒ මගේ පෞද්ගලික මතය "

රටේ අධිකරණ ඇමතිවරයා වන නීතිඥයෙකු ද වන හර්ෂණ නානායක්කාරගෙ මෙම ප්‍රකාශය පිළිබඳව ඊයෙ පාර්ලිමේන්තුවේදි පවා ප්‍රශ්ණ කරන තත්වයට පත් විය. 

හර්ෂණ නානායක්කාරගෙ මෙම ප්‍රකාශය හුදු තමන්ගෙ පෞද්ගලික මතයක් සේ බැහැර කළ හැකිද...? ඔහු එය පැවසුවේ රාජ්‍ය උත්සවයක මෙරට අධිකරණ ඇමතිවරයා ලෙස පෙනී සිටිමින් මිස ඔහු රඟ පෑ තුට්ටු දෙකේ වාණිජ චිත්‍රපටියක සීන් එකක නොවේය.

එම ප්‍රකාශය මගින් ත්‍රී පුද්ගල අධිකරණයක් ස්වාධීනව, පිරිසිදුව දුන් තීන්දුවක් පිලිබඳව ජනතාව තුළ සැක සංකා මතුවිය හැකිය. එය නොවැලැක්විය හැකි තත්වයකි. 

අධිකරණ ඇමතිවරයාගෙ මෙම බරපතල ප්‍රකාශය මගින් එතකොට මහින්දානන්ද අලුත්ගමගේ යනු දේශපාලන සිරකරුවෙක් ද යන ප්‍රශ්නාර්ථය ඇති වීමටද ඉඩ ඇත.

මෙවැනි ප්‍රකාශ මගින් නව ආණ්ඩු පත්වීම, ආණ්ඩු මාරුවීම් මත මේ රටේ අධිකරණ තීන්දු වෙනස් වෙනවා දැයි සැකයක් ජනතාව තුළ සිතීමට පොලඹවනවා ඇත.

අනාගත දේශපාලන බල පෙරළියකදි මහින්දානන්ද අලුත්ගමගේට ජනාධිපති සමාව දීමට තරම් හේතුවක් ලෙස මෙම ප්‍රකාශය පදනමි කරගත හැකි නොවේද...?

අධිකරණ ඇමතිවරයාටද මයික් එකක් දුටු විගස, ජනතාව සීයක් දෙසීයක් දුටු විට චූන් වී කටට බ්‍රේක් නැති වී මාලිමා මැති ඇමතිවරුන් බහුතරයකට ඇති ලඟ පිකප් වීමෙ, නන් දෙඩීමේ හීනෝන්මාදය නිසා කළ ප්‍රකාශයෙන් එම ස්වාධීන තීන්දුවට කල හානියෙ බරපතල කම මෙතැකයි කියා මැනිය නොහැකිය.

අධිකරණ ඇමතිගෙ නිගමනය අනුව අධිකරණය අනාගතයේ දි දෙන තීන්දු පිළිබඳවත් " ජාතික ජන බලවේගයෙ ආණ්ඩුව තිබ්බ නිසා මේ තීන්දු අධිකරණය දුන්නා " යැයි සිතීමට ජනතාව පෙළඹීමට ඉඩ ඇත.

අනික මේ ප්‍රකාශය කරන්නෙ පශු සම්පත් ඇමතිවරයා නොව මේ රටේ අධිකරණ ඇමතිවරයාය. අධිකරණ ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය අනුව ඉදිරියේදී යම් දේශපාලඥයෙකු අධිකරණය මගින් වරදකරුවෙකු කලහොත් ඔවුන් වැටෙන්නෙ දේශපාලන සිරකරුවන් ගොඩටද...?

එම තීරණය මේ රටේ සබුද්ධික ඔබට බාරය...

- නිලන්ත සත්සර ගමගේ ✍️

(මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.